* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, September 15, 2015

මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට


උකුසු ඇස, facebook සිටින සියල්ලන්ගෙන් ම මෙයට like එකක් දන්න. දැන් පේ රටේ අපරාධ, දූෂණ, සිදුවෙනවා වැඩි. ඒක නිසා පාලකයන් නිකන් ම බලාගෙන ඉන්නෙ නැතිව මේ සදහා පියවරක් ගන්න ඕනේ ඒ කියන්නේ මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක් කරන්න ඕනේ. එවිට් අපරාධ, දූෂණ වල යම් අඩුවක් අපිට දැකගත හැකි වෙනව. පාලකයින් එමති නෑ තමන්ගේ අතින් මරණීය දණ්ඩනය ලබා දෙන්න් නමුත් රටේ අනාගතය සදහා ඒ තීරන පාලකයින් ගන්න ඕනේ, එහෙම නැති නම් ඒ සදහා වෙනයම් හෝ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕනෙ ඒ ගේම් ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුව පාලකයින් හොදාකාරවම දන්නව නමුට් එයි ක්‍රියාත්මක කරන්න එයාල බයයි. හැමෝම දන්නව නේද ලංකාවේ කොල්ලො, කෙල්ලො, විතරක් නෙවේ වැඩිහිටි පුද්ගලයන්ද අසහනයකින් ඉන්නව හොදම උදාහරණය තමා google හරහ sex යනුවෙන් වැඩිම සෙවුම් කරල තියෙන්න් ලංකාවේ අයනේ ඉතින් ඒකෙන්ම තේරෙනව නේ ලංකාවේ මිනිස්සුන්ගේ මනසෙ වැඩකරන විදිහ. ඉතින් ඕය  වෙන්නත් ප්‍රධාන හේතුව පාලකයින් තමා. මොකද අවශ්‍ය දේ ට නීති සම්පාදනයවත් ක්‍රියාත්මක එන්නේ වත් නෑ, අනවශ්‍ය දේට ඕනවටත් වඩා නීති දාල තියනව. මම නම් හිතන්නේ පාලකයින් මේ සදහා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.

****සදෙව්මි දැරිය වෙනුවෙන් උකුසු ඇසේ අපි බලවත් ශෝකය ප්‍රකාශ කරනව****

ඔයාල හැකි තරම් මෙය share කරන්න. like කරන්න්..

Tuesday, May 19, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 26 වන කොටස.

Hi frieds. කොහොමද ඉතින්. මන් ඔන්න අද තව අලුත් මාතෘකාවක් අරගෙන ආවා. ජීවිතයට- බුද්ධිමත් පුද්ගලයා කිසිවිටකවත් කොලහාල, රන්ඩු වලට සහභාගී නොවේ. ඔහු නිශ්ශබ්දව ගැටලුව නිසි ආකාරව නිරාකරනය කරයි. එමෙන්ම බුද්ධිමතා තමන් බුද්ධිමත් යැයි පවසමින් නොසිටී. සමහරක් විට ඔහු නිශ්ශබ්ද පුද්ගලයෙක් විය හැකී. 


VI වන පරිච්චේදය 29 ව්‍යවස්ථාව

මේ ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය  ප්‍රතිපත්තිය පිළිබඳ මූලධර්ම සහ මූලික යුතුකම් විනිශච්යට භාජන කළ නොහැකි බව" යනුවෙනි. මෙයත් සමඟින් අපි කතා කරපු VI වන පරිච්ඡේදය අවසන් වෙනවා. අපි බලමු ආ.ක්‍ර.ව්‍ය. මෙය තියන විදිහ.

29. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතුකොටෙගන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවෙරන්නේ ය. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේ ය. තව ද, මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේ ය. එම විධිවිධානවලට අනනුකූලවීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ හෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැක්කේ ය. 
මේකෙන් කියන්නේ මේ පරිච්චේදය ඒ කියන්නේ VI වන පරිච්ඡේදයේ පවසා තිබෙන යම් යම් අයිතිවාසිකම්, යුතුකම් සදහා නීතිමය පියවර ගන්න බෑ කියලත්, ඒ සඳහා නීතියෙන් කිසිම බැදීමක් නැති බවත්, කිසිම අධිකරණයක හෝ විනිශ්චය සභාවක් මගින් ක්‍රියාත්මක කරගත් නොහැකි බවත් යනුවෙනි. ඔයාලට දැන් හිතෙනව ඇති. මොකටද මේවගේ පරිච්ඡේදයක්  ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියෙන්නේ කියල. මටත් ඒක ගැටලුවම් මන් හිතන්නේ නම් අර මුනිස්සුන්ව මුලා කරන්න නිර්මානය කරපු පරිච්ඡේදයක් කියල. මේවගේ අනවශ්‍ය වගන්ති නිසා ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ අනවශ්‍ය ලෙස වගන්ති වැඩි වෙලා තියනව. ඔය වගේ ඉදිරියෙදි අපිට තවත් වගන්ති හම්බුවෙයි නිකන් බොරුවට ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න ඕනවට ඇතුලත් කලාවගේ තියන ඒව. මේ ආ.ක්‍ර.ව්‍ය. එක් පුද්ගලයෙකුට, පුද්ගලයන් කන්ඩායමකට වැඩි වාසි වෙන විදිහට තමා හදල තියෙන්නේ. ඒ වගේම එක එක සoශෝධන වලින් ඒව තවත් එහෙ මෙහෙ කරල තියනව 19 වන සoශෝධනයෙන් සැලකිය යුතු වෙනසක් වුනා. ඒත් තම අහිතකර බලතල රාශියක් තියනව. මේ ආ.ක්‍ර.ව්‍ය. නිකන් සම්බෝලයක් වගේ වෙලා තියෙන්නෙ දැන් තියන හොදම වැඩේ තමා අපේ රටට ගැලපෙන වෙනත් රටවල් වලින් කඩාගත්තු කෑලි එකතු කරල හදන්නේ නැතිව රටේ තත්වයට ගැලපෙන අලුත් ම අලුත් ආ.ක්‍ර.ව්‍යවස්ථාවක් ගේන එක.. ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලුව. එතකොට තමා  රට හොද මාර්ගයකට යන්න පුලුවන් වෙන්නේ.

එහෙනම් අදට නියමිත මාතෘකාව අවසන්.. තවත් මාතෘකාවක් අරගෙන අලුත් දවසක මුණ ගැසෙමු. මතක තියාගන්න ඊලග මිනිත්තුව අර්තවත්ව ගත කර ඉතිහාසයට අලුත්, අර්තවත්, ආදර්ශමත් දෙයක් එකතු කරන්න.
ඔබට ජය!!

Wednesday, May 13, 2015

19 වන සංශෝධනය II

Hi friends, කොහොමද ඔයාලට? ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලට. ජීවිතයට- කවුරුත් කවදාවත් ඉගෙනගෙන අවසන් වෙන්නේ නෑ . මැරෙනකල් ඉගෙන ගන්නව. ඒ වගේම අධ්‍යාපනයෙන් ලබා ගන්න දැනුමට වඩා දැනුමක් ලැබැන්නේ අත්දැකීම් වලින්. අත්දැකීම් වලින් ලබාගන්න දැනුම ජීවිතයේ සාර්ථකත්වය කරා යන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනව.

හරි එහෙනම් අපි අද මාතෘකාව බලමු.
19 වන සoශෝධනයේ මොන මොන වගන්තිද එකතු වුනේ, සoශෝධනයට ලක් කලේ කියල කලින් ලිපියෙන් සඳහන් කරල තියනව. අපි ඒකේ පළමුවටම සoශෝධනයට භාජනය වුන වගන්තිය ගැනත් කතා කලා. බලපු නැති අය මෙතනින් යන්න >> අද අපි 30 වන ව්‍යවස්ථාව ගැන තමා සාකච්ඡා කරන්නේ. කලින් තිබ්බ 30 වන ව්‍යවස්ථාව ඉවත් කරල ඒ වෙනුවට පහතින් දක්වන ව්‍යවස්ථාව ආදේශ කරල තියනව. කලින් තිබූ  (19 වන සoශෝධනයට කලින්) ව්‍යවස්තාව අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" නැමැති ලිපි පෙලින් ඉදිරියට ඔබට ලබා දේ.

VII වන පරිච්ඡේදය 30 වන ව්‍යවස්ථාව.

30 වන වගන්තිය 19 වන සoශෝධනයට අනුව මූලික වෙලා තියෙන්නේ "ජනරජයේ ජනාධිපතිවරයා" යනුවෙනි
30. ජනරජයේ ජනාධිපතිවරයා,(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන් හී සේනාධිනායකයා ද වන්නේ ය. 
(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. 
මේකෙ වැඩි වෙනසක් නෑ, ධූර කාලය අවුරුද්දකින් අඩු වෙලා තියනව.
හරි එහෙනම් අදට අවසන්. 33 වන ව්‍යවස්ථාවත් අද ම දෙන්නම් කියල හිතුවට ඒකේ ගොඩාක් තියන නිසා අලුත් ලිපියකින් ම දෙන්නම්.
එහෙනම් අලුත් දවසක අලුත් ලිපියකින් ආයෙත් හමුවෙමු!!
ඔබට ජය!!

Saturday, May 9, 2015

19වන සoශෝධනය I

ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලව මුණගැසෙන්න....ජීවිතයට - "හැම වෙලේම අලුතින් හිතන්න, මොකද විනාඩියෙ විනාඩිය වෙනස් වෙන ජීවිතේ ඇයි අපි පරන විදිහට හිතන්නෙ. පහු වුනු විනාඩිය ගැන හිත හිතා ලතැවෙමින් ඊලග විනාඩියත් වැය කරන්න එපා. එතකොට ඔබගේ ඊලග් විනාඩිය ගැනත් පසු තැවෙන්න වෙනව. ඒක නිසා පහු වුනු වීනාඩිය ගැන ලතැවෙන්න, හිතන්න එපා. ඊලග විනාඩියේ මොකක්ද කරන්නේ මොකද වෙන්නෙ කියල හිතන්න. ඔබගෙන් පසු වන සෑම විනාඩියක්ම ඉතිහාසයට එකතු වෙනව. ඒක ගැන සිතල ඊලග විනාඩියි අර්ථවත් කරගන්න.."

අපි එහෙනම් අපේ මාතෘකාවට යමු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුකව ආරම්භ වුනු අලුත් ජාතික ආණ්ඩුවෙන් අලුත් වැඩක් පසුගිය දවස් වල මහජනතාවට දකින්න පුලුවන් වුනා. ඒ 19 වන ව්‍යවස්ථා සoශෝධනය. පාර්ලිමේන්තුව ඇතුලෙ අය කොච්චර කෑ ගැහුවට් අන්තිමේ එක්කෙනෙක් විතරක් විරුද්ධ වෙලා සoශෝධනය පර්ලිමේන්තුවෙ සම්මත වුනා. විධායක ධූරයේ බලතල ටිකක් අඩු කරල තියනව. අපි බලමු මොනවද අඩු කරපු බලතල මොනවද අලුතින් ගෙනාවෙ කියල අපි බලමු. අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ලිපි පෙලේ දැනට 19 වන සoශෝධනය හරහා වෙනස් කිරීමකට පත් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන වගන්තියයි. අපි ඒක ගැන මේ ලිපි පෙලින් ලබා දෙන්නම්.

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14,30,33,35,37,39,40,41,42,43,44,45,46,47,48,49,50,51,52,53,54,56,57,61, 62,65,70,78, 85,91,92, 99,103,104,107,109,111,112,123,124,129,134,151,153,154,155,156,170. මේ වගන්ති තමා සoශෝධනයට ලක් කරල තියෙන්නේ. අපි මේ ලිපියෙන් 14 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන සාකච්ඡා කරමු.

III වන පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව.
19වන සoශෝධනය ගේන්න කලින් 14වන වගන්තිය තිබුන විදිහ බලන්න මෙතනින් යන්න.  19වන සoශෝධනයට අනුව 14 (අ) ලෙස අලුත් කොටසක් එකතු කොට ඇත. ඒ අනුව 14 (අ) වන ව්‍යවස්තාව මුලික වී ඇත්තේ "තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම්" යනුවෙනි එය තවදුරටත් අනු ව්‍යවස්ථා මගින් පැහැදිලි කොට ඇත. ඒ මොන වගේ තොරතුරු ද ජනතාවට දැනගත හැකි වෙන්නේ, මොන වගේ තොරතුරු ද අපට දැනගැනීමට නොහැකි වෙන්නේ යනුවෙන්. අපි බලමු එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියන විදි
    "14 (අ) සෑම පුරවැසියෙකුටම -

    (1) රජයේ අමාත්‍යාශයක් හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටවුනු ලැබූ හෝ  ඇති කරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මන්ඩලයක්,

    (ආ) යම් පළාත් අමාත්‍යාශයක් හෝ පළාත් සභාවක ප්‍රඤප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරනු ලැබූ යම් දෙපාර්තමේන්තුවක් හෝ ව්‍යවස්ථාපිත මන්ඩලයක් ;

    (ඇ) යම් පළාත් පාලන ආයතනයක් සහ,

    (ඈ) වෙනත් යම් තැනැත්තෙකු,

    සතුව පවත්නා වු ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා  හෝ සුරක්ෂිත කිරීමෙහිලා  අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය.

    (2) ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩ තාවය හෝ  මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ පිනිස ද, විෂමාචාරය හෝ අපරාධ වැලැක්වීමේ පිනිස ද, සෞඛ්‍ය හෝ සදාචාරය තහවුරු කිරීමේ  පිනිස ද,  අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පිනිස ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පිනිස ද,  විශ්වාසය මත ලබාදෙන  ලද තොරතුරු හෙලිදරවු කිරීම වැලැක්වීම  පිනිස ද,  අධිකරණයේ අධිකාරී බලය හා අපක්ශපාතීව පවත්වාගෙන යාම පිනිස ද,  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වු නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිලිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.

    (3)  මේ ව්‍යවස්ථාවේ "පුරවැසියා" යන්නට, යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූ මන්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නො අඩු සoඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම් එවැනි මන්ඩලයක් ඇතුලත් වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය කියල අපිට ලබා දීල තියන අයිතිය තමා මේ වැඩි විස්තර කරල තියෙන්නේ ව්‍යවස්ථානුකූලව. අපිට රාජ්‍යයේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක, පළාත් අමාත්‍යාංශයක, පළාත් සභාවක, යම් තැනැත්තෙකු සතුව තියන ඇති තොරතුරු අපිට ලබා ගන්න පුලුවන්. ඒත් 2 වන අනු වගන්තියට අනුව  යම් යම් සීමා කිරීම් තියනව. ඒව වලට යටත් ව තමා අපිට තොරතුරු දැනගන්න පුලුවන් වෙන්නේ.. ඒත් තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත් වුන දවසෙ ඉදල තමා එය ක්‍රියාත්මක වන්නේ.

හරි එහෙනම් අද මාතෘකාව ඉවරයි. තවත් මාතෘකාවක් සමගින් තවත් ලිපියකින් මුණගැසෙමු.
ඔබට ජය!!!
"ජීවිතයේ වෙනසක් කරනවනම් එය අද සිදු කරන්න හෙට හොදින් ජීවත් වෙන්න නම්. හෙටට කල් නොදමන්න."

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 25

ඉතින් කොහොමද යාලුවනේ, ගොඩ දවසකින් ඔයාලට ලිපියක් ලබා දෙන්න බැරි වුනාට සමාවෙන්න. ඔන්න ම අද ලිපියක් අරගෙන ආව. ඉස්සරහට තව අලුත් මාතෘකා ටිකක් සාකච්ඡා කරන්න ආරම්භ කරනව, තව අලුත් ලිපි ටිකකුත් ලබාදීමට කටයුතු කරනව. එහෙනම් ගොඩ දවසකින් මාතෘකාවක් ඔයාලට දෙන්න යනකොට වඩිය වල් පල් කියවන්න ඔනෙ නෑ නේ. හරි එහෙනම් කියවගෙන යන්නකෝ..... 24 වන ලිපිය බලපු නැති අය මෙතනින් යන්න
VI වන පරිච්චේදය 28 ව්‍යවස්ථාව

දැන් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සoශෝදනයන් ඇවිත් නේ. පරිච්ඡේදයට 19 වන සoශෝදනයන් කිසිම බලපෑමක් නෑ. අපි මෙතෙක් සාකච්ඡා කරපු වගන්ති වලින් වෙනස් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව පමනයි. එය මන් වෙනම ම ලිපියකින් 19 යෙන් වෙනස් වුනෙ මොනවද කියල ඔයාලට දෙන්නම්.

පි අද සාකච්ඡා කරන 28 වන ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නෙ "මූලික යුතුකම්" යනුවෙනි. එය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට පවතී.
28. අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්තිවිඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
( අ)  ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය  කිරීම ද,  
(ආ)  ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද,  
(ඇ)  තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘදය සාක්ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම ද,  
(ඈ)  පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව කියා කිරීම ද,  
( ඉ)  සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම ද,   
( ඊ)  ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද,  
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය.
මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ එම වගන්තියි අර්ථ දක්වා ඇත. ඔයාලට තේරෙනව ඇති නේ මේක කියවනකොට ම. මේකේ තියෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යුතුක තමා මේ වගන්තියෙන් විස්තර කරල තියෙන්නෙ. මේක පළමු සැරේම කියවනකොට තේරෙනව. ඊලගට අපි බලන්න ඕනෙ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් අපට අයිතිවාසිකම් ටිකක් දීල තියනවනේ ඒව කඩ වුනාම ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියල. අපි ඒක අලුත් ලිපියකින් සාකච්ඡා කරමු.

එහෙනම් අලුත් දවසක් අලුත් ලිපියකින් හමු වෙමු.
"මතක තියාගන්න එක ගඟකට බැසිය හැක්කේ එක් පුද්ගලයෙකුට එක වතාවකට පමනක් බව. මොකද විනාඩියෙන් විනාඩිය ගඟේ ජලය අලුත් වෙනව වගේම මනුෂ්‍යයා ද විනාඩියෙන් විනාඩියට දවසින් දවස වෙනස් වන නිසා."

මන් ඉදිරියෙදී බලාපොරොත්තු වෙනව online පුස්තකාලයක් පවත්වාගෙන යන්න. මන් හිතනව දැනුම සොයන් ඔබ වගේ අයට එක ගොඩාක් වැදගත් වෙයි කියල. ඒ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් යටින් comment දාල මට කියන්න. තව ඔයාලගේ මොනවා හරි අදහස් තිබේ නම් ඒ වා ද comment හරහා ලබා දෙන්න. එහෙන ඊලග අලුත් වන විනාඩියේ අලුතින් සිතන්න අලුත් දෙයක් කරන්න. අපි අද වෙනස් කරමු හෙට හොදින් ජීවත් වෙන්න.
ඔබට ජය!!

Sunday, April 12, 2015

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

උදාවන්නා වූ සිoහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුට පිරි අලුත් ම අලුත් අවුරුද්දක් වෙන්න කියල මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබට මගෙන් පිරිනැමැන උණුසුම් සුබපැතුමයි මේ!!!! ඒ වගේම මෙයින් ආරම්බ වන ඔබලාගේ ජීවිතය අලුත් ආරම්භක සමගින් නව ප්‍රබෝධයකින් සතුට සපිරිව ගෙවීමට හැකියාව ලැබෙන්න ඕනේ!!!!!!

කුසීතයකු සේ සිය වසක් ජීවත්වනවාට වඩා උත්සාහවන්තව ගත කරන එක් දිනක ජීවිතය වුවද ශ්‍රේෂ්ඨය

ගෞතම බුදු රජානන් වහන්සේගේ මේ වදන ඔබගේ ජීවිතයට ඔසුවක් කරගන්න අනිවාර්යයෙන් ඔබට වැදගත් වේවි.

Saturday, April 4, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස IV

"කළ නොහැකිය යන්න මෝඩයන්ගේ ශබ්ද කොෂයේ පමණක් ඇති වචනයකි" ගොඩාක් අය මොකක් හරි දෙයක් කරන්න හදපු ගමන් කටේම තියෙන්නෙ බෑ, අමාරුයි, පුලුවන් වෙයිද, යන වචන ඉතින් එයාලට "නැපෝලියන් බොනපාට්" නැමැත්තාගේ මේ වැකිය ප්‍රයෝජනවත් වෙයි.මේ වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස IV


VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (13) වන අනු ව්‍යවස්ථාවේ සිට (15)වන අනු ව්‍යවස්ථාව දක්වා.

මේ අද අපි කතා කරන අනු ව්‍යවස්ථා 3නෙන් 27 වන ව්‍යවස්ථාව අවසන් වෙනවා. අපි බලමු මොකක්ද ඒකෙන් කියන්නෙ කියල

27.
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය. 
(14) ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය. 
(15) ජාතන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාතන්තර නීතිය සහ ගිවිස ගත් බැඳීම් කෙරහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද, ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.
මේකෙත් ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. මේකෙත් තියෙන්නේ රජය විසින් ඉටු කලයුතු යුතුකම් තමා.

එහෙනම් අපි තවත් අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!!


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම.  "තමාගේ ශ්‍රමය වෙහෙසවා උපයා ගන්නා ආහාරය තරම් උතුම් ආහාරයක් තවත් නැත." දැන් ගොඩාක් අය නිකන් ඉදල හම්බකරන්න නේ හදන්නේ. ඒක නිසා "මහම්මත් තුමාගේ" මේ වදන ඔයාලට දෙන්න හිතුවා. මේ වදනත් සමඟ අපි අලුත් මාසේ අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (4) වන අනු ව්‍යවස්ථාවේ සිට (12)වන අනු ව්‍යවස්ථාව දක්වා.
මේවගේ අපිට මුලින් හදුන්වන්න දෙයක් නෑ. අපි 24-I වන ලිපියෙන්  27 වන වගන්තිය ගැන මුලික හැදින්වීම කරලනේ තියෙනේ. ඒක බලපු නැති අය මෙතනින් >>> යන්න. මේ වගන්ති පහදාදීම මේ ලිපිය අවසානයේ බලන්න.
27.
(4) පරිපාලනය විමධගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවසථාවක ම ජනතාව සහභාගි කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේ ය.
(5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහෙයෝගය සහ අනොන විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය. 
(6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(7) ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපෙයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය. 
(8) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට රජය වගබලා ගත යුත්තේ ය. 
(9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට රජය සහාය විය යුත්තේ ය. 
(11) ආගමක් අදහන කවරකු හට වුව ද, සව්කීය ආගමික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අවශ ආර්ථික හා සමාජ පරිසරය රජය විසින් ඇති කළ යුත්තේ ය. 
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශෙයන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
හරි, මේකේ කියල තියන ඒවා ඕනම කෙනෙකුට කියවපුවාම තේරුම් ගන්න පුලුවන්. ඒක නිසා මන් ආයෙත් පැහැදිලි කිරිමක් කරන්න හැදුවත් ඔය ටික ම ආයේ type කරන්න තමා වෙන්නේ. මේකේ තියන ඒවා ඔක්කෝම රජය විසින් ඉටුකළ යුතු යුතුකම්. ඔයාලට මේ පරිච්ඡේදය අවසන් වෙනකොට තෙරෙයි මොකක්ද මේ කරල තියෙන්නෙ කියල.

එහෙනම් අපි ආයෙ අලුත් මාතෘකාවකින් මුනගැසෙමු.
එටතෙක් ඔබට ජය වේවා.



Thursday, March 26, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 - II

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. ඔන්න යාලුවනේ අද ඔයාලට තව අලුත් ලිපියක් අරගෙන ආවා. "ජීවිතයේ සාර්ථකත්වයට පදනම් වන්නේ ඤානාන්විතව කටයුතු කිරීමෙනි නැතහොත් පිටින් පේන දෙය දිහා පමනක් බලා කටයුතු කිරීමෙන් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකිය." මොන්ටේස්කියු නැමැති මහා දාර්ශනිකයාගේ මේ වදනත් සමඟ අපි අද අපේ සාකච්ඡාවට මුල පුරමු. කලින් ලිපියට >>>>>>>>>>>
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස II

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (2),(3) වන අනු ව්‍යවස්ථාවේ සිට.
27. 
2) මතු දැක්වෙන අරමුණ ද  ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය :-  
(අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා ලීම ;  
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම;  (ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද,  ජීවන තත්ත්වෙයහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංසකෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම ;  
(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝගවන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ ලෙස මුළු රට සංවර්ධනය කිරීම ;  
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම ;  
(ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරපසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම ;  
(උ) ජනතාවගේ සදාචාරෙයහිත්, සංසකෘතියෙහිත්, තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වෙයහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම; සහ  
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවසථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
(3) ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා දේශ පූර්ණත්වය ද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය.  
මේකේ වැඩි දෙයක් පැහැදිලි කරන්න නෑ, 2 වන අනු ව්‍යවස්ථාවෙහි  තියන දේවල් ඇති කිරීමට රජය කැපවෙනව කියල මුලින්ම කියල තියනව. ඒ කියන්නේ මේ අනු ව්‍යවස්ථාවෙහි සෑම දෙයක්ම ඉටු කිරීමට රජය කටයුතු කරන්න ඔනේ.. ඔයාලට මෙයිට වඩා වැඩි දෙයක් පැහැදිලි කරල දෙන්න ඔනේ නෑ මොකද වගන්ති කියවනකොට ඔනම කෙනෙක්ට තේරෙනව.

හරි එහෙනම් අදට අවසන් අපේ මාතෘකාව. තවත් දවසක මුණගැසෙනකල්
ඔබට ජය!!
ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.

Friday, March 20, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 - I

Hi friend,** මුලින්ම මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතියි.**  
"ජීවිතය කියන්නේ ඉපදුන දා සිට මරණය දක්වාම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්තරයකි. ඒ වගේම ඔයාල මතක තියාගන්න පිළිතුරක් නැමැති ගැටලුවක් නොමැත. සෑම ගැටලුවක්ම හටගන්නේ පිළිතුරක්ද පිට බැඳගෙනය. එය සොයාගැනීමට කටයුතු කරන්න. ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස "මහ කරුමයක්", "මේක මගේ කරුමෙ", "මගේ වෙලාව හොද නෑ", යන වචන කටින් පිට නොකොට ඔලුවේ අතගහගෙන ඉන්නේ නැතිව ඒ ප්‍රශ්නෙට පිළිතුරක් සොයන්න". මේ කරුක ඔයාලගේ ජීවිතේට වැදගත් වෙයි. හරි එහෙනම් අපි අද අපේ මාතෘකාව පැත්තට යමු. කලින් ලිපිය සදහා >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 වන කොටස I

VI වන පරිච්ඡේදය 27 වන ව්‍යවස්ථාව.

අද අපි තවත් අලුත් පරිච්ඡේදයකට ආවා මේ පරිච්ඡේදය මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්"යනුවෙනි. මේක අනු ව්‍යවස්ථා සාකච්ඡා කරනකොට ඔයාලට පැහැදිලිවෙයි. මේ පරිච්ඡේදය අනු ව්‍යවස්ථා 3 කින් සමන්විත වෙනවා ඒ 27,28,29 යන ව්‍යවස්ථා වේ. ඒ වගේම ඒ අනු ව්‍යවස්තාවලත් තවත් අනු කොටස් තියනව ඒක නිසා අපිට මේ පරිච්ඡේදයේ එක අනු ව්‍යවස්ථාවක් පමනක් ලිපි දෙකක් ඔස්සේ දෙපාරකට සාකච්ඡා කරන්න වෙනව. 27 වන අනු ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම." ලෙසටය අපි එහෙනම් ඒක බලමු. ඒකේ අනු ව්‍යවස්ථා 1ක් අපි අද සාකච්ඡා කරනව. මොකද 2වෙනි අනු ව්‍යවස්ථාවේ අනු කොටස් 8ක් තියනව ඒක එක ලිපියකින් සාකච්ඡා කරමු.
27. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම
(1) මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම, ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී ලංකාවේහි රාජනුශාසනෙයහි දී ද, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ ය.
මේ විදිහට තමා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඔයාලට මේක කියවපුවාම තේරෙනව අතිනේ. මේකේ කියන්නේ පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අමාත්‍ය මන්ඩලය ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදී සහ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ, රාජානුශාසනයේදී ගරුකොට සැලකිය යුතුය කියලා මේ ව්‍යවස්තාවෙන් කියල තියනවා.

හරි අදට එහෙනම් අපේ සාකච්ඡාව අවසන්. ඊලග කොටස ලඟදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය වේවා!!!