* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Monday, February 16, 2015

විධායක ජනාධිපති II

Hi friends, ජිවිතේ කොහොමද?
මුලින්ම මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක සැමට බොහෝම ස්තුතියි. අපේ ආරම්භකල සාකච්ඡාවේ 2වන කොටස අද මන් ඔයාලට අරගෙන ආවා. කලින් ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න >>>>>>

විධායක ජනාධිපති 2 වන කොටස

විධායක ජනාදිපතිගේ බලතල ගැන අද සාකච්ඡා කරනවා ජනාදිපතිගේ බලතල පිලිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  7වෙන පරිච්ඡේදයේ 33 වන ව්‍යවස්ථාවේ සදහන් වේ එය අපගේ ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.

01. විධායක ජනාධිපති හට හිමි පාර්ලිමේන්තු බලතල.
  1. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම.
  2. පාර්ලිමේන්තුව කැඳවීම.
  3. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම.( උපරිම මාස දෙකකට)
  4. පාර්ලිමේන්තුව ඇමතීම.
  5. පාර්ලිමේන්තුවට සoදේශ නිකුත් කිරීම.
  6. පාර්ලිමේන්තුවේ මoගල රැස්වීම් වලදී මුලසුන දැරීම.
  7. එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
02. ජානාධිපතිට අමාත්‍ය මණ්ඩල කෙරෙහි ඇති බලතල
  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අමාත්‍යවරුන් පත්කිරීම හා ඉවත්කිරීම.
  2. අමාත්‍යවරුන් ගනන තීරනය කිරීම.
  3. අමාත්‍යවරුන්ට පැවරෙන විශය (අදාල කාර්යයන්) පවරාදීම හා ඒවට සහය දැක්වීම.
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් උප ඇමතිවරුන් පත්කිරීම.
03. වරදකරුවන්ට සමාවදීමේ බලය.
  1. සම්පූර්ණ සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දීම.
  2. දඬුවම ක්‍රියාත්මක වීම දින නියමයක් ඇතිව හො නැතිව කල් දැමීම.
  3. රාජ සන්නත වන දේපල කොටසක් පවරාගැනීම හෝ කිසිවක් නොගැනීම.
  4. ජනරජයට අයවිය යුතු යම් දඬ මුදලක කොටසක් හෝ සම්පූර්ණයෙන් ම එයින් නිදහස් කිරීම.
  5. වරදකරුවන්ට නියම කරන දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීම.
  6. වරදකට සැක කරන තැනැත්තන් කීප දෙනෙකු සිටින විට ඔවුන් අතරින් යමෙකු වරදකරු කරන්නා වූ තොරතුරු සපයන්නෙකුට සමාව දීමේ බලය. 
04. යුක්තිය පසිඳලීමට හා නීතිඥ වෘත්තිය කෙරෙහි ජනාධිපති ක්‍රියාත්මක කරන බලතල.
  1. සියලු උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීම.
  2. මහාධිකරණ විනිසුරුවන් පත්කිරීම.
  3. නීතිපති පත්කිරීම.
  4. අධිකරණ සේවා කොමිෂන් සභාපති හැර සෙසු සාමජිකයන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් අතරින් පත්කරගැනීම.
  5. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම.
05. 89 වන ව්‍යවස්ථා සහ 91 වන ව්‍යවස්ථාවලට අනුව නුසුදුසුකම් ලබා ඇති තැනැත්තන්ට සමාව දීම. ජන්ද බලය අහිමි කරලීමකට හෝ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් වී ඇති අයෙකුට එම නුසුදුසුකම් කාල සීමාව අඩුකිරීමට හෝ එම නුසුදුසුකම් සම්පූර්නයෙන්ම ඉවත්කිරීම.

06. ජනාධිපතිට හිමි වෙනත් බලතල.
  1. අගමැතිවරයා පත්කිරීම.
  2. මැතිවරණ කොමසාරිස් පත්කිරීම.
  3. ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීම.
  4. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම.
  5. පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම.
  6. සියලුම ස්වාධීන කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කිරිම.
  7. පාර්ලිමේන්තු මහ ලේකම්, විඝනකාදිපති, ඔම්බූඩ්ස්මන්, පොලිස්පති යන අය පත්කිරීම පත්කිරීම 
  8. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම.
  9. ජනරජය සතු නිශ්චල දේපල ජනතාවට ප්‍රධානය කිරීම.
  10. ජනරජයේ රාජ්‍ය නිළ මුද්‍රාව ලඟ තබා ගැනීම.
  11. ජාත්‍යන්තර ගිවිසුම් වලට එලබීම.
  12. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
  13. තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, පූර්ණාධිකාරී රාජ්‍යධූතයන් පත් කිරීම සහ පිලිගැනීම.
ඔන්න එහෙනම් ජනාධිපතිවරයාගේ බලතල ඔක්කෝම ඉවරයි.. තව පොඩී මාතෘකාවක් තියනවා ඒක අපි ඉදිරියෙදී සාකච්ඡා කරමු.. විධායක ජනාධිපති පිලිබඳව ලිපි අවසන් උනාටපස්සේ විශ්ලේශනයක් කරමු
තවත්දවසක මුණගැසෙමු..
******************************ඔබට ජය!!!******************************

0 comments:

Post a Comment