* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Monday, February 9, 2015

මහාධිකරණය (High court)

Hi යාලුවනේ ඉතින් කොහොමද ජීවිතේ, මුලින්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා.
අපි අදත් අලුත් මාතෘකාවකින් ඔයාල මුනගැහෙන්න ආවා.. අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු,
අධිකරණ තේරාවලියේ අපිට වැදගත්ම වන මහාධිකරණය ගැන අද අපි සාකච්ඡා කරමු මුල්ම ලිපිය බලපු නැති අය මෙතනින් යන්න. කලින් ලිපියට මෙතනින්

මහාධිකරණය (High court)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන සoශෝදනයේ ප්‍රකාරව පිහිටවු මහාධිකරණයේ බොහෝමයක් බරපතල අපරාද නඩු විභාග කරයි. මෙහි ගොනු කරන චෝදනා අධිචෝදනා ලෙස හදුන්වයි.
නීතිපති විසින් විමසා අධිකරන සේවා කොමිෂන් සභාව නිර්දේශ නිරීමත් සමඟ ජනාධිපතිවරයාගේ පත් කිරීමෙන් මහාධිකරණය විනිසුරුවන් පත් කරයි. මහාධිකරණයයේ මිනීමැරුම් වැනි වැරදි සඳහා
මරණ දඩුවම දිය හැකිය. මහාධිකරණයේ නඩු අසන ක්‍රමවේද 3ක් ඇත,

  1. තනි මහාධිකරණ විනිසුරු 
  2. තනි මහාධිකරණ විනිසුරු සමඟ ජූරි සභාව
  3. ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar ලෙස්යි.
13න් වන සoශෝදනය යටතේදී පලාත්බද මහාධිකරණ බලතල ලැබුණු අතර කොළඔ පමනක් එක් පලාත්බද මහාධිකරණයක්, වාණිජ මහාධිකරණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම මහාධිකරණ වලදී බලතල අපරාධ නඩු වලට අමතරව ඒ ප්‍රදේශය මහේස්ත්‍රාත් අධිකරණ, ප්‍රාතමික අධිකරණ, කම්කරු විනිශ්චය සභාව වැනි නැන් වලින් පැමිනෙණ අභියාචන නඩු පවා විභාග කරයි. තවද උදර්පන නඩු අද්මිරාල්ති වනි විශේෂ නඩු වර්ගද විභාග කෙරේ.

අද්මිකර්ති නඩු ගත කොළඹ මහා අධිකරණ පමණක් විභාග වන නාවික ගමන ගමනයට අදාල නඩු වර්ගයකි. මහ අධිකරනයේ බොහෝ විට නඩු විභග වන්නේ තනි විනිසුරු වරයාගෙනි, තවද හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවකින් නඩු විභාග වන්නේ විත්තිකරු ජූරි සභාවක් සඳහා කැමැත්ත පල කල විටය.
මහාධිකරණය තුල මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම,ස්ත්‍රී දුෂණය,කොල්ල කෑම, අල්ලස් වැරදි, වැනි බොහොමයක් අපරාධ නඩු විභහග කරයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar යනු මහාධිකරණයේ විනිසුරුවන් 3න් දෙනෙකුගෙන් නඩු විභාග කිරීමය. වඩාත් බරපතල අපරාද නඩු වලදි මෙය අගවිනිසුරුගේ තීරනය මත ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස Trial at bar නඩු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය,
  • උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුව 
  • හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව
  • සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව
  • සරත් ෆොසේකා මහතාට අදාල සුදු කොඩි නඩුව 
ලෙස දැක්විය හැකිය.


අදට අපේ සාකච්ඡාව අවසන්, ඊළඟ ලිපියෙන් මුණගැසෙමු. පවුල් නීතිය පිලිබදව ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.........
ඔබට ජය!!!!!!!!!!






0 comments:

Post a Comment