* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Friday, January 16, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2

Hi යාලුවනේ,
එදා කතා කරලා නවත්තපු තැන ඉදලා අද කතා කරමු, මුල් ලිපිය බලන්න ඕනේ නම් මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන කොටස

පළමු පරිච්ඡේදයේ දෙවන ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ ශ්‍රී ලoකාව එකීය රජ්‍යයක් ද සන්දීය රජ්‍යයක් ද කියන එවාටයි.
  • එකීය රාජ්‍යයක් යනු රටේ වෙන වෙනම ම  කොටස් වලට බෙදී නොමැති, එක මධ්‍යම  ආණ්ඩුවක් මගින් මුලු රටම පාලනය කරන රජ්‍යයන්‍ ය.
  • සන්දීය රාජ්‍යයක් යනු රට කොටස් කොටස් වලට බෙදී  ප්‍රාන්ත වශයෙන් ඒ ඒ ප්‍රාන්ත වල පාලනය ඒ ඒ ප්‍රාන්ත වල ආණ්ඩු විසින් සිදු කරයි.එමෙන්ම මෙම ක්‍රමය ක්‍රියාත්මක වන රටවල මධ්‍යම ආණ්ඩුවක් ද පවතී මධ්‍යම ආණ්ඩුවේ  පාලනයට යටත්ව ප්‍රන්ත රාජ්‍යයන් පාලනය ගෙන යා යුතුය. 
උදා: ඉන්දියාව.

පළමු පරිච්ඡේදයේ දෙවන ව්‍යවස්ථාව (වගන්තියට) අනුව ශ්‍රී ලoකාව එකීය රජ්‍යයකි.
එය මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
 "2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි."

පසුගිය මැතිවරන දවස් වල යම් පාර්ශවයක් විසින් ඡන්ද වේදිකා තුල නිතරම වාගේ ප්‍රකාශය කරපු අසත්‍ය ප්‍රකශනයක් මට මේ ලිපිය අශ්‍රයෙන් පැහදිලි කිරීමක් කරන්න  හිතුන. ඔවුන් පැවසු ආකාරයට  යම් පුද්ගයයෙක් බලයට පත්වීමෙන් රටේ ඒකීය භාවය නැති වෙයි, රට දෙකඩ වෙයි යනුවෙන් පවසීය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,,6,7,8,9,10,11,30(2),62(2) යන වගන්ති වෙනස් කිරීමට හෝ සoශෝදනය කිරිමට නම් පාර්ලිමේන්තුවේ නොපැමිනි මන්ත්‍රීන් ද ඇතුලුව 2/3 කට අඩු නොවන  බලයක් සහ ජනමත විචාරනයකින් ජනතාවගේ වැඩි කැමත්තක් සමඟ අවසානයේ  ජනධිපතිගේ  අත්සන ලැබීමෙන් ඉහත සදහන් ව්‍යවස්තා වෙනස් කිරීමට හෝ සoශෝදනය කිරිමට හැකිය.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII(12) වන පරිච්ඡේදයේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සoශෝධනය කිරීම) 83 වන ව්‍යවස්ථාව( වගන්තිය)

"83) 82 වැනි වවසථාවේ  විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව  ඇත ද-  
( අ) 1 වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල  යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකට; සහ 
( ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතෙහොත්, 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතෙහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවසථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතෙහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,  පක්ෂව දෙන ලද ඡන්ද සංඛාව (නොපැමිණි මන්තීවරයන් ද ඇතුළුව) මුළු මන්තී සංඛාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය."   

කිසිසේත් ඔය ක්‍රියදාමයෙහි එක් කොටසක් හො නොමති වුවහොත් එම ව්‍යවස්ථා වෙනස් කිරීමට කිසිසේත්ම නොහැකිය...

අදට ඇති ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...
මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

0 comments:

Post a Comment