* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, February 28, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18

ඔන්න මන් තවත් අලුත් ලිපියක් අරගෙන ඔයාල මුණගැසෙන්න ආවා... කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>.
හරි අපි එහෙනම් අද මාතෘකාව මොකක්ද කියල බලමු.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වන කොටස.

IV පරිච්චේදය 23 ව්‍යවස්ථාව.

මෙම ව්‍යවස්ථාව දහසය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සoශෝදනයේ 3න් වන වගන්තිට අනුව කලින් පැවති 23 වැනි වගන්තිය ඉවත්කොට මෙම වගන්තිය ආදේශ කොට ඇත.
ඒ අනුව මෙම ව්‍යවස්ථාවේ මූලික වන්නේ "නීති පැනවීමේ  භාෂාව" ලෙසයි. අප රටේ නීති පැනවීමේදී භාවිතා වන භාෂාව ගැන වැඩිදුරටත් මෙම ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා තුලින්
පැහැදිලිකොට ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට සඳහන් වේ.

"23. නීති පැනවීමේ  භාෂාව
(1) සියලු ම නීති සහ අනු නීති පැනවීම නැතෙහොත් සෑදීම ද,  එකී  සියලු ම  නීති සහ අනු නීති පළ කිරීම ද, ඉංගීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකන් ම විය යුත්තේ ය:"

"එසේ වූව ද, ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවෙහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවසථාවේ දී තීරණය කළ යුතු ය :"

"එසේ ම තවදුරටත්, අනෙකුත් සියලු ලිඛිත නීති සහ අනුනීති සම්බන්ධයෙන් වන විට පාඨ අතර අනනුකූලතාවක් ඇති වුවෙහොත් ඒ ලිඛිත නීති හෝ අනුනීති පනවන ලද්දේ හෝ සම්මත කරන ලද්දේ හෝ සාදන ලද්දේ හෝ යම් භාෂාවකින් ද, ඒ භාෂාවෙන් වූ පාඨය බලපැවැත්විය යුතු ය." 

"(2) පළාත් සභාවක් විසින් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන හැර යම් ලිඛිත නීතියක් යටෙත් සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන සියලු ම නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන ද,  ගැසට් පත්‍රය ද, ඉංගීසි පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂාවලින් පළ කරනු ලැබිය යුත්තේ ය."

"(3) යම් ලිඛිත නීතියක් යටෙත්, යම් පළාත් සභාවක් විසින් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන සියලු ම නියම, ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග සහ නිවේදන ද, එම පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනය හෝ යම් රජෙය් ආයතනයක් විසින් නිකුත් කරනු ලබන හෝ භාවිත කරනු ලබන චක්‍රලේඛන සහ ආකෘති ඇතුළු සියලු ලේඛන ද ඉංගීසි පරිවර්තනයක් ද ඇතිව එම පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනය හෝ රජයේ ආයතනය කියාත්මක වන එක් එක් ප්‍රදේශයේ  පරිපාලනෙය් දී භාවිත කරනු ලබන භාෂාවෙන් පළ කරනු ලැබිය යුත්තේ ය."

"(4) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියාත්මක වීම ආරම්භ වීමට පෙරාතුව බලාත්මක වූ සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පතෙයහි පළ කරනු ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාවෙන් කියන්නේ ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඇතුලුව සිoහල සහ දෙමළ ලංකාවේ නීති පැනවීමේ භාෂාව වන බවයි, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනය විසින් සාදන නීති ද ඒ ආකාරයටම තිබිය යුතු බවත්, සියලු ම නියම ප්‍රකාශන, රීති, අතුරු ව්‍යවස්ථා, නියෝග, නිවේදන , ගැසට් පත්‍රය, යන සියල්ලම  ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඇතුලුව සිoහල සහ දෙමළන් දැක්විය යුතුය, මේ ව්‍යවස්ථාවේ ගොඩක් මට කියන්න දේවල් අඩුයි, මොකද කියවපුවාම තෙරුම් ගන්න පුලුවන්.

හරි එහෙනම් අදට අපේ මාතෘකාව අවසන්. එහෙනම් අලුත් දවසක අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!

Thursday, February 26, 2015

විධායක ජනාධිපති III

"නොකියන වචනයෙන් කිසිවෙකුට හානියක් සිදු නොවේ" මේ වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. අද කතා කරන්න යන්නේ විධායක ජනාධිපති පිලිබඳ ලිපි කිහිපයේ අවසාන ලිපිය අද අපි ඔයාලට ඉදිරිපත් කරනව. ඒ විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්තා සහ ඉවත් කිරීමේ ක්‍රමවේද ගැන මේ ලිපියෙන් කතා කරනවා.

විධායක ජනාධිපති 3 වන කොටස

අපි කලින් ලිපි වලදී විධායක ජනාධිපති ධූරය පිලිබඳ මූලික කරුණු සහ විධායක ජනාධිපතිගේ බලතල මොනවද කියලත කතා කලා (ඒ ලිපි බලපු ඇති අය, අදාල වචනය උඩින් clik කරන්න) විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්ථා කිහිපයක්ම ඇත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [38(1) ව්‍යවස්ථාවේ සඳහන් වේ.] ඒවා පහත ආකාරයට පෙන්වාදිය හැකිය.
  1. විධායක ජනාධිපති දූරය පුරප්පාඩු වන අවස්ථා 
  2. ජනාධිපතිවරයා මිය ගියහොත් එවිට, 
  3. කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියක් මගින් ජනාධිපතිවරයා තම ධුරෙයන් අස් වුවෙහොත් එවිට, 
  4. ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තා තම ධුර කාලය ආරම්භ වූ දින සිට දවස් 14ක් ඇතුළත ධුරයේ වැඩ භාර ගැනීම හිතාමතා ම පැහැර හැරියෙහොත් එවිට,  
  5. ඒ වගේම ජනාධිපති නියමිත ආකාරයට පත් නොවු අවස්තාවන්හීදී,
යන අවස්ථාවන්හිදී ජනාධිපති දූරය පුරප්පාඩු වේ. ඒ වගේම ජනාධිපති වරයා ඉවත් කර හැකි එකම ක්‍රමවේදය දෝෂාභියෝගයයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2)වන උප වගන්තියේ සඳහන් වේ. දෝෂාභියෝගයක් මගින් ජනාධිපති ඉවත් කිරීමට හැකි අවස්ථා පහත ආකාරයට දැක්විය හැකිය. 
  • ජනාධිපතිවරයා මානසික හෝ ශාරීරික අබලතාවයකින් පෙලීම හේතුවෙන දූරයේ කාර්යයන් නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වීම.
  • චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. 
  • රාජ්‍යද්‍රෝහී වීම. 
  • අල්ලස සම්බන්ධ වැරදි. 
  • තම ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමචාරය හෝ දූෂණය හා සම්බන්ධ වැරදි. 
  • යම් නීතියක් යටෙත් චරිත දූෂණය හා සම්බන්ධ වැරදි.
යන ආවස්ථාවන්හීදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කල හැකිය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ජනාධිපතිට එරෙහි චෝදනා අන්තර්ගත ලියවිල්ලක් (ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිලිබඳ පරීක්ෂණයක් කොට සත්‍ය අසත්‍ය තාවය තිරනයකල ලිපියක්) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් ගනනින් 2/3කට නොඅඩු ව අත්සන් තබා ඇති විට හෝ. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් ගනනින්  1/2කකට නොඅඩු මන්ත්‍රීන් සoඛ්‍යාවක් විසින් අත්සන් කරන ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂා කොට වර්තා කිරීමට අවශ්‍ය වන බවට කථානායක විසින් භාරගැනීම මගින් ජනාධිපති ව ඉවත් කළ හැකිය...ජනාධිපති වරනය දවස් වල යම් පාර්ශවයක් පැවසුව නේද මහින්ද මහත්තයා ජනදිපති නොවුනොත් එයා දුරය අතරින්නේ නැතිව එයාට ඉතිරි ව තිබු නිළ කලයේ අවුරුදු 2ක ඉවර වෙනක්ල් ඉන්නව කියල, එයා එහෙම කලානම්
"චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම." යන චෝදනාවට අනුව එයාට දෝෂාභියෝගයක් ගෙනල්ලා එයාව දුරයෙන් අයින් කරන්න පුලුවන්.

ඔන්න අපි විධායක ජනාධිපති ගැන බොහෝමයක් කරුණු දන්නව බොහෝමයක් කිවුවට එයිටත් වඩා දන්නවා.. ඊලඟ ලිපියෙන් අපි අපේ රටේ බලතල කොහොමද බෙදිල තියෙන්නෙ කියන එක ගැන කතා කරනව.
එහෙනම් ඊලඟ ලිපියෙන් අපි මුණගැසෙමු.
ඔබට ජය!!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 II

"ජීවිතය යනු විශ්වාසවන්ත් භාවයයි " මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටයේ ඉතිරිය.

IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව (4) වන අනු ව්‍යවස්ථාවේ සිට.

කලින් ලිපියෙන් 22 ව්‍යවස්ථාවේ (1),(2),(3) , අනු ව්‍යවස්ථා ගැන සාකච්ඡා කළානේ. අද එතන ඉදල ඉතිරි ටික සාකච්ඡා කරමු. (4) වන අනු ව්‍යවස්තාවේ සිට (5), (6)  අනු ව්‍යවස්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය පහත දක්වා ඇත,

"(4) ස්වකීය කටයුතු සිංහල භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක්, තම නිල තත්ත්වෙයන් කියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් සිංහල භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට,  ඒ නිලධාරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් ලිපි කටයුතු කිරීමට හිමිකම තිබෙන අතර, ස්වකීය කටයුතු දෙමළ භාෂාවෙන් කරන යම් පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් තම නිල තත්ත්වෙයන්  කියා කරන කවර වූ හෝ නිලධරයකුගෙන් දෙමළ භාෂාවෙන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය: 

 එසේ  වුව ද, පරිපාලන භාෂාව වශෙයන් වෙනස් භාෂාවක් භාවිත කරනු ලබන යම් ප්‍රදේශයක කටයුතු කරන වෙනත් යම් පළාත් සභාවකින් හෝ පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ලිපි ගනුදෙනු ලබන හෝ ඒවා හෝ එම නිලධරයා සමග වැඩ කටයුතු කරන යම් පළාත් සභාවකින්, පළාත් පාලන ආයතනයකින්, රජයේ ආයතනයකින් හෝ යම් නිලධරයකුගෙන් ඉංගීසි භාෂාවෙන් ලිපි ගනුදෙනු ලබා ගැනීමට, නිවේදන හුවමාරු කර ගැනීමට සහ වැඩ කටයුතු කිරීමට හිමිකම ලැබිය යුතු ය.  


(5) රජයේ සේවයට, අධිකරණ සේවයට, පළාත්බද රජයේ සේවයට, පළාත් පාලන සේවයට හෝ රජයේ යම් ආයතනයකට තැනැත්තන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන යම් විභාගයක දී සිංහල හෝ දෙමළ හෝ තමන් තෝරා ගන්නා භාෂාවක හෝ මාධයකින් වුව ද පරීක්ෂා කරනු ලැබීමට යම් තැනැත්තකුට හිමිකම් ඇත්තේ ය. තව ද, තම ධුරයේ කාර්ය ඉටු කිරීම සඳහා සිංහල හෝ දෙමළ පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඒ තැනැත්තාට තිබීම සාධාරණව අවශ්‍යවන අවසථාවන්හි, එවැනි යම් සෙවයකට හෝ රජයේ යම් ආයතනයකට හෝ ඇතුළත් කර ගනු ලැබීමෙන් පසු සාධාරණ කාලයක් ඇතුළත එසේ අවස්ථාචෝචිත පරිදි  සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ පමාණවත් දැනීමක් ඔහු විසින් ලබා ගත යුතු යයි නියම කිරීමේ කොන්දේසියට එකී හිමිකම යටත් වන්නේ ය : 
එසේ වුව ද යම් තැනැත්තකු බඳවා ගනු ලබන ධුරෙයහි කිසිදු කර්තව්‍යක් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ පමාණවත් දැනීමක් ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථාවල දී, එවැනි යම් සේවයකට හෝ රජයේ යම් ආයතනයකට ඇතුළත් කර ගැනීමේ කොන්දේසියක් වශෙයන් සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් යම් තැනැත්තකුට තිබිය යුතු යයි නියම කරනු ලැබිය හැක්කේ ය. 


(6) මෙම ව්‍යවස්ථාවෙහි -  නිලධරයායන්නෙන් ජනාධිපතිවරයා, යම් අමාතවරෙයක්, නියෝජ අමාතවරෙයක්, ආණ්ඩුකාරවරෙයක්, ප්‍රධාන අමාතවරෙයක්, පළාත් අමාත මණ්ඩලෙය් අමාතවරෙයක් හෝ රජයේ ආයතනයක හෝ පළාත් පාලන  ආයතනයක හෝ පළාත් සභාවක යම් නිලධරෙයක් අදහස් වේ.

[“රජයේ ආයතනයයන්නෙන්, ආණ්ඩුවේ දෙපාර්තෙම්න්තුවක් හෝ ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක්

හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් අදහස්  වේ.]"

හරි ඔන්න මේ ව්‍යවස්ථාව ඉවරයි, මන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්, 4 වන වගන්තියෙන් කියන්නේ යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක ස්වකීය කටයුතු සිoහල භාෂාව සිදු කරනවා නම් තම රාජකාරී කටයුතු කරන කවර හෝ නිළධාරියෙකුට සිoහල භාෂාවෙන් ලිපිගොනු බාරගැනීම, බාරදීම හා කටයුතු කිරීමට ඔහුට අයිතිය තියනව. ඒවගේම තමා යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක ස්වකීය කටයුතු දෙමළ භාෂාවෙන් සිදු කරනවාන්ම්. යම් පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක පරිපාලන භාෂාව ලෙස වෙනත් භාෂාවක් භාවිතා කරයි නම් එහි නිලධාරින්ට තම රජකාරි කටයුතු කරන්න ඉoග්‍රිසි භාෂාව භාවිත කල හැකිය. කියල මේ වගන්තියෙ කියල තියනව.

5වන වගන්තියේ, රජයේ, අධිකරණ, පළාත්බද රජයේ, පළාත් පාලන, සේවයට හෝ රජයේ යම් ආයතනයකට පුද්ගලයන් ඇතුලත් කරගැනීමේදී තියන විභාගයකදී සිoහල හෝ දෙමළ හෝ තමන් තොරාගන්න භාෂාවක් හෝ මාධ්‍යයකින් පරීක්ෂනයට මුහුණදීමට එම පුද්ගලයාට අයිතිය තියනව. එත් ඒ ධූරයේ කටයුතු කරගෙන යාමේදී සිoහල හෝ දෙමළ භාෂාවන් වලින් ප්‍රමානවත් දැනුමක් අවශ්‍ය වන අවස්ථාවක සාධාරණ කාලයක් තුලදී ඒ අවශ්‍ය භාෂා දැනුම ලබා ගැනීමට නියමේ කොන්දේසියට හිමිකම් තියනවා. කියල කියනව.

6වන එක පැහැදිලි කරන්න ඔනේ නෑ නේ. ඔන්න අදින් තවත් ව්‍යවස්ථාවක් (වගන්තියක්) ඉවරයි.
තවත් අලුත් මාතෘකාවක් සමගින් මුණගැසෙමු.
ඔබට ජය!!!

Saturday, February 21, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17

"අපිලිවෙල වැදගත් නම් ඔබ එසේ කරන්න එහෙත් පිලිවෙලට බාදා නොකරන්න" මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටස.
IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව.

"පරිපාලන භාෂා" යනුවෙන් මේ වගන්තිය මුලික වේ ඇත. මෙය දහසය වන සoශෝදනයේ 3න් වන වගන්තිය මගින් කලින් තිබූ 22වෙනි ව්‍යවස්ථාව ඉවත් කොට මෙම වගන්තිය ආදේශකොට ඇත. පරිපාලන භාෂාව කියන්නේ රජ්‍ය පාලනය කරන භාෂාව ගැනයි, එය එහි අනුව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පැහැදිලි කොට ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"22.(1) සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේ ය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා  සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු ය;
එසේ වුව ද, උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ  සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරහි සැලකිල්ල ඇතිව, ජනාධිපතිවරයා විසින්, සිංහල සහ දෙමළ භාෂා දෙක ම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ  ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශෙයන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය. 
 

(2) තම නිල තත්ත්වයෙන් කියා කරන නිලධරයකු නොවන තැනැත්තකුට -   
( අ) දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර වූ හෝ භාෂාවකින් කවර  වූ හෝ නිලධරයකුගෙන් ඒ නිලධරයාගේ නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය;  
( ආ) යම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට නැතෙහොත් එවැනි ලේඛනයකින්, වාර්තාවකින්, ප්‍රකාශනයකින්  හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට ඔහුට ඇති අයිතිවාසිකම නීතියෙන් පිළිගනු ලබන්නේ නම්, අවස්ථාවෝචිත පරිදි එම ලේඛනෙයන්, වාර්තාවෙන්, ප්‍රකාශනයෙන් හෝ වෙනත් ලියවිල්ලෙන් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට නැතෙහොත් එම  ලේඛනයේ, වාර්තාවේ, ප්‍රකාශනයේ හෝ වෙනත් ලියවිල්ලේ පරිවර්තනයක් දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ය;  
( ඇ) ඒ තැනැත්තාට නිකුත් කරනු ලැබීමේ කාර්යය සඳහා යම් නිලධරයකු විසින් යම් ලියවිල්ලක් ලියා අත්සන් කරනු ලබන අවසථාවක ඒ ලියවිල්ල හෝ ඒ ලියවිල්ලේ  පරිවර්තනයක් හෝ දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම ඇත්තේ ය.
 

(3) පරිපාලන භාෂාව වශෙයන් දෙමළ භාෂාව භාවිතා කරනු ලබන යම් පප්‍රදේශයක, ස්වකීය නිල තත්ත්වයන් ක්‍රියා කරන නිලධරයකු නොවන යම් තැනැත්තකු මේ  ව්‍යවස්ථාවේ  (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් අයිතිවාසිකම්  සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් කියාත්මක කරවා ගැනීමට සහ ලබා ගැනීමට හිමිකම් ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාව (වගන්තිය) ඉවර නෑ තව අනුව්‍යවස්ථා 3ක් තියනව, එවත් මේ ලිපියෙන්ම කියන්න ගියොත් කට්ටිය කැරකි කැරකි ඉදි ඒක නිසා එක ඊලඟ ලිපියෙන් දෙන්නම්. මේකේ තියන හැම එකක්ම පැහැදිලි කරන්න ගියොත් ඉතින් හෙන අමාරු වැඩක්, එත් ඉතින් අමාරුයි කියන තරමට ලේසීයි කියල හිතාගෙන අමාරු තැන් පැහැදිලි කරල දෙන්නම්,
පළවෙනි එක නම් අවුලක් නෑනේ.
**2වනි අනු ව්‍යවස්ථාවේ *(අ) කොටසේ කියන්නේ යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ඔහුගේ රජකාරී ලිපි ගනුදෙනු භාරගැනීමට සහ යැවීමට දෙමළ සහ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් කටයුතු කරගැනීමට ඇයිතිය තියනව කියල.
*(ආ) කොටසින් කියන්නේ, යම්කිසි පුද්ගලයකුට යම් නිළ ලේඛනයක හෝ වාර්තාවක පිටපතක් ලබාගැනීමට ඒ පුද්ගලයාට නීතියෙන් අයිතිවාසිකම් ලබාදී ඇති අවස්තාවක ඒ පුද්ගලයාට එහි පිටපතක් හෝ එහි සිoහල හෝ දෙමළ භාෂා පරිවර්තනක් ලබාගැනීමට අයිතිය තියනව.
(ඇ) කොටසින් කියන්නේ,  යම්කිසි තැනැත්තෙකුට කිරීමට ඇති කාර්යය සඳහා යම් නිලධාරියෙකු විසින් අත්සන්කොට ලබාදෙන ලිපියක දෙමළ හෝ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් උවද පරිවර්තනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය.
**3වන අනු ව්‍යවස්ථාවේ කියල තියෙන්නේ, යම්කිසි පරිපාලන දිස්ත්‍රික්කයක භාෂාව දෙමළ වෙනව නම් රාජකාරි කටයුතු නොකරන නිළධාරියෙකු නොවන පුද්ගලයෙකුට ද මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල තියන අයිතිවාසිකම් සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට අයිතිය තියනවා කියල කියනවා.

අද ඉතා දිග වගන්තියක් හම්බ වුනේ මේ වගන්තියේ ඉතිරි කොටසත් සමගින් අයේ අපි මුණගැසෙමු.
ඔබට ජය !!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16

රටක උත්තරීත්තර ම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි. ඉතින් රටක ජීවත් වෙනකොට ඒක සාමාන්‍යයෙන් හෝ දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක නිසා මන් ඔයාලට අද තවත් ලිපියක් අරගෙන ආවා... කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16 වන කොටස.

IV පරිච්චේදය 20 ව්‍යවස්ථාව.

IV වන පරිච්ඡේදයේ සඳහන් වුනේ භාෂාව පිලිබඳවනේ බැලුවෙ නැති අය ගිහින් බලන්නකො ඉහත  link එකෙන්. ඉතින් IV වන පරිච්ඡේදයේ 20 ව්‍යවස්ථාව මුලික වී ඇත්තේ "පාර්ලිමේන්තුවෙහි, පළාත් සභාවල  සහ පළාත් පාලන ආයතනවල ජාතික භාෂා භාවිතය." යනුවෙනි, මෙම වගන්තිය දහසය වන සoශෝදනය හරහා ස්ථාපිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

"20. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකුට හෝ පළාත් පාලන ආයතනයක සභිකයකුට පිළිවෙළින් පාර්ලිමේන්තුවේ හෝ ඒ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද තමාගේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට හිමිකම ඇත්තේය."

ලෙසින් දක්වා ඇත. මේ වගන්තියෙන කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ  පළාත් පාලන ආයතනයක සභිකයකුට හෝ තමන්ගේ කාර්‍යයන් පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකෙන් (සිoහල සහ දෙමළ) ඕනම භාෂාවකින් කටයුතු කල හැකි වෙනව කියල තමා මේ වගන්තියෙන් කියන්නේ. දහසය වන සoශෝදනයෙන් "පළාත් පාලන ආයතනයක සභිකයකුට" යන වචනය ආදේශ කර ඇත. අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු.

IV පරිච්චේදය 21 ව්‍යවස්ථාව.

මේ  ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වී ඇත්තේ, "ඉගැන් වීමේ මාධ්‍යය" ලෙසයි. රටේ පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමට හැකි භාෂාවන් ගැන මේ වගන්තියේ අනු ව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

"21. (1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකන් කවර මාධයකින් වුව ද අධාපනය ලැබීමට හිමිකම ඇත්තේය: එසේ වුව ද, ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන් වීමේ භාෂා මාධ්‍යය වන උසස් අධාපන ආයතනයකට මෙම අනුවවස්ථාවේ  විධිවිධාන අදාළ නොවන්නේ ය.  
 (2) රජය විසින් කෙළින් ම හෝ අන්‍යාකාරයකින් හෝ මුදල් සපයනු ලබන යම් විශ්ව විද්‍යාලයක යම් පාඨමාලාවක් සඳහා නැතෙහොත් යම් අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය එක් ජාතික භාෂාවක් වන අවස්ථාවක එම විශ්වවිදාලයට ඇතුළත් වීමට කලින් අනෙක් ජාතික භාෂා මාධ්‍යයන් අධාපනය ලබා ඇති ශිෂයන් වෙනුවෙන් එකී අනෙක් ජාතික භාෂාව ද එකී පාඨමාලාව සඳහා නැතෙහොත් එකී අංශෙයහි හෝ පීඨයෙහි ඉගැන්වීමේ  මාධයක් කළ යුත්තේ ය:  

එසේ වුව ද, එකී විශ්ව විදාලෙය් වෙනත් යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන වෙනත් යම් විශ්වවිදාලයක යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන පාඨමාලාවක් සඳහා නැතහොත් ඒ හා සමාන අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය  ඉහත කී අනෙක් ජාතික භාෂාව වන්නේ නම් මෙම අනුවවස්ථාවේ මෙයට ඉහතින් වූ විධිවිධාන අනුව කියා කිරීමට බැඳීමක් නොවන්නේ ය. 
 (3) මෙම ව්‍යවස්ථාවෙහි “විශවවිද්‍යාලය” යන්නට කවර වූ හෝ උසස් අධාපන ආයතනයක් ඇතුළත් වේ."
 

2වෙනි අනුව්‍යවස්ථාව පොඩ්ඩක් විතර පැහැදිලි මදි ඇති. ඒකෙන් කියන්නේ, රජය විසින් කෙලින්ම හරි වෙනත් කුමන ආකාරයකින් හරි පවත්වාගෙන යන යම් විශ්වවිදාලයක හෝ පීඨයක යම් පාඨමාලාවක් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය එක් ජාතික භාෂාවකින් පමනක් වන්නේ නම් යම් කිසි ශිෂ්‍යයෙක් අනෙක් එම පාඨමාලාව සඳහා ඇතුලත් වීමට පෙර අනෙක් භාෂාව අධ්‍යයනය කොට ඇති නම් ඒම ශිෂ්‍යයාට ඒ භාෂාවෙන් එම පාඨමාලාවේ මාධ්‍යයක් කල යුතුය කියල. කියල තියනව අපි උදාහරණයක් බලමු,

උදා- ඔන්න කිලිනොච්චියෙ ඉදල දෙමළ කෙල්ලෙක් පේරාදෙනිය විශ්වවිදාලයට එනව මොකක් හරි පාඨමාලාවක් හදාරන්න, හැබැයි ඒ පාඨමාලාව උගන්වන්නේ සිoහල භාෂාවෙන් විතරයි, එයා කලින් ඉගෙනගෙන තියෙන්නෙ දෙමළ භාෂාව විතරයි. ඒක නිසා දෙමළ භාෂාවත් ඒ පාඨමාලාවේ මාධ්‍ය භාෂාවක් බවට පත් කරන්න අයිතිය තියනව.

ඔක තමා කියන්නේ 2වන අනුව්‍යවස්ථාවෙන්..
පළමු ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>>

එහෙනම් අදට අපේ සාකච්ඡාව අවසන්. තවත් දවසක අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!

Thursday, February 19, 2015

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ වගේ පුද්ගලයන්න මගේ බ්ලොග් එකෙන් දැනුම නැමැති මහා සාගරයෙන් එක දිය බිඳක් වත් ලබාදීමට තමා මම මේ වෙහෙසෙන්නේ. ඉතින් ඒ නිසා මන් අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. හරි එහෙම්  අපි ඒක බලමු,

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අධිකරණය තේරාවලියේ 8 වෙනියට තියන අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයයි. (අධිකරණ තේරාවලිය සම්බන්ධ ලිපියට මෙතනින් යන්න >>) මෙම අධිකරණය 1978 අoක 2ක දරණ අධිකරණ සoවිධාන පනත යටතේ පිහිටවා ඇත. ලංකාවේ වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ මෙම අධිකරණයයි. මෙහි බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරයි. අපරාධ නඩු විධාන සoග්‍රහයේ 1979 අoක 15 දරණ පනතෙහි මෙම අධිකරණයේ නඩු විභාග කරන කාර්යය පටිපාටිය දක්වා ඇත. ඒ අනුව,

  1. සුළු අපරාධ නඩු විභාගය.
  2. සොදිසි වරෙන්තු නිකුත් කිරීම.
  3. ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම.
  4. කම්කරු විනිශ්චය සභාවල නියෝග ක්‍රියාත්මක කරවීම.
  5. හඳුනාගැනීමේ පෙරට්ටු පැවැත්වීම. (හඳුනාගැනීමේ පෙරට්ටුවකටසැකකරු සමඟ තවත් 7ත් දෙනෙකු යොදාගනී)
  6. ස්වේච්ඡාභවය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීම.
  7. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම.
  8. අවසර ඇති අවස්ථාවලදී ඇප නියම කිරීමේ බලය.
  9. හදිසි මරණ පරීක්ෂන පැවැත්වීම.
  10. කාති අධිකරණය නියෝග ක්‍රියාත්මක කරවීම.

මහේස්ත්‍රාත් අධිකරණය සතු වෙනත් බලතල,
  • නඩත්තු නඩු විභාග කිරීම - 1999 අoක 37 දරන නඩත්තු පනත ප්‍රකාරව නඩත්තු නඩු විභාග කල යුත්තේ මෙම අධිකරණයේ ය. කලින් මෙම බලය පැවතියේ දිසා අධිකරණයටය. නමුත් නඩත්තු වාරික නොගෙවීම සම්බන්ධයෙන් දඬුවම මාසයක් සිරගත කිරීමක් බව දක්වා මහේස්ත්‍රාත් අධිකරණය හරහා ක්‍රියාත්මක කරවයි.
  • අපරාධවලට අදාළ නඩු පවත්වාගෙන යාම - බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරන අතර ඒවා පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. නමුත් පෞද්ගලිකව ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කල හැක.

විශේෂ නීති මගින් පවරා ඇති බලතල,
  • සේවක අර්ථ සාධක අරමුදල් ( E.P.F)සහ සේවක භාරකාර අරමුදල් ( E.T.F) වල හිඟ අයකරගැනීමේ නඩු.
  • කාති අධිකරණය කියෝග නිකුත් කිරීම.
  • කම්කරු විනිශ්චය සභා නියෝග ක්‍රියාත්මක කිරීම.

ඉතින් ඔය විදිහට තමා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ වෙන්නේ. ඔය හැම නඩු වර්ගයක් ගැනම අපි ඉදිරියෙදි කතා කරනව.
එහෙනම් අදට සමුගන්නව.
ඔබට ජය!!!!!

Wednesday, February 18, 2015

දිසා අධිකරණය (district court)



අප රටේ බොහෝමයක් ප්‍රශ්න, අපරාධ ඇතිවෙන්නෙ නීතිය හරිහැටි නොදැන සිටීමෙනි. නීතිය ගැන දැනගෙන රටක ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙනව. ඉතින් ඒක නිසා අපේ බ්ලොග් අඩවිය තුලින් ඔයාලට ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට ආරම්භ කලානේ, ඉතින් ඔනම දෙයක් ගැන හරි හැටි අවබෝධයක් ලබාගන්න නම් ඒ සම්බන්ධව මූලික දැනුමක් තිබීම අනිවාර්යයි. ඉතින් අපේ නීතිය පිලිබද ලිපි මාලාව මූලික ස්ථානයේ සිට ආරම්භ කර ඇත. ඒ ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන මම ඔයාල මුණගැසෙන්න ආව. හරි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

දිසා අධිකරණය (district court)

දිසා අධිකරණය 1978  o2 දරණ අධිකරණය සoවිධාන පනත යටතේ මෙම අධිකරණය පිහිටවනු ලැබීය. බොහෝමකක් සිවිල් නඩු මෙම අධ්කරණයේ විභාග කරයි. සිවිල් නඩු විභාග කරන කාර්යය පටිපාටිය සිවිල් නඩු විධාන සoග්‍රහයේ දක්වා ඇත. මෙම අධිකරණය සෑම දිස්ත්‍රික්කයකම ඇත.

දිසා අධිකරණයේ විභාග කරන නඩු වර්ග පහත ආකාරයට දැක්විය හැකිය
  1. ඉඩම් නඩු - ඉඩමක අයිතිය පිලිබඳ නඩු, වැට මායිම් නිරාකරණ පිලිබඳ නඩු, ඉඩමක නීතිවිරෝධීව රැඳී සිටින අය ඉවත් කර ගැනීමේ නඩු.
  2. oචනික ඔප්පු අවලංගු කිරීම, තෑගි ඔප්පු අවලංගු කිරීමේ නඩු. 
  3. අලාභ අයකර ගැනීමේ නඩු.
  4. ණය ආපසු අය කරගෙනීමේ නඩු. 
  5. අපහාස කිරීමට අදාල වන්දි නඩු (සිවිල් අපහාස පමනයි)
  6.  තෙස්තමේන්තු නඩු. 
  7. භාර නඩු -  භාරකාරත්වය පිලිබඳ නඩු.
  8. වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු. 
  9. ද්වේශ සහගතව නඩු පැවරීම පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු.
  10. ගිවිසුම් කඩකිරීම පිලිබඳ නඩු. 
  11. කුලී නිවසියන් පිලිබඳ නඩු.
  12. විවාහ ශූන්‍යතා නඩු. 
  13. නීත්‍යනුකූල වෙන්වීමට අදාල නඩු  
  14. දික්කසාද නඩු. 
  15. විවාහ පොරොන්දු කඩ කිරීමට අදාල වන්දි අයකර ගැනීමේ නඩු.
  16. දරුවන්ගේ භාරකාරත්වයට අදාල නඩු. 
  17. කුලවද්දා ගැනීමේ නඩු - දරුකමට හදා ගැනීම. 
  18. කන්‍යා දූෂණයන් සඳහා වන්දි අය කරගැනීමේ නඩු. 
  19. බාලයන්ගේ සහ සිහිවිකල තැනැත්තන්ගේ දේපල පිලිබඳ නඩු. 
  20. නඩත්තු ඉල්ලීමේ නඩු - රෝම ලන්දේසි නීතියට අනුව මෙය ක්‍රියාත්මක විය නමුත් ඉතාමත් කලාතුරකින් මෙවැනි නඩු විභාග කෙරේ.

මෙහි 12යේ සිට 20 දක්වා නඩු කලින් පැවති පවුල් අධිකරණය සතුව තිබූ බලතල වේ. ඒවා දැන් දිසා අධිකරණය සතුවේ.

දිසා අදිකරනයෙන් නිකුත් කරන තහනම් නියෝග කිහිපයක් පහත පරිදි වේ,
  •  වාරණ නියෝග.  
  • අතුරු ඉන්ජන්ෂන් තහනම්. 
  • ස්ථිර ඉන්ජන්ෂන් තහනම්.
ඔය තියන සෑම නඩු වර්ගයක් පිලිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.. අදට අපේ සාකච්ඡාව අවසන්.
තවත් ලිපියකින් හමුවෙමු.

මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තූතියි.
ඔබට ජය වේවා!!!!

Tuesday, February 17, 2015

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ඔන්න අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා..
අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ලෝකයේ වැදගත්ම හා ප්‍රසිද්ධ ම අධිකරණය වන්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයයි. 1998 රෝම ප්‍රඤප්තියට අනුව  රටවල් 61ක් ආරම්භක සාමාජිකයන් ලෙස අත්සන් තැබීමෙන් මෙම අධිකරණය බිහිවිය. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති මේ අධිකරණයෙහි විනිසුරුවන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. 2002 ජූලි මස 01 වනදා සූඩානයේ ඩාපූර් ප්‍රාන්තයේ එරට නායකයා වූ ඕමාර් භාශීර් නැමැත්තා විසින් සිදු කල වර්ග සoහාරය ගැන සෙවීමත් සමඟ මෙම අධිකරණය බාලාත්මකව ක්‍රියාත්මක විය. මෙම අධිකරණයේ විභාග වන  ප්‍රධාන ජාත්‍යන්තර අපරාධ 4ක් ඇත. ඒ,

  1. වර්ග සoහාරය හෙවත් වර්ග ඝාතනයට එරෙහි වැරදි.
  2. ආක්‍රමණකාරිත්වයට එරෙහි වැරදි  
  3. මනුෂ්‍යත්වයට එරෙහි වැරදි.
  4. යුධ අපරාධ.
යම් කිසි රටකට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය තුල නඩු පැවරීමට නම් එම රට රෝම ප්‍රඤප්තියට අත්සන් තබා සිටිය යුතුය. නැතහොත් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මන්ඩලයේ අනුමැතියක් ලැබිය යුතුය. අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහිවීමට පෙර යම් යම් රටවල් සිදුකල අපරාධවලට එරෙහිව නඩු විභාග කිරීමට යුධ අපරාධ විනිශ්චය සභා නැමැති විවුහය ඒ ඒ රටවල් තුල ස්තාපිත කිරීමට ආරක්ෂක මණ්ඩලය කටයුත් කර ඇත.

උදා-
  • කෙමරූජ් නායක පොල්පොට් විසින් සිදු කල අපරාධ ගැන සෙවීමට කාම්බෝජ යුධ අපරාධ විනිශ්චය සභාව.
  • රුවන්ඩාවේ ටුට්සි, හුටු ගෝත්‍ර 2ක අතර ගැටුම් පිලිබඳ සෙවීමට රුවන්ඩා යුධ අපරාධ විනිශ්චය සභාව.
    ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට නියුර්ම්බර්ග් යුධ අපරාධ විනිශ්චය සභාව.
  • ජපන් හමුදාව දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට ටෝකියො යුධ අපරාධ විනිශ්චය සභාව.
  • යුගොස්ලොවියාවේ ස්ලොබොදාන් මිලොසොවිව් නැමැති ඒකාධිපතියාගේ කෲර ඝාතනය ගැන සෙවීමට යුගොස්ලොවියානු යුධ අපරාධ විනිශ්චය සභාව.
මෙම අධිකරනයේ අපරාධ සිදුකරන රාජ්‍ය නායකයන්ට හෝ  හමුදා ප්‍රධානීන් හට දඬුවම් දීමට විදුලි පුටුවක් ක්‍රියාත්මක ව ඇත.

හරි එහෙමන් තවත් මාතෘකාවක් අවසන්, තව අලුත් මාතෘකාවක් සමඟ තවත් ලිපයකින් හමුවෙමු.
මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!