* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, May 19, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 26 වන කොටස.

Hi frieds. කොහොමද ඉතින්. මන් ඔන්න අද තව අලුත් මාතෘකාවක් අරගෙන ආවා. ජීවිතයට- බුද්ධිමත් පුද්ගලයා කිසිවිටකවත් කොලහාල, රන්ඩු වලට සහභාගී නොවේ. ඔහු නිශ්ශබ්දව ගැටලුව නිසි ආකාරව නිරාකරනය කරයි. එමෙන්ම බුද්ධිමතා තමන් බුද්ධිමත් යැයි පවසමින් නොසිටී. සමහරක් විට ඔහු නිශ්ශබ්ද පුද්ගලයෙක් විය හැකී. 


VI වන පරිච්චේදය 29 ව්‍යවස්ථාව

මේ ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය  ප්‍රතිපත්තිය පිළිබඳ මූලධර්ම සහ මූලික යුතුකම් විනිශච්යට භාජන කළ නොහැකි බව" යනුවෙනි. මෙයත් සමඟින් අපි කතා කරපු VI වන පරිච්ඡේදය අවසන් වෙනවා. අපි බලමු ආ.ක්‍ර.ව්‍ය. මෙය තියන විදිහ.

29. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතුකොටෙගන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවෙරන්නේ ය. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේ ය. තව ද, මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේ ය. එම විධිවිධානවලට අනනුකූලවීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ හෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැක්කේ ය. 
මේකෙන් කියන්නේ මේ පරිච්චේදය ඒ කියන්නේ VI වන පරිච්ඡේදයේ පවසා තිබෙන යම් යම් අයිතිවාසිකම්, යුතුකම් සදහා නීතිමය පියවර ගන්න බෑ කියලත්, ඒ සඳහා නීතියෙන් කිසිම බැදීමක් නැති බවත්, කිසිම අධිකරණයක හෝ විනිශ්චය සභාවක් මගින් ක්‍රියාත්මක කරගත් නොහැකි බවත් යනුවෙනි. ඔයාලට දැන් හිතෙනව ඇති. මොකටද මේවගේ පරිච්ඡේදයක්  ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියෙන්නේ කියල. මටත් ඒක ගැටලුවම් මන් හිතන්නේ නම් අර මුනිස්සුන්ව මුලා කරන්න නිර්මානය කරපු පරිච්ඡේදයක් කියල. මේවගේ අනවශ්‍ය වගන්ති නිසා ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ අනවශ්‍ය ලෙස වගන්ති වැඩි වෙලා තියනව. ඔය වගේ ඉදිරියෙදි අපිට තවත් වගන්ති හම්බුවෙයි නිකන් බොරුවට ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න ඕනවට ඇතුලත් කලාවගේ තියන ඒව. මේ ආ.ක්‍ර.ව්‍ය. එක් පුද්ගලයෙකුට, පුද්ගලයන් කන්ඩායමකට වැඩි වාසි වෙන විදිහට තමා හදල තියෙන්නේ. ඒ වගේම එක එක සoශෝධන වලින් ඒව තවත් එහෙ මෙහෙ කරල තියනව 19 වන සoශෝධනයෙන් සැලකිය යුතු වෙනසක් වුනා. ඒත් තම අහිතකර බලතල රාශියක් තියනව. මේ ආ.ක්‍ර.ව්‍ය. නිකන් සම්බෝලයක් වගේ වෙලා තියෙන්නෙ දැන් තියන හොදම වැඩේ තමා අපේ රටට ගැලපෙන වෙනත් රටවල් වලින් කඩාගත්තු කෑලි එකතු කරල හදන්නේ නැතිව රටේ තත්වයට ගැලපෙන අලුත් ම අලුත් ආ.ක්‍ර.ව්‍යවස්ථාවක් ගේන එක.. ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලුව. එතකොට තමා  රට හොද මාර්ගයකට යන්න පුලුවන් වෙන්නේ.

එහෙනම් අදට නියමිත මාතෘකාව අවසන්.. තවත් මාතෘකාවක් අරගෙන අලුත් දවසක මුණ ගැසෙමු. මතක තියාගන්න ඊලග මිනිත්තුව අර්තවත්ව ගත කර ඉතිහාසයට අලුත්, අර්තවත්, ආදර්ශමත් දෙයක් එකතු කරන්න.
ඔබට ජය!!

Wednesday, May 13, 2015

19 වන සංශෝධනය II

Hi friends, කොහොමද ඔයාලට? ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලට. ජීවිතයට- කවුරුත් කවදාවත් ඉගෙනගෙන අවසන් වෙන්නේ නෑ . මැරෙනකල් ඉගෙන ගන්නව. ඒ වගේම අධ්‍යාපනයෙන් ලබා ගන්න දැනුමට වඩා දැනුමක් ලැබැන්නේ අත්දැකීම් වලින්. අත්දැකීම් වලින් ලබාගන්න දැනුම ජීවිතයේ සාර්ථකත්වය කරා යන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනව.

හරි එහෙනම් අපි අද මාතෘකාව බලමු.
19 වන සoශෝධනයේ මොන මොන වගන්තිද එකතු වුනේ, සoශෝධනයට ලක් කලේ කියල කලින් ලිපියෙන් සඳහන් කරල තියනව. අපි ඒකේ පළමුවටම සoශෝධනයට භාජනය වුන වගන්තිය ගැනත් කතා කලා. බලපු නැති අය මෙතනින් යන්න >> අද අපි 30 වන ව්‍යවස්ථාව ගැන තමා සාකච්ඡා කරන්නේ. කලින් තිබ්බ 30 වන ව්‍යවස්ථාව ඉවත් කරල ඒ වෙනුවට පහතින් දක්වන ව්‍යවස්ථාව ආදේශ කරල තියනව. කලින් තිබූ  (19 වන සoශෝධනයට කලින්) ව්‍යවස්තාව අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" නැමැති ලිපි පෙලින් ඉදිරියට ඔබට ලබා දේ.

VII වන පරිච්ඡේදය 30 වන ව්‍යවස්ථාව.

30 වන වගන්තිය 19 වන සoශෝධනයට අනුව මූලික වෙලා තියෙන්නේ "ජනරජයේ ජනාධිපතිවරයා" යනුවෙනි
30. ජනරජයේ ජනාධිපතිවරයා,(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන් හී සේනාධිනායකයා ද වන්නේ ය. 
(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. 
මේකෙ වැඩි වෙනසක් නෑ, ධූර කාලය අවුරුද්දකින් අඩු වෙලා තියනව.
හරි එහෙනම් අදට අවසන්. 33 වන ව්‍යවස්ථාවත් අද ම දෙන්නම් කියල හිතුවට ඒකේ ගොඩාක් තියන නිසා අලුත් ලිපියකින් ම දෙන්නම්.
එහෙනම් අලුත් දවසක අලුත් ලිපියකින් ආයෙත් හමුවෙමු!!
ඔබට ජය!!

Saturday, May 9, 2015

19වන සoශෝධනය I

ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලව මුණගැසෙන්න....ජීවිතයට - "හැම වෙලේම අලුතින් හිතන්න, මොකද විනාඩියෙ විනාඩිය වෙනස් වෙන ජීවිතේ ඇයි අපි පරන විදිහට හිතන්නෙ. පහු වුනු විනාඩිය ගැන හිත හිතා ලතැවෙමින් ඊලග විනාඩියත් වැය කරන්න එපා. එතකොට ඔබගේ ඊලග් විනාඩිය ගැනත් පසු තැවෙන්න වෙනව. ඒක නිසා පහු වුනු වීනාඩිය ගැන ලතැවෙන්න, හිතන්න එපා. ඊලග විනාඩියේ මොකක්ද කරන්නේ මොකද වෙන්නෙ කියල හිතන්න. ඔබගෙන් පසු වන සෑම විනාඩියක්ම ඉතිහාසයට එකතු වෙනව. ඒක ගැන සිතල ඊලග විනාඩියි අර්ථවත් කරගන්න.."

අපි එහෙනම් අපේ මාතෘකාවට යමු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුකව ආරම්භ වුනු අලුත් ජාතික ආණ්ඩුවෙන් අලුත් වැඩක් පසුගිය දවස් වල මහජනතාවට දකින්න පුලුවන් වුනා. ඒ 19 වන ව්‍යවස්ථා සoශෝධනය. පාර්ලිමේන්තුව ඇතුලෙ අය කොච්චර කෑ ගැහුවට් අන්තිමේ එක්කෙනෙක් විතරක් විරුද්ධ වෙලා සoශෝධනය පර්ලිමේන්තුවෙ සම්මත වුනා. විධායක ධූරයේ බලතල ටිකක් අඩු කරල තියනව. අපි බලමු මොනවද අඩු කරපු බලතල මොනවද අලුතින් ගෙනාවෙ කියල අපි බලමු. අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ලිපි පෙලේ දැනට 19 වන සoශෝධනය හරහා වෙනස් කිරීමකට පත් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන වගන්තියයි. අපි ඒක ගැන මේ ලිපි පෙලින් ලබා දෙන්නම්.

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14,30,33,35,37,39,40,41,42,43,44,45,46,47,48,49,50,51,52,53,54,56,57,61, 62,65,70,78, 85,91,92, 99,103,104,107,109,111,112,123,124,129,134,151,153,154,155,156,170. මේ වගන්ති තමා සoශෝධනයට ලක් කරල තියෙන්නේ. අපි මේ ලිපියෙන් 14 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන සාකච්ඡා කරමු.

III වන පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව.
19වන සoශෝධනය ගේන්න කලින් 14වන වගන්තිය තිබුන විදිහ බලන්න මෙතනින් යන්න.  19වන සoශෝධනයට අනුව 14 (අ) ලෙස අලුත් කොටසක් එකතු කොට ඇත. ඒ අනුව 14 (අ) වන ව්‍යවස්තාව මුලික වී ඇත්තේ "තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම්" යනුවෙනි එය තවදුරටත් අනු ව්‍යවස්ථා මගින් පැහැදිලි කොට ඇත. ඒ මොන වගේ තොරතුරු ද ජනතාවට දැනගත හැකි වෙන්නේ, මොන වගේ තොරතුරු ද අපට දැනගැනීමට නොහැකි වෙන්නේ යනුවෙන්. අපි බලමු එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියන විදි
    "14 (අ) සෑම පුරවැසියෙකුටම -

    (1) රජයේ අමාත්‍යාශයක් හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටවුනු ලැබූ හෝ  ඇති කරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මන්ඩලයක්,

    (ආ) යම් පළාත් අමාත්‍යාශයක් හෝ පළාත් සභාවක ප්‍රඤප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරනු ලැබූ යම් දෙපාර්තමේන්තුවක් හෝ ව්‍යවස්ථාපිත මන්ඩලයක් ;

    (ඇ) යම් පළාත් පාලන ආයතනයක් සහ,

    (ඈ) වෙනත් යම් තැනැත්තෙකු,

    සතුව පවත්නා වු ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා  හෝ සුරක්ෂිත කිරීමෙහිලා  අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය.

    (2) ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩ තාවය හෝ  මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ පිනිස ද, විෂමාචාරය හෝ අපරාධ වැලැක්වීමේ පිනිස ද, සෞඛ්‍ය හෝ සදාචාරය තහවුරු කිරීමේ  පිනිස ද,  අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පිනිස ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පිනිස ද,  විශ්වාසය මත ලබාදෙන  ලද තොරතුරු හෙලිදරවු කිරීම වැලැක්වීම  පිනිස ද,  අධිකරණයේ අධිකාරී බලය හා අපක්ශපාතීව පවත්වාගෙන යාම පිනිස ද,  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වු නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිලිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.

    (3)  මේ ව්‍යවස්ථාවේ "පුරවැසියා" යන්නට, යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූ මන්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නො අඩු සoඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම් එවැනි මන්ඩලයක් ඇතුලත් වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය කියල අපිට ලබා දීල තියන අයිතිය තමා මේ වැඩි විස්තර කරල තියෙන්නේ ව්‍යවස්ථානුකූලව. අපිට රාජ්‍යයේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක, පළාත් අමාත්‍යාංශයක, පළාත් සභාවක, යම් තැනැත්තෙකු සතුව තියන ඇති තොරතුරු අපිට ලබා ගන්න පුලුවන්. ඒත් 2 වන අනු වගන්තියට අනුව  යම් යම් සීමා කිරීම් තියනව. ඒව වලට යටත් ව තමා අපිට තොරතුරු දැනගන්න පුලුවන් වෙන්නේ.. ඒත් තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත් වුන දවසෙ ඉදල තමා එය ක්‍රියාත්මක වන්නේ.

හරි එහෙනම් අද මාතෘකාව ඉවරයි. තවත් මාතෘකාවක් සමගින් තවත් ලිපියකින් මුණගැසෙමු.
ඔබට ජය!!!
"ජීවිතයේ වෙනසක් කරනවනම් එය අද සිදු කරන්න හෙට හොදින් ජීවත් වෙන්න නම්. හෙටට කල් නොදමන්න."

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 25

ඉතින් කොහොමද යාලුවනේ, ගොඩ දවසකින් ඔයාලට ලිපියක් ලබා දෙන්න බැරි වුනාට සමාවෙන්න. ඔන්න ම අද ලිපියක් අරගෙන ආව. ඉස්සරහට තව අලුත් මාතෘකා ටිකක් සාකච්ඡා කරන්න ආරම්භ කරනව, තව අලුත් ලිපි ටිකකුත් ලබාදීමට කටයුතු කරනව. එහෙනම් ගොඩ දවසකින් මාතෘකාවක් ඔයාලට දෙන්න යනකොට වඩිය වල් පල් කියවන්න ඔනෙ නෑ නේ. හරි එහෙනම් කියවගෙන යන්නකෝ..... 24 වන ලිපිය බලපු නැති අය මෙතනින් යන්න
VI වන පරිච්චේදය 28 ව්‍යවස්ථාව

දැන් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සoශෝදනයන් ඇවිත් නේ. පරිච්ඡේදයට 19 වන සoශෝදනයන් කිසිම බලපෑමක් නෑ. අපි මෙතෙක් සාකච්ඡා කරපු වගන්ති වලින් වෙනස් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව පමනයි. එය මන් වෙනම ම ලිපියකින් 19 යෙන් වෙනස් වුනෙ මොනවද කියල ඔයාලට දෙන්නම්.

පි අද සාකච්ඡා කරන 28 වන ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නෙ "මූලික යුතුකම්" යනුවෙනි. එය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට පවතී.
28. අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්තිවිඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
( අ)  ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය  කිරීම ද,  
(ආ)  ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද,  
(ඇ)  තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘදය සාක්ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම ද,  
(ඈ)  පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව කියා කිරීම ද,  
( ඉ)  සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම ද,   
( ඊ)  ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද,  
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය.
මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ එම වගන්තියි අර්ථ දක්වා ඇත. ඔයාලට තේරෙනව ඇති නේ මේක කියවනකොට ම. මේකේ තියෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යුතුක තමා මේ වගන්තියෙන් විස්තර කරල තියෙන්නෙ. මේක පළමු සැරේම කියවනකොට තේරෙනව. ඊලගට අපි බලන්න ඕනෙ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් අපට අයිතිවාසිකම් ටිකක් දීල තියනවනේ ඒව කඩ වුනාම ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියල. අපි ඒක අලුත් ලිපියකින් සාකච්ඡා කරමු.

එහෙනම් අලුත් දවසක් අලුත් ලිපියකින් හමු වෙමු.
"මතක තියාගන්න එක ගඟකට බැසිය හැක්කේ එක් පුද්ගලයෙකුට එක වතාවකට පමනක් බව. මොකද විනාඩියෙන් විනාඩිය ගඟේ ජලය අලුත් වෙනව වගේම මනුෂ්‍යයා ද විනාඩියෙන් විනාඩියට දවසින් දවස වෙනස් වන නිසා."

මන් ඉදිරියෙදී බලාපොරොත්තු වෙනව online පුස්තකාලයක් පවත්වාගෙන යන්න. මන් හිතනව දැනුම සොයන් ඔබ වගේ අයට එක ගොඩාක් වැදගත් වෙයි කියල. ඒ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් යටින් comment දාල මට කියන්න. තව ඔයාලගේ මොනවා හරි අදහස් තිබේ නම් ඒ වා ද comment හරහා ලබා දෙන්න. එහෙන ඊලග අලුත් වන විනාඩියේ අලුතින් සිතන්න අලුත් දෙයක් කරන්න. අපි අද වෙනස් කරමු හෙට හොදින් ජීවත් වෙන්න.
ඔබට ජය!!