* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, February 21, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17

"අපිලිවෙල වැදගත් නම් ඔබ එසේ කරන්න එහෙත් පිලිවෙලට බාදා නොකරන්න" මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටස.
IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව.

"පරිපාලන භාෂා" යනුවෙන් මේ වගන්තිය මුලික වේ ඇත. මෙය දහසය වන සoශෝදනයේ 3න් වන වගන්තිය මගින් කලින් තිබූ 22වෙනි ව්‍යවස්ථාව ඉවත් කොට මෙම වගන්තිය ආදේශකොට ඇත. පරිපාලන භාෂාව කියන්නේ රජ්‍ය පාලනය කරන භාෂාව ගැනයි, එය එහි අනුව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පැහැදිලි කොට ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"22.(1) සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේ ය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා  සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු ය;
එසේ වුව ද, උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ  සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරහි සැලකිල්ල ඇතිව, ජනාධිපතිවරයා විසින්, සිංහල සහ දෙමළ භාෂා දෙක ම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ  ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශෙයන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය. 
 

(2) තම නිල තත්ත්වයෙන් කියා කරන නිලධරයකු නොවන තැනැත්තකුට -   
( අ) දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර වූ හෝ භාෂාවකින් කවර  වූ හෝ නිලධරයකුගෙන් ඒ නිලධරයාගේ නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය;  
( ආ) යම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට නැතෙහොත් එවැනි ලේඛනයකින්, වාර්තාවකින්, ප්‍රකාශනයකින්  හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට ඔහුට ඇති අයිතිවාසිකම නීතියෙන් පිළිගනු ලබන්නේ නම්, අවස්ථාවෝචිත පරිදි එම ලේඛනෙයන්, වාර්තාවෙන්, ප්‍රකාශනයෙන් හෝ වෙනත් ලියවිල්ලෙන් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට නැතෙහොත් එම  ලේඛනයේ, වාර්තාවේ, ප්‍රකාශනයේ හෝ වෙනත් ලියවිල්ලේ පරිවර්තනයක් දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ය;  
( ඇ) ඒ තැනැත්තාට නිකුත් කරනු ලැබීමේ කාර්යය සඳහා යම් නිලධරයකු විසින් යම් ලියවිල්ලක් ලියා අත්සන් කරනු ලබන අවසථාවක ඒ ලියවිල්ල හෝ ඒ ලියවිල්ලේ  පරිවර්තනයක් හෝ දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම ඇත්තේ ය.
 

(3) පරිපාලන භාෂාව වශෙයන් දෙමළ භාෂාව භාවිතා කරනු ලබන යම් පප්‍රදේශයක, ස්වකීය නිල තත්ත්වයන් ක්‍රියා කරන නිලධරයකු නොවන යම් තැනැත්තකු මේ  ව්‍යවස්ථාවේ  (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් අයිතිවාසිකම්  සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් කියාත්මක කරවා ගැනීමට සහ ලබා ගැනීමට හිමිකම් ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාව (වගන්තිය) ඉවර නෑ තව අනුව්‍යවස්ථා 3ක් තියනව, එවත් මේ ලිපියෙන්ම කියන්න ගියොත් කට්ටිය කැරකි කැරකි ඉදි ඒක නිසා එක ඊලඟ ලිපියෙන් දෙන්නම්. මේකේ තියන හැම එකක්ම පැහැදිලි කරන්න ගියොත් ඉතින් හෙන අමාරු වැඩක්, එත් ඉතින් අමාරුයි කියන තරමට ලේසීයි කියල හිතාගෙන අමාරු තැන් පැහැදිලි කරල දෙන්නම්,
පළවෙනි එක නම් අවුලක් නෑනේ.
**2වනි අනු ව්‍යවස්ථාවේ *(අ) කොටසේ කියන්නේ යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ඔහුගේ රජකාරී ලිපි ගනුදෙනු භාරගැනීමට සහ යැවීමට දෙමළ සහ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් කටයුතු කරගැනීමට ඇයිතිය තියනව කියල.
*(ආ) කොටසින් කියන්නේ, යම්කිසි පුද්ගලයකුට යම් නිළ ලේඛනයක හෝ වාර්තාවක පිටපතක් ලබාගැනීමට ඒ පුද්ගලයාට නීතියෙන් අයිතිවාසිකම් ලබාදී ඇති අවස්තාවක ඒ පුද්ගලයාට එහි පිටපතක් හෝ එහි සිoහල හෝ දෙමළ භාෂා පරිවර්තනක් ලබාගැනීමට අයිතිය තියනව.
(ඇ) කොටසින් කියන්නේ,  යම්කිසි තැනැත්තෙකුට කිරීමට ඇති කාර්යය සඳහා යම් නිලධාරියෙකු විසින් අත්සන්කොට ලබාදෙන ලිපියක දෙමළ හෝ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් උවද පරිවර්තනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය.
**3වන අනු ව්‍යවස්ථාවේ කියල තියෙන්නේ, යම්කිසි පරිපාලන දිස්ත්‍රික්කයක භාෂාව දෙමළ වෙනව නම් රාජකාරි කටයුතු නොකරන නිළධාරියෙකු නොවන පුද්ගලයෙකුට ද මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල තියන අයිතිවාසිකම් සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට අයිතිය තියනවා කියල කියනවා.

අද ඉතා දිග වගන්තියක් හම්බ වුනේ මේ වගන්තියේ ඉතිරි කොටසත් සමගින් අයේ අපි මුණගැසෙමු.
ඔබට ජය !!!!

0 comments:

Post a Comment