* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *
Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

Tuesday, May 19, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 26 වන කොටස.

Hi frieds. කොහොමද ඉතින්. මන් ඔන්න අද තව අලුත් මාතෘකාවක් අරගෙන ආවා. ජීවිතයට- බුද්ධිමත් පුද්ගලයා කිසිවිටකවත් කොලහාල, රන්ඩු වලට සහභාගී නොවේ. ඔහු නිශ්ශබ්දව ගැටලුව නිසි ආකාරව නිරාකරනය කරයි. එමෙන්ම බුද්ධිමතා තමන් බුද්ධිමත් යැයි පවසමින් නොසිටී. සමහරක් විට ඔහු නිශ්ශබ්ද පුද්ගලයෙක් විය හැකී. 


VI වන පරිච්චේදය 29 ව්‍යවස්ථාව

මේ ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය  ප්‍රතිපත්තිය පිළිබඳ මූලධර්ම සහ මූලික යුතුකම් විනිශච්යට භාජන කළ නොහැකි බව" යනුවෙනි. මෙයත් සමඟින් අපි කතා කරපු VI වන පරිච්ඡේදය අවසන් වෙනවා. අපි බලමු ආ.ක්‍ර.ව්‍ය. මෙය තියන විදිහ.

29. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතුකොටෙගන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවෙරන්නේ ය. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේ ය. තව ද, මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේ ය. එම විධිවිධානවලට අනනුකූලවීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ හෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැක්කේ ය. 
මේකෙන් කියන්නේ මේ පරිච්චේදය ඒ කියන්නේ VI වන පරිච්ඡේදයේ පවසා තිබෙන යම් යම් අයිතිවාසිකම්, යුතුකම් සදහා නීතිමය පියවර ගන්න බෑ කියලත්, ඒ සඳහා නීතියෙන් කිසිම බැදීමක් නැති බවත්, කිසිම අධිකරණයක හෝ විනිශ්චය සභාවක් මගින් ක්‍රියාත්මක කරගත් නොහැකි බවත් යනුවෙනි. ඔයාලට දැන් හිතෙනව ඇති. මොකටද මේවගේ පරිච්ඡේදයක්  ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියෙන්නේ කියල. මටත් ඒක ගැටලුවම් මන් හිතන්නේ නම් අර මුනිස්සුන්ව මුලා කරන්න නිර්මානය කරපු පරිච්ඡේදයක් කියල. මේවගේ අනවශ්‍ය වගන්ති නිසා ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ අනවශ්‍ය ලෙස වගන්ති වැඩි වෙලා තියනව. ඔය වගේ ඉදිරියෙදි අපිට තවත් වගන්ති හම්බුවෙයි නිකන් බොරුවට ආ.ක්‍ර.ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න ඕනවට ඇතුලත් කලාවගේ තියන ඒව. මේ ආ.ක්‍ර.ව්‍ය. එක් පුද්ගලයෙකුට, පුද්ගලයන් කන්ඩායමකට වැඩි වාසි වෙන විදිහට තමා හදල තියෙන්නේ. ඒ වගේම එක එක සoශෝධන වලින් ඒව තවත් එහෙ මෙහෙ කරල තියනව 19 වන සoශෝධනයෙන් සැලකිය යුතු වෙනසක් වුනා. ඒත් තම අහිතකර බලතල රාශියක් තියනව. මේ ආ.ක්‍ර.ව්‍ය. නිකන් සම්බෝලයක් වගේ වෙලා තියෙන්නෙ දැන් තියන හොදම වැඩේ තමා අපේ රටට ගැලපෙන වෙනත් රටවල් වලින් කඩාගත්තු කෑලි එකතු කරල හදන්නේ නැතිව රටේ තත්වයට ගැලපෙන අලුත් ම අලුත් ආ.ක්‍ර.ව්‍යවස්ථාවක් ගේන එක.. ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලුව. එතකොට තමා  රට හොද මාර්ගයකට යන්න පුලුවන් වෙන්නේ.

එහෙනම් අදට නියමිත මාතෘකාව අවසන්.. තවත් මාතෘකාවක් අරගෙන අලුත් දවසක මුණ ගැසෙමු. මතක තියාගන්න ඊලග මිනිත්තුව අර්තවත්ව ගත කර ඉතිහාසයට අලුත්, අර්තවත්, ආදර්ශමත් දෙයක් එකතු කරන්න.
ඔබට ජය!!

Wednesday, May 13, 2015

19 වන සංශෝධනය II

Hi friends, කොහොමද ඔයාලට? ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලට. ජීවිතයට- කවුරුත් කවදාවත් ඉගෙනගෙන අවසන් වෙන්නේ නෑ . මැරෙනකල් ඉගෙන ගන්නව. ඒ වගේම අධ්‍යාපනයෙන් ලබා ගන්න දැනුමට වඩා දැනුමක් ලැබැන්නේ අත්දැකීම් වලින්. අත්දැකීම් වලින් ලබාගන්න දැනුම ජීවිතයේ සාර්ථකත්වය කරා යන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනව.

හරි එහෙනම් අපි අද මාතෘකාව බලමු.
19 වන සoශෝධනයේ මොන මොන වගන්තිද එකතු වුනේ, සoශෝධනයට ලක් කලේ කියල කලින් ලිපියෙන් සඳහන් කරල තියනව. අපි ඒකේ පළමුවටම සoශෝධනයට භාජනය වුන වගන්තිය ගැනත් කතා කලා. බලපු නැති අය මෙතනින් යන්න >> අද අපි 30 වන ව්‍යවස්ථාව ගැන තමා සාකච්ඡා කරන්නේ. කලින් තිබ්බ 30 වන ව්‍යවස්ථාව ඉවත් කරල ඒ වෙනුවට පහතින් දක්වන ව්‍යවස්ථාව ආදේශ කරල තියනව. කලින් තිබූ  (19 වන සoශෝධනයට කලින්) ව්‍යවස්තාව අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" නැමැති ලිපි පෙලින් ඉදිරියට ඔබට ලබා දේ.

VII වන පරිච්ඡේදය 30 වන ව්‍යවස්ථාව.

30 වන වගන්තිය 19 වන සoශෝධනයට අනුව මූලික වෙලා තියෙන්නේ "ජනරජයේ ජනාධිපතිවරයා" යනුවෙනි
30. ජනරජයේ ජනාධිපතිවරයා,(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන් හී සේනාධිනායකයා ද වන්නේ ය. 
(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. 
මේකෙ වැඩි වෙනසක් නෑ, ධූර කාලය අවුරුද්දකින් අඩු වෙලා තියනව.
හරි එහෙනම් අදට අවසන්. 33 වන ව්‍යවස්ථාවත් අද ම දෙන්නම් කියල හිතුවට ඒකේ ගොඩාක් තියන නිසා අලුත් ලිපියකින් ම දෙන්නම්.
එහෙනම් අලුත් දවසක අලුත් ලිපියකින් ආයෙත් හමුවෙමු!!
ඔබට ජය!!

Saturday, May 9, 2015

19වන සoශෝධනය I

ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ආව ඔයාලව මුණගැසෙන්න....ජීවිතයට - "හැම වෙලේම අලුතින් හිතන්න, මොකද විනාඩියෙ විනාඩිය වෙනස් වෙන ජීවිතේ ඇයි අපි පරන විදිහට හිතන්නෙ. පහු වුනු විනාඩිය ගැන හිත හිතා ලතැවෙමින් ඊලග විනාඩියත් වැය කරන්න එපා. එතකොට ඔබගේ ඊලග් විනාඩිය ගැනත් පසු තැවෙන්න වෙනව. ඒක නිසා පහු වුනු වීනාඩිය ගැන ලතැවෙන්න, හිතන්න එපා. ඊලග විනාඩියේ මොකක්ද කරන්නේ මොකද වෙන්නෙ කියල හිතන්න. ඔබගෙන් පසු වන සෑම විනාඩියක්ම ඉතිහාසයට එකතු වෙනව. ඒක ගැන සිතල ඊලග විනාඩියි අර්ථවත් කරගන්න.."

අපි එහෙනම් අපේ මාතෘකාවට යමු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුකව ආරම්භ වුනු අලුත් ජාතික ආණ්ඩුවෙන් අලුත් වැඩක් පසුගිය දවස් වල මහජනතාවට දකින්න පුලුවන් වුනා. ඒ 19 වන ව්‍යවස්ථා සoශෝධනය. පාර්ලිමේන්තුව ඇතුලෙ අය කොච්චර කෑ ගැහුවට් අන්තිමේ එක්කෙනෙක් විතරක් විරුද්ධ වෙලා සoශෝධනය පර්ලිමේන්තුවෙ සම්මත වුනා. විධායක ධූරයේ බලතල ටිකක් අඩු කරල තියනව. අපි බලමු මොනවද අඩු කරපු බලතල මොනවද අලුතින් ගෙනාවෙ කියල අපි බලමු. අපගේ "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ලිපි පෙලේ දැනට 19 වන සoශෝධනය හරහා වෙනස් කිරීමකට පත් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන වගන්තියයි. අපි ඒක ගැන මේ ලිපි පෙලින් ලබා දෙන්නම්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14,30,33,35,37,39,40,41,42,43,44,45,46,47,48,49,50,51,52,53,54,56,57,61, 62,65,70,78, 85,91,92, 99,103,104,107,109,111,112,123,124,129,134,151,153,154,155,156,170. මේ වගන්ති තමා සoශෝධනයට ලක් කරල තියෙන්නේ. අපි මේ ලිපියෙන් 14 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන සාකච්ඡා කරමු.

III වන පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව.
19වන සoශෝධනය ගේන්න කලින් 14වන වගන්තිය තිබුන විදිහ බලන්න මෙතනින් යන්න.  19වන සoශෝධනයට අනුව 14 (අ) ලෙස අලුත් කොටසක් එකතු කොට ඇත. ඒ අනුව 14 (අ) වන ව්‍යවස්තාව මුලික වී ඇත්තේ "තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම්" යනුවෙනි එය තවදුරටත් අනු ව්‍යවස්ථා මගින් පැහැදිලි කොට ඇත. ඒ මොන වගේ තොරතුරු ද ජනතාවට දැනගත හැකි වෙන්නේ, මොන වගේ තොරතුරු ද අපට දැනගැනීමට නොහැකි වෙන්නේ යනුවෙන්. අපි බලමු එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියන විදි
    "14 (අ) සෑම පුරවැසියෙකුටම -

    (1) රජයේ අමාත්‍යාශයක් හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටවුනු ලැබූ හෝ  ඇති කරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මන්ඩලයක්,

    (ආ) යම් පළාත් අමාත්‍යාශයක් හෝ පළාත් සභාවක ප්‍රඤප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරනු ලැබූ යම් දෙපාර්තමේන්තුවක් හෝ ව්‍යවස්ථාපිත මන්ඩලයක් ;

    (ඇ) යම් පළාත් පාලන ආයතනයක් සහ,

    (ඈ) වෙනත් යම් තැනැත්තෙකු,

    සතුව පවත්නා වු ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා  හෝ සුරක්ෂිත කිරීමෙහිලා  අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය.

    (2) ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩ තාවය හෝ  මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ පිනිස ද, විෂමාචාරය හෝ අපරාධ වැලැක්වීමේ පිනිස ද, සෞඛ්‍ය හෝ සදාචාරය තහවුරු කිරීමේ  පිනිස ද,  අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පිනිස ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පිනිස ද,  විශ්වාසය මත ලබාදෙන  ලද තොරතුරු හෙලිදරවු කිරීම වැලැක්වීම  පිනිස ද,  අධිකරණයේ අධිකාරී බලය හා අපක්ශපාතීව පවත්වාගෙන යාම පිනිස ද,  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වු නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිලිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.

    (3)  මේ ව්‍යවස්ථාවේ "පුරවැසියා" යන්නට, යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූ මන්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නො අඩු සoඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම් එවැනි මන්ඩලයක් ඇතුලත් වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය කියල අපිට ලබා දීල තියන අයිතිය තමා මේ වැඩි විස්තර කරල තියෙන්නේ ව්‍යවස්ථානුකූලව. අපිට රාජ්‍යයේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක, පළාත් අමාත්‍යාංශයක, පළාත් සභාවක, යම් තැනැත්තෙකු සතුව තියන ඇති තොරතුරු අපිට ලබා ගන්න පුලුවන්. ඒත් 2 වන අනු වගන්තියට අනුව  යම් යම් සීමා කිරීම් තියනව. ඒව වලට යටත් ව තමා අපිට තොරතුරු දැනගන්න පුලුවන් වෙන්නේ.. ඒත් තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත් වුන දවසෙ ඉදල තමා එය ක්‍රියාත්මක වන්නේ.

හරි එහෙනම් අද මාතෘකාව ඉවරයි. තවත් මාතෘකාවක් සමගින් තවත් ලිපියකින් මුණගැසෙමු.
ඔබට ජය!!!
"ජීවිතයේ වෙනසක් කරනවනම් එය අද සිදු කරන්න හෙට හොදින් ජීවත් වෙන්න නම්. හෙටට කල් නොදමන්න."

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 25

ඉතින් කොහොමද යාලුවනේ, ගොඩ දවසකින් ඔයාලට ලිපියක් ලබා දෙන්න බැරි වුනාට සමාවෙන්න. ඔන්න ම අද ලිපියක් අරගෙන ආව. ඉස්සරහට තව අලුත් මාතෘකා ටිකක් සාකච්ඡා කරන්න ආරම්භ කරනව, තව අලුත් ලිපි ටිකකුත් ලබාදීමට කටයුතු කරනව. එහෙනම් ගොඩ දවසකින් මාතෘකාවක් ඔයාලට දෙන්න යනකොට වඩිය වල් පල් කියවන්න ඔනෙ නෑ නේ. හරි එහෙනම් කියවගෙන යන්නකෝ..... 24 වන ලිපිය බලපු නැති අය මෙතනින් යන්න
VI වන පරිච්චේදය 28 ව්‍යවස්ථාව

දැන් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සoශෝදනයන් ඇවිත් නේ. පරිච්ඡේදයට 19 වන සoශෝදනයන් කිසිම බලපෑමක් නෑ. අපි මෙතෙක් සාකච්ඡා කරපු වගන්ති වලින් වෙනස් වෙන්නේ III වන පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව පමනයි. එය මන් වෙනම ම ලිපියකින් 19 යෙන් වෙනස් වුනෙ මොනවද කියල ඔයාලට දෙන්නම්.

අපි අද සාකච්ඡා කරන 28 වන ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නෙ "මූලික යුතුකම්" යනුවෙනි. එය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට පවතී.
28. අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්තිවිඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
( අ)  ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය  කිරීම ද,  
(ආ)  ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද,  
(ඇ)  තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘදය සාක්ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම ද,  
(ඈ)  පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව කියා කිරීම ද,  
( ඉ)  සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම ද,   
( ඊ)  ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද,  
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය.
මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ එම වගන්තියි අර්ථ දක්වා ඇත. ඔයාලට තේරෙනව ඇති නේ මේක කියවනකොට ම. මේකේ තියෙන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යුතුක තමා මේ වගන්තියෙන් විස්තර කරල තියෙන්නෙ. මේක පළමු සැරේම කියවනකොට තේරෙනව. ඊලගට අපි බලන්න ඕනෙ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් අපට අයිතිවාසිකම් ටිකක් දීල තියනවනේ ඒව කඩ වුනාම ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියල. අපි ඒක අලුත් ලිපියකින් සාකච්ඡා කරමු.

එහෙනම් අලුත් දවසක් අලුත් ලිපියකින් හමු වෙමු.
"මතක තියාගන්න එක ගඟකට බැසිය හැක්කේ එක් පුද්ගලයෙකුට එක වතාවකට පමනක් බව. මොකද විනාඩියෙන් විනාඩිය ගඟේ ජලය අලුත් වෙනව වගේම මනුෂ්‍යයා ද විනාඩියෙන් විනාඩියට දවසින් දවස වෙනස් වන නිසා."

මන් ඉදිරියෙදී බලාපොරොත්තු වෙනව online පුස්තකාලයක් පවත්වාගෙන යන්න. මන් හිතනව දැනුම සොයන් ඔබ වගේ අයට එක ගොඩාක් වැදගත් වෙයි කියල. ඒ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් යටින් comment දාල මට කියන්න. තව ඔයාලගේ මොනවා හරි අදහස් තිබේ නම් ඒ වා ද comment හරහා ලබා දෙන්න. එහෙන ඊලග අලුත් වන විනාඩියේ අලුතින් සිතන්න අලුත් දෙයක් කරන්න. අපි අද වෙනස් කරමු හෙට හොදින් ජීවත් වෙන්න.
ඔබට ජය!!

Saturday, April 4, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස IV

"කළ නොහැකිය යන්න මෝඩයන්ගේ ශබ්ද කොෂයේ පමණක් ඇති වචනයකි" ගොඩාක් අය මොකක් හරි දෙයක් කරන්න හදපු ගමන් කටේම තියෙන්නෙ බෑ, අමාරුයි, පුලුවන් වෙයිද, යන වචන ඉතින් එයාලට "නැපෝලියන් බොනපාට්" නැමැත්තාගේ මේ වැකිය ප්‍රයෝජනවත් වෙයි.මේ වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස IV


VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (13) වන අනු ව්‍යවස්ථාවේ සිට (15)වන අනු ව්‍යවස්ථාව දක්වා.

මේ අද අපි කතා කරන අනු ව්‍යවස්ථා 3නෙන් 27 වන ව්‍යවස්ථාව අවසන් වෙනවා. අපි බලමු මොකක්ද ඒකෙන් කියන්නෙ කියල

27.
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය. 
(14) ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය. 
(15) ජාතන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාතන්තර නීතිය සහ ගිවිස ගත් බැඳීම් කෙරහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද, ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.
මේකෙත් ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. මේකෙත් තියෙන්නේ රජය විසින් ඉටු කලයුතු යුතුකම් තමා.

එහෙනම් අපි තවත් අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!!


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම.  "තමාගේ ශ්‍රමය වෙහෙසවා උපයා ගන්නා ආහාරය තරම් උතුම් ආහාරයක් තවත් නැත." දැන් ගොඩාක් අය නිකන් ඉදල හම්බකරන්න නේ හදන්නේ. ඒක නිසා "මහම්මත් තුමාගේ" මේ වදන ඔයාලට දෙන්න හිතුවා. මේ වදනත් සමඟ අපි අලුත් මාසේ අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (4) වන අනු ව්‍යවස්ථාවේ සිට (12)වන අනු ව්‍යවස්ථාව දක්වා.
මේවගේ අපිට මුලින් හදුන්වන්න දෙයක් නෑ. අපි 24-I වන ලිපියෙන්  27 වන වගන්තිය ගැන මුලික හැදින්වීම කරලනේ තියෙනේ. ඒක බලපු නැති අය මෙතනින් >>> යන්න. මේ වගන්ති පහදාදීම මේ ලිපිය අවසානයේ බලන්න.
27.
(4) පරිපාලනය විමධගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවසථාවක ම ජනතාව සහභාගි කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේ ය.
(5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහෙයෝගය සහ අනොන විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය. 
(6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(7) ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපෙයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය. 
(8) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට රජය වගබලා ගත යුත්තේ ය. 
(9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට රජය සහාය විය යුත්තේ ය. 
(11) ආගමක් අදහන කවරකු හට වුව ද, සව්කීය ආගමික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අවශ ආර්ථික හා සමාජ පරිසරය රජය විසින් ඇති කළ යුත්තේ ය. 
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශෙයන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
හරි, මේකේ කියල තියන ඒවා ඕනම කෙනෙකුට කියවපුවාම තේරුම් ගන්න පුලුවන්. ඒක නිසා මන් ආයෙත් පැහැදිලි කිරිමක් කරන්න හැදුවත් ඔය ටික ම ආයේ type කරන්න තමා වෙන්නේ. මේකේ තියන ඒවා ඔක්කෝම රජය විසින් ඉටුකළ යුතු යුතුකම්. ඔයාලට මේ පරිච්ඡේදය අවසන් වෙනකොට තෙරෙයි මොකක්ද මේ කරල තියෙන්නෙ කියල.

එහෙනම් අපි ආයෙ අලුත් මාතෘකාවකින් මුනගැසෙමු.
එටතෙක් ඔබට ජය වේවා.



Thursday, March 26, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 - II

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. ඔන්න යාලුවනේ අද ඔයාලට තව අලුත් ලිපියක් අරගෙන ආවා. "ජීවිතයේ සාර්ථකත්වයට පදනම් වන්නේ ඤානාන්විතව කටයුතු කිරීමෙනි නැතහොත් පිටින් පේන දෙය දිහා පමනක් බලා කටයුතු කිරීමෙන් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකිය." මොන්ටේස්කියු නැමැති මහා දාර්ශනිකයාගේ මේ වදනත් සමඟ අපි අද අපේ සාකච්ඡාවට මුල පුරමු. කලින් ලිපියට >>>>>>>>>>>
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස II

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (2),(3) වන අනු ව්‍යවස්ථාවේ සිට.
27. 
2) මතු දැක්වෙන අරමුණ ද  ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය :-  
(අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා ලීම ;  
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම;  (ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද,  ජීවන තත්ත්වෙයහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංසකෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම ;  
(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝගවන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ ලෙස මුළු රට සංවර්ධනය කිරීම ;  
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම ;  
(ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරපසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම ;  
(උ) ජනතාවගේ සදාචාරෙයහිත්, සංසකෘතියෙහිත්, තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වෙයහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම; සහ  
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවසථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
(3) ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා දේශ පූර්ණත්වය ද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය.  
මේකේ වැඩි දෙයක් පැහැදිලි කරන්න නෑ, 2 වන අනු ව්‍යවස්ථාවෙහි  තියන දේවල් ඇති කිරීමට රජය කැපවෙනව කියල මුලින්ම කියල තියනව. ඒ කියන්නේ මේ අනු ව්‍යවස්ථාවෙහි සෑම දෙයක්ම ඉටු කිරීමට රජය කටයුතු කරන්න ඔනේ.. ඔයාලට මෙයිට වඩා වැඩි දෙයක් පැහැදිලි කරල දෙන්න ඔනේ නෑ මොකද වගන්ති කියවනකොට ඔනම කෙනෙක්ට තේරෙනව.

හරි එහෙනම් අදට අවසන් අපේ මාතෘකාව. තවත් දවසක මුණගැසෙනකල්
ඔබට ජය!!
ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.

Friday, March 20, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 - I

Hi friend,** මුලින්ම මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතියි.**  
"ජීවිතය කියන්නේ ඉපදුන දා සිට මරණය දක්වාම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්තරයකි. ඒ වගේම ඔයාල මතක තියාගන්න පිළිතුරක් නැමැති ගැටලුවක් නොමැත. සෑම ගැටලුවක්ම හටගන්නේ පිළිතුරක්ද පිට බැඳගෙනය. එය සොයාගැනීමට කටයුතු කරන්න. ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස "මහ කරුමයක්", "මේක මගේ කරුමෙ", "මගේ වෙලාව හොද නෑ", යන වචන කටින් පිට නොකොට ඔලුවේ අතගහගෙන ඉන්නේ නැතිව ඒ ප්‍රශ්නෙට පිළිතුරක් සොයන්න". මේ කරුක ඔයාලගේ ජීවිතේට වැදගත් වෙයි. හරි එහෙනම් අපි අද අපේ මාතෘකාව පැත්තට යමු. කලින් ලිපිය සදහා >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 වන කොටස I

VI වන පරිච්ඡේදය 27 වන ව්‍යවස්ථාව.

අද අපි තවත් අලුත් පරිච්ඡේදයකට ආවා මේ පරිච්ඡේදය මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්"යනුවෙනි. මේක අනු ව්‍යවස්ථා සාකච්ඡා කරනකොට ඔයාලට පැහැදිලිවෙයි. මේ පරිච්ඡේදය අනු ව්‍යවස්ථා 3 කින් සමන්විත වෙනවා ඒ 27,28,29 යන ව්‍යවස්ථා වේ. ඒ වගේම ඒ අනු ව්‍යවස්තාවලත් තවත් අනු කොටස් තියනව ඒක නිසා අපිට මේ පරිච්ඡේදයේ එක අනු ව්‍යවස්ථාවක් පමනක් ලිපි දෙකක් ඔස්සේ දෙපාරකට සාකච්ඡා කරන්න වෙනව. 27 වන අනු ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම." ලෙසටය අපි එහෙනම් ඒක බලමු. ඒකේ අනු ව්‍යවස්ථා 1ක් අපි අද සාකච්ඡා කරනව. මොකද 2වෙනි අනු ව්‍යවස්ථාවේ අනු කොටස් 8ක් තියනව ඒක එක ලිපියකින් සාකච්ඡා කරමු.
27. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම
(1) මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම, ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී ලංකාවේහි රාජනුශාසනෙයහි දී ද, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ ය.
මේ විදිහට තමා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඔයාලට මේක කියවපුවාම තේරෙනව අතිනේ. මේකේ කියන්නේ පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අමාත්‍ය මන්ඩලය ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදී සහ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ, රාජානුශාසනයේදී ගරුකොට සැලකිය යුතුය කියලා මේ ව්‍යවස්තාවෙන් කියල තියනවා.

හරි අදට එහෙනම් අපේ සාකච්ඡාව අවසන්. ඊලග කොටස ලඟදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය වේවා!!! 

Sunday, March 15, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22

Hi friend, කොහොමද ඔයගේ ජීවිතේ?? මන් තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාලා මුණගැසෙන්න ආවා ඔන්න. කලින් කිපිය බලපු නැති අය මෙතනින් යන්න>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වන කොටස.

අද අපි වගන්තියක් ගැන කතා කරන්නේ නෑ. අද අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව ඔයාලට ලබා දෙනවා.
මේක එච්චර වැදගත් වෙන්නේ නෑ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ගැන කතා කරනකොට මේකත් දීල ඉන්න එපෑයැ. ඒත් මට මේ ලිපිය මුලින්ම දෙන්න තිබ්බේ මට ඒක එච්චර ගානක් වුනේ නෑ මට ඒකට සමාවෙන්න. දැන් කමක් නෑ අපි බලමු පූර්විකාවෙ මොනවද සඳහන් වෙලා තියෙන්නෙ කියල.
සවසති
ශ්‍රී බුද්ධ වර්ෂෙයන් දෙදහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සටවක් නම් තිථීය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය සැත්තෑ හතක් වූ ජූලි මස විසි එක් වන ගුරු දින ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් නිදහෙසේ ප්‍රකාශ කොට දෙන ලද වරෙමන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, සම්මත කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ හෙයින් ද නියෝජන ප්‍රජාතන්තවාදය පිළිබඳ ස්ථීරසාර ජනරජ මූලධර්ම තහවුරු කරන්නාවූත් ශ්‍රී ලංකාවාසී ජනතාවෙග් මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන් ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා, ඒ වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දෙයන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයන් කෙරහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද හෙයින් ද : 

නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරහි අපගේ ඇති බැඳීම් නිහතමානෙයන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරන ආකාරෙයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදි වන ආකාරෙයන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරෙයන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරපසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාර 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ
උත්තරීතර නීතිය
ලෙස මේ
ආණ්ඩුක්‍රම ව්‍යවසථාව
මෙයින් සම්මත කොට
පනවම්හ. 
එහෙනම් අදට අවසන් තවත් මාතෘකාවකින් මුණගැසෙමු
ඔබට ජයවේවා!!

Wednesday, March 11, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21

හරි එහෙනම් අද තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. කලින් ලිපියට >>>>>. පලමු ලිපිය සඳහා >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වන කොටස.

 කලින් ලිපියෙන් සාකච්ඡා කල 25 වන ව්‍යවස්ථාවත් සමගින් IV පරිච්ඡේදය අවසන් වෙනවා අද මන් ඔයාලට අරන් ආවේ ඊළඟ පරිච්ඡේදය. හරි එහෙනම් අපි බලමු ඒ පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා.

V පරිච්ඡේදයේ 26 ව්‍යවස්ථාව.
මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "පුරවැසිභාවය" යනුවෙනි මෙහි එක ව්‍යවස්ථාවයි තිබෙන්නේ ඒකෙන් මේ පරිච්ඡේදයේ අරමුණ එහි අනු ව්‍යවස්ථා තුලින් තවදුරටත් පෙන්වාදී ඇත. 26 වන ව්‍යවස්ථාව මුලික වෙලා තියෙන්නේ "ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය" යනුවෙනි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත පරිදි සඳහන් වී ඇත,

26. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය
(1) “ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය” යනුවෙන්  හඳුන්වනු ලබන එකම පුරවැසි තත්ත්වයක් විය යුත්තේ ය. 

(2) ශ්‍රී ලංකාවේ පුරවැසියකුට, පුරවැසිභාවය හිමි වූයේ පරම්පරාවෙන් වුව ද, පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුව ද, ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා “ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්” යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ ය. 

(3) පුරවැසි තත්ත්වය අත්කර ගනු ලැබූ ආකාරය, එනම්, පරම්පරාවෙන් ද, නැතෙහොත් ලියාපදිංචි වීමෙන් ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුත්තේ ය.

(4) ශ්‍රී  ලංකාවේ කිසිම පුරවැසියකුට පුරවැසියකු වශෙයන් ඔහුගේ තත්ත්වය පුරවැසි පනෙත් 19 වැනි, 20 වැනි, 21 වැනි සහ 22 වැනි වගන්තිවල විධිවිධාන යටතේ සහ ඒ වගන්තිවල  විධිවිධාන ප්‍රකාර මිස අහිමි නො කළ යුත්තේ ය: 

එසේ වුව ද, පුරවැසි පනෙත් 11 වැනි, 12 වැනි හෝ 13 වැනි වගන්තිවල විධිවිධාන යටෙත් ලියාපදිංචි කරනු ලැබීමෙන් ශී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට හිමිකම් ලැබූ තැනැත්තකුට ඒ පනතේ 23 වැනි සහ 24 වැනි වගන්තිවල විධිවිධාන ද අදාළ වන්නේ ය. 

(5) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් පරම්පරාවෙන් නැතෙහොත් පුරවැසිභාවය පිළිබඳ යම් නීතියකට අනුකූලව ලියාපදිංචි වීමෙන් හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටි සෑම තැනැත්තකුට ම, මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් ඇති විධිවිධානවලින් විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට සහ ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන්නේ ය. 

(6) පුරවැසිභාවය හා සම්බන්ධ සියලු පවත්නා ලිඛිත නීති සහ පුරවැසිභාවය ගැන සඳහන් කරන වෙනත් සියලු පවත්නා ලිඛිත නීති මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් වූ විධිවිධානවලට යටත්ව තේරුම් ගත යුත්තේ ය."


සමස්ථයක් ලෙස ගත්තාම මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ වෙන්නේ, ලoකාවේ පුරවැසිභාවය ලබාගැනීම පරම්පරාවෙන් සිදු වුවත් ලියාපදිoචියෙන් ද ලංකාවේ පුරවැසිභාවය ලබාගත හැකිය. ඒ වගේම ඒ හා සම්බන්ද තවත් කරුණු වගන්තිය කියවපුවාම තේරෙනවා, ඒ වගේම ලංකාවේ පුරවැසියකුගේ තත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය වන බවත් ලියාපදිoචියෙන් හෝ  පරම්පරාවෙන් ලංකාවේ පුරවැසිභාවය හිමිවුන ද ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම් හැමෝටම සමව හිමිවෙනවා කියලා මේ ව්‍යවස්ථාවෙන් කියල තියනවා.

හරි එහෙනම් අදට තවත් මාතෘකාවක් අවසන්. තවත් දවසක තවත් මාතෘකාවක් අරගෙන ඔයාල මුණගැසෙන්න එන්නම්.
එතෙක් ඔබට ජය වේවා!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20

මේ දවස් වල මගේ time table එක පිරිලා, ඒක නිසා ලිපියක් ලියන්න කාලේ වෙන් කරගන්නේ බොහොම අමාරුවෙන්. මට සමාවෙන්න ඔනේ ලිපියක් ඔබ සතු කරන්න ප්‍රමාද වෙනවට. හරි එහෙනම් අද තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>. පලමු ලිපිය සඳහා >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වන කොටස.

IV පරිච්ඡේදයේ 25 ව්‍යවස්ථාව.
මේ ව්‍යවස්ථාව මුලික වෙලා තියෙන්නේ "මේ  පරිච්ඡේදයේ විධිවිධාන සලස්වා ඇති පරිදි භාෂා භාවිතය සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලැස්විය යුතු බව." යනුවෙනි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත පරිදි සඳහන් වී ඇත,

"25. මේ පරිච්ඡේදයෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි භාෂා භාවිතය සඳහා රජය ප්‍රමාණවත් පහසුකම් සැලැස්විය යුත්තේ ය."

ඒ කියන්නේ මේ පරිච්ඡේදයේ සඳහන් වන පරිදි භාෂා භාවිතය සම්බන්ධයෙන් රජය විසින් පූර්ණ පහසුකම් සලසන්න ඔනේ කියල මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනව. ඒමෙන් ම මේ ව්‍යවස්ථාවේ තව අනු ව්‍යවාථාවක් තියනව එය මූලික වෙලා තියෙන්නේ "මේ පරිච්ඡේදයට අනනුකූල වන යම් නීතියක ඇති විධිවිධාන ඉවත් කරන ලද සේ  සැලකිය යුතු බව" යනුවෙනි ඒ අනුව.

"25 (අ.) යම් නීතියක විධිවිධාන සහ මේ පරිච්ඡේදයේ විධිවිධාන අතර යම් අනනුකූලතාවක් ඇති වුවෙහොත්, මේ පරිච්ඡේදයේ විධිවිධාන බලපැවැත්විය යුතු ය."

මේකෙන් කියන්නේ යම් නීතියක් සමඟ මේ පරිච්චේදය අතර අසමානතාවයක් ඇති වුවහොත් මේ පරිච්ඡේදය වලoගු වෙනවා කියලා. මේ ව්‍යවස්ථාවත් සමගම මේ පරිච්ඡේදය අවසන් වෙනවා. මේ ලිපියෙන්ම ඒකත් කතා කලොත් පැටලෙනවනේ අපි අලුත් ලිපියකින්ම අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු.

එහෙනම් අදට ඉවරයි අපේ මාතෘකාව තවත් දවසක හමුවෙමු. ඉක්මනින්ම තවත් ලිපියක් අරන් එනවා
ඔබට ජය වේවා!!!

Saturday, March 7, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19

Hi යලුවනේ ඔයාලට කොහොමද?. "ජිවිතේ හරියට වලාකුලු වගේ සැහැල්ලු වෙන්නත් ඔනේ හැබැයි කලු වලාකුලු අහසට ආපුවාම සුදු වලාකුලු නැතිවෙනව වගේ වෙන්නත් බෑ. ඒක නිසා කලු වලාකුලු අතරින් සුදු වලාකුලක් වෙන්න උත්සාහා කරන්න." ඔන්න එහෙනම් නව සිතුවිලි පෙරදැරිව අලුත් මාසේ අලුත් ලිපියක් අරන් ඔයාලව මුණගැසෙන්න ආවා.. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන කොටස

IV පරිච්චේදය 24 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වී ඇත්තේ "අධිකරණෙය්  භාෂාව." යනුවෙනි. මෙහි අනු ව්‍යවස්ථා මගින් මෙම ව්‍යවස්ථාව තවදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ආකාරය පහත පරිදි දැක්විය හැකිය.

24. අධිකරණෙය්  භාෂාව
(1) ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණවල භාෂා සිංහල සහ දෙමළ භාෂා විය යුතු අතර, දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශෙයන් භාවිත කළ යුත්තේය. නඩු වාර්තාව සහ නඩු කටයුතු අධිකරණයේ භාෂාවෙන් විය යුතු ය. යම් අධිකරණයකින් අභියාචනයක් ඉදිරිපත් කරන අවස්ථාවක, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාව, අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ යම් අධිකරණයකින් ද, ඒ අධිකරණයේ භාෂාව නොවන වෙනත් භාෂාවක් වන විට, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා පිළියෙළ කළ යුතු ය: 

එසේ වුව ද, යම් අධිකරණයක නඩු වාර්තාව තබා ගැනීම ද, නඩු කටයුතු පවත්වා ගෙන යාම ද අධිකරණයේ භාෂාව නොවන භාෂාවකින් ද විය යුතු යැයි, අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇති ව විධාන කළ හැක්කේ ය.

(2) යම්කිසි පාර්ශවයක් හෝ අයදුම්කරුවකු විසින් නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තකු විසින්, නඩු කටයුතු ආරම්භ කිරීම ද, උත්තරවාද සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම ද, අධිකරණ කටයුතුවලට සහභාගි වීම ද, සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ කරනු ලැබිය  හැක්කේ ය. 

(3)  අධිකරණයක භාවිත වන භාෂාව නොදන්නා යම් කිසි විනිශච්යකාරවරයකුට, ජූරි සභිකයකුට, යම්කිසි පාර්ශවයකට  හෝ අයදුම්කරුවකුට නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය  ලබා ඇති  යම්කිසි තැනැත්තකුට එම අධිකරණයේ සිදුවන කටයුතු වටහා ගැනීමටත් ඒ කටයුතුවලට සහභාගි වීමටත් හැකිවන සේ  රජය විසින් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සපයනු ලබන භාෂණ පරිවර්තන සහ පරිවර්තන ලබා ගැනීමටත්, නඩු වාර්තාවකින් නීතිය අනුව ලබා ගැනීමට හිමිකම් ඇති කවර වූ හෝ කොටසක්  නැතෙහොත් එහි පරිවර්තනයක් එම භාෂාවෙන් ලබා ගැනීමටත් හිමිකම ඇත්තේ ය.

(4) අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව සියලු කාර්ය සඳහා නැතෙහොත් ඔහු විසින් නිශ්චය කොට දක්වන යම් යම් කාර්ය සඳහා නඩු වාර්තාවක හෝ නඩු කටයුත්තක දී නැතෙහොත් නඩු වාර්තාවක් හෝ නඩු  කටයුත්තක් සම්බන්ධෙයන් ඉංගීසි භාෂාව යම් අධිකරණයක භාවිත කිරීමට අවසර දෙමින් විධාන නිකුත් කරනු ලැබිය හැක්කේ ය. එවැනි විධාන කියාත්මක කිරීමට සෑම විනිශ්චයකාරවරයෙක් ම බැඳී සිටින්නේ ය. 

(5) මෙම ව්‍යවස්ථාවෙහි -  “අධිකරණය" යන්නෙන් කාර්මික සහ වෙනත් ආරාවුල් විනිශ්චය කිරීම හා නිරවුල් කිරීම ඇතුළුව යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ අධිකරණයක් හෝ විනිශචය අධිකාරයක් හෝ අධිකරණ කටයුතු නැතෙහොත් අර්ධ අධිකරණ කටයුතු ඉටු කරන වෙනත් කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් හෝ ආරවුල්  සමථයකට පත් කොට නිරවුල් කිරීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් අදහස් වේ. “විනිශ්චයකාරවරයා” යන්නට කවර වූ හෝ අධිකරණයක සභාපතිවරයා ද, මූලාසනාරූඪ නිලධරයා ද, සාමාජිකෙයක් ද ඇතුළත් වෙති.  “වාර්තාව” යන්නට උත්තරවාද, නඩු තීන්දු, ආඥා  සහ වෙනත් අධිකරණ හා විධායක කාර්යය ඇතුළත් වේ.

මේ විදිහට තමා ව්‍යවස්ථවේ තියෙන්නෙ. අපි ඕක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු එහෙනම්, මේ වගන්ති සමස්තයක් ලෙස අරගෙන පැහැදිලි කලොත් මේකේ කියන්නේ ලංකාවේ අධිකරණයේ භාෂාව උතුරු නැගෙනහිර දී දෙමළ භාෂාවෙන් ද (දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන ප්‍රදේශ) සෙසු ප්‍රදේශ වලදී සිoහලි භාවිතා කරනවලු නඩු කටයුතු පැවෙත්වීමේ ඉදලා සෑම කාර්යයක් ම ඒම භාෂා 2න් සිදු වෙනව. ඒ වගේම යම් අවස්ථාවක අධිකරණයේ භාෂාව සිoහල දෙමළ හැර වෙනත් භාෂාවකින් ක්‍රියාත්මක කිරීමට  අධිකරණයේ විෂයය භාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව පූර්ණ අයිතිය ඇත. යම් අධිකරණයක අභියාචනා ඉදිරිපත් කරන විට එම අධිකරනයේ භාෂා හැර වෙනත් භාෂාවක් යොදාගත් විට එම අභියාචනය විභාග කරන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා ඉදිරිපත් කල යුතුය... දැන පැහැදිලි ඇතිනේ. මේ ව්‍යවස්තා දහසය වන ව්‍යවස්තා සoශෝදනයෙන් බොහෝමයක් කරුන වෙනස් කරන තියනව මන් ඒවා එකින් එක පහලින් දක්වන්නම්,

1වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(1) වැනි වගන්තිය හරහා කලින් තිබූ 1 වන අනු ව්‍යස්ථාව වෙනුවට මෙය ආදේශ කොට ඇත.
2වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂා දෙකින් කවර භාෂාවකින් වුවද" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ" යන්න  ආදේශ කොට ඇත.
3වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (අ) වැනි වගන්තිය හරහා " උචිත ජාතික භාෂාවෙන්" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන්" යන්න  ආදේශ කොට ඇත. එමෙන්ම දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (ආ) වගන්තිය හරහා " ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුවද" යන්න වෙනුවට "එම භාෂාවෙන් " යන්න ආදේශ වී ඇත.
4වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂාවෙන් නොවන වෙනත් භාෂාවක් " වෙනුවට "ඉංගීසි භාෂාව" යන්න  ආදේශ කොට ඇත..

හරිනේ එහෙමන් අදට ඇති. තවත් දවසකින් හමුවෙමු.
******************************ඔබට ජයම ජය වේවා!!!******************************


Saturday, February 28, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18

ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ඔයාල මුණගැසෙන්න ආවා... කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>.
හරි අපි එහෙනම් අද මාතෘකාව මොකක්ද කියල බලමු.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වන කොටස.

IV පරිච්චේදය 23 ව්‍යවස්ථාව.

මෙම ව්‍යවස්ථාව දහසය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සoශෝදනයේ 3න් වන වගන්තිට අනුව කලින් පැවති 23 වැනි වගන්තිය ඉවත්කොට මෙම වගන්තිය ආදේශ කොට ඇත.
ඒ අනුව මෙම ව්‍යවස්ථාවේ මූලික වන්නේ "නීති පැනවීමේ  භාෂාව" ලෙසයි. අප රටේ නීති පැනවීමේදී භාවිතා වන භාෂාව ගැන වැඩිදුරටත් මෙම ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා තුලින්
පැහැදිලිකොට ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට සඳහන් වේ.

"23. නීති පැනවීමේ  භාෂාව
(1) සියලු ම නීති සහ අනු නීති පැනවීම නැතෙහොත් සෑදීම ද,  එකී  සියලු ම  නීති සහ අනු නීති පළ කිරීම ද, ඉංගීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකන් ම විය යුත්තේ ය:"

"එසේ වූව ද, ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවෙහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවසථාවේ දී තීරණය කළ යුතු ය :"

"එසේ ම තවදුරටත්, අනෙකුත් සියලු ලිඛිත නීති සහ අනුනීති සම්බන්ධයෙන් වන විට පාඨ අතර අනනුකූලතාවක් ඇති වුවෙහොත් ඒ ලිඛිත නීති හෝ අනුනීති පනවන ලද්දේ හෝ සම්මත කරන ලද්දේ හෝ සාදන ලද්දේ හෝ යම් භාෂාවකින් ද, ඒ භාෂාවෙන් වූ පාඨය බලපැවැත්විය යුතු ය." 

"(2) පළාත් සභාවක් විසින් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන හැර යම් ලිඛිත නීතියක් යටෙත් සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන සියලු ම නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන ද,  ගැසට් පත්‍රය ද, ඉංගීසි පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂාවලින් පළ කරනු ලැබිය යුත්තේ ය."

"(3) යම් ලිඛිත නීතියක් යටෙත්, යම් පළාත් සභාවක් විසින් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන සියලු ම නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන ද, එම පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනය හෝ යම් රජෙය් ආයතනයක් විසින් නිකුත් කරනු ලබන හෝ භාවිත කරනු ලබන චක්‍රලේඛන සහ ආකෘති ඇතුළු සියලු ලේඛන ද ඉංගීසි පරිවර්තනයක් ද ඇතිව එම පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනය හෝ රජයේ ආයතනය කියාත්මක වන එක් එක් ප්‍රදේශයේ  පරිපාලනෙය් දී භාවිත කරනු ලබන භාෂාවෙන් පළ කරනු ලැබිය යුත්තේ ය."

"(4) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියාත්මක වීම ආරම්භ වීමට පෙරාතුව බලාත්මක වූ සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පතෙයහි පළ කරනු ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාවෙන් කියන්නේ ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඇතුලුව සිoහල සහ දෙමළ ලංකාවේ නීති පැනවීමේ භාෂාව වන බවයි, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනය විසින් සාදන නීති ද ඒ ආකාරයටම තිබිය යුතු බවත්, සියලු ම නියම ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග, නිවේදන , ගැසට් පත්‍රය, යන සියල්ලම  ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඇතුලුව සිoහල සහ දෙමළන් දැක්විය යුතුය, මේ ව්‍යවස්ථාවේ ගොඩක් මට කියන්න දේවල් අඩුයි, මොකද කියවපුවාම තෙරුම් ගන්න පුලුවන්.

හරි එහෙනම් අදට අපේ මාතෘකාව අවසන්. එහෙනම් අලුත් දවසක අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!

Thursday, February 26, 2015

විධායක ජනාධිපති III

"නොකියන වචනයෙන් කිසිවෙකුට හානියක් සිදු නොවේ" මේ වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. අද කතා කරන්න යන්නේ විධායක ජනාධිපති පිලිබඳ ලිපි කිහිපයේ අවසාන ලිපිය අද අපි ඔයාලට ඉදිරිපත් කරනව. ඒ විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්තා සහ ඉවත් කිරීමේ ක්‍රමවේද ගැන මේ ලිපියෙන් කතා කරනවා.

විධායක ජනාධිපති 3 වන කොටස

අපි කලින් ලිපි වලදී විධායක ජනාධිපති ධූරය පිලිබඳ මූලික කරුණු සහ විධායක ජනාධිපතිගේ බලතල මොනවද කියලත කතා කලා (ඒ ලිපි බලපු ඇති අය, අදාල වචනය උඩින් clik කරන්න) විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්ථා කිහිපයක්ම ඇත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [38(1) ව්‍යවස්ථාවේ සඳහන් වේ.] ඒවා පහත ආකාරයට පෙන්වාදිය හැකිය.
  1. විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්ථා 
  2. ජනාධිපතිවරයා මිය ගියහොත් එවිට, 
  3. කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියක් මගින් ජනාධිපතිවරයා තම ධුරෙයන් අස් වුවෙහොත් එවිට, 
  4. ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තා තම ධුර කාලය ආරම්භ වූ දින සිට දවස් 14ක් ඇතුළත ධුරයේ වැඩ භාර ගැනීම හිතාමතා ම පැහැර හැරියෙහොත් එවිට,  
  5. ඒ වගේම ජනාධිපති නියමිත ආකාරයට පත් නොවු අවස්තාවන්හීදී,
යන අවස්ථාවන්හිදී ජනාධිපති දූරය පුරප්පාඩු වේ. ඒ වගේම ජනාධිපති වරයා ඉවත් කර හැකි එකම ක්‍රමවේදය දෝෂාභියෝගයයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2)වන උප වගන්තියේ සඳහන් වේ. දෝෂාභියෝගයක් මගින් ජනාධිපති ඉවත් කිරීමට හැකි අවස්ථා පහත ආකාරයට දැක්විය හැකිය. 
  • ජනාධිපතිවරයා මානසික හෝ ශාරීරික අබලතාවයකින් පෙලීම හේතුවෙන දූරයේ කාර්යයන් නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වීම.
  • චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. 
  • රාජ්‍යද්‍රෝහී වීම. 
  • අල්ලස සම්බන්ධ වැරදි. 
  • තම ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමචාරය හෝ දූෂණය හා සම්බන්ධ වැරදි. 
  • යම් නීතියක් යටෙත් චරිත දූෂණය හා සම්බන්ධ වැරදි.
යන ආවස්ථාවන්හීදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කල හැකිය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ජනාධිපතිට එරෙහි චෝදනා අන්තර්ගත ලියවිල්ලක් (ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිලිබඳ පරීක්ෂණයක් කොට සත්‍ය අසත්‍ය තාවය තිරනයකල ලිපියක්) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් ගනනින් 2/3කට නොඅඩු ව අත්සන් තබා ඇති විට හෝ. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් ගනනින්  1/2කකට නොඅඩු මන්ත්‍රීන් සoඛ්‍යාවක් විසින් අත්සන් කරන ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂා කොට වර්තා කිරීමට අවශ්‍ය වන බවට කථානායක විසින් භාරගැනීම මගින් ජනාධිපති ව ඉවත් කළ හැකිය...ජනාධිපති වරනය දවස් වල යම් පාර්ශවයක් පැවසුව නේද මහින්ද මහත්තයා ජනදිපති නොවුනොත් එයා දුරය අතරින්නේ නැතිව එයාට ඉතිරි ව තිබු නිළ කලයේ අවුරුදු 2ක ඉවර වෙනක්ල් ඉන්නව කියල, එයා එහෙම කලානම්
"චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම." යන චෝදනාවට අනුව එයාට දෝෂාභියෝගයක් ගෙනල්ලා එයාව දුරයෙන් අයින් කරන්න පුලුවන්.

ඔන්න අපි විධායක ජනාධිපති ගැන බොහෝමයක් කරුණු දන්නව බොහෝමයක් කිවුවට එයිටත් වඩා දන්නවා.. ඊලඟ ලිපියෙන් අපි අපේ රටේ බලතල කොහොමද බෙදිල තියෙන්නෙ කියන එක ගැන කතා කරනව.
එහෙනම් ඊලඟ ලිපියෙන් අපි මුණගැසෙමු.
ඔබට ජය!!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 II

"ජීවිතය යනු විශ්වාසවන්ත් භාවයයි " මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටයේ ඉතිරිය.

IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව (4) වන අනු ව්‍යවස්ථාවේ සිට.

කලින් ලිපියෙන් 22 ව්‍යවස්ථාවේ (1),(2),(3) , අනු ව්‍යවස්ථා ගැන සාකච්ඡා කළානේ. අද එතන ඉදල ඉතිරි ටික සාකච්ඡා කරමු. (4) වන අනු ව්‍යවස්තාවේ සිට (5), (6)  අනු ව්‍යවස්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය පහත දක්වා ඇත,

"(4) ස්වකීය කටයුතු සිංහල භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක්, තම නිල තත්ත්වෙයන් කියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් සිංහල භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට,  ඒ නිලධාරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් ලිපි කටයුතු කිරීමට හිමිකම තිබෙන අතර, ස්වකීය කටයුතු දෙමළ භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් තම නිල තත්ත්වෙයන්  කියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් දෙමළ භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය: 

 එසේ  වුව ද, පරිපාලන භාෂාව වශෙයන් වෙනස් භාෂාවක් භාවිත කරනු ලබන යම් ප්‍රදේශයක කටයුතු කරන වෙනත් යම් පළාත් සභාවකින් හෝ පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ලිපි ගනුදෙනු ලබන හෝ ඒවා හෝ එම නිලධරයා සමග වැඩ කටයුතු කරන යම් පළාත් සභාවකින්, පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ඉංගීසි භාෂාවෙන් ලිපි ගනුදෙනු ලබා ගැනීමට, නිවේදන හුවමාරු කර ගැනීමට සහ වැඩ කටයුතු කිරීමට හිමිකම ලැබිය යුතු ය.  


(5) රජයේ සේවයට, අධිකරණ සේවයට, පළාත්බද රජයේ සේවයට, පළාත් පාලන සේවයට හෝ රජයේ යම් ආයතනයකට තැනැත්තන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන යම් විභාගයක දී සිංහල හෝ දෙමළ හෝ තමන් තෝරා ගන්නා භාෂාවක හෝ මාධයකින් වුව ද පරීක්ෂා කරනු ලැබීමට යම් තැනැත්තකුට හිමිකම් ඇත්තේ ය. තව ද, තම ධුරයේ කාර්ය ඉටු කිරීම සඳහා සිංහල හෝ දෙමළ පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඒ තැනැත්තාට තිබීම සාධාරණව අවශ්‍යවන අවසථාවන්හි, එවැනි යම් සෙවයකට හෝ රජයේ යම් ආයතනයකට හෝ ඇතුළත් කර ගනු ලැබීමෙන් පසු සාධාරණ කාලයක් ඇතුළත එසේ අවස්ථාචෝචිත පරිදි  සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ පමාණවත් දැනීමක් ඔහු විසින් ලබා ගත යුතු යයි නියම කිරීමේ කොන්දේසියට එකී හිමිකම යටත් වන්නේ ය : 
එසේ වුව ද යම් තැනැත්තකු බඳවා ගනු ලබන ධුරෙයහි කිසිදු කර්තව්‍යක් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ පමාණවත් දැනීමක් ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථාවල දී, එවැනි යම් සේවයකට හෝ රජයේ යම් ආයතනයකට ඇතුළත් කර ගැනීමේ කොන්දේසියක් වශෙයන් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් යම් තැනැත්තකුට තිබිය යුතු යයි නියම කරනු ලැබිය හැක්කේ ය. 


(6) මෙම ව්‍යවස්ථාවෙහි -  “නිලධරයා” යන්නෙන් ජනාධිපතිවරයා, යම් අමාතවරෙයක්, නියෝජ අමාතවරෙයක්, ආණ්ඩුකාරවරෙයක්, ප්‍රධාන අමාතවරෙයක්, පළාත් අමාත මණ්ඩලෙය් අමාතවරෙයක් හෝ රජයේ ආයතනයක හෝ පළාත් පාලන  ආයතනයක හෝ පළාත් සභාවක යම් නිලධරෙයක් අදහස් වේ.

[“රජයේ ආයතනය” යන්නෙන්, ආණ්ඩුවේ දෙපාර්තෙම්න්තුවක් හෝ ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක්

හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් අදහස්  වේ.]"

හරි ඔන්න මේ ව්‍යවස්ථාව ඉවරයි, මන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්, 4 වන වගන්තියෙන් කියන්නේ යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක ස්වකීය කටයුතු සිoහල භාෂාව සිදු කරනවා නම් තම රාජකාරී කටයුතු කරන කවර හෝ නිළධාරියෙකුට සිoහල භාෂාවෙන් ලිපිගොනු බාරගැනීම, බාරදීම හා කටයුතු කිරීමට ඔහුට අයිතිය තියනව. ඒවගේම තමා යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක ස්වකීය කටයුතු දෙමළ භාෂාවෙන් සිදු කරනවාන්ම්. යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක පරිපාලන භාෂාව ලෙස වෙනත් භාෂාවක් භාවිතා කරයි නම් එහි නිලධාරින්ට තම රජකාරි කටයුතු කරන්න ඉoග්‍රිසි භාෂාව භාවිත කල හැකිය. කියල මේ වගන්තියෙ කියල තියනව.

5වන වගන්තියේ, රජයේ, අධිකරණ, පළාත්බද රජයේ, පළාත් පාලන, සේවයට හෝ රජයේ යම් ආයතනයකට පුද්ගලයන් ඇතුලත් කරගැනීමේදී තියන විභාගයකදී සිoහල හෝ දෙමළ හෝ තමන් තොරාගන්න භාෂාවක් හෝ මාධ්‍යයකින් පරීක්ෂනයට මුහුණදීමට එම පුද්ගලයාට අයිතිය තියනව. එත් ඒ ධූරයේ කටයුතු කරගෙන යාමේදී සිoහල හෝ දෙමළ භාෂාවන් වලින් ප්‍රමානවත් දැනුමක් අවශ්‍ය වන අවස්ථාවක සාධාරණ කාලයක් තුලදී ඒ අවශ්‍ය භාෂා දැනුම ලබා ගැනීමට නියමේ කොන්දේසියට හිමිකම් තියනවා. කියල කියනව.

6වන එක පැහැදිලි කරන්න ඔනේ නෑ නේ. ඔන්න අදින් තවත් ව්‍යවස්ථාවක් (වගන්තියක්) ඉවරයි.
තවත් අලුත් මාතෘකාවක් සමගින් මුණගැසෙමු.
ඔබට ජය!!!

Saturday, February 21, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17

"අපිලිවෙල වැදගත් නම් ඔබ එසේ කරන්න එහෙත් පිලිවෙලට බාදා නොකරන්න" මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටස.
IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව.

"පරිපාලන භාෂා" යනුවෙන් මේ වගන්තිය මුලික වේ ඇත. මෙය දහසය වන සoශෝදනයේ 3න් වන වගන්තිය මගින් කලින් තිබූ 22වෙනි ව්‍යවස්ථාව ඉවත් කොට මෙම වගන්තිය ආදේශකොට ඇත. පරිපාලන භාෂාව කියන්නේ රජ්‍ය පාලනය කරන භාෂාව ගැනයි, එය එහි අනුව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පැහැදිලි කොට ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"22.(1) සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේ ය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා  සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු ය;
එසේ වුව ද, උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ  සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරහි සැලකිල්ල ඇතිව, ජනාධිපතිවරයා විසින්, සිංහල සහ දෙමළ භාෂා දෙක ම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ  ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශෙයන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය. 
 

(2) තම නිල තත්ත්වයෙන් කියා කරන නිලධරයකු නොවන තැනැත්තකුට -   
( අ) දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර වූ හෝ භාෂාවකින් කවර  වූ හෝ නිලධරයකුගෙන් ඒ නිලධරයාගේ නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය;  
( ආ) යම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට නැතෙහොත් එවැනි ලේඛනයකින්, වාර්තාවකින්, ප්‍රකාශනයකින්  හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට ඔහුට ඇති අයිතිවාසිකම නීතියෙන් පිළිගනු ලබන්නේ නම්, අවස්ථාවෝචිත පරිදි එම ලේඛනෙයන්, වාර්තාවෙන්, ප්‍රකාශනයෙන් හෝ වෙනත් ලියවිල්ලෙන් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට නැතෙහොත් එම  ලේඛනයේ, වාර්තාවේ, ප්‍රකාශනයේ හෝ වෙනත් ලියවිල්ලේ පරිවර්තනයක් දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ය;  
( ඇ) ඒ තැනැත්තාට නිකුත් කරනු ලැබීමේ කාර්යය සඳහා යම් නිලධරයකු විසින් යම් ලියවිල්ලක් ලියා අත්සන් කරනු ලබන අවසථාවක ඒ ලියවිල්ල හෝ ඒ ලියවිල්ලේ  පරිවර්තනයක් හෝ දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම ඇත්තේ ය.
 

(3) පරිපාලන භාෂාව වශෙයන් දෙමළ භාෂාව භාවිතා කරනු ලබන යම් පප්‍රදේශයක, ස්වකීය නිල තත්ත්වයන් ක්‍රියා කරන නිලධරයකු නොවන යම් තැනැත්තකු මේ  ව්‍යවස්ථාවේ  (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් අයිතිවාසිකම්  සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් කියාත්මක කරවා ගැනීමට සහ ලබා ගැනීමට හිමිකම් ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාව (වගන්තිය) ඉවර නෑ තව අනුව්‍යවස්ථා 3ක් තියනව, එවත් මේ ලිපියෙන්ම කියන්න ගියොත් කට්ටිය කැරකි කැරකි ඉදි ඒක නිසා එක ඊලඟ ලිපියෙන් දෙන්නම්. මේකේ තියන හැම එකක්ම පැහැදිලි කරන්න ගියොත් ඉතින් හෙන අමාරු වැඩක්, එත් ඉතින් අමාරුයි කියන තරමට ලේසීයි කියල හිතාගෙන අමාරු තැන් පැහැදිලි කරල දෙන්නම්,
පළවෙනි එක නම් අවුලක් නෑනේ.
**2වනි අනු ව්‍යවස්ථාවේ *(අ) කොටසේ කියන්නේ යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ඔහුගේ රජකාරී ලිපි ගනුදෙනු භාරගැනීමට සහ යැවීමට දෙමළ සහ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් කටයුතු කරගැනීමට ඇයිතිය තියනව කියල.
*(ආ) කොටසින් කියන්නේ, යම්කිසි පුද්ගලයකුට යම් නිළ ලේඛනයක හෝ වාර්තාවක පිටපතක් ලබාගැනීමට ඒ පුද්ගලයාට නීතියෙන් අයිතිවාසිකම් ලබාදී ඇති අවස්තාවක ඒ පුද්ගලයාට එහි පිටපතක් හෝ එහි සිoහල හෝ දෙමළ භාෂා පරිවර්තනක් ලබාගැනීමට අයිතිය තියනව.
(ඇ) කොටසින් කියන්නේ,  යම්කිසි තැනැත්තෙකුට කිරීමට ඇති කාර්යය සඳහා යම් නිලධාරියෙකු විසින් අත්සන්කොට ලබාදෙන ලිපියක දෙමළ හෝ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් උවද පරිවර්තනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය.
**3වන අනු ව්‍යවස්ථාවේ කියල තියෙන්නේ, යම්කිසි පරිපාලන දිස්ත්‍රික්කයක භාෂාව දෙමළ වෙනව නම් රාජකාරි කටයුතු නොකරන නිළධාරියෙකු නොවන පුද්ගලයෙකුට ද මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල තියන අයිතිවාසිකම් සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට අයිතිය තියනවා කියල කියනවා.

අද ඉතා දිග වගන්තියක් හම්බ වුනේ මේ වගන්තියේ ඉතිරි කොටසත් සමගින් අයේ අපි මුණගැසෙමු.
ඔබට ජය !!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16

රටක උත්තරීත්තර ම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි. ඉතින් රටක ජීවත් වෙනකොට ඒක සාමාන්‍යයෙන් හෝ දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක නිසා මන් ඔයාලට අද තවත් ලිපියක් අරගෙන ආවා... කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16 වන කොටස.

IV පරිච්චේදය 20 ව්‍යවස්ථාව.

IV වන පරිච්ඡේදයේ සඳහන් වුනේ භාෂාව පිලිබඳවනේ බැලුවෙ නැති අය ගිහින් බලන්නකො ඉහත  link එකෙන්. ඉතින් IV වන පරිච්ඡේදයේ 20 ව්‍යවස්ථාව මුලික වී ඇත්තේ "පාර්ලිමේන්තුවෙහි, පළාත් සභාවල  සහ පළාත් පාලන ආයතනවල ජාතික භාෂා භාවිතය." යනුවෙනි, මෙම වගන්තිය දහසය වන සoශෝදනය හරහා ස්ථාපිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

"20. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකුට හෝ පළාත් පාලන ආයතනයක සභිකයකුට පිළිවෙළින් පාර්ලිමේන්තුවේ හෝ ඒ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද තමාගේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට හිමිකම ඇත්තේය."

ලෙසින් දක්වා ඇත. මේ වගන්තියෙන කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ  පළාත් පාලන ආයතනයක සභිකයකුට හෝ තමන්ගේ කාර්‍යයන් පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකෙන් (සිoහල සහ දෙමළ) ඕනම භාෂාවකින් කටයුතු කල හැකි වෙනව කියල තමා මේ වගන්තියෙන් කියන්නේ. දහසය වන සoශෝදනයෙන් "පළාත් පාලන ආයතනයක සභිකයකුට" යන වචනය ආදේශ කර ඇත. අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු.

IV පරිච්චේදය 21 ව්‍යවස්ථාව.

මේ  ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වී ඇත්තේ, "ඉගැන් වීමේ මාධ්‍යය" ලෙසයි. රටේ පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමට හැකි භාෂාවන් ගැන මේ වගන්තියේ අනු ව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

"21. (1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකන් කවර මාධයකින් වුව ද අධාපනය ලැබීමට හිමිකම ඇත්තේය: එසේ වුව ද, ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන් වීමේ භාෂා මාධ්‍යය වන උසස් අධාපන ආයතනයකට මෙම අනුවවස්ථාවේ  විධිවිධාන අදාළ නොවන්නේ ය.  
 (2) රජය විසින් කෙළින් ම හෝ අන්‍යාකාරයකින් හෝ මුදල් සපයනු ලබන යම් විශ්ව විද්‍යාලයක යම් පාඨමාලාවක් සඳහා නැතෙහොත් යම් අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය එක් ජාතික භාෂාවක් වන අවස්ථාවක එම විශ්වවිදාලයට ඇතුළත් වීමට කලින් අනෙක් ජාතික භාෂා මාධ්‍යයන් අධාපනය ලබා ඇති ශිෂයන් වෙනුවෙන් එකී අනෙක් ජාතික භාෂාව ද එකී පාඨමාලාව සඳහා නැතෙහොත් එකී අංශෙයහි හෝ පීඨයෙහි ඉගැන්වීමේ  මාධයක් කළ යුත්තේ ය:  

එසේ වුව ද, එකී විශ්ව විදාලෙය් වෙනත් යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන වෙනත් යම් විශ්වවිදාලයක යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන පාඨමාලාවක් සඳහා නැතහොත් ඒ හා සමාන අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය  ඉහත කී අනෙක් ජාතික භාෂාව වන්නේ නම් මෙම අනුවවස්ථාවේ මෙයට ඉහතින් වූ විධිවිධාන අනුව කියා කිරීමට බැඳීමක් නොවන්නේ ය. 
 (3) මෙම ව්‍යවස්ථාවෙහි “විශවවිද්‍යාලය” යන්නට කවර වූ හෝ උසස් අධාපන ආයතනයක් ඇතුළත් වේ."
 

2වෙනි අනුව්‍යවස්ථාව පොඩ්ඩක් විතර පැහැදිලි මදි ඇති. ඒකෙන් කියන්නේ, රජය විසින් කෙලින්ම හරි වෙනත් කුමන ආකාරයකින් හරි පවත්වාගෙන යන යම් විශ්වවිදාලයක හෝ පීඨයක යම් පාඨමාලාවක් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය එක් ජාතික භාෂාවකින් පමනක් වන්නේ නම් යම් කිසි ශිෂ්‍යයෙක් අනෙක් එම පාඨමාලාව සඳහා ඇතුලත් වීමට පෙර අනෙක් භාෂාව අධ්‍යයනය කොට ඇති නම් ඒම ශිෂ්‍යයාට ඒ භාෂාවෙන් එම පාඨමාලාවේ මාධ්‍යයක් කල යුතුය කියල. කියල තියනව අපි උදාහරණයක් බලමු,

උදා- ඔන්න කිලිනොච්චියෙ ඉදල දෙමළ කෙල්ලෙක් පේරාදෙනිය විශ්වවිදාලයට එනව මොකක් හරි පාඨමාලාවක් හදාරන්න, හැබැයි ඒ පාඨමාලාව උගන්වන්නේ සිoහල භාෂාවෙන් විතරයි, එයා කලින් ඉගෙනගෙන තියෙන්නෙ දෙමළ භාෂාව විතරයි. ඒක නිසා දෙමළ භාෂාවත් ඒ පාඨමාලාවේ මාධ්‍ය භාෂාවක් බවට පත් කරන්න අයිතිය තියනව.

ඔක තමා කියන්නේ 2වන අනුව්‍යවස්ථාවෙන්..
පළමු ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>>

එහෙනම් අදට අපේ සාකච්ඡාව අවසන්. තවත් දවසක අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!

Monday, February 16, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15

Hi Friends, කොහොමද ජීවිතේ? ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15 වන කොටස

අද අපිට අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මන්ද ඒ III වන පරිච්චේදය 17ත් වන වගන්තියෙන් අවසන් වන බැවින් ය.

IV පරිච්චේදය 18 ව්‍යවස්ථාව.

මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "භාෂාව" යනුවෙනි. එහි 18 වන ව්‍යවස්ථාව මූලිකවී ඇත්තේ "රාජ්‍ය භාෂාව" ලෙසටය. එය එම වගන්තිය අනු ව්‍යවස්ථා මගින් තවදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"18. [(1)] ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය.
[(2)  දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.               
 (3)  ඉංගීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේ ය.               
 (4)  මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැලැස්විය යුතු ය.]"


ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන බවත්, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වන බවත් ඉංගීසි භාෂාව සමූහ භාෂාවක් වන බවත් එම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කලයුතු බවත් මේ වගන්තියේ සඳහන් වෙනවා.

මේ වගන්තිය ඉවරයි අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු,

IV පරිච්චේදය 19 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වන්නේ "ජාතික භාෂා" යනුවෙනි, ඒ කියන්නේ අපේ රටේ ඉන්න ජාතින් භාවිතා කරන භාෂාවන් ගැන වඩිඩුරටත් මේ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් දක්වා ඇත. මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකරයට දක්වයි,

"19. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය."

මේ වගන්තිය නම් ඉතින් තෙරුම්ගන්න පුලුවන්නේ. එහෙනම්, අපේ සාකච්ඡා අදට ඉවරයි..
අපි එහෙනම් 16 වන කොටසින් මුණගැසෙමු..
මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!