* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, February 3, 2015

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය( Supreme court)

නීතිය පිලිබඳ ලිපි මාලාවේ දෙවනි කොටස අරගෙන ඔන්න මන් අද ආව..
ඉතින් යාලුවනේ අද ඔයල නිදහසේ සැබෑ අරුත රසවිදිනව ඇති.. කලින් ලිපිය බලනවනම් මෙතනින් යන්න

ඔන්න එහෙනම් අපි අද අපේ රටේ අධිකරණ පද්ධතියේ උත්තරීත්තරම අධිකරනය වන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ගැන වැදගත් කරුණු කතා කරමු.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය( Supreme court)

 ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 1801 අප්‍රෙල් මස 18 වන දින එවකට දිවයින පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින් අධිකරණ රාජකීය ප්‍රඤප්තිය අනුව පිහිටවා ඇත. ලoකාවේ උත්තරීත්තරම උසාවිය වන්නෙ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි ප්‍රධානියා අගවිනිසුරුවරයා ය. තවද ඔහු ඇතුලුව තවත් විනිසුරුවන් 11 දෙනෙකු ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටී. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ දී පමනක් ක්‍රියාත්මක වේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් පසු එය අප රටේ අවසාන අධිකරණ තීන්දුව බවට පත්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් එක් නඩු සඳහා පෙනී සිටින විනිසුරුවන් ගණන 3,5,7,9,11, ලෙසට වෙනස් විය හැකිය. 11ස් දෙනාම විනිසුරුවන් ලෙස එක් අවස්තාවක සිටියහොත් එය full bench හෙවත් පුර්ණාධිකාරි විනිශ්චය සභාවක් ලෙස හදුන්වයි. ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් දුන් තීරනයක් තමන්ටම වෙනස් කළ හැක. එය "අධි තීරණය" ලෙස හදුන්වයි.
 උදාහරණයක් ලෙසට, විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් ලබා දුන් තීන්දුවක් 5 දෙනෙකුගෙන් අධි නීරණය කළ හැක.

මෙම අධිකරනයේ අභියාචනා නඩු විභාග කරයි. ගරු  ශ්‍රේෂ්ඨාධිකරණය හා ගරු අභියාචනාධිකරණය යන අධිකරණ ද්විත්වයම උපරිමාධිකරන ලෙස හදුන්වයි.

ගරු  ශ්‍රේෂ්ඨාධිකරණය පමනක්(අනන්‍ය අධිකරණ බලතල) හිමි බලතම ගැන අපි කතා කරමු දැන්.
  1. මූලික අයිතිවාසිකම් පිළිබඳ බලතල. 
  2. ජනාධිපතිවරණ පෙත්සම් විභාග කිරීම.
  3. දෝෂාභියොග පරීක්ෂන පැවැත්වීම.
  4. පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ අධිකරණ බලය.
  5. අවසාන අභියාචනා අධිකරන බලය.
  6. උපදේශක අධිකරණ බලය.
  7. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධ අධිකරණ බලතල.
යන ඉහත සඳහන් බලතල ශ්‍රීලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ..
අමතර දැනුම වශයෙන්,
  • පනත් කෙටුම්පතක් යනු පාර්ලිමේන්තුව තුල සම්මත වෙමින් පවතින නීතියක් ය.
  • උතුරු නැගෙනහිරදී දෙමළ භෂාවෙන් ද අනෙකුත් ප්‍රදේශවල සිoහල ලෙස ශ්‍රීලංකාවේ අධිකරණ  පද්ධතියේ භාෂාව වේ.
  • විනිර්මුක්තිය යනු නඩු පැවරිය නොහැකි බවය.
  • ශ්‍රී ලංකාවේ නීති පැනවීමේදී ඉoග්‍රීසි පරිවර්තනයක් ද  සහිතව සිoහල සහ දෙමළ බසින් ලබාදේ.
අදට අපේ සාකච්ඡාව අවසන්. ඊලඟ ලිපියෙන් හමුවෙමු.


ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!



1 comment: