* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, January 17, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3


අද වැඩිය වල්පල් නැතිව අද අපි කෙලින්ම සාකච්ඡාවට බහිමු. මොකද අපිට තව වගන්ති හෙන තොගයක් තියනවනේ. මුල් ලිපිය බලන්න ඔනේ මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 වන කොටස

පළමු පරිච්ඡේදයේ තෙවන(3) ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ ජනතාවගේ පරමධිපත්‍යය සඳහා ය.

3න් වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ රටේ පරමධිපත්‍යය කා කෙරෙහි පිහිටා ඇති ද, එයට මොනවා ඇතුලත් වේ ද යන්නයි. ජනතාවගේ පරමධිපත්‍යය යනු  කිසිම බාදා කිරීමකින් තොරව පාලන කටයුතු ජනතාවට කරගෙන යාමේ හැකියාවයි. දැන් පාලන ක්‍රමය වෙනස් වෙලා නියොජිතයන් පත් කිරීම ජනතාවට කැමති නියොජිතයෙකු පත් කරගැනීමට ජනතාවට අයිතියක් ඇත. මුලික අයිතිවාසිකම් සියල්ල ජනතාවට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරගත හැක. ජනතාවට විධායක බලය, ව්‍යවස්තාදායක බලය යන දෙකම ජනතාවට ඇත. ජනතාව එය ක්‍රියාත්මක කරන්නේ නියොජිතයන් මාරගයෙන් ය.

එම ව්‍යවස්ථාව (වගන්තිය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේය,

3. ශ්‍රි ලංකා ජනරජෙයේ පරමාධිපත්‍යය ජනතාව කෙරහි පිහිටා ඇත්තේ ය. පරමාධිපතය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.


මතු සම්බන්දයි....

ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...

මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

0 comments:

Post a Comment