* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, February 10, 2015

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)

ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් සමඟ ඔයාලව මුණගැහෙන්න ආව... මුල්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම ස්තුතිවන්ත වෙනව.

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)
දෙවන ලෝක සoග්‍රාමය ආරම්භය හේතුවෙන් ( දෙවන ලෝක සoග්‍රාමය ආරම්භයට ආසන්නතම හේතුව වන්නේ හිට්ලර් විසින් පොලන්තය ආක්‍රමණය කිරීමයි) මේ විනාශය අවසාන වීමත් සමඟ ලෝකයා කල්පනා කලේ එවනි ලොක විනාශයක් නැවතත් ඇතිවීම වැලක්වීමයි. එහිදී එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් සෙන් ෆ්රැන්සිස්කෝ නුවරට රැස්වෙන ලෙසට මුලු ලෝකයාටටම ආරධනා කලා. ඒත් සමඟ ම 1945 ඔක්තෝම්බර් මස 24 වන දින රටවල් 51ක (අද වන විට රටවල් 193කින් සමන්විත වේ) නායකයන්ගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තියට අත්සන් තැබීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ කිරීම හේතුවෙන් ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් එක්සත් ජාතීන්ගේ සoවිධානය පියා ලෙස ගෞරවාදරයට පත්විය.
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, සමාජ හා ආර්ථික සංවර්ධනය පෝෂනය, පරිසරය ආරක්ෂාව, සාගත අවස්ථා වලදී මානුෂීය ආධාර, ස්වාභාවික විපත් හා සන්නද්ධ ගැටුම් නිරාකරනය යන කරුණු එක්සත් ජාතීන්ගේ සoවිධානය අරමුණු ලෙස පෙන්වාදිය හැකිය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ නිල භාෂා වන්නේ  ඉංග්‍රීසි, චීන, අරාබි, ප්‍රරංශ, රුසියානු සහ ස්පාඤ්ඤ යන භාෂා වේ. UNO හී  ප්‍රරධාන කාර්යාල ජිනීවා වල පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධාන ආයතන 5කින් සමන්විත වේ.
  1. මහා මන්ඩලය- සෑම රටක්මපාහේ සාමාජිකත්වය දරන අතර දැනට රටවල් 193ක් සාමාජිකත්වය දරයි.
  2. ආරක්ෂක මන්ඩලය - එක්සත් ජාතීන්ගේ සoවිධානය ප්‍රබලතම වියුහය ලෙස මෙය හැදින්විය හැකිය. දැනට රටවල් 15කින් යුක්තවේ.
  3. ආර්ථික හා සමාජීය කටයුතු පිලිබඳ මන්ඩලය- මෙහි රටවල් 54ක් සාමාජිකත්වය දරයි. මෙහි දූරකාලය අවුරුදු 3කි.
  4. මහ ලේකම් කාර්යාලය-  මෙහි මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටා ඇති අතර, ශාකා ඔස්ට්‍රේලියාවේ වියානා නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, කෙන්‍යාවේ නයිරෝබි. යන ස්ථාන වල පිහිටා ඇත
  5. අන්තර්ජාතික යුක්ති අධිකරණය - මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධානතම අධිකරණය වේ. මෙහි විනිසුරුවන් 15ස් දෙනෙක් සිටී.
  6. භාරකාරත්ව  මන්ඩලය - දැනට අක්‍රියව ඇත.
බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ සoවිධානය වර්ථමාන මහලේකම් ය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ මානවහිමිකම් කෞන්සිලයේ මහ කොමසාරිස් ලෙස කලින් සිටියේ නවනීතන් පිල්ලේ ය. වර්තමානයේ මානවහිමිකම් කෞන්සිලයේ  මානවහිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු පත්ව ඇත...

එක්සත් ජාතීන්ගේ සoවිධානයේ එතෙක් මෙතෙක් සිටි මහ ලේකම්වරුන්.
  1. 1946 සිට 1952 දක්වා නොර්වේජියනු ජාතික ට්‍රිග්වේ ලී
  2. 1953 සිට 1961 දක්වා ස්වීඩ්න් ජාතික ඩෑග් හැමර්ෂල්ඩ් 
  3. 1961 සිට 1971 දක්වා බුරුම ජාතික ඌ තාන්ට්  
  4. 1972 සිට 1981 දක්වා ඔස්ට්‍රේලියානු ජාතික කර්ට් වෝල්ඩහයිම්
  5. 1982 සිට 1996 දක්වා පීරු ජාතික ජාවියර් පෙරෙස් ඩී ක්වෙල්‍යා
  6. 1992 සිට 1996 දක්වා ඊජිප්තු ජාතික බූත්‍රොස් බූත්‍රොස් ගාලි
  7. 2008 සිට කොරියානු ජාතික බෑන් කී මූන්

තවත් අලුත් තොරතුරු සමඟ අලුත් මාතෘකාවක් අරගෙන තවත් දවසක මුණගැසෙමු.
********************ඔබට ජය!!!!!!********************

0 comments:

Post a Comment