* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Sunday, February 15, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 වන කොටස

III පරිච්ඡේදය 17 වන ව්‍යවස්ථාව

මේ වගන්තිය මූලික වී ඇත්තේ "විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ප්‍රතිකර්මය." ඒ කියන්නේ, විධායක කියන්නෙ ලංකාවේ ජනාධිපතිනේ ඉතින් ජනාධිපතිට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඇති හැකියාවන් ගැන මේ වගන්තියේ වැඩි දුරටත් පෙන්වාදී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"17. මේ පරිචඡේදය් විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අතාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශේෂඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය."

මේ වගන්තියෙන් කියන්නේ යම් පුද්ගලයකුට හිමිවන මූලික අයිතිවාසිකමක් විධායකය විසින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් උල්ලංඝනය වූ විට 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ පුද්ගලයාට පුලුවන් (විධායක ජනාධිපතිට නඩු පැවරිය නොහැකිය. ඔහු විනිර්මුක්තියක් දරයි)

අද අපේ සාකච්ඡා අදට ඉවරයි.. එහෙනම් අපි තවත් දවසක තවත් කොටසකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************

0 comments:

Post a Comment