* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, May 9, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 25

ඉතින් කොහොමද යාලුවනේ, ගොඩ දවසකින් ඔයාලට ලිපියක් ලබා දෙන්න බැරි වුනාට සමාවෙන්න. ඔන්න ම අද ලිපියක් අරගෙන ආව. ඉස්සරහට තව අලුත් මාතෘකා ටිකක් සාකච්ඡා කරන්න ආරම්භ කරනව, තව අලුත් ලිපි ටිකකුත් ලබාදීමට කටයුතු කරනව. එහෙනම් ගොඩ දවසකින් මාතෘකාවක් ඔයාලට දෙන්න යනකොට වඩිය වල් පල් කියවන්න ඔනෙ නෑ නේ. හරි එහෙනම් කියවගෙන යන්නකෝ..... 24 වන ලිපිය බලපු නැති අය මෙතනින් යන්න
VI වන පරිච්චේදය 28 ව්‍යවස්ථාව

දැන් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සoශෝදනයන් ඇවිත් නේ. පරිච්ඡේදයට 19 වන සoශෝදනයන් කිසිම බලපෑමක් නෑ. අපි මෙතෙක් සාකච්ඡා කරපු වගන්ති වලින් වෙනස් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව පමනයි. එය මන් වෙනම ම ලිපියකින් 19 යෙන් වෙනස් වුනෙ මොනවද කියල ඔයාලට දෙන්නම්.

පි අද සාකච්ඡා කරන 28 වන ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නෙ "මූලික යුතුකම්" යනුවෙනි. එය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට පවතී.
28. අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්තිවිඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
( අ)  ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය  කිරීම ද,  
(ආ)  ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද,  
(ඇ)  තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘදය සාක්ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම ද,  
(ඈ)  පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව කියා කිරීම ද,  
( ඉ)  සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම ද,   
( ඊ)  ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද,  
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය.
මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ එම වගන්තියි අර්ථ දක්වා ඇත. ඔයාලට තේරෙනව ඇති නේ මේක කියවනකොට ම. මේකේ තියෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යුතුක තමා මේ වගන්තියෙන් විස්තර කරල තියෙන්නෙ. මේක පළමු සැරේම කියවනකොට තේරෙනව. ඊලගට අපි බලන්න ඕනෙ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් අපට අයිතිවාසිකම් ටිකක් දීල තියනවනේ ඒව කඩ වුනාම ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියල. අපි ඒක අලුත් ලිපියකින් සාකච්ඡා කරමු.

එහෙනම් අලුත් දවසක් අලුත් ලිපියකින් හමු වෙමු.
"මතක තියාගන්න එක ගඟකට බැසිය හැක්කේ එක් පුද්ගලයෙකුට එක වතාවකට පමනක් බව. මොකද විනාඩියෙන් විනාඩිය ගඟේ ජලය අලුත් වෙනව වගේම මනුෂ්‍යයා ද විනාඩියෙන් විනාඩියට දවසින් දවස වෙනස් වන නිසා."

මන් ඉදිරියෙදී බලාපොරොත්තු වෙනව online පුස්තකාලයක් පවත්වාගෙන යන්න. මන් හිතනව දැනුම සොයන් ඔබ වගේ අයට එක ගොඩාක් වැදගත් වෙයි කියල. ඒ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් යටින් comment දාල මට කියන්න. තව ඔයාලගේ මොනවා හරි අදහස් තිබේ නම් ඒ වා ද comment හරහා ලබා දෙන්න. එහෙන ඊලග අලුත් වන විනාඩියේ අලුතින් සිතන්න අලුත් දෙයක් කරන්න. අපි අද වෙනස් කරමු හෙට හොදින් ජීවත් වෙන්න.
ඔබට ජය!!

1 comment:

  1. aththatama godak watinawaa. godakma prayojanawath. thankz a lot

    ReplyDelete