* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Tuesday, January 27, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 7


ඔන්න අද එහෙන්ම් අපි තවත් කොටසක සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 7 වන කොටස.

I පරිච්ඡේදය 8 වන ව්‍යවස්ථාව:-

I පරිච්ඡේදය 8 වන ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වී ඇත්තේ ජාතික දිනය යනුවෙනි,
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"8. ශ්‍රි ලංකා ජනරජෙය් ජාතික දිනය පෙබරවාරි මස හතරවැනි දිනය වන්නේ ය."

මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. හරි, මේ වගන්තියත් සමගම ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පලමු පරිච්ඡේදය අවසන් වෙනව, එතකොට ඔයාලට පැහැදිලි ඇතිනේ මේ වෙනකල් සාකච්ඡා කරපු පලමු පරිච්ඡේදය, අවුලක් තියනවනම් comment එකක් දාල අහන්න, නැතිනම් Facebook එකට  mg එකක් දාන්න පුලුවන් හැම වෙලාවකම පිළිතුරු ලබා දෙන්න උත්සහ කරන්නම්, අපි එහෙන්ම් ඊලඟ පරිච්ඡේදය සාකච්ඡාවට ආරම්භ කරමු,

II පරිච්ඡේදය 9 වන ව්‍යවස්ථාව:-

මෙම පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් වී ඇත්තේ  "බුද්ධාගම" යනුවෙනි, ඒ කියන්නේ ආණ්ඩුව තුල බුද්ධාගම හිමි ස්ථානය ගැනය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"9. ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛසථානය පිරිනමන්නේ ය."

එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදෙයන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත  කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.
මේ ව්‍යවස්ථාවේ සඳහන් කරන ආකාරයට ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛසථානය ලබා දී ඇති අතර  අනෙකුත් ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය ආරක්ශා කරමින් වැඩිදියුණු කිරීම රජයේ වගකීමක් යනුවෙනි. ඒ වගේ ම අනු  ව්‍යවස්ථා වල සඳහන් වෙන්නෙ මොනවද කියල අපි බලමු ඉදිරියට. මොකද දෙවන පරිච්ඡේදයත් 9 වන ව්‍යවස්ථාවෙන් අවසන් වෙනව. ඉතින් 10 වන ව්‍යවස්ථාවත් මේකත් සමගම සාකච්ඡා කලොත් ඔයාලට පැටලෙනව, මන්ද ඒ 10 වන ව්‍යවස්ථාව තෙවන පරිච්ඡේදයේ පවතින බැවින්.
එහෙනම් අදට ඇති.
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු
******************************ඔබට ජය!!!!!!******************************

0 comments:

Post a Comment