* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Friday, January 16, 2015

බුදු දහම

බෞද්ධ කොඩිය

බුදු දහමේ මුලික සoකල්පය  ප්‍රඤාව ලැබීමයි. බුදුන් වහන්සේ යනු එම ප්‍රඤාවේ ඉහලම තලයට පත්වු මනුෂ්‍යයෙකි. උන්වහන්සේ මනුෂ්‍යයකු ලෙස උපත ලැබූවත්, ඉහත කී මහා ප්‍රඤාව හෙවත් බුද්ධත්වය ලද පසු සමාන්‍ය මිනිස් චරිතයට වඩා අති උතුම් චින්තනයක් ඇති උත්තරීතර මනුෂ්‍යයෙකු වුහ. ඒ මඩදියෙහි හටගත්තද ඉන් ඉහළට එසවී මඩ දියෙහින් නොගෑවී පිපෙන පියුමක් පරිද්දෙනි. උන්වහන්සේගේ මහා ප්‍රඤාව යනු මිනිසා අත්විඳින දුකේ සැබෑ ස්වාභාවය, ඊට මුල්වන හේතු සහ එම හේතු නැති කරන ආකාරය අවබෝධ කර ගැනීමටයි. නිවන යනු එයයි .....
බුදුන් වහන්සේ ක්‍රි.පු. 623 වර්ෂයේ වර්තමාන නේපාලයට අයත් ලුම්බිණි නම් උද්‍යානයක උපත ලදහ. සිද්ධාර්ථ යන නම ලද උන්වහන්සේ දෙමාපියන් වුයේ කපිලවස්තුපුර පාලකයා වු ශුද්ධෝදන රජු  සහ මහාමායා දේවියයි. (මෙතන ඉදල අපේ සිoහල හැමෝම වගේ දන්නවනේ)ගිහිගෙය හැර ගොස් පැවිදි වී වසර 6ක් පමන උත්සාහ කිරීමෙන් පසු බුද්ධත්වයට පත් උන්වහන්සේ ලෝවැස්සන්ට පුරා වසර හතළිස් පහක් දුකේ ස්වභාවයත්, ඉන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ගය ගැනත් දේශනා කළහ. පසුව ක්‍රි.පු. 543 දී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී වෙසක් පුර පසළොස්වක පෝ දිනක දී පිරිනිවන් පෑ සේක.

ආර්‍ය අෂ්ටාoගික මාර්ගය සoකේතවත් කරන ධර්ම චක්‍රය.
බුදු දහමේ ප්‍රධාන ප්‍රස්තුත
  • දුක්ඛ,සමුදය,නිරෝධ,මාර්ග යන චතුරාර්‍ය සත්‍ය ධර්මය ලොව ඇති පරම සත්‍යයයි.
  • මිනිස් ජීවිතය දුකින් පිරී ඇත.එම දුක හටගන්නේ තණ්හාව නිසයි.
  • මෙම තණ්හාව තුරන් කළ විට දුකින් මිදිය හැක.
  • තණ්හාව තුරන් කළ හැක්කේ ආර්‍ය අෂ්ටාoගික මාර්ගය නම් උතුම් මඟෙහි ගමන් කිරීමෙනි.
  • එම ගමනේ අවසනය නිර්වාණයයි. නිවනට පත් පුද්ගලයා යලි සසරට නොපිවිසෙන බැවින් ඔහු නැවත දුක් විඳීමකට ගොදුරු නොවේ.

බුදු දහම හා සබැඳි ප්‍රධාන උත්සව
  • බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය සහ සිදුවීම් සියල්ල වසරේ වෙසක් හෙවත් මැයි මස පසලොස්වක පෝදා සිදුවු බැවින් එදින වෙසක් උත්සවය පැවැත්වේ.
  • මේ හැර වසරේ හැම මසකම පසලොස්වක පෝය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. එදින බෞද්ධ වෙහෙර විහාරවල පුද පුජා හා ආගමික වතාවත් සිදු කෙරේ.
මිනිස් වර්ගයාට මහත් ශාන්තියක් උදාකළ මේ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් මානව කලා ශිල්පය සහ සහිත්‍යය බෙහෙවින් පෝෂණය විය.


මේ ලිපිය ගොඩාක්ම පල කලේ අපේ බෞද්ධයන්ට නෙවේ. බෞද්ධයන් මෙයිට වඩා විස්තර දන්නවනේ. මේක දැම්මේ බෞද්ධ නොවන අන්‍යාගමික බෞද්ධ ආගම ගැන නොදන්න පුද්ගලයන්ටයි. බෞද්ධ ආගම ගැන මුලික වශයෙන් අවබෝදයක් ලබා ගැනීමටයි.
වරද්දන්නේ නැතිව like එකක් දාලම යන්න. ඔයල දාන like මව තවත් ප්‍රොබොදමත් වෙනව.

0 comments:

Post a Comment