* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, January 10, 2015

Democracy (ප්‍රජාතන්ත්‍රවාදය)

මම මේ මතෘකාව ගැන කතා කරන්න තිරනය කලේ අද සමජයේ ගොඩක් අය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද, එකේන් අපිට ලැබෙන්නේ මොනව ද කියල දන්නෙ නෑ ඉතින් එක නිසා මන් මේ ලිපිය ඔයාලට දෙන්න හිතුවා. ඉතින් අපි මතෘකාව සාකච්ඡා කරන්න පටන් ගම්මු.

ලොකයේ පවතින පාලන ක්‍රම අතරින් හොදම පාලන ක්‍රමය වන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි.  මුලින්ම ප්‍රජාතන්ත්‍රක මුලධර්ම ලොකයට ඉදිරිපත් වීම ආරම්භ වුයේ ග්‍රිසියේ සිටය. දේශපලනයද විදිමත් ලෙස ආරම්භ වුයේ ද  ග්‍රිසියේ සිටය.  එහිදි  රාජ්‍යක ප්‍රජාතන්ත්රවාදය  පදනම මත අංග සතර පවතී,
1) පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් රජයක් තොරාපත් කර ගැනීම හො ප්‍රතිස්ථාපනය කරිම;
2) දේශපාලනය සහ ජන ජීවිතයට පුරවැසියන්ගේ ක්‍රියාකාරී  සහභාගිත්වය තිබීම;
3) සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂාවී තිබේ;
4) සියලු පුරවැසියන්ට නීතිය සමානව අදාළ වන නීතියේ පාලනය තිබී (නිතියේ ආධිප්‍රත්‍ය තිබීම),
පැහැදිලිවම කියනවා නම්, පුරවැසියන් විසින් තොරාපත් කරගන්නා නියොජිතයන් මාර්ගයෙන් රටේ පාලන කටයුතු සිදු කිරීම මෙහී ප්‍රධාන වශයෙන් පිලිබිඹු වන කාරනාව වේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභේද දෙකක් පවතී,
1) සෘජු ප්‍රජාතන්ත්‍රවාදය,
2) වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය.
අතීතයේ රටේ පුරවසියන් එකට එක් ස්ථානයකට එකතු වී එදිනෙදා පාලන කටයුතු මෙහෙයවා ඇත. මෙම ක්‍රමය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වේ. (පුරවැසියන් සෘජුවම පාලන ටයුතුවලට  සහභාගීවිම වීම), නමුත් ජනගහනයේ වැඩි වීම නිසා සියල්ලටම එකට එකතු වී පාලන කටයුතු කර ගැනීමට අපහසු වීමත් මෙන්ම ඔවුන්ගේ අනෙකුත් වැඩ රාජකාරි හේතුවෙන් එදිනෙදා පාලන කටයුතු සඳහා කාලය නොමැති වීමත් නිසා පුරවසියන් විසින් තමන් වෙනුවට නියොජිතයෙක් පත්කොට එදිනෙදා පාලන කටයුතු මෙහයවීම ආරම්භ කර ඇත. මෙම ක්‍රමය නියෝජන හෙවත් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැදින්විය හැක. එය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී. නමුත් සමහර රටවල් ප්‍රජාතන්ත්‍රවාදී මුහුනුවරක් ගත්තද පාලන තන්ත්‍රයේ එය නාම මාත්‍රික වේ.
ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක පාලකයා එම රටේ පුරවැසියන්ට වගකිව යුතුය. පරමධිප්‍රත්‍ය බලය රටේ සියලු  පුරවසියන් සතු  වේ.
උදාහරණයක් ලෙස සුවිස්ටර් ලන්තය පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටකි.

ප්‍රජාතන්ත්‍රවාදී පලන රාමුවක් තුල,
  • නිතියේ අධිප්‍රත්‍ය, 
  • අධිකරනයේ ස්වධිනත්වය,
  • මාධ්‍යයේ ස්වධිනත්වය, 
  • පූර්ණ මූලික අයිතිවසිකම් (ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ තුලත් සියල්ල) ,
  • ඡන්ද ලබා අයිතිය,
  • ස්වධින රජ්‍ය සේවයක්,
  • ආණ්ඩුවේ විනිවිඳ භාවය,
යන කරනා සම්පූර්නයෙන්ම පවතී.
දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක් ද කියල ඔයාලට සමාන්‍යයෙන් අවබොධයක් ලබාගත හැක.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල ආඥාදායක, කෲරතර පාලකයන් බිහිවීමට ඉඩක් නොමැත. මන්ද ඒ, පාලකයාගේ පාලනයේ විනිශ්චයකාරවරුන් වන්නේ රටේ පුරවසියන් බැවින් පාලකයා අනිසි
ආකරයට පාලනය ගෙනයාමට තැත් කරන විට ඔහුව බලයෙන් නෙරපීමට පුරවැසියන්ට පූර්න අයිතියක් ඇත. 





මෙහි කතෘත්වය උකුසු ඇසේ නිර්මාතෘ වන මට හිමිවේ.
(මෙහි කරුණු මගේ දැනුමෙන් 70%ක් ද තවත් 20%ක් පොත් වලින් ද ඉතිරි 10% අන්තර්ජාලයෙන් ද ලබාගෙන ඇත.)
මෙහි තිබෙන මොනයම්හෝ රචිත කොටස් උපුටාගනිමක් සිදු කරනවානම් කතෘගේ අයිතිය සුරකින මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

0 comments:

Post a Comment