* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Thursday, February 5, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 10

අද මම අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ 10 වන කොටස අරන් ආවා. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 10 වන කොටස.

III පරිච්ඡේදය 13 වන ව්‍යවස්ථාව
මෙම වගන්තිය මුලික වෙලා තියෙන්නේ "අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම." ලෙසය ඒ කියන්නේ හේතුවක් නොමැතිව සිතුමතෙට යම් පුද්ගලයෙකු සිර බාරයට ගැනීම  රඳවා තබා ගැනීම,  දඬුවම් කිරීම තහනම් බව මේ වගන්තිය අනු ව්‍යවස්ථා යටතේ විස්තර කෙරේ. ඒ අනුව එම ව්‍යවස්ථව  (වගන්තිය) පහත පරිදි දැක්විය හැකිය.

"13. 
10 වන කොටස අරන් ආවා. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.
(1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම  නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.   

(2) අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ රඳවා තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ හෝ සෑම තැනැත්තකු ම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණෙය් විනිශච්යකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,
 නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව මත සහ ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තවදුරටත් අත් අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ  යුත්තේ ය. 


(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නඟනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේ ය. 
  

(4) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.  එහෙත් විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තකු සිරභාරයට ගැනීම, අත්අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින්  ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේ ය. 
      

(5) වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකු ම නිර්දෝෂී යයි පුර්වානුමාන කළ යුත්තේ ය : එසේ වුව ද, විශේෂ වූ සිද්ධි ඔප්පු කිරීමේ භාරය, චූදිත තැනැත්තකු වෙත නීතියෙන් පවරනු ලැබිය හැක්කේ ය. 
  

(6) යම් ක්‍රියාවක්  කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවසථාවේ දී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවී නම් ඒ කියාව හෝ නොකර හැරීම සම්බන්ධෙයන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවිය යුත්තේ ය.  තව ද, යම් වරදක් සිදු කරනු ලැබූ අවසථාවේ දී ඒ වරද සම්බන්ධෙයන් බලපැවැත් වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්ධෙයන් නියම නොකළ යුත්තේ ය. යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවසථාවේ දී එය ජාතීන්ගේ සම්මතෙයන් පිළිගත් පොදු නෛතික මූලධර්ම අනුව සාපරාධී කියාවක් හෝ නොකර හැරීමක් වූ විට, ඒ කියාව හෝ නොකර හැරීම සම්බන්ධෙයන් කවර වූ හෝ තැනැත්තකු නඩු විභාගයට භාජන කොට දඬුවම් කිරීමට මේ වවසථාවේ ඇතුළත් කිසිවකින් හානියක් නොවන්නේ ය.  
යම් වරදක් සඳහා නියම කරනු ලබන අවම දණ්ඩනය ඒ වරද සිදුකළ අවසථාවේ දී ඒ වරද සඳහා නියමිතව තිබුණු උපරිම දණ්ඩනය නොඉක්මවන්නේ  නම්, ඒ වරද සඳහා එකී අවම දණ්ඩනය පනවන ලෙස නියම කිරීම මේ වවස්ථාවේ විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය.
    

 (7) ආගාමික හා විගාමික පනෙත් හෝ 1967 අංක 14 දරන ඉන්දු-ලංකා ගිවිසුම (කියාත්මක කිරීමේ) පනෙත් හෝ එකී පනත් වෙනුවට ආදේශ කිරීම සඳහා පනවනු ලබන වෙනත් නීතියක හෝ විධිවිධාන යටෙත් කරනු ලබන ඉවත් කිරීමේ නියමයක නැතෙහොත් රටින් පිට කිරීමේ නියමයක හේතුවෙන් යම් තැනැත්තකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම මේ වවස්ථාවේ විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය." 

ඔයාලට තේරෙනවද මන්දා, මන් සමස්තයක් වශයෙන් පොඩි හැදින්වීමක් කරන්නම්,
1 ව්‍යවස්ථාවේ (වගන්තියේ) සඳහන් වන ආකරයට නීතියෙන් නියම කරල තියන ක්‍රියා පිළිවෙතට අනුව මිස කිසියම් පුද්ගලයකු සිරභාරයට ගත නොහැක. කිසියම් පුද්ගලයකු සිරභාරයට ගන්නව නම් එම පුද්ගලයාට හේතුව මුලින් පවසන්න ඔනේ කියල, කියල තියනව.
2 වන ව්‍යවස්ථාවේ පවසා ඇති ආකාරය අනුව, යම් පුද්ගලයකු අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා තබා ගැනීමක් හෝ මොකක්හෝ ක්‍රමයකින් පෞද්ගලික නිදහස අහිමි කෙරුවොත්  නීතියට අනුව ආසන්නතම අධිකරණෙය් විනිශච්යකාරවරයා ඉදිරියට ගෙනයා යුතුය. ඒ වගේම එම විනිශච්යකාරවරයා තීන්දුවකින් තොරව තවදුරටත් එම තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි නොකල යුතුය.
3 වන ව්‍යවස්ථාවේ පවසා ඇති ආකාරය අනුව, යම් කිසි පුද්ගලයකු පුද්ගලයෙක්ට විරුද්ධව චෝදනා තියනවා නම් ඔහුට ඔහු විසින්ම හෝ නීතිඥවරයකු හරහා කරුණු ඉදිරිපත් කරන්න පුලුවන් කියල ඒ වගන්තියෙන් කියනව.
4 වන ව්‍යවස්ථාවේ පවසා ඇති ආකාරය අනුව, නීතියට අනුව නියමිත අධිකරණක් විසින් ලබාදෙන ආඥාවක් මිස වෙනත් ආකාරයට කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම බන්ධනාගාරගත කිරීම කල නොහෙකිය, නමුත් විමර්ශන කාර්‍යයන් කරන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් අත්අඩංගුවේ තබාගැනීම දඬුවමක් නොවන බව පවසා ඇත.
5 වන ව්‍යවස්ථාවේ පවසා ඇති ආකාරය අනුව, යම් පුද්ගලයෙකු වරදකරුවෙකු යැයි ඔප්පු වනතෙක් ඔහු නිර්දෝශී පුද්ගලයෙකි.
6 වන ව්‍යවස්ථාවේ පවසා ඇති ආකාරය අනුව, යම් ක්‍රියාවක් වරදක් නොවී නම් ඒ ක්‍රියාව සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවේ. ඒ වගේම යම් වරදකට නියමිත දඬුවම දීල තියන අවස්තාවක එම දඬුවමට වැඩි දඬුවමක් නියම කල නොහැකිය.

හරි එහෙනම් මේ වගන්තිය ගැන ඔයලට යම් ප්‍රමානයකින් හරි පැහැදිලි තාවයක් ඇති. මන් හැම කොටසක්ම විස්තර කරන්න ගියේ නැ, ප්‍රධාන ටික විතරක් ඔයාලට පැහැදිලි කලේ.

අදට ඇති එහෙනම්,

මගේ ලිපි කියවන පාඨක හැමෝටම බෝහෝම ස්තුතියි.
ඔයාලගේ යාලුවන්ටත් මගේ බ්ලොග් එකට එන්න share කරන්න. like එකක් දාලම share කරන්න
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු

******************************ඔබට ජය!!!!!!******************************

0 comments:

Post a Comment