* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *
Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Thursday, February 19, 2015

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ වගේ පුද්ගලයන්න මගේ බ්ලොග් එකෙන් දැනුම නැමැති මහා සාගරයෙන් එක දිය බිඳක් වත් ලබාදීමට තමා මම මේ වෙහෙසෙන්නේ. ඉතින් ඒ නිසා මන් අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. හරි එහෙම්  අපි ඒක බලමු,

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අධිකරණය තේරාවලියේ 8 වෙනියට තියන අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයයි. (අධිකරණ තේරාවලිය සම්බන්ධ ලිපියට මෙතනින් යන්න >>) මෙම අධිකරණය 1978 අoක 2ක දරණ අධිකරණ සoවිධාන පනත යටතේ පිහිටවා ඇත. ලංකාවේ වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ මෙම අධිකරණයයි. මෙහි බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරයි. අපරාධ නඩු විධාන සoග්‍රහයේ 1979 අoක 15 දරණ පනතෙහි මෙම අධිකරණයේ නඩු විභාග කරන කාර්යය පටිපාටිය දක්වා ඇත. ඒ අනුව,

  1. සුළු අපරාධ නඩු විභාගය.
  2. සොදිසි වරෙන්තු නිකුත් කිරීම.
  3. ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම.
  4. කම්කරු විනිශ්චය සභාවල නියෝග ක්‍රියාත්මක කරවීම.
  5. හඳුනාගැනීමේ පෙරට්ටු පැවැත්වීම. (හඳුනාගැනීමේ පෙරට්ටුවකටසැකකරු සමඟ තවත් 7ත් දෙනෙකු යොදාගනී)
  6. ස්වේච්ඡාභවය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීම.
  7. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම.
  8. අවසර ඇති අවස්ථාවලදී ඇප නියම කිරීමේ බලය.
  9. හදිසි මරණ පරීක්ෂන පැවැත්වීම.
  10. කාති අධිකරණය නියෝග ක්‍රියාත්මක කරවීම.

මහේස්ත්‍රාත් අධිකරණය සතු වෙනත් බලතල,
  • නඩත්තු නඩු විභාග කිරීම - 1999 අoක 37 දරන නඩත්තු පනත ප්‍රකාරව නඩත්තු නඩු විභාග කල යුත්තේ මෙම අධිකරණයේ ය. කලින් මෙම බලය පැවතියේ දිසා අධිකරණයටය. නමුත් නඩත්තු වාරික නොගෙවීම සම්බන්ධයෙන් දඬුවම මාසයක් සිරගත කිරීමක් බව දක්වා මහේස්ත්‍රාත් අධිකරණය හරහා ක්‍රියාත්මක කරවයි.
  • අපරාධවලට අදාළ නඩු පවත්වාගෙන යාම - බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරන අතර ඒවා පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. නමුත් පෞද්ගලිකව ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කල හැක.

විශේෂ නීති මගින් පවරා ඇති බලතල,
  • සේවක අර්ථ සාධක අරමුදල් ( E.P.F)සහ සේවක භාරකාර අරමුදල් ( E.T.F) වල හිඟ අයකරගැනීමේ නඩු.
  • කාති අධිකරණය කියෝග නිකුත් කිරීම.
  • කම්කරු විනිශ්චය සභා නියෝග ක්‍රියාත්මක කිරීම.

ඉතින් ඔය විදිහට තමා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ වෙන්නේ. ඔය හැම නඩු වර්ගයක් ගැනම අපි ඉදිරියෙදි කතා කරනව.
එහෙනම් අදට සමුගන්නව.
ඔබට ජය!!!!!

Wednesday, February 18, 2015

දිසා අධිකරණය (district court)



අප රටේ බොහෝමයක් ප්‍රශ්න, අපරාධ ඇතිවෙන්නෙ නීතිය හරිහැටි නොදැන සිටීමෙනි. නීතිය ගැන දැනගෙන රටක ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙනව. ඉතින් ඒක නිසා අපේ බ්ලොග් අඩවිය තුලින් ඔයාලට ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට ආරම්භ කලානේ, ඉතින් ඔනම දෙයක් ගැන හරි හැටි අවබෝධයක් ලබාගන්න නම් ඒ සම්බන්ධව මූලික දැනුමක් තිබීම අනිවාර්යයි. ඉතින් අපේ නීතිය පිලිබද ලිපි මාලාව මූලික ස්ථානයේ සිට ආරම්භ කර ඇත. ඒ ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන මම ඔයාල මුණගැසෙන්න ආව. හරි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

දිසා අධිකරණය (district court)

දිසා අධිකරණය 1978  අoක 2 දරණ අධිකරණය සoවිධාන පනත යටතේ මෙම අධිකරණය පිහිටවනු ලැබීය. බොහෝමකක් සිවිල් නඩු මෙම අධ්කරණයේ විභාග කරයි. සිවිල් නඩු විභාග කරන කාර්යය පටිපාටිය සිවිල් නඩු විධාන සoග්‍රහයේ දක්වා ඇත. මෙම අධිකරණය සෑම දිස්ත්‍රික්කයකම ඇත.

දිසා අධිකරණයේ විභාග කරන නඩු වර්ග පහත ආකාරයට දැක්විය හැකිය
  1. ඉඩම් නඩු - ඉඩමක අයිතිය පිලිබඳ නඩු, වැට මායිම් නිරාකරණ පිලිබඳ නඩු, ඉඩමක නීතිවිරෝධීව රැඳී සිටින අය ඉවත් කර ගැනීමේ නඩු.
  2. වoචනික ඔප්පු අවලංගු කිරීම, තෑගි ඔප්පු අවලංගු කිරීමේ නඩු. 
  3. අලාභ අයකර ගැනීමේ නඩු.
  4. ණය ආපසු අය කරගෙනීමේ නඩු. 
  5. අපහාස කිරීමට අදාල වන්දි නඩු (සිවිල් අපහාස පමනයි)
  6.  තෙස්තමේන්තු නඩු. 
  7. භාර නඩු -  භාරකාරත්වය පිලිබඳ නඩු.
  8. වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු. 
  9. ද්වේශ සහගතව නඩු පැවරීම පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු.
  10. ගිවිසුම් කඩකිරීම පිලිබඳ නඩු. 
  11. කුලී නිවසියන් පිලිබඳ නඩු.
  12. විවාහ ශූන්‍යතා නඩු. 
  13. නීත්‍යනුකූල වෙන්වීමට අදාල නඩු  
  14. දික්කසාද නඩු. 
  15. විවාහ පොරොන්දු කඩ කිරීමට අදාල වන්දි අයකර ගැනීමේ නඩු.
  16. දරුවන්ගේ භාරකාරත්වයට අදාල නඩු. 
  17. කුලවද්දා ගැනීමේ නඩු - දරුකමට හදා ගැනීම. 
  18. කන්‍යා දූෂණයන් සඳහා වන්දි අය කරගැනීමේ නඩු. 
  19. බාලයන්ගේ සහ සිහිවිකල තැනැත්තන්ගේ දේපල පිලිබඳ නඩු. 
  20. නඩත්තු ඉල්ලීමේ නඩු - රෝම ලන්දේසි නීතියට අනුව මෙය ක්‍රියාත්මක විය නමුත් ඉතාමත් කලාතුරකින් මෙවැනි නඩු විභාග කෙරේ.

මෙහි 12යේ සිට 20 දක්වා නඩු කලින් පැවති පවුල් අධිකරණය සතුව තිබූ බලතල වේ. ඒවා දැන් දිසා අධිකරණය සතුවේ.

දිසා අදිකරනයෙන් නිකුත් කරන තහනම් නියෝග කිහිපයක් පහත පරිදි වේ,
  •  වාරණ නියෝග.  
  • අතුරු ඉන්ජන්ෂන් තහනම්. 
  • ස්ථිර ඉන්ජන්ෂන් තහනම්.
ඔය තියන සෑම නඩු වර්ගයක් පිලිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.. අදට අපේ සාකච්ඡාව අවසන්.
තවත් ලිපියකින් හමුවෙමු.

මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තූතියි.
ඔබට ජය වේවා!!!!

Monday, February 9, 2015

මහාධිකරණය (High court)

Hi යාලුවනේ ඉතින් කොහොමද ජීවිතේ, මුලින්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා.
අපි අදත් අලුත් මාතෘකාවකින් ඔයාල මුනගැහෙන්න ආවා.. අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු,
අධිකරණ තේරාවලියේ අපිට වැදගත්ම වන මහාධිකරණය ගැන අද අපි සාකච්ඡා කරමු මුල්ම ලිපිය බලපු නැති අය මෙතනින් යන්න. කලින් ලිපියට මෙතනින්

මහාධිකරණය (High court)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන සoශෝදනයේ ප්‍රකාරව පිහිටවු මහාධිකරණයේ බොහෝමයක් බරපතල අපරාද නඩු විභාග කරයි. මෙහි ගොනු කරන චෝදනා අධිචෝදනා ලෙස හදුන්වයි.
නීතිපති විසින් විමසා අධිකරන සේවා කොමිෂන් සභාව නිර්දේශ නිරීමත් සමඟ ජනාධිපතිවරයාගේ පත් කිරීමෙන් මහාධිකරණය විනිසුරුවන් පත් කරයි. මහාධිකරණයයේ මිනීමැරුම් වැනි වැරදි සඳහා
මරණ දඩුවම දිය හැකිය. මහාධිකරණයේ නඩු අසන ක්‍රමවේද 3ක් ඇත,

  1. තනි මහාධිකරණ විනිසුරු 
  2. තනි මහාධිකරණ විනිසුරු සමඟ ජූරි සභාව
  3. ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar ලෙස්යි.
13න් වන සoශෝදනය යටතේදී පලාත්බද මහාධිකරණ බලතල ලැබුණු අතර කොළඔ පමනක් එක් පලාත්බද මහාධිකරණයක්, වාණිජ මහාධිකරණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම මහාධිකරණ වලදී බලතල අපරාධ නඩු වලට අමතරව ඒ ප්‍රදේශය මහේස්ත්‍රාත් අධිකරණ, ප්‍රාතමික අධිකරණ, කම්කරු විනිශ්චය සභාව වැනි නැන් වලින් පැමිනෙණ අභියාචන නඩු පවා විභාග කරයි. තවද උදර්පන නඩු අද්මිරාල්ති වනි විශේෂ නඩු වර්ගද විභාග කෙරේ.

අද්මිකර්ති නඩු ගත කොළඹ මහා අධිකරණ පමණක් විභාග වන නාවික ගමන ගමනයට අදාල නඩු වර්ගයකි. මහ අධිකරනයේ බොහෝ විට නඩු විභග වන්නේ තනි විනිසුරු වරයාගෙනි, තවද හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවකින් නඩු විභාග වන්නේ විත්තිකරු ජූරි සභාවක් සඳහා කැමැත්ත පල කල විටය.
මහාධිකරණය තුල මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම,ස්ත්‍රී දුෂණය,කොල්ල කෑම, අල්ලස් වැරදි, වැනි බොහොමයක් අපරාධ නඩු විභහග කරයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar යනු මහාධිකරණයේ විනිසුරුවන් 3න් දෙනෙකුගෙන් නඩු විභාග කිරීමය. වඩාත් බරපතල අපරාද නඩු වලදි මෙය අගවිනිසුරුගේ තීරනය මත ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස Trial at bar නඩු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය,
  • උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුව 
  • හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව
  • සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව
  • සරත් ෆොසේකා මහතාට අදාල සුදු කොඩි නඩුව 
ලෙස දැක්විය හැකිය.


අදට අපේ සාකච්ඡාව අවසන්, ඊළඟ ලිපියෙන් මුණගැසෙමු. පවුල් නීතිය පිලිබදව ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.........
ඔබට ජය!!!!!!!!!!






Wednesday, February 4, 2015

අභියාචනාධිකරණය ( Court of appeal)

Hi යාලුවනේ ඔන්න මන් අද නීතිය පිලිබඳ ලිපි මාලාවේ තෙවෙනි කොටස අරගෙන ආව..
කලින් ලිපිය බලනවනම් මෙතනින් යන්න.

හරි අද අපිට කතා කරන්න තියෙන්නෙ  ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේ දෙවැනියට තිබෙන ගරු අභියාචනාධිකරණය ගැනය.

ගරු අභියාචනාධිකරණය ( Court of appeal)

අපේ අධිකරණ තේරාවලියේ දෙවැනියට  ඉහළම අධිකරණය වන්නෙ අභියාචනාධිකරණයයි. මෙහි ප්‍රධානත්වය දරන විනිසුරු අභියාචනාධිකරණය සභාපති විනිසුරු ලෙස හදුන්වයි. මෙහි විනිසුරුවරුන් ප්‍රමානය අවම වශයෙන් විනිසුරන් 7 දෙනෙක් ද උපරිම විනිසුරුන් 12ක් ද මෙහි රාජකාරී කටයුතු කරයි.
අභියාචනාධිකරණය කොළඹදී  පමනක් ක්‍රියාත්මක වේ. එහෙත් අගවිනිසුරුගේ විධානය මත වෙනත් අධිකරණ කලාපයක හෝ දිස්ත්‍රික්කයක රැස්විය හැක.

මෙහි කාර්යන් මොනවද කියල බලමු,
  1. තනි විනිසුරු හෝ තනි විනිසුරු සමග ජූරිය සහිත මහාධිකරණ තීන්දු වලට එරෙහි අභියාචනා මෙහි විභාග කෙරේ.(අභියාචනය)
  2. මහාධිකරණයේ තීන්දු වලට එරෙහි ප්‍රතිශේධන මෙහි විභාග කෙරේ. (ප්‍රතිශෝධන ඉල්ලුම්පත්)
  3. වoචාවකින් හෝ වෙනත් නීතිවිරෝධී අන්දමකින් ලබා ගත් අධිකරණ තීන්දුවක් ඉවත් කර දමා නඩුවක පාර්ශවයක් යථා තත්වයට පත් කිරීමට ඇති බලය රෙසිටිටියුෂියෝ- ඉන් ඉන්ටෙග්‍රම් (යථා තත්වයට පත් කරලීමේ නඩුකර) ලෙස හදුන්වයි.
  4. රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරන ප්‍රධානතම අධිකරණය අභියාචනාධිකරණයයි. එහි රිට් බලය මුලු දිවයින පුරාම විහිදී යන්නකි. සීමිත අවස්ථා කිහිපයකදී පමනක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ද රිට් අධිකරණ බලයක් ඇත. *රිට් අධිකරන බලය යනු රාජ්‍ය පරිපාලන තීන්දු වලට එරෙහිව ලබා ගන්නා අධිකරණ නියෝගයන් රිට් අධිකරන බලය ලෙස හැඳින්විය හැක.මේවා පරිපාලන නීති ප්‍රති කර්ම ලෙසද පරිමාධිකාරී පහින ලෙසද හදුන්වයි.* 
රිට් අඤා කොටස් 5කට අපට පෙන්වාදිය හැකය.
  1. රජයේ නිලධරයෙකු විසින් ලබාගත් තීරණයක් නිශ්ප්‍රභා කරන ලෙසට නියම කරන්නවු රිට් අඤාව "සර්ටියොරරි" අඤාව ලෙස හදුන්වයි.
  2. රජයේ නිලධරයෙකු විසින් ලබාගත් තහනම් කරන ලෙසට නියම කරන්නා වූ රිට් අඤාව "ප්‍රොහිබිෂන්" අඤාව ලෙස හදුන්වයි.
  3. රජයේ නිලධරයෙකුට ඔහුගේ ධූරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න ගත කරන්නා වු සහ ඔහුව ධුරයෙන් ඉවත් කරන්නා වූ රිට් අඤාව "ඉවෝ වොරොන්ටෝ" අඤාව ලෙස හදුන්වයි.
  4. හබයාස් කෝපුස්/ හේබියාස් කොපුස් රිට් අඤා තිලින්, 
        • නීතිය අනුව ක්‍රීයාත්මක කිරීම සඳහා යම් පුද්ගලයෙකු ඒ අධිකරණය ඉදිරියට ගෙන එක ලෙසට නියම කරයි, 
        • රජයේ හෝ පෞද්ගලික අත් අඩoගුවේ නීති විරෝධීව හෝ අනිසි ලෙස රඳවාගනු ලැබු යම් පුද්ගලයකු ඇත්නම් ඔහුව අධිකරණයක් වෙතට ගෙන එන ලෙස නියෝග කිරීම.
        •  යන ඒවා එම රිට් අඤා ගනයට අයත් වේ, තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 141 වන වගන්තියේ සඳහන් වේ.
  5. දිසාධිකරනයේ ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වේ. අප්‍රතිකරී හානියක් වලකාලීමට (නැවත යථා තත්වයට පත්කල නොහැකි හානියක්) ක්ෂණිකව ඉන්ජන්ෂන් තහනම් ලබා ගැනීමට ගරු අභියාචනාධිකරණයට ඉල්ලීමක් කළ හැකි වීම.
  6. පහල අධිකරණ වල නඩු වාර්තා කැදවා යුක්තිය උදෙසා ඒ අධිකරණ්යේ නීන්දු ප්‍රතිශෝධනය කරමින් අලුත් නියෝග කිරීමට සුවිශේෂී බලයක් මෙම අධිකරණය සතුවේ.
  7. පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් සහ පළාත් සභා මැතිවරණ පෙත්සම් විභාග කිරීම. 
  8. අභියාචනාධිකරණය සහ ඊට පහලින් ඇති සියලුම අධිකරණ වෙතට අපහාස කලහොත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ පොදු අධිකරණ බලය ගරු අභියාචනාධිකරණය දරයි.
  9. අධිකරනයකින් අධිකරණයකට නඩුවක් මාරු කරලීමට නියෝග කරලීමේ බලය ගරු අභියාචනාධිකරණය සතුය.
  10. පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් කල අයෙකුට ඇප ලබාදීමේ බලය අභියාචනාධිකරණය සතුය. එමෙන්ම වෙනත් නීතියක් කවර දෙයක් සඳහන් වුවද කවර වරදක් සම්බන්ධයෙන් වුවත් ඇප ලබාදීමට බලය ගරු අභියාචනාධිකරණයට ඇත. එය ලබා දී තිබෙන්නේ අපරාධ නඩු විධාන සoග්‍රහයේ 404 වගන්තිය යටතේ ය.
  11. පලාත් සභා මන්ත්‍රීවරයෙකු දේශපාලන පක්ෂයකින් නෙරපා දැමූ විටක එය සම්බන්ධයෙන් එම තීරණය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කල හැක. 

ඔන්න ඔයාලට ගරු අභියාචනාධිකරණය පිලිබඳව කුමනහෝ අවබෝධයක් ලැබෙන්න ඇති.
අමතර දැනුම වශයෙන්,
  • අධිකරනයේ විවෘතභාවය නිසා ඕනෑම කෙනෙකුට අධිකරනය තුලට ඇතුලත් විය හැකිය. 
  • අගවිනිසුරු ධුර භාගත යුත්තේ ජනාධිපති ඉදිරියේ ය.
  • ජූරිය සභාවක සාමාජිකයන් 7ක් සිටී. ජූරිය සභාවක් සහිතව නඩු මහධිකරනයේ විභාග කරයි.
  • හදුනාගැනීමේ පෙරෙට්ටුවකට සැක කරු සමඟ 7ත් දෙනෙකු සහභාගීවේ. හදුනාගැනීමේ පෙරෙට්ටුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබයි. 
 
හරි එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් අපි හමුවෙමු.
ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!





Tuesday, February 3, 2015

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය( Supreme court)

නීතිය පිලිබඳ ලිපි මාලාවේ දෙවනි කොටස අරගෙන ඔන්න මන් අද ආව..
ඉතින් යාලුවනේ අද ඔයල නිදහසේ සැබෑ අරුත රසවිදිනව ඇති.. කලින් ලිපිය බලනවනම් මෙතනින් යන්න

ඔන්න එහෙනම් අපි අද අපේ රටේ අධිකරණ පද්ධතියේ උත්තරීත්තරම අධිකරනය වන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ගැන වැදගත් කරුණු කතා කරමු.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය( Supreme court)

 ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 1801 අප්‍රෙල් මස 18 වන දින එවකට දිවයින පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින් අධිකරණ රාජකීය ප්‍රඤප්තිය අනුව පිහිටවා ඇත. ලoකාවේ උත්තරීත්තරම උසාවිය වන්නෙ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි ප්‍රධානියා අගවිනිසුරුවරයා ය. තවද ඔහු ඇතුලුව තවත් විනිසුරුවන් 11 දෙනෙකු ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටී. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ දී පමනක් ක්‍රියාත්මක වේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් පසු එය අප රටේ අවසාන අධිකරණ තීන්දුව බවට පත්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් එක් නඩු සඳහා පෙනී සිටින විනිසුරුවන් ගණන 3,5,7,9,11, ලෙසට වෙනස් විය හැකිය. 11ස් දෙනාම විනිසුරුවන් ලෙස එක් අවස්තාවක සිටියහොත් එය full bench හෙවත් පුර්ණාධිකාරි විනිශ්චය සභාවක් ලෙස හදුන්වයි. ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් දුන් තීරනයක් තමන්ටම වෙනස් කළ හැක. එය "අධි තීරණය" ලෙස හදුන්වයි.
 උදාහරණයක් ලෙසට, විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් ලබා දුන් තීන්දුවක් 5 දෙනෙකුගෙන් අධි නීරණය කළ හැක.

මෙම අධිකරනයේ අභියාචනා නඩු විභාග කරයි. ගරු  ශ්‍රේෂ්ඨාධිකරණය හා ගරු අභියාචනාධිකරණය යන අධිකරණ ද්විත්වයම උපරිමාධිකරන ලෙස හදුන්වයි.

ගරු  ශ්‍රේෂ්ඨාධිකරණය පමනක්(අනන්‍ය අධිකරණ බලතල) හිමි බලතම ගැන අපි කතා කරමු දැන්.
  1. මූලික අයිතිවාසිකම් පිළිබඳ බලතල. 
  2. ජනාධිපතිවරණ පෙත්සම් විභාග කිරීම.
  3. දෝෂාභියොග පරීක්ෂන පැවැත්වීම.
  4. පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ අධිකරණ බලය.
  5. අවසාන අභියාචනා අධිකරන බලය.
  6. උපදේශක අධිකරණ බලය.
  7. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධ අධිකරණ බලතල.
යන ඉහත සඳහන් බලතල ශ්‍රීලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ..
අමතර දැනුම වශයෙන්,
  • පනත් කෙටුම්පතක් යනු පාර්ලිමේන්තුව තුල සම්මත වෙමින් පවතින නීතියක් ය.
  • උතුරු නැගෙනහිරදී දෙමළ භෂාවෙන් ද අනෙකුත් ප්‍රදේශවල සිoහල ලෙස ශ්‍රීලංකාවේ අධිකරණ  පද්ධතියේ භාෂාව වේ.
  • විනිර්මුක්තිය යනු නඩු පැවරිය නොහැකි බවය.
  • ශ්‍රී ලංකාවේ නීති පැනවීමේදී ඉoග්‍රීසි පරිවර්තනයක් ද  සහිතව සිoහල සහ දෙමළ බසින් ලබාදේ.
අදට අපේ සාකච්ඡාව අවසන්. ඊලඟ ලිපියෙන් හමුවෙමු.


ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!



අධිකරණ පද්ධතිය

ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය
 නීතිය 1 වන කොටස

ඔන්න මන් අද ඉදල මගේ පාඨකයන්ට නීතිය ගැන සාමන්‍ය වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමට මගේ blog අඩවියතුලින් ලිපි පල කිරීමට ආරම්භ කරනව.

නීතිය හැමෝම වගේ දැනගෙන ඉන්න ඔනේ, මොකද රටක ජීවත් වෙනකොට ඒ රටේ නීතියට පක්ශපාතී වෙන්න නම් අපි නීතිය ගැන දෙනගෙන ඉන්න ඔනෙනේ. නීතිය නොදැන සිටීම සමාවට කරුනක් නෙවේ. මේ ජනවාරි 8 වෙනිදට කලින් නම් මේ මතෘකාව බල්ලට ගිහිල්ල තිබ්බෙ. දැන් ඉතින් කිසි බයක් නැතිව නීතිය ගැන කතා කරන්න පුලුවන් නීතියේ දැන් පොඩ්ඩ පොඩ්ඩ පනගහල එන ලකුණු පෙනවා. ඉතින් එක නිසා අපි නීතිය ගැන දැනගන්නම එපැයැ. දැන් නීතියට ඉහලින් කිසි කෙනෙක්ට යා නොහැක. කලින් නම් නිතියට ඉහලින් සමහරක් පලකයො හිටිය ඒ පාලකයො නීතිය බාවිතා කරලා පහල සිටින සමාන්‍ය ජනතව තාඩන පීඩන වලට ලක් කරමින් සිටියා.

නීතිය ගැන කතා කිරීමේදී අධිකරණ පද්ධතිය සහ එවගේ ක්‍රියාකරීත්වය ගැන දැනගැනීම අත්‍යවශ්‍ය වේ. පාර්ලිමේන්තුව විසින් හදන නීති ක්‍රියාත්මක කරන්නේ පොලිසිය විසිනි. එම නීති විනිශ්චය කරන්නේ අධිකරණය තුලිනි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම පිළිබඳව මුලික අයිතිය ඇත. හරි අපි දැන් බලමු ශ්‍රීලංකාවේ අධිකරණ තේරාවලිය හෙවත් අනුපිළිවෙළ.

1. මුලින්ම කියන්න පුලුවන් නැතහොත් අධිකරණ පද්ධතියේ ඉහලතම අධිකරණය වන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයයි(supreme court). ජනරජයේ උත්තරීත්තරම උසාවියයි. මෙම උසාවිය කොළඔ පමනක් පවතී
2. ගරු අභියාචනාධිකරණය(court of appeal) - මෙහිදී මහාධිකරණයේන් පැමිනෙන අභියාචනා නඩු මෙය තුල විභාග කරයි. මෙය ද කොළඔ පමනක් පවතී.
(මෙම 1,2 යන අධිකරණ උපරිමාධිකරන ලෙස හදුන්වයි, එමෙන්ම මෙහි අභියාචනා නඩු විභාග කරයි.)
3. පලාත්බද මහාධිකරණය (provincial high court)
4.  සිවිල් අභියාචනාධිකරණය(civil appellate court)
5.  වානිජ මහාධිකරණය(commercial high court) මෙය ද කොළඔ පමනක් පවතී.
6. මහාධිකරණ(high court)
7. දිසා අධිකරණ(district court)
8.  මහේස්ත්‍රාත් අධිකරණ (magistrate court) බහුල ව්‍යාප්තිය සහිත අධිකරණ මෙයයි.
9. ප්‍රථමික අධිකරණ ( primary court) මෙය ලoකාවේ පහලතම අධිකරනයයි. මෙය ප්‍රායෝගිකව දක්නට නොමැත.

මේ විදිහට ලංකාවේ අධිකරණ පද්ධතිය අනුපිළිවෙළට සකස් කොට දැක්විය හැකිය. අප ගරු අගවිනිසුරු තුමා රටේ අධිකරණයේ ප්‍රධානියා වේ. ලංකාවේ බිහිවු පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියත් අග විනිසුරුවරියත් වුයේ ගරු ශිරානි බන්ඩාරනායක මැතිනියයි. වර්තමානයේ ගරු  ශ්‍රී පවන්  මැති තුමාය. 


අදට ඇති එහෙනම්, ඊලඟ ලිපියෙන් අපි මේ අද කතා කරපු අධිකරණ පද්ධතිය එක් එක් අධිකරණයන්හී ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කරමු.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!

ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.