* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Monday, February 9, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12

ඔන්න අපි අද ජයග්‍රාහී 12වන කොටස ඔයාල වෙත ගෙන ආවා. මුලින් මගේ ලිපි කියවන පාඨක හැමෝටම ස්තුතිවන්ත වන්ත වෙනව
කලින් ලිපිය බලපු නැති අය මෙතනින් බලන්න. අපේ මුල් ලිපිය බලන්න මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 වන කොටස.
III පරිච්ඡේදය 15 වන ව්‍යවස්ථාව
මේ  ව්‍යවස්ථාව (වගන්තිය) මුලික වී ඇත්තේ "මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා." ඒ කියන්නේ අපිට දීල තියන මූලික අයිතිවාසිකම් වලට තිබෙන සීමා මායිම් මොනවාද කියල මේ වගන්තියේ අනු ව්‍යවස්ථා වලින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
එම වගන්තිය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරය පහත ආකාරයට දැක්විය හැකිය,

"15. මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා
(1) 13 වැනි ව්‍යවස්ථාවේ  (5) වැනි සහ (6) වැනි අනුවවස්ථාවලින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය.  මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලෙයේ අදාළ වන නීතිය යටෙත් සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය.  
 

(2) 14 වැනි ව්‍යවස්ථාවේ  (1) වැනි අනුව්‍යවස්ථාවේ  (අ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද,  ක්‍රි යාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය.
 

(3) 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ආ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය.  
 

(4) 14 වැනි  ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඇ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(5)14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (උ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා හෝ -  ( අ)  යම් වෘත්තියක යෙදී සිටීමට හෝ යම් රැකියාවක්, කර්මාන්තයක්, වෙළඳ ව්‍යාපාරයක් හෝ ව්‍යවසායක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෘත්තීය, කාර්මික, අධාපනික, මුල්‍ය සහ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් සහ එම මූලික අයිතිවාසිකමට හිමිකම් ලබන තැනැත්තන්ට බලපත දීම සහ ඒ තැනැත්තන් විෂයයෙහි විනය පාලනය සම්බන්ධයෙන්;  සහ 
 ( ආ) රජය විසින් හෝ රාජ්‍ය නියෝජිත ආයතනයක් විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ යම් කර්මාන්තයක්, වෙළඳ වාපාරයක්, කාර්මික වාපාරයක්, සේවාවක් හෝ ව්‍යවසායක් පුරවැසි සහභාගිත්වය නොමැතිව හෝ පුරවැසි කොටසක සහභාගීත්වය ඇතිව හෝ අන්‍යාකාරයකින් හෝ පවත්වාගෙන යාම සම්බන්ධෙයන්,  නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(6) 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඌ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරිම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(7) 12 වැනි ව්‍යවස්ථාවෙන්, 13 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි හා (2) වැනි අනුව්‍යවස්ථාවලින් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, කියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද, තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ  අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත්,
ප්‍රජාතන්තවාදී සමාජයක පොදු  සුභසාධනය සඳහා යුක්තිසහගතව අවශ්‍යදෑ සපුරාලීම පිණිසත්, නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට  යටත්ව ය. මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත්කාලෙය් අදාළ වන නීතිය යටෙත් සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය. 
 

(8) 12 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවෙන්, 13 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම්, සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට, පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ රටේ යථාපැවැත්ම භාරව සිටින වෙනත් හමුදාවල සාමාජිකයන්ට අදාළ වීමේ දී එම අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ  ද, කියාත්මක  විය හැක්කේ  ද, ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි ඉටු කරවා ගැනීම සහ ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය."

මේක ඔයාලට කියවපුවාම තෙරෙයි, මේක එකින් එක සාකච්ඡා කරන්න ගියොත් ලොකූ කාර්යභාරයක් වෙනව. මේකේ සාරoශයක් වශයෙන් පවසන්නේ යම් යම් වගන්ති තුලින් මූලික අයිතිවාසිකම් සීමා වන ආකාරයන් පිලිබදව පෙන්වාදී තිබෙනවා,.

එහෙනම් අදට ඇති. තවත් ලිපියකින් හමුවෙමු,
ඔබට ජය!!!

0 comments:

Post a Comment