* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, January 24, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5

Hi යාලුවනේ
ඉතින් කොහොමද?
ඔන්න අද මම ගෙනාව අපි සාකච්ඡා කරගෙන ආපු ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5 වන කොටස. ඉතින් අපි ආරම්භ කරමු එහෙනම්

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5 වන කොටස.

අපි කලින් කතා කරපු ලිපි මෙතනින් බලන්න පුලුවන්, අපි I වන පරිච්ඡේදය, 4 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන තමා කතා කලේ, අද අපි 5 වන ව්‍යවස්ථාව ගැන කතා කරනව.

I පරිච්ඡේදය 5වන ව්‍යවස්ථාව:-

I පරිච්ඡේදය 5 වන ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත්තේ ජනරජයට අයත් දේශය යනුවෙනී. එනම් ජනරජයට අයත් දෑ මොනවාද යනුවෙන් එහි සඳහන් වී ඇත.  මේකේ වැඩියෙන් විස්තර කරන්න දෙයක් නැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරල තියන ආකාරය තේරුම් ගන්න පුලුවන්. කෝකටත් කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කො.

I පරිච්ඡේදය 5වන ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහල තියන විදිහට තමා තියෙන්නෙ,

 "5. ශ්‍රි ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක*  [විසිපෙහන්ද] ජනරජෙය් දේශීය ජල තීරෙයන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්තික්ක *[විසිපෙහහි] නම්**[පළමුවැනි  උපෙල්ඛනෙයහි දැක්වෙන්නේ ය: 
එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන පරිදි ඒ පරිපාලන දිස්තික්ක, ඒවාට වෙනස් වූ පරිපාලන දිස්තික්ක සංයුක්ත වන පරිදි, නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය.]"


මේකේ කියන්නේ ශ්‍රි ලංකා ජනරජය පරිපාලන දිස්ත්‍රික්ක 25කින් ද දේශීය ජල තීරෙයන් ද සමන්විත වනව කියල. කලින්  පරිපාලන දිස්ත්‍රික්ක 24ක් පැවති අතර 1983නේ ගෙනආ 7 වන සoශොදනයේ ප්‍රකාරව යාපනය දිස්ත්‍රික්ක දෙකට කැඩීමෙන් කිලිනොච්චිය නැමැති පරිපාලන දිස්ත්‍රික්කය අලුතින් එකතු කරන ලදී. පරිපාලන දිස්තික්ක 25 නම් පළමුවැනි  උපෙල්ඛනෙයහි දක්වල තියනව. ඒක මන් පහතින් දාන්නම්.

පළමු වැනි උපෙල්ඛනය  5 වැනි වවස්ථාව  පරිපාලන දිස්ත්‍රික්කවල නම් 

"1. කොළඹ 2. ගම්පහ 3. කළුතර  4. මහනුවර  5. මාතෙල්  6. නුවරඑළිය  7. ගාල්ල  8. මාතර  9. හම්බන්තොට 10. යාපනය  *[11. කිලිනොච්චිය]  12. මන්නාරම  13. වවුනියාව  14. මුලතිව්  15. මඩකලපුව  16. අම්පාර  17. තිකුණාමලය  18. කුරුණෑගල  19. පුත්තලම  20. අනුරාධපුරය  21. පොළොන්නරුව  22. බදුල්ල  23. මොනරාගල  24. රත්නපුරය  25. කෑගල්ල"  

ඔයාලට අමතර කාරනා කිහිපයක් කියන්නම්,
ශ්‍රි ලංකාවේ මුලු වර්ගඵලය 65610km2 (වර්ග කිලෝමීටර්) වෙනවා. අපට අයිති මුහුදු සීමාවත් කොටස් 2ක් තියනව එ දේශීය ජල තීරය හා අනන්‍ය ආර්තික කලාපය (EEZ) ලෙස. දේශීය ජල තීරය  පාද රේකාවේ සිට නාවික සැතපුම් 12කින් සමන්විත වේ, අනන්‍ය ආර්තික කලාපය (EEZ) පාද රේකාවේ සිට නාවික සැතපුම් 200යකට මෙහා ජල කොටස වේ.
මැතිවරන දිස්ත්‍රික්ක 22කි,  පරිපාලන දිස්ත්‍රික්ක වලට වඩා මැතිවරන දිස්ත්‍රික්ක අඩු වන්නේ පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක් එකාබද්ධ  වී මැතිවරන දිස්ත්‍රික්ක නිර්මානය වු නිසාය. යාපලය, කිලිනොච්චිය එකතු වී යාපනය මැතිවරන දිස්ත්‍රික්කය ද, මුලතිව්, මන්නාරම, වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්ක එකතු වී වන්නි  මැතිවරන දිස්ත්‍රික්කය ද නිර්මානය වී ඇත, ඒ වගේම මේ කාර්‍යයන් සියල්ල කරන්න නියම වෙලාතියෙන්නේ මැතිවරන දිස්ත්‍රික්ක සීමා නීර්ණ කොමිසන් සභාවට ය. මැතිවරන කාලයෙදී අම්පාර දිස්ත්‍රික්කය දිගාමඩුල්ල යන නමින් හඳුන්වනවා මේ කාර්‍යයත් පැවරෙන්නෙ කලින් කිවුව කොමිසන් සභාවට ය.
ලoකාවේ පලාත් පාලන ආයතන 3ක් පවතිනව, 1) ප්‍රාදේශීය සභාව, 2) නගර සභාව, 3) මහනගර සභාව. ලෙසය.
මේ ඔයාලට අමතර දැනුමක් ලබා දුන්නේ, මේක අපි සාකච්ඡා කල වගන්තියට අදාල වෙන්නේ නෑ. වගන්තියට ආසන්නයෙන් යන කරුනු තමා ඔයාලට දුන්නේ.

එහෙන්ම් අදට අපේ සාකච්ඡාව ඉවරයි, මන් මේ එකින් එක දෙන්නෙ ඔයාලට පැහැදිලි කරගනීමේ පහසුව නිසා.

එහෙනම් ලිපිය කියවන්න ඇතිනේ, ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න shear කරන්න, මොනවහරි ඔයලගේ යොජනා චෝදනා තියනවනම් පහලින් comment කරන්න.
එහෙන්ම් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනව!




1 comment: