* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *
Showing posts with label සාමන්‍ය දැනුම. Show all posts
Showing posts with label සාමන්‍ය දැනුම. Show all posts

Monday, March 16, 2015

පුංචි කොලුවා

Hello buddy, "සතුට ඔබට ඉබේ ලැබෙන්නේ නෑ ඔබ එය ලබා ගන්න ඔනේ, ඒ සඳහා ආදරය, මුදල් (මුදල් නොමැතිව අද ජිවිතය ගැටගසා ගන්න බෑ), හොද පෞරුෂයක් අවශ්‍ය වෙනව. ඔබ කෙනෙකුට උදවුවක් කරන්න ඔබට එය තුලින් අසීමිත සත්ටක් ලැබෙයි. සතුටින් සිටින්න!! එවිට ඔබට ලස්සන වෙන්න කියල ගාන අනම් මනම් එක එක කෘත්‍රිම දේවල් ඕනේ වෙන්නේ නෑ ඔබ දවසින් දවස ලස්සන වෙනව." මේ වැකියත් සමඟ අපි ඔන්න ඔයාට තවත් අලුත්ම අලුත් මාතෘකාවක් අරගෙන ආවා...
පුංචි කොලුවා
Heeeeeee ඔයාලගෙ මූණට පොඩී හිනාවක්  ආවද මන්ද, ඒත් මේක හිනාවෙන තරමටත් වඩා මහා කේදවාචකයක්. ඔයාල දන්නවනේ අමරිකාවෙන් ජපානයට න්‍යෂ්ටික බෝම්බ දැම්ම එක අන්න ඒක ගැන අපි මේ ඔයාලට පොඩ්ඩක් වටෙන් පිටෙන් කරුනු ගෙනත් දෙන්න යන්නේ....
දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලූ හේතුවෙන් අමරිකාව දෙවන ලෝක යුද්ධයට පැහැදිලි ලෙසම මැදිහත් විය. එහිදී ඇමරිකාවට වැදගත් වරායක් වන පර්ල් වරාය විනාශ වීමේ ප්‍රතිප්‍රහාරයක් ලෙසට සහ හිට්ලර් හට ඇමරිකාව දෙවන ලෝක සoග්‍රාමයට මැදිහත් වන බව පෙන්වීමටත් මෙය යොදාගත් බව පොත් පත් වල සඳහන් වී ඇත. ඒ වගේම ඔයාල දන්නවද දන්නේ නෑ දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය (නාසිවාදී කෲර ඒකාධිපති හිට්ලර්), ඉතාලිය ( කෲර ඒකාධිපති බෙනිටෝ මුසෝලනී), ජපානය යන රටවන් සතුරු කන්ඩායම නියෝජනය කලහ, ඒ වගේම  යන රටවන් මිත්‍ර පාර්ශවයන් වේ. මන් මේ  මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියෙ ඔයාලට වටාපිටාව පැහැදිලි කරල දෙන්න ඔනේ නිසා. ඇමරිකාවේ පර්ල් වරාය විනාශ වීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජපානයේ හිරෝශිමා සහ නාගසාකි වලට පරමානු බොම්බ හෙලුහ. හිරෝශිමා වලව LITTLE BOY (කුඩා ළමයා,පුංචි කොල්ලා) සහ නාගසාකි වලට FAT MAN යන  බොම්බ  හෙලූහ. හිරෝශිමා වලට දැම්ම LITTLE BOY නැමැති පරමානු බොම්බය ගැන තමා අද අපේ ලිපියෙන් ඔයාලට දෙන්න මූලික කරගට්තේ.

1945 අගෝස්තු 6 වන දින හිරු උදා වුනේ අහසේ කිසිදු වලාකුලක් නොමැතිව පැහැබර කාලගුණයක් සහිතවය. එදා ආරම්බ උන අලුත් දවසේ වැඩ කටයුටු පරන සුපුරුදු ආකාරයටම ආරම්භ කර හිරොශිමා වැසියන් එවැසි සිදුවීමකට හීනෙකින්වත් දකින්න නැතිව ඇති. අහසේ පියාසර කරන කුරුල්ලන්, වෙනත් සතුන්ද මේ බව නොදැන සිටියා වෙන්න ඇති. කිසීම කලබල කාරීත්වයක් නොමැතිම මේ උදේ වරුව ගෙවී ගියේ උදෑසන 8.15 වන තෙක් පමනි. ඒ සමයේ ඇමරිකාවේ ජනාධිපති ලෙස සිටි හැරී එස් ටෘමන් අන දෙන්නේ හිරෝශිමා වලට සහ නාගසාකි වලට බෝම්බ හෙලන ලෙසයි. පුංචි කොලුවා රැගත් කුඩා ගුවන් යානයේ නියමුවා වත් අරි ආකාරව මෙම බෝම්බය පරමානු බොම්බයක් යැයි නොදැන සිටිය හ.
කපිතාන් ලිබී, මරීයානා දූපතේ පිහිටා තිබූ කදවුරේ සිට ගුවන් නියමුවා වන පෝල් ටිබෙට් හට බෝම්බය හෙලන ලෙසට අන ලැබින (බී- 29 සුපර් ෆොට්‍රස් ගුවන් යානය), ගුවන් යානය නිසි ස්තානයට ස්ථානගත්වූ පසු බෝම්බය අඩි 6400ක් ඉහල අහසේ සිට පහලට දමන ලදී. පසුව තත්පර 43ක් වැනි කාලයක් තුලදී අඩි 1900ක් වූ ඉහළ අහසේදී බෝම්බය පුපුරා ගියේ ය. එක සැනකින් අති විශාල හඬික් සමගව පුපුරාගිය බෝම්බය සුලි සුලගක් ආකාරයෙන් මුලු නගරයම කම්පනයට ලක් කරමින් හිරොශිමා නගර වැසියන් 70.000ක් එක සනකින් අගුරු බවට පත්විය. මෙය එක විනාදියක් ඇතුලත අති විශාල මිනිසුන් ප්‍රමානයක් මියගිය එකම කේදවාචකය ලෙසට වෙනත් තර්ක නැත. ඒත සමගම ලෝකයේ පරමානු බෝම්බ සoස්කෘතියේ ආරම්භය ද සනිටුහන් කලහ.

මෙම බෝම්බය තුල පදාර්තමය වශයෙන් මිලිග්‍රෑම් 600-850ත් අතර තාපය විකිරන ශක්තිය බවට පරිවර්තනය කරන ලදී. එය ආසන්න වශයෙන් TNT කිලෝටොන් 15ක් පමන ශක්තියක පිපුරුමකි. මෙහි සුපෝශිත යුරේනියම් කිලෝග්‍රෑම් 64ක් අඩංගු විය. පුංචි කොලුවාගේ දිග අගල් 120ක් වන අතර විෂ්කම්භය අඟල් 28 විය දළ වශයෙන් කිලෝග්‍රෑම් 4400ක බරින් යුක්ත විය. පුංචි කොලුවා පුංචි උනාට අතී විශාල විනාශයක් කරමින් ලොක ඉතිහාස පොතට තවත් පිටුවක් එක් කරනලදී. 

ඔන්න එහෙනම් අපේ මාතෘකාවට අදාල ගොඩාක් දේවල් අද ඔයාලට ගෙනත් දුන්නා. එහෙනම් අදට අවසන්.
තවත් අලුත් මාතෘකාවකින් හමුවෙමු
ඔබට ජය වේවා!!

Sunday, March 8, 2015

අයිෆල් කුළුණ (Eiffel Tower)

Hi friends, "ඔබට සිහින දැකිය හැකිය, නමුත් එම සිහිනය ක්‍රියාත්මක කරනකල් එය සිහිනයක් ලෙසම පවතී. ඔබට සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නම් දකින සිහින දකිමින් පමනක් නොසිටින්න, ඒවා එක අකුරකින් හෝ ක්‍රියාත්මක කරන්න දැන් පටන් අරඹන්න. එහෙත් එය ඒක අකුරකට පමනක් සීමා නොකරන්න ක්‍රියාවෙන් ද අරඹන්න." (A.D) ඔන්න අද අලුත් මාතෘකාවක් අරන් ඔයාලා මුණගැසෙන්න ආවා.

අයිෆල්  කුළුණ (Eiffel Tower)

පළමු ආකෘතිය
ප්‍රoශ විප්ලවයේ දී ජීවිත පූජා කල වීරෝධාර ජනතාව සිහි ගැන්වීම සඳහා 1889 දී ප්‍රoශ විප්ලවයේ අවුරුදු 100
පිරීම නිමිත්තෙන් ගැස්ටො අයිෆල් විසින් අයිෆල් කුළුණ නිර්මානය කොට ඇත. මෙම කුළුණේ උස අඩි 1,063ක් (324 මීටර්) වේ. මහල් 3න කින් ද විදුලි සොපාන් 9ක් ඇත. මෙය නිර්මානයේ වැඩ 1887 ජනවාරි 28 දින ආරම්භ කර ඇත. 1889 මාර්තු 15 දින මෙහි වැඩ අවසන් කොට 1889 මාර්තු 31 වන දින විවෘත කොට ඇත. මෙම කුළුන මුල් වකවානුවේදී කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ විවේචන වලට ලක් විය. එහෙත් ප්‍රoශයේ ගෝලීය සoස්කෘතික ප්‍රතිමා අතරින් ලෝකයේ හදුනාගත් වඩා වැදගත්ම එකක් බවට පත් ව ඇත. ඒ වගේම ලොකයේ වැඩිම සoචාරක පිරිසක් මෙය නැරබීමට පැමින ඇත. 2010 වර්ශයේදී මිලියන 250ක නරඹන්නන් පැමින ඇත. අද වන විට මෙම කුළුන ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව ඇත.. රාත්‍රියට මෙහි විදුලි ආලෝකය සහිත වන විට ඉතාමත් ලස්සන ස්වරූපයක් දිස්වේ.
ඉදිකිරීම් අතරතුර දී

එහෙනම් අපේ මාතෘකාව අවසන්, තවත් දවසක මුණගැසෙමු.
ඔබට ජය!!!

Tuesday, February 17, 2015

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ඔන්න අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා..
අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ලෝකයේ වැදගත්ම හා ප්‍රසිද්ධ ම අධිකරණය වන්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයයි. 1998 රෝම ප්‍රඤප්තියට අනුව  රටවල් 61ක් ආරම්භක සාමාජිකයන් ලෙස අත්සන් තැබීමෙන් මෙම අධිකරණය බිහිවිය. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති මේ අධිකරණයෙහි විනිසුරුවන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. 2002 ජූලි මස 01 වනදා සූඩානයේ ඩාපූර් ප්‍රාන්තයේ එරට නායකයා වූ ඕමාර් භාශීර් නැමැත්තා විසින් සිදු කල වර්ග සoහාරය ගැන සෙවීමත් සමඟ මෙම අධිකරණය බාලාත්මකව ක්‍රියාත්මක විය. මෙම අධිකරණයේ විභාග වන  ප්‍රධාන ජාත්‍යන්තර අපරාධ 4ක් ඇත. ඒ,

  1. වර්ග සoහාරය හෙවත් වර්ග ඝාතනයට එරෙහි වැරදි.
  2. ආක්‍රමණකාරිත්වයට එරෙහි වැරදි  
  3. මනුෂ්‍යත්වයට එරෙහි වැරදි.
  4. යුධ අපරාධ.
යම් කිසි රටකට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය තුල නඩු පැවරීමට නම් එම රට රෝම ප්‍රඤප්තියට අත්සන් තබා සිටිය යුතුය. නැතහොත් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මන්ඩලයේ අනුමැතියක් ලැබිය යුතුය. අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහිවීමට පෙර යම් යම් රටවල් සිදුකල අපරාධවලට එරෙහිව නඩු විභාග කිරීමට යුධ අපරාධ විනිශ්චය සභා නැමැති විවුහය ඒ ඒ රටවල් තුල ස්තාපිත කිරීමට ආරක්ෂක මණ්ඩලය කටයුත් කර ඇත.

උදා-
  • කෙමරූජ් නායක පොල්පොට් විසින් සිදු කල අපරාධ ගැන සෙවීමට කාම්බෝජ යුධ අපරාධ විනිශ්චය සභාව.
  • රුවන්ඩාවේ ටුට්සි, හුටු ගෝත්‍ර 2ක අතර ගැටුම් පිලිබඳ සෙවීමට රුවන්ඩා යුධ අපරාධ විනිශ්චය සභාව.
    ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට නියුර්ම්බර්ග් යුධ අපරාධ විනිශ්චය සභාව.
  • ජපන් හමුදාව දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට ටෝකියො යුධ අපරාධ විනිශ්චය සභාව.
  • යුගොස්ලොවියාවේ ස්ලොබොදාන් මිලොසොවිව් නැමැති ඒකාධිපතියාගේ කෲර ඝාතනය ගැන සෙවීමට යුගොස්ලොවියානු යුධ අපරාධ විනිශ්චය සභාව.
මෙම අධිකරනයේ අපරාධ සිදුකරන රාජ්‍ය නායකයන්ට හෝ  හමුදා ප්‍රධානීන් හට දඬුවම් දීමට විදුලි පුටුවක් ක්‍රියාත්මක ව ඇත.

හරි එහෙමන් තවත් මාතෘකාවක් අවසන්, තව අලුත් මාතෘකාවක් සමඟ තවත් ලිපයකින් හමුවෙමු.
මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!

Sunday, February 15, 2015

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

ඔන්න අද අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ සදහා තවත් අලුත් මතෘකාවක් අරගෙන ඔයාල හමුවට පැමිනියා. එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

අන්තර්ජාතික යුක්ති අධිකරනය යනු එක්සත් ජාතික සංවිධානයේ  ප්‍රධානතම අධිකරණ වන්නේ මෙයයි. (එක්සත් ජාතික සංවිධානය පිලිබඳ ලිපියට) මෙය එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය යටතේ 1945 දී ස්ථාපනය කරන ලද ජාත්යන්තර අධිකරණයකි. මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත. මෙහි විනිසුරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතවේ. රාජ්‍යයෙන් රාජ්‍යයට නැතහොත් රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන ආරවුල් මෙම අධිකරණය තුල විභාග කරයි.

උදා - පාලස්තීනයේ හා ඊශ්‍රායලය අතර ඇති භූමි භාගයක් වන ගාසාතීරයේ ඊශ්‍රායලය විසින් තාප්පයක් ඉදි කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් සඳහා මෙම අධිකරණය මැදිහත්ව විසදා ඇත.

මෙහි උප සභාපති දුරය දැරූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්ටොපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී නැමති ශ්‍රී ලංකාභිමන්‍ය නැමැති ඉහලම රාජ්‍ය සම්මානය පුද ලද්දෙකි. එය අපට ඉතාමත් ලොකු ආඩම්බරයක්.

වැඩි දෙයක් මේ මාතෘකාවේ සාකච්ඡා කරන්න දෙයක් නෑ.. ඉදිරියෙදී අපි ඉතාමත් ප්‍රසිද්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණය ගැන කතා කරමු.
එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා, නැවත මුනගැසෙමු,
ඔබට ජය!!!!!!!


Tuesday, February 10, 2015

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)

ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් සමඟ ඔයාලව මුණගැහෙන්න ආව... මුල්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම ස්තුතිවන්ත වෙනව.

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)
දෙවන ලෝක සoග්‍රාමය ආරම්භය හේතුවෙන් ( දෙවන ලෝක සoග්‍රාමය ආරම්භයට ආසන්නතම හේතුව වන්නේ හිට්ලර් විසින් පොලන්තය ආක්‍රමණය කිරීමයි) මේ විනාශය අවසාන වීමත් සමඟ ලෝකයා කල්පනා කලේ එවනි ලොක විනාශයක් නැවතත් ඇතිවීම වැලක්වීමයි. එහිදී එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් සෙන් ෆ්රැන්සිස්කෝ නුවරට රැස්වෙන ලෙසට මුලු ලෝකයාටටම ආරධනා කලා. ඒත් සමඟ ම 1945 ඔක්තෝම්බර් මස 24 වන දින රටවල් 51ක (අද වන විට රටවල් 193කින් සමන්විත වේ) නායකයන්ගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තියට අත්සන් තැබීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ කිරීම හේතුවෙන් ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් එක්සත් ජාතීන්ගේ සoවිධානය පියා ලෙස ගෞරවාදරයට පත්විය.
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, සමාජ හා ආර්ථික සංවර්ධනය පෝෂනය, පරිසරය ආරක්ෂාව, සාගත අවස්ථා වලදී මානුෂීය ආධාර, ස්වාභාවික විපත් හා සන්නද්ධ ගැටුම් නිරාකරනය යන කරුණු එක්සත් ජාතීන්ගේ සoවිධානය අරමුණු ලෙස පෙන්වාදිය හැකිය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ නිල භාෂා වන්නේ  ඉංග්‍රීසි, චීන, අරාබි, ප්‍රරංශ, රුසියානු සහ ස්පාඤ්ඤ යන භාෂා වේ. UNO හී  ප්‍රරධාන කාර්යාල ජිනීවා වල පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධාන ආයතන 5කින් සමන්විත වේ.
  1. මහා මන්ඩලය- සෑම රටක්මපාහේ සාමාජිකත්වය දරන අතර දැනට රටවල් 193ක් සාමාජිකත්වය දරයි.
  2. ආරක්ෂක මන්ඩලය - එක්සත් ජාතීන්ගේ සoවිධානය ප්‍රබලතම වියුහය ලෙස මෙය හැදින්විය හැකිය. දැනට රටවල් 15කින් යුක්තවේ.
  3. ආර්ථික හා සමාජීය කටයුතු පිලිබඳ මන්ඩලය- මෙහි රටවල් 54ක් සාමාජිකත්වය දරයි. මෙහි දූරකාලය අවුරුදු 3කි.
  4. මහ ලේකම් කාර්යාලය-  මෙහි මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටා ඇති අතර, ශාකා ඔස්ට්‍රේලියාවේ වියානා නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, කෙන්‍යාවේ නයිරෝබි. යන ස්ථාන වල පිහිටා ඇත
  5. අන්තර්ජාතික යුක්ති අධිකරණය - මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධානතම අධිකරණය වේ. මෙහි විනිසුරුවන් 15ස් දෙනෙක් සිටී.
  6. භාරකාරත්ව  මන්ඩලය - දැනට අක්‍රියව ඇත.
බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ සoවිධානය වර්ථමාන මහලේකම් ය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ මානවහිමිකම් කෞන්සිලයේ මහ කොමසාරිස් ලෙස කලින් සිටියේ නවනීතන් පිල්ලේ ය. වර්තමානයේ මානවහිමිකම් කෞන්සිලයේ  මානවහිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු පත්ව ඇත...

එක්සත් ජාතීන්ගේ සoවිධානයේ එතෙක් මෙතෙක් සිටි මහ ලේකම්වරුන්.
  1. 1946 සිට 1952 දක්වා නොර්වේජියනු ජාතික ට්‍රිග්වේ ලී
  2. 1953 සිට 1961 දක්වා ස්වීඩ්න් ජාතික ඩෑග් හැමර්ෂල්ඩ් 
  3. 1961 සිට 1971 දක්වා බුරුම ජාතික ඌ තාන්ට්  
  4. 1972 සිට 1981 දක්වා ඔස්ට්‍රේලියානු ජාතික කර්ට් වෝල්ඩහයිම්
  5. 1982 සිට 1996 දක්වා පීරු ජාතික ජාවියර් පෙරෙස් ඩී ක්වෙල්‍යා
  6. 1992 සිට 1996 දක්වා ඊජිප්තු ජාතික බූත්‍රොස් බූත්‍රොස් ගාලි
  7. 2008 සිට කොරියානු ජාතික බෑන් කී මූන්

තවත් අලුත් තොරතුරු සමඟ අලුත් මාතෘකාවක් අරගෙන තවත් දවසක මුණගැසෙමු.
********************ඔබට ජය!!!!!!********************

Thursday, February 5, 2015

දැනුම් චාරිකාව 1

මන් මේ ලිපියෙන් ඔයාලට සාමාන්‍ය දැනීම සඳහා කරුනු කිහිපයක් ලබාදෙනව. එහෙනම් ඔන්න මන් ආරම්බ කරනව,

1. ශ්‍රී ලංකාවේ මුලු වර්ගඵලය 65610km2 ( වර්ග කිලොමීටර්)ක් වෙනව. 

2. ඔයාලගෙන් කවුරු හරි කවදාහරි ලංකාවේ ජානධිපති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් එයාගෙ වයස අවුරුදු 30හ සම්පූර්ණ වෙන්නම ඔනේ.

3. අපේ ලංකාවේ නම කලින් තිබ්බෙ ceylon කියලනේ ඒක ශ්‍රී ලංකාව (Sri lanka) යන ලෙසට නම් කලේ 1972 මැයි 22වන දින සිටය.

4. ඔයාල දන්නවද මිනිසෙකුගේ ශරීරයේ ඇති සියලුම ලේ නහර එකට එක පෙළකට පෙළ ගැසුවහොත් සැතපුම් 60.000ක් දිග බව දන්නවද. ඒක පෘථිවිය වටා වට 2. 1/2 ක් එතිය හැකිය.

5. දැන් ඉතින් ලොකයේ සිටින මිනිසුන්ට වඩා වැඩි ප්‍රමානයක් අතේ ජoගම  දුරකතන තියනවනේ. ඒ දුරකතන තියනවනේ මුලින්ම පනදුන්නෙ ඇමරිකානු ජාතික මර්ටින් කූපර් නැමැත්තා ය.

6. ඔයාල හැමෝම දන්නවන්නේ මුලින්ම හඳට පාතැබුවේ "නීල් අම්ස්ට්‍රෝම්" කියල. එයා ගියේ ඇපලෝ 11 යන යානයෙන් නේ. එයා ඒ ගමන යනකොට "ජෝන් එෆ් කෙනඩි" තමා ඇමරිකාවේ ජනධිපතිව සිටියේ. ඒ වගේම "වැලන්තිකා තෙරස්කෝවා" තමා මුලින්ම අභ්‍යවකාශයට ගිය කාන්තව ලෙස ප්‍රසිද්ධ වුනේ.

7. පරමායුෂ වැඩිම සත්වයා ලෙස ඉබ්බා හැදින්වෙනවනේ ඉබ්බා අවුරුදු 200ක් ජීවත් වෙනව.

8. ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන භාශාව ඇහුවාම වැඩි හරියක් කියයි ඉoග්‍රිසි භාෂාව කියල එත් එක වැරදී, ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ චීන භාශාවට චීන භාශාව බිලියන 1යි  මිලියන 197ක (1.197.000.000.000) ජනතාවක් භවිතා කරනව,දෙවන ස්ථානය හිමි වෙන්නේ ස්පාඤ්ඤ භාෂාවටය ඒ මිලියන 414ක(414.000.000) ජනතාවක් භාවිතා කරන බැවින් ය. ඉoග්‍රිසි භාෂාවට හිමි වෙලා තියෙන්නෙ 3න් වන ස්ථානය ඒ මිලියන 335ක(335.000.000) ජනතාවක් ඉoග්‍රිසි භාෂාව භාවිතා කරන නිසාය. (බිලියනයට බින්දු 9ක් තියනව)
* ඒ වගේම ලෝකයේ වැඩියෙන්ම ජනගහනයක් සිටින රට විදිහටත් චීනය තමා මුලින්ම ඉන්නෙ.2014 වර්ශයේ ජනගහනය 1,355,692,576ක් වෙනවා, හැබැයි දෙවන ස්ථානය ලබාගන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ ජනගහනය 1,236,344,631ක් වේ. මෙකෙත් ඉතින් තෙවන ස්ථානය හිමිකරගන්නේ ඇමරිකා එක්සත් ජනපදය තමා ඒ ජනගහනය 318,892,103ක් සමඟ ය.
* මෙකත් එක්කම කියන්නම් ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමානයක් අදහන ආගම ලෙසට පත්වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමයි. බිලියන 2.2ක(31.5%) ජනකායක් ක්‍රිස්තියානි ආගම අදහනවා. දෙවන ස්ථානය හිමිකරගන්නේ ඉස්ලාම් ආගමයි. බිලියන 1.8ක(23.2%) ජනකායක් ඉස්ලාම් ආගම අදහනවා. හින්දු ආගමට 4වන ස්ථානය හිමිව ඇත. බිලියන 1ක ජනකායක් හින්දු ආගම අදහයි.  කනගාතටුවට කරුනක් තියනවා. මමත් නියම බෞද්ධයෙක් හැටියට  මට සමාවෙන්න මේක කියන්න වෙන එක ගැන.  ලෝකයේ බෞද්ධ ආගමට හිමිවී ඇත්තේ 6වන ස්තානයයි. මිලියන 376ක(7.1%) ජනතාවක්  බෞද්ධ ආගම අදහයි.

9. ඔයාලා සමහරක් විට දන්නවත් ඇති අපේ සීගිරි චිත්‍ර ඉතින් ඉතාමත් ප්‍රසිද්ධයිනේ, එක පාරක් පැරණි චිත්‍ර වලට ආශා කරන ඒවා ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවන අපේ රටේ අයියල ටිකක් ගිහින් එ ච්ත්‍ර වල කලුතෙල් ගාලා කැත කරල විනාශම කරල දැම්මනේ, ඊටපස්සේ ඒ විනාශේ වැඩිය ප්‍රසිද්ධ වෙන්න කලින් එකල පැවති රජය ඒවා නැවත සකස් කරන්න තීරනය කලා. ලෝකේ වටේ හෙඋවා ඒවගේ දක්ෂ ච්ත්‍ර ශිල්පියෙක් කොහෙද ඉන්නෙ කියල හොයල හොයල අන්තිමේදී නියම පොරක් හම්බ උනා ඒ  රුසියානු ජාතික ලුසියානෝ මරෙන්සි කියල සුපිරි චිත්‍ර ශිල්පියෙක්. එයාව ගෙන්නල බොහෝම අමාරුවෙන්
සීගිරි චිත්‍ර කලින් ආකාරයටම විශාල වියදමක් දරල නැවත නිර්මානය කලා. ඉතින් දැන් අපි සීගිරි ගියාල බලන්න ය න චිත්‍ර කාශ්‍යප රජතුමගේ විස්කම් (ඒ චිත්‍ර ඇන්දේ කාශ්‍යප රජු නෙවේ එත් ප්‍රසිද්ධ වෙන්නෙ එයානේ) නෙවේ ලුසියානෝ මරෙන්සි කියන සුපිරි චිත්‍ර ශිල්පියගේ දක්ෂතා ය.


10. අපිට දවල් කාලයේදී පෙනෙ මේ සුර්යයා හෙවත් ඉර අපේ පෘථිවිය මෙන් 109 ගුනයක් විශාල බව දන්නවද?

එහෙනම් අදට අපේ දැනුම් චාරිකාව ඉවරයි. තවත් ලිපියකින් හමුවෙමු
ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!



Tuesday, February 3, 2015

ලෝක පූජිත නොබෙල් ත්‍යාග



ලෝක පූජිත නොබෙල් ත්‍යාග
ඇල්ෆ්රඩ් නොබෙල් (Alfred Nobel) නැමැති අති විශේෂ නව නිපැයුම්කරුවාට ගරු කිරීම පිනිස ස්වීඩනයේ නොබෙල් පදනම විසින් ආරම්භ කරන ලදී ස්වීඩන් ජාතිකයෙකු වන ඔහු  ඩයනමයිට් (TNT) සොයාගත් ප්‍රබලතම සොයාගැනීමයි. ඔහු විසින් ආරම්භකල මෙම නොබෙල් ත්‍යගවලින්  ත්‍යාග 5ක් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ලබාදෙන අතර නොබෙල් සාම  ත්‍යගය පමනක්  නොර්වේ ඔස්ලෝ නුවරදී පිරිනමයි.
වෛද්‍ය විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍ය, ආර්ථික විද්‍යාව, යන නොබෙල් ත්‍යග 5 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ලබාදෙයි.

නොබෙල් ත්‍යග පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි ඇති. විශේෂ ඒවා කෙටියෙන්  අපි බලමු මේ නොබෙල් ත්‍යග ලබාදීමට ආරම්බ කල දා පටන් කාටද ලබාදී  තිබෙන්නේ කියල,

මුල් ම නොබෙල් ත්‍යාග පිරිනැමුවේ 1901 දීය. එහි සාම ත්‍යාගය හිමි වුයේ රතුකුරුස නිර්මාතෘ වන ජීන් හෙන්රි ඩූනාන්ට්ට සහ ෆ්රෙඩ්රික් පැසේ යන දෙදෙනාට එක්ව පිරිනමන ලදී. සාහිත්‍ය ත්‍යාගය  සලී Prudhomme පිරිනමන ලදී.

1901සිට 2014 වෙනකල් සෑම අවුරුද්දකම මෙම ත්‍යාග ලබා දී ඇත. සෑම සම්මානයක්ම ගැන කතා කරන්න වෙන්නේ නෑ වැදගත් වන එවා පමනක් ලබාදෙන්නම්.

1990 දී සාම ත්‍යාගය ලෙස රුසියානු ජාතික මිහයිල් ගොර්බචොව් හට ලබා දී ඇත.  එය ලබාදීමට හේතුව රුසියාවට ධනවාදී අර්ථික ක්‍රමයක් හදුන්වා දීමයි.
1990 දී ම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය මෙක්සිකො ජාතික ඔක්ටාවො පාෂ් ලබා දී ඇත.

1991 දී මියන්මාර් ජාතික අයුo සාන් සුඛි හට වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා දී ඇත, එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි වුයේ ගොඩ්මියර් නැමැති දකුණු අප්‍රිකනු ජාතිකයාට ය.

1992 දී ද ග්වටිමාල ජාතික රිගෝබර්ටා මෙන්චු, එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි වුයේ ඩෙරෙක් වොල්කොට් නැමැති ශාන්ත ලුසියා ජාතිකයාට ය.

1993 දී දකුණු අප්‍රිකනු ජාතික නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකනු ජාතික F.W.D.ක්ලාක් යන දෙදෙනා හට නොබෙල් සාම ත්‍යාගය ලබා දී ඇත. ඇමරිකානු ජාතික ටෝනි මොරිසන් හට  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

1994 දී ඊශ්රායල් ජාතික යිටිසාක් රාබින් සහ පලස්තීන ජාතික යසර් අර්පත් යන දෙදෙනා හට නොබෙල් සාම ත්‍යාගය ලබා දී ඇත. ජපන් ජාතික කේන්ස්බ්‍රො ඕ  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

1995 දී නොබෙල් සාම ත්‍යාගය පොලන්ත ජාතික  ජොෂප් රොට්බියට් සහ පග්වොශ් සමුලුවට ලබා දී ඇත.  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි වුයේ අයර්ලන්ත ජාතික  සැමුවස් හෙයිනිට ය.

1997 දී ඇමරිකානු ජාතික ජොඩ් විලියම්ස් සහ ජාත්‍යන්තර බිම්බෝම්බ විරොදී ව්‍යාපාරයට  නොබෙල් සාම ත්‍යාගය හිමි විය.  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය ඉතාලි ජාතික දාරියෝ ෆො හට හිමි විය.

1998 දී අයර්ලන්ත ජාතික ජෝන් හියුම් සහ එක්සත් රජධානි ජාතික ඩේවිඩ් ට්‍රිම්බ්ල් යන දෙදෙනා හට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. එම වසරේ සාහිත්‍ය ත්‍යාගය පෘතුගාල ජාතික ජොසේ සරමාගෝ ට හිමි විය.

1999 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වුයේ ඩොක්ටර් විතවුට් බෝර්ඩස් සoවිධානයට ය.  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය ජර්මන් ජාතික ගුන්ටර් ග්‍රාෂි හට හිමි විය.

2000 දී  දකුණු කොරියානු ජාතික කිම් ඩේ ජුන්ග් නොබෙල් සාම ත්‍යාගය හිමි කරගත්හ. චීන ජාතික ශාඔ ෂින්ග් ජින්‍යන්ග් හට  එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

2001 දී නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතික සoවිධානයේ 1997 සිට 2007 දක්වා සිටි මහ ලේකම්වරයාව සිටි ඝානා ජාතික කොෆී අන්නන් හට හිමි විය. පී.එස්. නොයිපෝල් හට එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

2002 දී ඇමරිකානු ජාතික  ජිම් කාටර් හට  නොබෙල් සාම ත්‍යාගය හිමි විය. එම වසරේ සාහිත්‍ය ත්‍යාගය හoගේරියා ජාතික ඉම්රේ කේට්ස්ට හිමි විය.

2003 දී ඉරාන ජාතික ෂෙරිස් එබාදි හට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. එම වසරේ සාහිත්‍ය ත්‍යාගය දකුණු අප්‍රිකනු ජාතිකජෝන් එම් කොටෙස්ට හිමි විය.

2004 දී කෙන්‍යා ජාතික වන්ගාරි මුටා මාතායි හට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. ඕස්ට්‍රේලියානු ජාතික එල්රිඩේ ජෙලින්ක් හට එම වසරේ සාහිත්‍ය ත්‍යාගය ප්‍රධානය කෙරින.

2005 දී ඊජිප්තු ජාතික මොහොමඩ් එල්බරාදි සහ ජාත්‍යාන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. එම වසරේ සාහිත්‍ය ත්‍යාගය බ්‍රිතාන්‍ය ජාතික හැරල්ඩ් පින්ටර්ට හිමි විය.

2006 දී එම්. යුනුස් නැමැති බoගලදේශ් ජාතිකයාට සහ බoගලදේශයේ ඩකා අගනුවර මූලස්ථානය පිහිටි ග්‍රාමීන් බැoකුවට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය එමෙන් ම එම වසරේ සාහිත්‍ය ත්‍යාගය තුර්කි ජාතික ඔර්හාන් පාමුක් හට හිමි විය.

2007 දී ඇමරිකානු ජාතික ඇල්බට් ආර්නොල්ඩ් සහ  intergovernmantal panal on Climate Change (IPCC) නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. එක්සත් රජධනී "ඩොරිස් ලෙසින්" හට  එම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි විය. 

2008 දී ෆින්ලන්ත ජාතික "මාටි ආටිසාරි: හට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ප්‍රoශ ජාතික ජින් මරේ ගුස්ටාව් හට එම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

2009 දී ඇමරිකා එක්සත් ජනපද වත්මන් ජනධිපති "බරක් ඔබාමා" හට නොබෙල් සාම ත්‍යාගය හිමි විය. ජර්මනියේ "හර්ටා මුලර්" හට වසරේ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

2010 දී චීන ජාතික :ලියු ෂියුබෝ: හට නොබෙල් සාම ත්‍යාගය හිමිවන අතර වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පීරි ජාතික "මරියෝ වර්ගාස් ලොසා" හට හිමි විය.

2011 දී ලයිබීරියානු ජාතික "එලන් ජොන්සන් ස්ර්ලිෆ්", "ලීමා ගැබෝවි" සහ යේමන් ජාතික තවක්කල් කාමන් යන තිදෙනා හට නොබෙල් සාම ත්‍යාගය සමව හිමි විය. එම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන් ජාතික "තෝමස් ක්‍රිස්ටෝප්ර්"ට හිමි විය.

2012 නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සoගමයට හිමිවිය. එම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය "මො යන්" හට හිමි විය.

2013 නොබෙල් සාම ත්‍යාගයරසායනික අවි තනම් කිරීම පිළිබඳ සoවිදානය හෙවත්  organization for the prohibition of chemical weapons (OPCW)  හිමි විය. එම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇලිස් මුන්රො  හට හිමි විය.

2014 නොබෙල් සාම තයාගය හිමි වුයේ පාකිස්තාන ජාතික මලාලා යුසෆ්සායි සහ ඉන්දීය ජාතික කෛලාෂ් සත්‍යාර්ති හට සමව හිමි විය. මෙම නොබෙල් සම්මනයේ විශේෂ අවස්ථාවක් ලෙස හැදින්වෙන්නේ ලෝකයේ ලාබාලතම නොබෙල් ත්‍යාග ලාබියා වන මලාලා යුසෆ්සායි නම් වීම නිසාය (වයස අවුරුදු 17යි). මෙම වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිවුයේ පැට්‍රික් මදීනෝ හට හිමි විය.



තව ත්‍යාග තියනව රසායනික විද්‍යාව වැනි, විශේෂම ටික විතරක් ඔයාලට කිවුව. මේ ලිපිය ඉතින් ගෝඩාක් අයට වැඩක් නැති වෙයි. එත් නීති ප්‍රවේශය සඳහා තිබෙන විභහගය සඳහා පෙනීසිටින අයට මේ ලිපියේ කරුනු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනව...

යාලුවන්ට share කරන්න, like එකක් දාල යන්න අමතක කරන්න එපා