* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Monday, February 16, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15

Hi Friends, කොහොමද ජීවිතේ? ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15 වන කොටස

අද අපිට අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මන්ද ඒ III වන පරිච්චේදය 17ත් වන වගන්තියෙන් අවසන් වන බැවින් ය.

IV පරිච්චේදය 18 ව්‍යවස්ථාව.

මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "භාෂාව" යනුවෙනි. එහි 18 වන ව්‍යවස්ථාව මූලිකවී ඇත්තේ "රාජ්‍ය භාෂාව" ලෙසටය. එය එම වගන්තිය අනු ව්‍යවස්ථා මගින් තවදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"18. [(1)] ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය.
[(2)  දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.               
 (3)  ඉංගීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේ ය.               
 (4)  මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැලැස්විය යුතු ය.]"


ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන බවත්, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වන බවත් ඉංගීසි භාෂාව සමූහ භාෂාවක් වන බවත් එම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කලයුතු බවත් මේ වගන්තියේ සඳහන් වෙනවා.

මේ වගන්තිය ඉවරයි අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු,

IV පරිච්චේදය 19 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වන්නේ "ජාතික භාෂා" යනුවෙනි, ඒ කියන්නේ අපේ රටේ ඉන්න ජාතින් භාවිතා කරන භාෂාවන් ගැන වඩිඩුරටත් මේ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් දක්වා ඇත. මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකරයට දක්වයි,

"19. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය."

මේ වගන්තිය නම් ඉතින් තෙරුම්ගන්න පුලුවන්නේ. එහෙනම්, අපේ සාකච්ඡා අදට ඉවරයි..
අපි එහෙනම් 16 වන කොටසින් මුණගැසෙමු..
මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!

0 comments:

Post a Comment