ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලව මුණගැසෙන්න....
ජීවිතයට - "හැම වෙලේම අලුතින් හිතන්න, මොකද විනාඩියෙ විනාඩිය වෙනස් වෙන ජීවිතේ ඇයි අපි පරන විදිහට හිතන්නෙ. පහු වුනු විනාඩිය ගැන හිත හිතා ලතැවෙමින් ඊලග විනාඩියත් වැය කරන්න එපා. එතකොට ඔබගේ ඊලග් විනාඩිය ගැනත් පසු තැවෙන්න වෙනව. ඒක නිසා පහු වුනු වීනාඩිය ගැන ලතැවෙන්න, හිතන්න එපා. ඊලග විනාඩියේ මොකක්ද කරන්නේ මොකද වෙන්නෙ කියල හිතන්න. ඔබගෙන් පසු වන සෑම විනාඩියක්ම ඉතිහාසයට එකතු වෙනව. ඒක ගැන සිතල ඊලග විනාඩියි අර්ථවත් කරගන්න.."
අපි එහෙනම් අපේ මාතෘකාවට යමු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුකව ආරම්භ වුනු අලුත් ජාතික ආණ්ඩුවෙන් අලුත් වැඩක් පසුගිය දවස් වල මහජනතාවට දකින්න පුලුවන් වුනා. ඒ 19 වන ව්‍යවස්ථා සoශෝධනය. පාර්ලිමේන්තුව ඇතුලෙ අය කොච්චර කෑ ගැහුවට් අන්තිමේ එක්කෙනෙක් විතරක් විරුද්ධ වෙලා සoශෝධනය පර්ලිමේන්තුවෙ සම්මත වුනා. විධායක ධූරයේ බලතල ටිකක් අඩු කරල තියනව. අපි බලමු මොනවද අඩු කරපු බලතල මොනවද අලුතින් ගෙනාවෙ කියල අපි බලමු. අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ලිපි පෙලේ දැනට 19 වන සoශෝධනය හරහා වෙනස් කිරීමකට පත් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන වගන්තියයි. අපි ඒක ගැන මේ ලිපි පෙලින් ලබා දෙන්නම්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14,30,33,35,37,39,40,41,42,43,44,45,46,47,48,49,50,51,52,53,54,56,57,61, 62,65,70,78, 85,91,92, 99,103,104,107,109,111,112,123,124,129,134,151,153,154,155,156,170. මේ වගන්ති තමා සoශෝධනයට ලක් කරල තියෙන්නේ. අපි මේ ලිපියෙන් 14 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන සාකච්ඡා කරමු.
III වන පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව.
19වන සoශෝධනය ගේන්න කලින් 14වන වගන්තිය තිබුන විදිහ බලන්න
මෙතනින් යන්න. 19වන සoශෝධනයට අනුව 14 (අ) ලෙස අලුත් කොටසක් එකතු කොට ඇත. ඒ අනුව 14 (අ) වන ව්‍යවස්තාව මුලික වී ඇත්තේ "තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම්" යනුවෙනි එය තවදුරටත් අනු ව්‍යවස්ථා මගින් පැහැදිලි කොට ඇත. ඒ මොන වගේ තොරතුරු ද ජනතාවට දැනගත හැකි වෙන්නේ, මොන වගේ තොරතුරු ද අපට දැනගැනීමට නොහැකි වෙන්නේ යනුවෙන්. අපි බලමු එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියන විදි
"14 (අ) සෑම පුරවැසියෙකුටම -
(1) රජයේ අමාත්‍යාශයක් හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටවුනු ලැබූ හෝ ඇති කරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මන්ඩලයක්,
(ආ) යම් පළාත් අමාත්‍යාශයක් හෝ පළාත් සභාවක ප්‍රඤප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරනු ලැබූ යම් දෙපාර්තමේන්තුවක් හෝ ව්‍යවස්ථාපිත මන්ඩලයක් ;
(ඇ) යම් පළාත් පාලන ආයතනයක් සහ,
(ඈ) වෙනත් යම් තැනැත්තෙකු,
සතුව පවත්නා වු ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා හෝ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය.
(2) ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩ තාවය හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ පිනිස ද, විෂමාචාරය හෝ අපරාධ වැලැක්වීමේ පිනිස ද, සෞඛ්‍ය හෝ සදාචාරය තහවුරු කිරීමේ පිනිස ද, අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පිනිස ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පිනිස ද, විශ්වාසය මත ලබාදෙන ලද තොරතුරු හෙලිදරවු කිරීම වැලැක්වීම පිනිස ද, අධිකරණයේ අධිකාරී බලය හා අපක්ශපාතීව පවත්වාගෙන යාම පිනිස ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වු නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිලිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.
(3) මේ ව්‍යවස්ථාවේ "පුරවැසියා" යන්නට, යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූ මන්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නො අඩු සoඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම් එවැනි මන්ඩලයක් ඇතුලත් වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය කියල අපිට ලබා දීල තියන අයිතිය තමා මේ වැඩි විස්තර කරල තියෙන්නේ ව්‍යවස්ථානුකූලව. අපිට රාජ්‍යයේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක, පළාත් අමාත්‍යාංශයක, පළාත් සභාවක, යම් තැනැත්තෙකු සතුව තියන ඇති තොරතුරු අපිට ලබා ගන්න පුලුවන්. ඒත් 2 වන අනු වගන්තියට අනුව යම් යම් සීමා කිරීම් තියනව. ඒව වලට යටත් ව තමා අපිට තොරතුරු දැනගන්න පුලුවන් වෙන්නේ.. ඒත් තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත් වුන දවසෙ ඉදල තමා එය ක්‍රියාත්මක වන්නේ.
හරි එහෙනම් අද මාතෘකාව ඉවරයි. තවත් මාතෘකාවක් සමගින් තවත් ලිපියකින් මුණගැසෙමු.
ඔබට ජය!!!
"ජීවිතයේ වෙනසක් කරනවනම් එය අද සිදු කරන්න හෙට හොදින් ජීවත් වෙන්න නම්. හෙටට කල් නොදමන්න."