* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Thursday, February 5, 2015

දැනුම් චාරිකාව 1

මන් මේ ලිපියෙන් ඔයාලට සාමාන්‍ය දැනීම සඳහා කරුනු කිහිපයක් ලබාදෙනව. එහෙනම් ඔන්න මන් ආරම්බ කරනව,

1. ශ්‍රී ලංකාවේ මුලු වර්ගඵලය 65610km2 ( වර්ග කිලොමීටර්)ක් වෙනව. 

2. ඔයාලගෙන් කවුරු හරි කවදාහරි ලංකාවේ ජානධිපති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් එයාගෙ වයස අවුරුදු 30හ සම්පූර්ණ වෙන්නම ඔනේ.

3. අපේ ලංකාවේ නම කලින් තිබ්බෙ ceylon කියලනේ ඒක ශ්‍රී ලංකාව (Sri lanka) යන ලෙසට නම් කලේ 1972 මැයි 22වන දින සිටය.

4. ඔයාල දන්නවද මිනිසෙකුගේ ශරීරයේ ඇති සියලුම ලේ නහර එකට එක පෙළකට පෙළ ගැසුවහොත් සැතපුම් 60.000ක් දිග බව දන්නවද. ඒක පෘථිවිය වටා වට 2. 1/2 ක් එතිය හැකිය.

5. දැන් ඉතින් ලොකයේ සිටින මිනිසුන්ට වඩා වැඩි ප්‍රමානයක් අතේ ජoගම  දුරකතන තියනවනේ. ඒ දුරකතන තියනවනේ මුලින්ම පනදුන්නෙ ඇමරිකානු ජාතික මර්ටින් කූපර් නැමැත්තා ය.

6. ඔයාල හැමෝම දන්නවන්නේ මුලින්ම හඳට පාතැබුවේ "නීල් අම්ස්ට්‍රෝම්" කියල. එයා ගියේ ඇපලෝ 11 යන යානයෙන් නේ. එයා ඒ ගමන යනකොට "ජෝන් එෆ් කෙනඩි" තමා ඇමරිකාවේ ජනධිපතිව සිටියේ. ඒ වගේම "වැලන්තිකා තෙරස්කෝවා" තමා මුලින්ම අභ්‍යවකාශයට ගිය කාන්තව ලෙස ප්‍රසිද්ධ වුනේ.

7. පරමායුෂ වැඩිම සත්වයා ලෙස ඉබ්බා හැදින්වෙනවනේ ඉබ්බා අවුරුදු 200ක් ජීවත් වෙනව.

8. ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන භාශාව ඇහුවාම වැඩි හරියක් කියයි ඉoග්‍රිසි භාෂාව කියල එත් එක වැරදී, ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ චීන භාශාවට චීන භාශාව බිලියන 1යි  මිලියන 197ක (1.197.000.000.000) ජනතාවක් භවිතා කරනව,දෙවන ස්ථානය හිමි වෙන්නේ ස්පාඤ්ඤ භාෂාවටය ඒ මිලියන 414ක(414.000.000) ජනතාවක් භාවිතා කරන බැවින් ය. ඉoග්‍රිසි භාෂාවට හිමි වෙලා තියෙන්නෙ 3න් වන ස්ථානය ඒ මිලියන 335ක(335.000.000) ජනතාවක් ඉoග්‍රිසි භාෂාව භාවිතා කරන නිසාය. (බිලියනයට බින්දු 9ක් තියනව)
* ඒ වගේම ලෝකයේ වැඩියෙන්ම ජනගහනයක් සිටින රට විදිහටත් චීනය තමා මුලින්ම ඉන්නෙ.2014 වර්ශයේ ජනගහනය 1,355,692,576ක් වෙනවා, හැබැයි දෙවන ස්ථානය ලබාගන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ ජනගහනය 1,236,344,631ක් වේ. මෙකෙත් ඉතින් තෙවන ස්ථානය හිමිකරගන්නේ ඇමරිකා එක්සත් ජනපදය තමා ඒ ජනගහනය 318,892,103ක් සමඟ ය.
* මෙකත් එක්කම කියන්නම් ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමානයක් අදහන ආගම ලෙසට පත්වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමයි. බිලියන 2.2ක(31.5%) ජනකායක් ක්‍රිස්තියානි ආගම අදහනවා. දෙවන ස්ථානය හිමිකරගන්නේ ඉස්ලාම් ආගමයි. බිලියන 1.8ක(23.2%) ජනකායක් ඉස්ලාම් ආගම අදහනවා. හින්දු ආගමට 4වන ස්ථානය හිමිව ඇත. බිලියන 1ක ජනකායක් හින්දු ආගම අදහයි.  කනගාතටුවට කරුනක් තියනවා. මමත් නියම බෞද්ධයෙක් හැටියට  මට සමාවෙන්න මේක කියන්න වෙන එක ගැන.  ලෝකයේ බෞද්ධ ආගමට හිමිවී ඇත්තේ 6වන ස්තානයයි. මිලියන 376ක(7.1%) ජනතාවක්  බෞද්ධ ආගම අදහයි.

9. ඔයාලා සමහරක් විට දන්නවත් ඇති අපේ සීගිරි චිත්‍ර ඉතින් ඉතාමත් ප්‍රසිද්ධයිනේ, එක පාරක් පැරණි චිත්‍ර වලට ආශා කරන ඒවා ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවන අපේ රටේ අයියල ටිකක් ගිහින් එ ච්ත්‍ර වල කලුතෙල් ගාලා කැත කරල විනාශම කරල දැම්මනේ, ඊටපස්සේ ඒ විනාශේ වැඩිය ප්‍රසිද්ධ වෙන්න කලින් එකල පැවති රජය ඒවා නැවත සකස් කරන්න තීරනය කලා. ලෝකේ වටේ හෙඋවා ඒවගේ දක්ෂ ච්ත්‍ර ශිල්පියෙක් කොහෙද ඉන්නෙ කියල හොයල හොයල අන්තිමේදී නියම පොරක් හම්බ උනා ඒ  රුසියානු ජාතික ලුසියානෝ මරෙන්සි කියල සුපිරි චිත්‍ර ශිල්පියෙක්. එයාව ගෙන්නල බොහෝම අමාරුවෙන්
සීගිරි චිත්‍ර කලින් ආකාරයටම විශාල වියදමක් දරල නැවත නිර්මානය කලා. ඉතින් දැන් අපි සීගිරි ගියාල බලන්න ය න චිත්‍ර කාශ්‍යප රජතුමගේ විස්කම් (ඒ චිත්‍ර ඇන්දේ කාශ්‍යප රජු නෙවේ එත් ප්‍රසිද්ධ වෙන්නෙ එයානේ) නෙවේ ලුසියානෝ මරෙන්සි කියන සුපිරි චිත්‍ර ශිල්පියගේ දක්ෂතා ය.


10. අපිට දවල් කාලයේදී පෙනෙ මේ සුර්යයා හෙවත් ඉර අපේ පෘථිවිය මෙන් 109 ගුනයක් විශාල බව දන්නවද?

එහෙනම් අදට අපේ දැනුම් චාරිකාව ඉවරයි. තවත් ලිපියකින් හමුවෙමු
ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!



1 comment: