* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, February 3, 2015

අධිකරණ පද්ධතිය

ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය
 නීතිය 1 වන කොටස

ඔන්න මන් අද ඉදල මගේ පාඨකයන්ට නීතිය ගැන සාමන්‍ය වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමට මගේ blog අඩවියතුලින් ලිපි පල කිරීමට ආරම්භ කරනව.

නීතිය හැමෝම වගේ දැනගෙන ඉන්න ඔනේ, මොකද රටක ජීවත් වෙනකොට ඒ රටේ නීතියට පක්ශපාතී වෙන්න නම් අපි නීතිය ගැන දෙනගෙන ඉන්න ඔනෙනේ. නීතිය නොදැන සිටීම සමාවට කරුනක් නෙවේ. මේ ජනවාරි 8 වෙනිදට කලින් නම් මේ මතෘකාව බල්ලට ගිහිල්ල තිබ්බෙ. දැන් ඉතින් කිසි බයක් නැතිව නීතිය ගැන කතා කරන්න පුලුවන් නීතියේ දැන් පොඩ්ඩ පොඩ්ඩ පනගහල එන ලකුණු පෙනවා. ඉතින් එක නිසා අපි නීතිය ගැන දැනගන්නම එපැයැ. දැන් නීතියට ඉහලින් කිසි කෙනෙක්ට යා නොහැක. කලින් නම් නිතියට ඉහලින් සමහරක් පලකයො හිටිය ඒ පාලකයො නීතිය බාවිතා කරලා පහල සිටින සමාන්‍ය ජනතව තාඩන පීඩන වලට ලක් කරමින් සිටියා.

නීතිය ගැන කතා කිරීමේදී අධිකරණ පද්ධතිය සහ එවගේ ක්‍රියාකරීත්වය ගැන දැනගැනීම අත්‍යවශ්‍ය වේ. පාර්ලිමේන්තුව විසින් හදන නීති ක්‍රියාත්මක කරන්නේ පොලිසිය විසිනි. එම නීති විනිශ්චය කරන්නේ අධිකරණය තුලිනි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම පිළිබඳව මුලික අයිතිය ඇත. හරි අපි දැන් බලමු ශ්‍රීලංකාවේ අධිකරණ තේරාවලිය හෙවත් අනුපිළිවෙළ.

1. මුලින්ම කියන්න පුලුවන් නැතහොත් අධිකරණ පද්ධතියේ ඉහලතම අධිකරණය වන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයයි(supreme court). ජනරජයේ උත්තරීත්තරම උසාවියයි. මෙම උසාවිය කොළඔ පමනක් පවතී
2. ගරු අභියාචනාධිකරණය(court of appeal) - මෙහිදී මහාධිකරණයේන් පැමිනෙන අභියාචනා නඩු මෙය තුල විභාග කරයි. මෙය ද කොළඔ පමනක් පවතී.
(මෙම 1,2 යන අධිකරණ උපරිමාධිකරන ලෙස හදුන්වයි, එමෙන්ම මෙහි අභියාචනා නඩු විභාග කරයි.)
3. පලාත්බද මහාධිකරණය (provincial high court)
4.  සිවිල් අභියාචනාධිකරණය(civil appellate court)
5.  වානිජ මහාධිකරණය(commercial high court) මෙය ද කොළඔ පමනක් පවතී.
6. මහාධිකරණ(high court)
7. දිසා අධිකරණ(district court)
8.  මහේස්ත්‍රාත් අධිකරණ (magistrate court) බහුල ව්‍යාප්තිය සහිත අධිකරණ මෙයයි.
9. ප්‍රථමික අධිකරණ ( primary court) මෙය ලoකාවේ පහලතම අධිකරනයයි. මෙය ප්‍රායෝගිකව දක්නට නොමැත.

මේ විදිහට ලංකාවේ අධිකරණ පද්ධතිය අනුපිළිවෙළට සකස් කොට දැක්විය හැකිය. අප ගරු අගවිනිසුරු තුමා රටේ අධිකරණයේ ප්‍රධානියා වේ. ලංකාවේ බිහිවු පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියත් අග විනිසුරුවරියත් වුයේ ගරු ශිරානි බන්ඩාරනායක මැතිනියයි. වර්තමානයේ ගරු  ශ්‍රී පවන්  මැති තුමාය. 


අදට ඇති එහෙනම්, ඊලඟ ලිපියෙන් අපි මේ අද කතා කරපු අධිකරණ පද්ධතිය එක් එක් අධිකරණයන්හී ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කරමු.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!

ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment