* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, February 3, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 9


ඔන්න අලුත් මාසයක  අපේ සාකච්ඡාවේ  9 වන කොටස අද අරන් ආව. මන් බලාපොරොත්තු වුන ආකාරයට like නම් ආවෙ නෑ. මන් ඒක ගැන ගෝඩාක් කනගාටු වෙනව. මගේ ලිපි කියවල නිකන්ම යනව.
හරි කමක් නෑ අන්තර්ජාලය හරහා දැනුම හොයන කාට හරි මගේ ලිපි වලින් ප්‍රයෝජයනක් වෙයිනේ...
හරි එහෙන්ම් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු, කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 9 වන කොටස.

III පරිච්ඡේදය 12 වන ව්‍යවස්ථාව

මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටුනෙහි සඳහන් වී ඇත්තේ "සර්ව සාධාරණත්වයේ  අයිතිවාසිකම" යනුවෙනි. මන් ඔයාලට කලින් කිවුවනේ iiiවන පරිච්ඡේදය මුලික වෙන්නේ මූලික අයිතිවාසිකම පිලිබදව කියල.
මේ ව්‍යවස්ථාව (වගනිතිය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත ආකාරයට සඳහන් කළ හැකිය. මෙම ව්‍යවස්ථාව තවදුරටත් පෙන්වාදීම හා විග්‍රහකිරීම සඳහා අනු ව්‍යවස්ථා 4ක් දක්වා ඇත. ඒක අපි පහත ආකාරයට බලමු

"12. සර්ව සාධාරණත්වයේ  අයිතිවාසිකම."
 මෙම ව්‍යවස්ථාව තවදුරටත් පෙන්වාදීම හා විග්‍රහකිරීම සඳහා අනු ව්‍යවස්ථා 4ක් දක්වා ඇත. ඒක අපි පහත ආකාරයට බලමු

"(1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
 

(2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ  හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය: 
එසේ වුව ද, රජ්‍ය සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටු කිරීම සඳහා යම් තැනැත්තකු යම් භාෂාවක්  පිළිබඳ පමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශෙයන් ඒ භාෂාව පිළිබඳ එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තකුට නියම කිරීම නීතනුකූල  වන්නේ ය :
 

එසේම තව දුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තවයක් යම් භාෂාවක් පිළිබඳ දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවසථාවල දී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශෙයන් යම් තැනැත්තකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නීතනුකූල  වන්නේ ය. 
 

(3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්තී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ  වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට  හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධෙයන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතෙහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.
 

(4) කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනුනීතිවලින්  හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැසවීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය."
ඉහත ආකාරයට ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මේක කියවපුවාම තෙරෙනවනේ අවුලක් නෑ.. ඊලඟ  වගන්තියත් අපිට කතා කරන්න තිබ්බා එත් එහි අනු ව්‍යවස්ථා 7ක් පවතින නිසා අද කතා කරන්නේ නෑ... අපි ඒක ඊලඟ ලිපියෙන් කතා කරමු.

එහෙනම්, මගේ ලිපි කියවන පාඨක හැමෝටම බෝහෝම ස්තුතියි.
ඔයාලගේ යාලුවන්ටත් මගේ බ්ලොග් එකට එන්න share කරන්න. like එකක් දාලම share කරන්න
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු

******************************ඔබට ජය!!!!!!******************************

0 comments:

Post a Comment