* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Sunday, February 8, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11

Hi යාලුවනේ කොහොමද ඉතින්, ඔන්න මන් අද තවත් ලිපියක් ගෙනාව. මුලින්ම මගේ ලිපි බලන පාඨක හැමෝටම බොහෝම ස්තුතිවන්ත වන්ත වෙනව,
කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න. අපි එහෙනම් ආරම්භ කරමු,

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11 වන කොටස.
III පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව

මේ වගන්තිය මුල් වෙලා තියෙන්නේ "භාෂණයේ , රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස." යනුවෙනි සාරාoශයක් විදිහට මේකෙන් කියන්නේ
කතා කිරීමට ඇති නිදහස, නරැස්වීමට ඇති නිදහස, තමන් කැමති රැකියාවක් කිරීමට හා සමාගමකට සම්බන්ධ වීමට ඇති නිදහස පිලිබඳව මේ වගන්තියේ අනු ව්‍යවස්ථා හෙවත් වගන්ති වලින් වැඩිදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය පහත ආකාරයට පෙන්විය හැකිය.

"14. භාෂණයේ , රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස.
(1) සෑම පුරවැසියකුට ම - 
     ( අ)  භාෂණෙය් නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; 
    ( ආ)  සාමකාමීව රැසවීමේ නිදහසට; 
    ( ඇ)  සමාගමයේ නිදහසට; 
    ( ඈ)  වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; 
    ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ  විශ්වාසය  

           ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; 
    ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංසකෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස 

            කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; 
    ( උ)  එකලාව හෝ අන් අය හා සමග යම් නීතනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක,වෙළඳ

             ව්‍යපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට; 
    (ඌ)  ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ 
    ( ඒ)  ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය.    

 (2) වෙනත් යම් කිසි රටක පුරවැසියකු ව නොසිටිය දී ආණ්ඩුකම ව්‍යවස්ථාව කියාත්මක වීම ආරම්භ වන තෙක් ශ්‍රී ලංකාවේහි ස්ථිරව සහ නීත්‍යානුකූලව පදිංචිව සිටියා වූ සහ එසේ දිගට ම පදිංචිව සිටින්නා වූ තැනැත්තකුට ද, ආණ්ඩුකම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භවීමේ සිට අවුරුදු දහයක කාලයක් තුළ මේ ව්‍යවථාවේ  (1) වැනි අනු ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට  පිළිගනු ලැබ ඇති අයිතිවාසිකම්වලට හිමිකම ඇත්තේ  ය."

මේ වගන්තියේ අමුතුවෙන් හදුන්වල දෙන්න මුකුත් නෑනේ. මේකේ තියෙන්නේ අපිට ලංකාව තුල ඔනෑම  තැනකට එහා මෙහා යෑමට ඇති අයිතිය, තමන්ට කැමති තැනක පදිංචි වීමට ඇති අයිතිය, සාමකාමීව රැස්වීම් පැවත්වීම හා ඒවාට සහභාගී වීමට ඇති අයිතිය, තමන් කැමති රැකියාවක් කිරීමට ඇති අයිතිය, කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, වෙනත් රටක සිට ලංකාවට නැවත පැමිණීමට ඇති අයිතිය යන අයිතින් සියල්ලම ගැන තමා මේ වගන්තියෙන් පෙන්වා දී තිබෙන්නේ. හරිනේ දැන් පැහැදිලිනේ..

හරි අදට අපේ සාකච්ඡා මෙතනින් නවත්වනව. අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු.
ඉදිරියේදී පුලුල් ලෙස තව තවත් මාතෘකා සාකච්ඡා කිරීමට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනව. මන් හිතනවා තව තවත් පාඨක සoඛ්‍යාව වැඩි වෙයි කියල.
මන් බොහොම කරුනාවෙන් ඉල්ලනවා මගේ ලිපි කියවල ඔයාලගේ යාලුවන්ටත් බලන්න කියල ආරාධනා කරන්න කියල, ඒ විතරක් නෙවේ like එකකුත් දාල යන්න. 
ඔයාල ඔක්කෝටම බොහෝම ස්තුතියි,
එහෙනම් ජය වේවා!!!!!

0 comments:

Post a Comment