* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, February 18, 2015

දිසා අධිකරණය (district court)



අප රටේ බොහෝමයක් ප්‍රශ්න, අපරාධ ඇතිවෙන්නෙ නීතිය හරිහැටි නොදැන සිටීමෙනි. නීතිය ගැන දැනගෙන රටක ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙනව. ඉතින් ඒක නිසා අපේ බ්ලොග් අඩවිය තුලින් ඔයාලට ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට ආරම්භ කලානේ, ඉතින් ඔනම දෙයක් ගැන හරි හැටි අවබෝධයක් ලබාගන්න නම් ඒ සම්බන්ධව මූලික දැනුමක් තිබීම අනිවාර්යයි. ඉතින් අපේ නීතිය පිලිබද ලිපි මාලාව මූලික ස්ථානයේ සිට ආරම්භ කර ඇත. ඒ ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන මම ඔයාල මුණගැසෙන්න ආව. හරි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

දිසා අධිකරණය (district court)

දිසා අධිකරණය 1978  o2 දරණ අධිකරණය සoවිධාන පනත යටතේ මෙම අධිකරණය පිහිටවනු ලැබීය. බොහෝමකක් සිවිල් නඩු මෙම අධ්කරණයේ විභාග කරයි. සිවිල් නඩු විභාග කරන කාර්යය පටිපාටිය සිවිල් නඩු විධාන සoග්‍රහයේ දක්වා ඇත. මෙම අධිකරණය සෑම දිස්ත්‍රික්කයකම ඇත.

දිසා අධිකරණයේ විභාග කරන නඩු වර්ග පහත ආකාරයට දැක්විය හැකිය
  1. ඉඩම් නඩු - ඉඩමක අයිතිය පිලිබඳ නඩු, වැට මායිම් නිරාකරණ පිලිබඳ නඩු, ඉඩමක නීතිවිරෝධීව රැඳී සිටින අය ඉවත් කර ගැනීමේ නඩු.
  2. oචනික ඔප්පු අවලංගු කිරීම, තෑගි ඔප්පු අවලංගු කිරීමේ නඩු. 
  3. අලාභ අයකර ගැනීමේ නඩු.
  4. ණය ආපසු අය කරගෙනීමේ නඩු. 
  5. අපහාස කිරීමට අදාල වන්දි නඩු (සිවිල් අපහාස පමනයි)
  6.  තෙස්තමේන්තු නඩු. 
  7. භාර නඩු -  භාරකාරත්වය පිලිබඳ නඩු.
  8. වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු. 
  9. ද්වේශ සහගතව නඩු පැවරීම පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු.
  10. ගිවිසුම් කඩකිරීම පිලිබඳ නඩු. 
  11. කුලී නිවසියන් පිලිබඳ නඩු.
  12. විවාහ ශූන්‍යතා නඩු. 
  13. නීත්‍යනුකූල වෙන්වීමට අදාල නඩු  
  14. දික්කසාද නඩු. 
  15. විවාහ පොරොන්දු කඩ කිරීමට අදාල වන්දි අයකර ගැනීමේ නඩු.
  16. දරුවන්ගේ භාරකාරත්වයට අදාල නඩු. 
  17. කුලවද්දා ගැනීමේ නඩු - දරුකමට හදා ගැනීම. 
  18. කන්‍යා දූෂණයන් සඳහා වන්දි අය කරගැනීමේ නඩු. 
  19. බාලයන්ගේ සහ සිහිවිකල තැනැත්තන්ගේ දේපල පිලිබඳ නඩු. 
  20. නඩත්තු ඉල්ලීමේ නඩු - රෝම ලන්දේසි නීතියට අනුව මෙය ක්‍රියාත්මක විය නමුත් ඉතාමත් කලාතුරකින් මෙවැනි නඩු විභාග කෙරේ.

මෙහි 12යේ සිට 20 දක්වා නඩු කලින් පැවති පවුල් අධිකරණය සතුව තිබූ බලතල වේ. ඒවා දැන් දිසා අධිකරණය සතුවේ.

දිසා අදිකරනයෙන් නිකුත් කරන තහනම් නියෝග කිහිපයක් පහත පරිදි වේ,
  •  වාරණ නියෝග.  
  • අතුරු ඉන්ජන්ෂන් තහනම්. 
  • ස්ථිර ඉන්ජන්ෂන් තහනම්.
ඔය තියන සෑම නඩු වර්ගයක් පිලිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.. අදට අපේ සාකච්ඡාව අවසන්.
තවත් ලිපියකින් හමුවෙමු.

මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තූතියි.
ඔබට ජය වේවා!!!!

0 comments:

Post a Comment