* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Thursday, January 15, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1


ඔන්න මම අද ඉඳල ඉතා දිග මාතෘකාවක් ගැන කතා කිරීමට ආරම්බ කරනව. ඔයලට ඔයලගේ දැනුමට මෙය ඉතා ප්‍රයොජනවත්  වෙයි කියල මන් විශ්වාස කරනවා.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරිමටයි මම මේ තැත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරිමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වුවත් අපේ කට්ටියගේ දැනුමට ප්‍රයෝජනවත් වන නිසා මම මේ බාරදූර කාර්‍ය කරනව. මෙය ඉතා දිග මාතෘකාවක් බැවින් කොටස් කොටස් වශයෙන් මන් ඔයාලට ලබා දෙන්නම්.  මම විස්වාස කරනව ඔයාලට අපේ රටේ දැනට පවතින ආණ්ඩුක්‍රමය ගැන මනා දැනුමක් ලබා ගැනීමට හැකිවෙයි. හරි එහෙනම් මන් ආරම්බ කරනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.  1වන කොටස

අපේ රටේ දැනට පවතින්නේ 1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය 1977 පැවති මහා මැතිවරනයෙන් 5/6 ක බලයක් සහිතව පත් වු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු  එක්සත් ජාතික පක්ශය විසින් ඇමරිකනු ජනධිපති ක්‍රමයේ සහ බ්‍රිතාන්‍ය කබිනට් ක්‍රමයේ ලක්ෂණ සoකලනය කරමින් සකස්කොට ඇති ප්‍රoශයේ  V (5)  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුරූපීව 1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට ඇත. දේශපාලන විචාරකයින් පවසන ආකාරයට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයවර්ධන මහතාගේ කාලාන්තරයක් තිස්සේ පැවති මනදොළක් සපත අරගැනීමක් ලෙස ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල වගන්ති 172 ක කුත්, පරිච්චේද 24 ක් ද උපලේඛන 9ක් ද සහිතව වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්චේදය වෙන් වී ඇත්තේ "ජනතාව, රජය සහ පරමාධිපතය" සඳහා ය. එහි පලමු වගන්තියෙන් දැක් වෙන්නේ  රජය ගැනත් රටේ නම, අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්තිය යන ඒවාගෙන් සමන්විත වේ.

ව්‍යවස්ථාවේ ඇති ආකාරයට මෙසේය...

"1. ශ්‍රී  ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි.  ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ."

අදට ඇති. ඉතිරි කොටස් ද ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.....
ඔබට ජය!!!!!!!!




මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.




0 comments:

Post a Comment