* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Sunday, January 18, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4


අද අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ව්‍යවස්ථාවක් (වගන්තිය) ගැන කතා කරමු.


ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 වන කොටස

I පරිච්ඡේදය, 4වන ව්‍යවස්ථාව,

පළමු පරිච්ඡේදයේ 4වන ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ පරමධිපත්‍යය ක්‍රියාත්මක කිරීම යනුවෙනි.

එනම් ජනතාව තමන්ට ලැබෙන පරමධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන ආකරය කෙසේද කියල මේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී ඇත. එය 4 වන ව්‍යවස්ථාවේ සඳහන් කොට එය අනු ව්‍යවස්ථා වලින් වැඩි දුරටත් පෙන්වාදී ඇත.

එය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ මේ ආකාරයටය,

4. ජනතාවෙග් පරමාධිපතය කියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරෙයන් සිදුවන්නේ ය:-
( අ)  ජනතාවෙග් ව්‍යවස්ථාදායක  බලය ජනතාව විසින්  තෝරා පත්කර ගනු ලබන මන්තීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද කියාත්මක කළ  යුත්තේ ය;
( ආ)  රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් කියාත්මක කළ යුත්තේ ය;
( ඇ)  නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම කියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවෙගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් ඇති කොට පිහිටුවන ලද  හෝ ආණ්ඩුකම වවස්ථාවෙන් පිළිගන්නා ලද  නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් කියාත්මක කළ  යුත්තේ ය;
( ඈ)  ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය;  වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන  සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය;
( ඉ)  අටෙළොස් (18) විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලසවා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමෙල්ඛනෙය් ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ  ද,
සෑම පුරවැසියකු  විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා  තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී  ද, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණෙය් දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය
කියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.


මෙකේ සමහරක් අනු ව්‍යවස්ථා ඔයාලට කියවද්දි කැරකිල්ල වගේ හැදෙන්න ඇති. මෙකෙ පොඩ්ඩක් අපැහදිලි වෙන්නෙ  ( ඇ) වන අනු ව්‍යවස්ථා තමා, එකේ කියන්නේ ජනතාවගේ අධිකරන බලය නිතියට අනුව පාර්ලිමේන්තුව විසින් ඇති කොට ඇති හෝ යම් නීතියක් මගින් පිහිටවා ඇති අධිකරනයක් මගින් ක්‍රියාත්මක කල හැක්කේය. එමෙන්ම නීතියට අනුව පාර්ලිමේන්තුව විසින් ම කියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද ද ඉහත සඳහන් ආකාරයට ක්‍රියාත්මක කල හැකිය. යනුවෙන් ( ඇ) වන අනු ව්‍යවස්ථාවේ සඳහන් වේ. දල වශයෙන් පැහැදිලි කිරීමකි.

අදට අවසන් ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...

මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

0 comments:

Post a Comment