* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Sunday, February 15, 2015

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

ඔන්න අද අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ සදහා තවත් අලුත් මතෘකාවක් අරගෙන ඔයාල හමුවට පැමිනියා. එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

අන්තර්ජාතික යුක්ති අධිකරනය යනු එක්සත් ජාතික සංවිධානයේ  ප්‍රධානතම අධිකරණ වන්නේ මෙයයි. (එක්සත් ජාතික සංවිධානය පිලිබඳ ලිපියට) මෙය එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය යටතේ 1945 දී ස්ථාපනය කරන ලද ජාත්යන්තර අධිකරණයකි. මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත. මෙහි විනිසුරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතවේ. රාජ්‍යයෙන් රාජ්‍යයට නැතහොත් රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන ආරවුල් මෙම අධිකරණය තුල විභාග කරයි.

උදා - පාලස්තීනයේ හා ඊශ්‍රායලය අතර ඇති භූමි භාගයක් වන ගාසාතීරයේ ඊශ්‍රායලය විසින් තාප්පයක් ඉදි කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් සඳහා මෙම අධිකරණය මැදිහත්ව විසදා ඇත.

මෙහි උප සභාපති දුරය දැරූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්ටොපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී නැමති ශ්‍රී ලංකාභිමන්‍ය නැමැති ඉහලම රාජ්‍ය සම්මානය පුද ලද්දෙකි. එය අපට ඉතාමත් ලොකු ආඩම්බරයක්.

වැඩි දෙයක් මේ මාතෘකාවේ සාකච්ඡා කරන්න දෙයක් නෑ.. ඉදිරියෙදී අපි ඉතාමත් ප්‍රසිද්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණය ගැන කතා කරමු.
එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා, නැවත මුනගැසෙමු,
ඔබට ජය!!!!!!!


0 comments:

Post a Comment