* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, January 28, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 8


ඔන්න අද එහෙන්ම් අපි තවත් කොටසක සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 8 වන කොටස.

අපි මේ සාකච්ඡා කිරිමට සැලසෙන්නේ තෙවන පරිච්ඡේදය ගැන ය. තෙවන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ "මූලික අයිතිවාසිකම්" යනුවෙනි. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන මේ පරිච්ඡේදය සඳහන් වනවා ය යන්නයි.

III පරිච්ඡේදය 10 වන ව්‍යවස්ථාව:-

මෙහි මූලිකා සඳහන් වී ඇත්තේ "සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස" යනුවෙනි
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත ආකාරයට මෙසේ ය  ,

"10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශවාසයක් දැරීමේ  හෝ පිළිගැනීමේ  නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය."  

මේ ව්‍යවස්ථාවේ පවසන ආකාරයට සෑම පුද්ගලයකුටම තමන් කැමති ආගමක් ඇදහීම, වැළඳ ගැනීම, තමන් කැමති විශවාසයක් දැරීම, නිදහසේ සිතීමට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට අයිති වන බව මේ ව්‍යවස්ථවෙන් සඳහන් වේ.

III පරිච්ඡේදය 11 වන ව්‍යවස්ථාව:-

මෙම ව්‍යවස්ථාව මූලික වී ඇත්තේ " වධ හිංසාවලින් නිදහස" යනුවෙනි. එක ඔයාලට පැහදිලි වෙයි ව්‍යවස්ථාව විග්‍රහ කලාම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත ආකාරය මෙසේ ය,

"11. කිසිම  තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැත හොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය."

මේකෙන් කියන එක පැහැදිලි නේ ඉතින්, වැඩි දුරටත් කියනවනම් කිසිම පුද්ගලයෙකුට අමානුෂික වධ හිංසාවලට හෝ අවමන් කිරීමට, දඬුවම් කිරීමට නොගැකිය යනුවෙනි.

පොඩි පොඩි කරුනු තියනකොට අපි එක ලිපියකින් ව්‍යවස්ථා 2ක බැගින් වගේ සාකච්ඡා කරමු. තේරුම් ගැනීමට අපහසු ව්‍යවස්ථා පුලුල්ව ඉතා පැහදිලිව කතා කරමු

අදට එහෙනම් ඇති.
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු
******************************ඔබට ජය!!!!!!******************************


Tuesday, January 27, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 7


ඔන්න අද එහෙන්ම් අපි තවත් කොටසක සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 7 වන කොටස.

I පරිච්ඡේදය 8 වන ව්‍යවස්ථාව:-

I පරිච්ඡේදය 8 වන ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වී ඇත්තේ ජාතික දිනය යනුවෙනි,
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"8. ශ්‍රි ලංකා ජනරජෙය් ජාතික දිනය පෙබරවාරි මස හතරවැනි දිනය වන්නේ ය."

මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. හරි, මේ වගන්තියත් සමගම ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පලමු පරිච්ඡේදය අවසන් වෙනව, එතකොට ඔයාලට පැහැදිලි ඇතිනේ මේ වෙනකල් සාකච්ඡා කරපු පලමු පරිච්ඡේදය, අවුලක් තියනවනම් comment එකක් දාල අහන්න, නැතිනම් Facebook එකට  mg එකක් දාන්න පුලුවන් හැම වෙලාවකම පිළිතුරු ලබා දෙන්න උත්සහ කරන්නම්, අපි එහෙන්ම් ඊලඟ පරිච්ඡේදය සාකච්ඡාවට ආරම්භ කරමු,

II පරිච්ඡේදය 9 වන ව්‍යවස්ථාව:-

මෙම පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් වී ඇත්තේ  "බුද්ධාගම" යනුවෙනි, ඒ කියන්නේ ආණ්ඩුව තුල බුද්ධාගම හිමි ස්ථානය ගැනය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"9. ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛසථානය පිරිනමන්නේ ය."

එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදෙයන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත  කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.
මේ ව්‍යවස්ථාවේ සඳහන් කරන ආකාරයට ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛසථානය ලබා දී ඇති අතර  අනෙකුත් ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය ආරක්ශා කරමින් වැඩිදියුණු කිරීම රජයේ වගකීමක් යනුවෙනි. ඒ වගේ ම අනු  ව්‍යවස්ථා වල සඳහන් වෙන්නෙ මොනවද කියල අපි බලමු ඉදිරියට. මොකද දෙවන පරිච්ඡේදයත් 9 වන ව්‍යවස්ථාවෙන් අවසන් වෙනව. ඉතින් 10 වන ව්‍යවස්ථාවත් මේකත් සමගම සාකච්ඡා කලොත් ඔයාලට පැටලෙනව, මන්ද ඒ 10 වන ව්‍යවස්ථාව තෙවන පරිච්ඡේදයේ පවතින බැවින්.
එහෙනම් අදට ඇති.
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු
******************************ඔබට ජය!!!!!!******************************

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 6


අද ඔන්න මන් ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 6 වන කොටස ඔයාලට අරන් ආවා... හරි වැඩි වල්පල් නැතිව අපි සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 6 වන කොටස.


I පරිච්ඡේදය 6වන ව්‍යවස්ථාව:-
මෙම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජාතික කොඩිය ගැනය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"6. ශ්‍රී ලංකා ජනරජෙය් ජාතික කොඩිය, දෙවැනි උපෙල්ඛනෙයහි නිරූපිත සිංහ කොඩිය වන්නේ ය. "
මේකේ කියල තියන විදිහට දෙවැනි උපෙල්ඛනෙයහි දක්වල තියෙන්නේ  සිංහ කොඩියේ පින්තුරයක්. මේක ගැන වැඩිය විස්තර කරන්න දෙයක් නැති නිසා මම අද ඊළඟ ව්‍යවස්ථාව කතා කරන්න යනව.

I පරිච්ඡේදය 7වන ව්‍යවස්ථාව:-

මෙම වගන්තිය මුලික වෙලා තියෙන්නේ ජාතික ගීය ගැන...

එය ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ,

"7. ශ්‍රී ලංකා ජනරජෙය් ජාතික ගීය “ශී ලංකා මාතා” ගීය වන්නේ  ය. ජාතික ගීයෙහි  පදමාලාව සහ සංගීතය තුන්වැනි උපෙල්ඛනෙයහි දැක්වෙන්නේ ය."

මේකේ කියල තියන විදිහට ජතික ගීය  “ශී ලංකා මාතා” වන බවත් එහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපෙල්ඛනෙයහි දැක්වෙන බවත් ය. ඒකත් ඉතින් ශ්‍රීලංකාවේ කෙනෙක්ට විශේෂෙන් කියන්න ඔනේ නැනේ.

එහෙමන් අදට ඉවරයි,
මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ තියන විදිහට පිළිවෙලටම යන්නේ. එතකොට මේක ගැන අධ්‍යයනය කරන කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් පැහැදිලි කරගත හැකි වෙනව ඒ වගේම මතකයේ හිටින ප්‍රමානයත් වැඩී.
එහෙන්ම් අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු..
ඔබට ජය!!!!!!!!!

මගේ පොඩි අදහසක් තියනව නීතියේ  මූලික කරුණු ගැන සහ අප එදිනෙදා ජිවිතයෙදි දැනගත යුතු නීතිමය කරුනු ගැන ලිපි මාලවක් ඔයාලට දෙන්න ඔයල මොකද හිතන්නේ? යටින් comment එකක් දාන්නකො.




Saturday, January 24, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5

Hi යාලුවනේ
ඉතින් කොහොමද?
ඔන්න අද මම ගෙනාව අපි සාකච්ඡා කරගෙන ආපු ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5 වන කොටස. ඉතින් අපි ආරම්භ කරමු එහෙනම්

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 5 වන කොටස.

අපි කලින් කතා කරපු ලිපි මෙතනින් බලන්න පුලුවන්, අපි I වන පරිච්ඡේදය, 4 වන ව්‍යවස්ථාව (වගන්තිය) ගැන තමා කතා කලේ, අද අපි 5 වන ව්‍යවස්ථාව ගැන කතා කරනව.

I පරිච්ඡේදය 5වන ව්‍යවස්ථාව:-

I පරිච්ඡේදය 5 වන ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත්තේ ජනරජයට අයත් දේශය යනුවෙනී. එනම් ජනරජයට අයත් දෑ මොනවාද යනුවෙන් එහි සඳහන් වී ඇත.  මේකේ වැඩියෙන් විස්තර කරන්න දෙයක් නැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරල තියන ආකාරය තේරුම් ගන්න පුලුවන්. කෝකටත් කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කො.

I පරිච්ඡේදය 5වන ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහල තියන විදිහට තමා තියෙන්නෙ,

 "5. ශ්‍රි ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක*  [විසිපෙහන්ද] ජනරජෙය් දේශීය ජල තීරෙයන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්තික්ක *[විසිපෙහහි] නම්**[පළමුවැනි  උපෙල්ඛනෙයහි දැක්වෙන්නේ ය: 
එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන පරිදි ඒ පරිපාලන දිස්තික්ක, ඒවාට වෙනස් වූ පරිපාලන දිස්තික්ක සංයුක්ත වන පරිදි, නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය.]"


මේකේ කියන්නේ ශ්‍රි ලංකා ජනරජය පරිපාලන දිස්ත්‍රික්ක 25කින් ද දේශීය ජල තීරෙයන් ද සමන්විත වනව කියල. කලින්  පරිපාලන දිස්ත්‍රික්ක 24ක් පැවති අතර 1983නේ ගෙනආ 7 වන සoශොදනයේ ප්‍රකාරව යාපනය දිස්ත්‍රික්ක දෙකට කැඩීමෙන් කිලිනොච්චිය නැමැති පරිපාලන දිස්ත්‍රික්කය අලුතින් එකතු කරන ලදී. පරිපාලන දිස්තික්ක 25 නම් පළමුවැනි  උපෙල්ඛනෙයහි දක්වල තියනව. ඒක මන් පහතින් දාන්නම්.

පළමු වැනි උපෙල්ඛනය  5 වැනි වවස්ථාව  පරිපාලන දිස්ත්‍රික්කවල නම් 

"1. කොළඹ 2. ගම්පහ 3. කළුතර  4. මහනුවර  5. මාතෙල්  6. නුවරඑළිය  7. ගාල්ල  8. මාතර  9. හම්බන්තොට 10. යාපනය  *[11. කිලිනොච්චිය]  12. මන්නාරම  13. වවුනියාව  14. මුලතිව්  15. මඩකලපුව  16. අම්පාර  17. තිකුණාමලය  18. කුරුණෑගල  19. පුත්තලම  20. අනුරාධපුරය  21. පොළොන්නරුව  22. බදුල්ල  23. මොනරාගල  24. රත්නපුරය  25. කෑගල්ල"  

ඔයාලට අමතර කාරනා කිහිපයක් කියන්නම්,
ශ්‍රි ලංකාවේ මුලු වර්ගඵලය 65610km2 (වර්ග කිලෝමීටර්) වෙනවා. අපට අයිති මුහුදු සීමාවත් කොටස් 2ක් තියනව එ දේශීය ජල තීරය හා අනන්‍ය ආර්තික කලාපය (EEZ) ලෙස. දේශීය ජල තීරය  පාද රේකාවේ සිට නාවික සැතපුම් 12කින් සමන්විත වේ, අනන්‍ය ආර්තික කලාපය (EEZ) පාද රේකාවේ සිට නාවික සැතපුම් 200යකට මෙහා ජල කොටස වේ.
මැතිවරන දිස්ත්‍රික්ක 22කි,  පරිපාලන දිස්ත්‍රික්ක වලට වඩා මැතිවරන දිස්ත්‍රික්ක අඩු වන්නේ පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක් එකාබද්ධ  වී මැතිවරන දිස්ත්‍රික්ක නිර්මානය වු නිසාය. යාපලය, කිලිනොච්චිය එකතු වී යාපනය මැතිවරන දිස්ත්‍රික්කය ද, මුලතිව්, මන්නාරම, වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්ක එකතු වී වන්නි  මැතිවරන දිස්ත්‍රික්කය ද නිර්මානය වී ඇත, ඒ වගේම මේ කාර්‍යයන් සියල්ල කරන්න නියම වෙලාතියෙන්නේ මැතිවරන දිස්ත්‍රික්ක සීමා නීර්ණ කොමිසන් සභාවට ය. මැතිවරන කාලයෙදී අම්පාර දිස්ත්‍රික්කය දිගාමඩුල්ල යන නමින් හඳුන්වනවා මේ කාර්‍යයත් පැවරෙන්නෙ කලින් කිවුව කොමිසන් සභාවට ය.
ලoකාවේ පලාත් පාලන ආයතන 3ක් පවතිනව, 1) ප්‍රාදේශීය සභාව, 2) නගර සභාව, 3) මහනගර සභාව. ලෙසය.
මේ ඔයාලට අමතර දැනුමක් ලබා දුන්නේ, මේක අපි සාකච්ඡා කල වගන්තියට අදාල වෙන්නේ නෑ. වගන්තියට ආසන්නයෙන් යන කරුනු තමා ඔයාලට දුන්නේ.

එහෙන්ම් අදට අපේ සාකච්ඡාව ඉවරයි, මන් මේ එකින් එක දෙන්නෙ ඔයාලට පැහැදිලි කරගනීමේ පහසුව නිසා.

එහෙනම් ලිපිය කියවන්න ඇතිනේ, ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න shear කරන්න, මොනවහරි ඔයලගේ යොජනා චෝදනා තියනවනම් පහලින් comment කරන්න.
එහෙන්ම් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනව!




Sunday, January 18, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4


අද අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ව්‍යවස්ථාවක් (වගන්තිය) ගැන කතා කරමු.


ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 වන කොටස

I පරිච්ඡේදය, 4වන ව්‍යවස්ථාව,

පළමු පරිච්ඡේදයේ 4වන ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ පරමධිපත්‍යය ක්‍රියාත්මක කිරීම යනුවෙනි.

එනම් ජනතාව තමන්ට ලැබෙන පරමධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන ආකරය කෙසේද කියල මේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී ඇත. එය 4 වන ව්‍යවස්ථාවේ සඳහන් කොට එය අනු ව්‍යවස්ථා වලින් වැඩි දුරටත් පෙන්වාදී ඇත.

එය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ මේ ආකාරයටය,

4. ජනතාවෙග් පරමාධිපතය කියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරෙයන් සිදුවන්නේ ය:-
( අ)  ජනතාවෙග් ව්‍යවස්ථාදායක  බලය ජනතාව විසින්  තෝරා පත්කර ගනු ලබන මන්තීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද කියාත්මක කළ  යුත්තේ ය;
( ආ)  රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් කියාත්මක කළ යුත්තේ ය;
( ඇ)  නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම කියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවෙගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් ඇති කොට පිහිටුවන ලද  හෝ ආණ්ඩුකම වවස්ථාවෙන් පිළිගන්නා ලද  නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් කියාත්මක කළ  යුත්තේ ය;
( ඈ)  ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය;  වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන  සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය;
( ඉ)  අටෙළොස් (18) විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලසවා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමෙල්ඛනෙය් ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ  ද,
සෑම පුරවැසියකු  විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා  තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී  ද, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණෙය් දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය
කියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.


මෙකේ සමහරක් අනු ව්‍යවස්ථා ඔයාලට කියවද්දි කැරකිල්ල වගේ හැදෙන්න ඇති. මෙකෙ පොඩ්ඩක් අපැහදිලි වෙන්නෙ  ( ඇ) වන අනු ව්‍යවස්ථා තමා, එකේ කියන්නේ ජනතාවගේ අධිකරන බලය නිතියට අනුව පාර්ලිමේන්තුව විසින් ඇති කොට ඇති හෝ යම් නීතියක් මගින් පිහිටවා ඇති අධිකරනයක් මගින් ක්‍රියාත්මක කල හැක්කේය. එමෙන්ම නීතියට අනුව පාර්ලිමේන්තුව විසින් ම කියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද ද ඉහත සඳහන් ආකාරයට ක්‍රියාත්මක කල හැකිය. යනුවෙන් ( ඇ) වන අනු ව්‍යවස්ථාවේ සඳහන් වේ. දල වශයෙන් පැහැදිලි කිරීමකි.

අදට අවසන් ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...

මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

Saturday, January 17, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3


අද වැඩිය වල්පල් නැතිව අද අපි කෙලින්ම සාකච්ඡාවට බහිමු. මොකද අපිට තව වගන්ති හෙන තොගයක් තියනවනේ. මුල් ලිපිය බලන්න ඔනේ මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 වන කොටස

පළමු පරිච්ඡේදයේ තෙවන(3) ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ ජනතාවගේ පරමධිපත්‍යය සඳහා ය.

3න් වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ රටේ පරමධිපත්‍යය කා කෙරෙහි පිහිටා ඇති ද, එයට මොනවා ඇතුලත් වේ ද යන්නයි. ජනතාවගේ පරමධිපත්‍යය යනු  කිසිම බාදා කිරීමකින් තොරව පාලන කටයුතු ජනතාවට කරගෙන යාමේ හැකියාවයි. දැන් පාලන ක්‍රමය වෙනස් වෙලා නියොජිතයන් පත් කිරීම ජනතාවට කැමති නියොජිතයෙකු පත් කරගැනීමට ජනතාවට අයිතියක් ඇත. මුලික අයිතිවාසිකම් සියල්ල ජනතාවට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරගත හැක. ජනතාවට විධායක බලය, ව්‍යවස්තාදායක බලය යන දෙකම ජනතාවට ඇත. ජනතාව එය ක්‍රියාත්මක කරන්නේ නියොජිතයන් මාරගයෙන් ය.

එම ව්‍යවස්ථාව (වගන්තිය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේය,

3. ශ්‍රි ලංකා ජනරජෙයේ පරමාධිපත්‍යය ජනතාව කෙරහි පිහිටා ඇත්තේ ය. පරමාධිපතය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.


මතු සම්බන්දයි....

ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...

මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

Friday, January 16, 2015

බුදු දහම

බෞද්ධ කොඩිය

බුදු දහමේ මුලික සoකල්පය  ප්‍රඤාව ලැබීමයි. බුදුන් වහන්සේ යනු එම ප්‍රඤාවේ ඉහලම තලයට පත්වු මනුෂ්‍යයෙකි. උන්වහන්සේ මනුෂ්‍යයකු ලෙස උපත ලැබූවත්, ඉහත කී මහා ප්‍රඤාව හෙවත් බුද්ධත්වය ලද පසු සමාන්‍ය මිනිස් චරිතයට වඩා අති උතුම් චින්තනයක් ඇති උත්තරීතර මනුෂ්‍යයෙකු වුහ. ඒ මඩදියෙහි හටගත්තද ඉන් ඉහළට එසවී මඩ දියෙහින් නොගෑවී පිපෙන පියුමක් පරිද්දෙනි. උන්වහන්සේගේ මහා ප්‍රඤාව යනු මිනිසා අත්විඳින දුකේ සැබෑ ස්වාභාවය, ඊට මුල්වන හේතු සහ එම හේතු නැති කරන ආකාරය අවබෝධ කර ගැනීමටයි. නිවන යනු එයයි .....
බුදුන් වහන්සේ ක්‍රි.පු. 623 වර්ෂයේ වර්තමාන නේපාලයට අයත් ලුම්බිණි නම් උද්‍යානයක උපත ලදහ. සිද්ධාර්ථ යන නම ලද උන්වහන්සේ දෙමාපියන් වුයේ කපිලවස්තුපුර පාලකයා වු ශුද්ධෝදන රජු  සහ මහාමායා දේවියයි. (මෙතන ඉදල අපේ සිoහල හැමෝම වගේ දන්නවනේ)ගිහිගෙය හැර ගොස් පැවිදි වී වසර 6ක් පමන උත්සාහ කිරීමෙන් පසු බුද්ධත්වයට පත් උන්වහන්සේ ලෝවැස්සන්ට පුරා වසර හතළිස් පහක් දුකේ ස්වභාවයත්, ඉන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ගය ගැනත් දේශනා කළහ. පසුව ක්‍රි.පු. 543 දී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී වෙසක් පුර පසළොස්වක පෝ දිනක දී පිරිනිවන් පෑ සේක.

ආර්‍ය අෂ්ටාoගික මාර්ගය සoකේතවත් කරන ධර්ම චක්‍රය.
බුදු දහමේ ප්‍රධාන ප්‍රස්තුත
  • දුක්ඛ,සමුදය,නිරෝධ,මාර්ග යන චතුරාර්‍ය සත්‍ය ධර්මය ලොව ඇති පරම සත්‍යයයි.
  • මිනිස් ජීවිතය දුකින් පිරී ඇත.එම දුක හටගන්නේ තණ්හාව නිසයි.
  • මෙම තණ්හාව තුරන් කළ විට දුකින් මිදිය හැක.
  • තණ්හාව තුරන් කළ හැක්කේ ආර්‍ය අෂ්ටාoගික මාර්ගය නම් උතුම් මඟෙහි ගමන් කිරීමෙනි.
  • එම ගමනේ අවසනය නිර්වාණයයි. නිවනට පත් පුද්ගලයා යලි සසරට නොපිවිසෙන බැවින් ඔහු නැවත දුක් විඳීමකට ගොදුරු නොවේ.

බුදු දහම හා සබැඳි ප්‍රධාන උත්සව
  • බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය සහ සිදුවීම් සියල්ල වසරේ වෙසක් හෙවත් මැයි මස පසලොස්වක පෝදා සිදුවු බැවින් එදින වෙසක් උත්සවය පැවැත්වේ.
  • මේ හැර වසරේ හැම මසකම පසලොස්වක පෝය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. එදින බෞද්ධ වෙහෙර විහාරවල පුද පුජා හා ආගමික වතාවත් සිදු කෙරේ.
මිනිස් වර්ගයාට මහත් ශාන්තියක් උදාකළ මේ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් මානව කලා ශිල්පය සහ සහිත්‍යය බෙහෙවින් පෝෂණය විය.


මේ ලිපිය ගොඩාක්ම පල කලේ අපේ බෞද්ධයන්ට නෙවේ. බෞද්ධයන් මෙයිට වඩා විස්තර දන්නවනේ. මේක දැම්මේ බෞද්ධ නොවන අන්‍යාගමික බෞද්ධ ආගම ගැන නොදන්න පුද්ගලයන්ටයි. බෞද්ධ ආගම ගැන මුලික වශයෙන් අවබෝදයක් ලබා ගැනීමටයි.
වරද්දන්නේ නැතිව like එකක් දාලම යන්න. ඔයල දාන like මව තවත් ප්‍රොබොදමත් වෙනව.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2

Hi යාලුවනේ,
එදා කතා කරලා නවත්තපු තැන ඉදලා අද කතා කරමු, මුල් ලිපිය බලන්න ඕනේ නම් මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන කොටස

පළමු පරිච්ඡේදයේ දෙවන ව්‍යවස්ථාව (වගන්තිය) වෙන්වී අත්තේ ශ්‍රී ලoකාව එකීය රජ්‍යයක් ද සන්දීය රජ්‍යයක් ද කියන එවාටයි.
  • එකීය රාජ්‍යයක් යනු රටේ වෙන වෙනම ම  කොටස් වලට බෙදී නොමැති, එක මධ්‍යම  ආණ්ඩුවක් මගින් මුලු රටම පාලනය කරන රජ්‍යයන්‍ ය.
  • සන්දීය රාජ්‍යයක් යනු රට කොටස් කොටස් වලට බෙදී  ප්‍රාන්ත වශයෙන් ඒ ඒ ප්‍රාන්ත වල පාලනය ඒ ඒ ප්‍රාන්ත වල ආණ්ඩු විසින් සිදු කරයි.එමෙන්ම මෙම ක්‍රමය ක්‍රියාත්මක වන රටවල මධ්‍යම ආණ්ඩුවක් ද පවතී මධ්‍යම ආණ්ඩුවේ  පාලනයට යටත්ව ප්‍රන්ත රාජ්‍යයන් පාලනය ගෙන යා යුතුය. 
උදා: ඉන්දියාව.

පළමු පරිච්ඡේදයේ දෙවන ව්‍යවස්ථාව (වගන්තියට) අනුව ශ්‍රී ලoකාව එකීය රජ්‍යයකි.
එය මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
 "2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි."

පසුගිය මැතිවරන දවස් වල යම් පාර්ශවයක් විසින් ඡන්ද වේදිකා තුල නිතරම වාගේ ප්‍රකාශය කරපු අසත්‍ය ප්‍රකශනයක් මට මේ ලිපිය අශ්‍රයෙන් පැහදිලි කිරීමක් කරන්න  හිතුන. ඔවුන් පැවසු ආකාරයට  යම් පුද්ගයයෙක් බලයට පත්වීමෙන් රටේ ඒකීය භාවය නැති වෙයි, රට දෙකඩ වෙයි යනුවෙන් පවසීය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,,6,7,8,9,10,11,30(2),62(2) යන වගන්ති වෙනස් කිරීමට හෝ සoශෝදනය කිරිමට නම් පාර්ලිමේන්තුවේ නොපැමිනි මන්ත්‍රීන් ද ඇතුලුව 2/3 කට අඩු නොවන  බලයක් සහ ජනමත විචාරනයකින් ජනතාවගේ වැඩි කැමත්තක් සමඟ අවසානයේ  ජනධිපතිගේ  අත්සන ලැබීමෙන් ඉහත සදහන් ව්‍යවස්තා වෙනස් කිරීමට හෝ සoශෝදනය කිරිමට හැකිය.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII(12) වන පරිච්ඡේදයේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සoශෝධනය කිරීම) 83 වන ව්‍යවස්ථාව( වගන්තිය)

"83) 82 වැනි වවසථාවේ  විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව  ඇත ද-  
( අ) 1 වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල  යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකට; සහ 
( ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතෙහොත්, 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතෙහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවසථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතෙහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,  පක්ෂව දෙන ලද ඡන්ද සංඛාව (නොපැමිණි මන්තීවරයන් ද ඇතුළුව) මුළු මන්තී සංඛාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය."   

කිසිසේත් ඔය ක්‍රියදාමයෙහි එක් කොටසක් හො නොමති වුවහොත් එම ව්‍යවස්ථා වෙනස් කිරීමට කිසිසේත්ම නොහැකිය...

අදට ඇති ඉතිරි ටිකත් ඉදිරියෙදි බලාපොරොත්තු වන්න...
මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.

Thursday, January 15, 2015

අද හමුදුරුවන්


මෙන්න අපේ රටේ මිනිස්සුන්ට හොඳ පාර කියල දෙන්න, හොද නරක කියන්නෙ මොනවද කියල බුද්ධ ධර්මයෙන් කියල දෙන්න ඉන්න අය පාරවල් වල ගහගන්නව. ඉතින් කොහොමද සමාජයක් හදන්නේ? සමාජයට වැරදි කියල දෙන්නේ කොහොම ද? රටක, සමාජයක සදාචාරයේ මුල් පුරුක හමුදුරුවො නෙද. මෙවාට මුලික වුන අයට මෙවගේ ප්‍රතිපල හම්බවෙයි එයාලගේ බල ලොබීත්වයට, බල තන්හාවට තමා මේ වගේ කැත ක්‍රියාමර්ග ගන්නේ. අපේ රටේ මිනිස්සු ඔව ගැන දන්නේ නැතිව හැගීම් වලින් නිරීක්ශනය කරපු අයනේ 5,768,090ස් ගානක් ඡන්දෙ දීල තියෙන්නේ, බොදුබල සෙනාව කියල සoගමයක් හදල එකට *** කඩේ යන මිනිස්සු (හමුදුරුවො කියන්න බැ නේ මෙයාලට) ටිකක් දාල හමුදුරුවොත් දෙපැත්තකට කඩල සoඝබේදය ඇති කරල, තව තියනව **** අපේ රටට දුන්න දායාද. සoඝබේදය කියන්නෙ ඇති වෙන්න හොද නැතිම දෙයක් රටකට.  බොදුබල සෙනාවෙන් මොකද කeලේ ඒක කරලියට ආපු දවස් වලම, මුස්ලිම් සිoහල බේද කරපු එක තමා  කලේ බොරු කටකතා පතුරවමින්. හමුදුරුගොල්ලොත් මෙහෙම වෙනකොට අපි කාට ද වදින්නේ? මෙවගේ හමුදුරුවොන්ට අපිට ගෞරවයකින් කතා කරන්න පුලුවන්ද? මගේ නම් මතය හමුදුරුගොල්ලො දේශපාලනයට එන්න හොඳ නෑ, මොකද එතකොට එයාලට පක්ශක්ග්‍රාහී වෙන්න වෙනව. එතකොට විරුද්ධ පත්තේ වැරදි පමනයි පේන්නේ. එයාල කරන හොද පේන්නෙ නෑ, එතකොට තමන්ගේ පැත්තෙ අය වැරදි කරනකොට හරි මාර්ගය පෙන්නන්න බෑ. බුදු හාමුදුරුවෝ පවා කියල තියෙන්නෙ නිකන් නෙවේනෙ. අපිට දැන් පෙනවනේ  මොකද වෙන්නෙ කියල.
 (මට මේ හමුදුරුගොල්ලොන්ගේ පින්තුරේ net එකෙ දැක්කම දහසක් එවල් කටට ආව එවගෙන් සාරාශයක් ඔයලටත් කියන්න හිතුනා. කරන්න දෙයක් නෑ තිත්ත වුනත් මේක තමා අද සමාජයේ අත්ත.)
"සමාවෙන්න ඔනේ ඔයලගේ මේ ලිපියෙන් තැවුලක් ඇති උනානම්"
"ඔයාලා මගේ අදහස අනුමත කරනවද? comment කරන්න.
යාලුවන්ටත් පෙන්න shear කරන්න, like කරන්න"

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1


ඔන්න මම අද ඉඳල ඉතා දිග මාතෘකාවක් ගැන කතා කිරීමට ආරම්බ කරනව. ඔයලට ඔයලගේ දැනුමට මෙය ඉතා ප්‍රයොජනවත්  වෙයි කියල මන් විශ්වාස කරනවා.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරිමටයි මම මේ තැත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරිමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වුවත් අපේ කට්ටියගේ දැනුමට ප්‍රයෝජනවත් වන නිසා මම මේ බාරදූර කාර්‍ය කරනව. මෙය ඉතා දිග මාතෘකාවක් බැවින් කොටස් කොටස් වශයෙන් මන් ඔයාලට ලබා දෙන්නම්.  මම විස්වාස කරනව ඔයාලට අපේ රටේ දැනට පවතින ආණ්ඩුක්‍රමය ගැන මනා දැනුමක් ලබා ගැනීමට හැකිවෙයි. හරි එහෙනම් මන් ආරම්බ කරනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.  1වන කොටස

අපේ රටේ දැනට පවතින්නේ 1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය 1977 පැවති මහා මැතිවරනයෙන් 5/6 ක බලයක් සහිතව පත් වු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු  එක්සත් ජාතික පක්ශය විසින් ඇමරිකනු ජනධිපති ක්‍රමයේ සහ බ්‍රිතාන්‍ය කබිනට් ක්‍රමයේ ලක්ෂණ සoකලනය කරමින් සකස්කොට ඇති ප්‍රoශයේ  V (5)  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුරූපීව 1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට ඇත. දේශපාලන විචාරකයින් පවසන ආකාරයට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයවර්ධන මහතාගේ කාලාන්තරයක් තිස්සේ පැවති මනදොළක් සපත අරගැනීමක් ලෙස ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල වගන්ති 172 ක කුත්, පරිච්චේද 24 ක් ද උපලේඛන 9ක් ද සහිතව වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්චේදය වෙන් වී ඇත්තේ "ජනතාව, රජය සහ පරමාධිපතය" සඳහා ය. එහි පලමු වගන්තියෙන් දැක් වෙන්නේ  රජය ගැනත් රටේ නම, අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්තිය යන ඒවාගෙන් සමන්විත වේ.

ව්‍යවස්ථාවේ ඇති ආකාරයට මෙසේය...

"1. ශ්‍රී  ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි.  ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ."

අදට ඇති. ඉතිරි කොටස් ද ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.....
ඔබට ජය!!!!!!!!




මෙහි දැක්වෙන තොරතුරු  "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"  තුළිනි. මෙය නැවත් සකසා ඔබවෙත් පිළිවෙලකට අර්ථ නිරුපනය කිරිමේ අයිතිය 100%ක්ම මෙම අඩේවියේ කතෘට හිමි වේ.




Wednesday, January 14, 2015

මලාලා යුසෆ්සායි



මලාලා යුසෆ්සායි 1997 ජූලි 12 උපත ලැබූ ඇය ලොකයේ ලාබාලතම  නොබෙල් සාම ත්‍යාගය සම්මාන ලාභියා වුයේ වයස අවුරුදු 17දිය. ඇයට 2014  ඔක්තෝබර් 10වන දින  නොබෙල් සාම ත්‍යාගය හිමි විය. කාන්තා අධ්‍යාපන සදහා පකිස්තානු ක්‍රියාකාරිකයකු ලෙස හඬක් නගා ලොකයේ ලාබාලතම (17 years) නොබෙල් සාම ත්‍යාගය සම්මාන ලාභියා ලෙස මලාලා මුලු ලොකයේම ප්‍රසිද්ධියට පත්විය. ඇයගේ ජන්ම භුමිය වන වයඹදිග පකිස්ථානයේ කයිබර් Pakhtunkhwa පළාතේ සිටින කාන්තාවන් සඳහා  පෙනී සිටීමට ඇය වැඩිපුර ම  මානව හිමිකම් පිලිබඳව අධ්‍යනය කලහ.  ඇය ඇගේ අදහස් හා ඇගේ ජීවන තොරතුරු  BBCය  වෙතන් නිර්නාමික බ්ලොග් අඩවියක් හරහා මුලු ලෝකයටම ප්‍රචාරය කර ඇත. පසුව මාධ්‍යවේදී  B.Ellick වෙත් ඇයගේ විස්තර ලැබීමත් සමඟ ඇයගේ ජීවන තොරතුරු  ගැන ඔහු New York Times සඟරාව වෙත ලිපියක් යොමු කලේය. එත් සමඟම ඇය සමඟ මධ්‍ය සාකච්ඡා, ඇයගේ ඡායාරූප රූපවාහිනියේ පවා පලවන්නට විය. පසුව  දකුණු අප්‍රිකානු ක්‍රියාකාරිකයකු වන "ඩෙස්මන් ටුටූ" විසින් ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය සඳහා නම් කරන ලදී.
රොහලේදි

2012 ඔක්තෝබර් මස 9 දින පස්වරුවේ ඇයගේ පාසල් බස් රථයේ සිටින විට පිස්තොලයක් රැගත් පුද්ගලයකු තම පිස්තෝලය පෙන්වා ඇයගෙන් ඇගේ නම විමසා ඇත. පසුව ඔහු මලාලාට වෙඩි තබා ඇත. එක් උන්ඩයක් ඇගේ නළලේ වම්පස සිට මුහුන පසාරු කරගෙන ගොස් ඇත, තවත් උන්ඩයක් ඇගේ උරහිසට වැදි ඇත.(අනිත් උන්ඩය ගැන සදහනක් නැත) අයට අසාධ්‍ය තත්වයේ සිටි බැවින් එංගලන්තයේ  Birmingham හි  එලිසබෙත් රෝහල වෙත් ගෙන ගෙනගොස් ඇත. ඉස්ලාමීය පූජකයන් පිරිසක් ඇයව මරන්න තැත් කළ අතර ඇයගේ පියාවද මැරීමට තැත් කොට ඇත. පසුව ද ඇය තමන්ගේ ගමනට එය බාදාවක් නොකොට ඇයගේ පියා සමඟ අධ්‍යාපන අයිතින් ගැන දිගින් දිගටම කතා කලහ..


ඇය අදත් හෙටත් කන්තවන්, ළමයින් සඳහා තම හඬි ඔපවත් කරගනු ඇතයි අප විස්වාස කරමු!!!
අපි ඇයගේ ඒ ගමනට මුලු හදවතින්ම සුබ පතමු!!!
comment කරන්න like කරන්න ඇයට සුබ පැතීමට.

Saturday, January 10, 2015

Democracy (ප්‍රජාතන්ත්‍රවාදය)

මම මේ මතෘකාව ගැන කතා කරන්න තිරනය කලේ අද සමජයේ ගොඩක් අය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද, එකේන් අපිට ලැබෙන්නේ මොනව ද කියල දන්නෙ නෑ ඉතින් එක නිසා මන් මේ ලිපිය ඔයාලට දෙන්න හිතුවා. ඉතින් අපි මතෘකාව සාකච්ඡා කරන්න පටන් ගම්මු.

ලොකයේ පවතින පාලන ක්‍රම අතරින් හොදම පාලන ක්‍රමය වන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි.  මුලින්ම ප්‍රජාතන්ත්‍රක මුලධර්ම ලොකයට ඉදිරිපත් වීම ආරම්භ වුයේ ග්‍රිසියේ සිටය. දේශපලනයද විදිමත් ලෙස ආරම්භ වුයේ ද  ග්‍රිසියේ සිටය.  එහිදි  රාජ්‍යක ප්‍රජාතන්ත්රවාදය  පදනම මත අංග සතර පවතී,
1) පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් රජයක් තොරාපත් කර ගැනීම හො ප්‍රතිස්ථාපනය කරිම;
2) දේශපාලනය සහ ජන ජීවිතයට පුරවැසියන්ගේ ක්‍රියාකාරී  සහභාගිත්වය තිබීම;
3) සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂාවී තිබේ;
4) සියලු පුරවැසියන්ට නීතිය සමානව අදාළ වන නීතියේ පාලනය තිබී (නිතියේ ආධිප්‍රත්‍ය තිබීම),
පැහැදිලිවම කියනවා නම්, පුරවැසියන් විසින් තොරාපත් කරගන්නා නියොජිතයන් මාර්ගයෙන් රටේ පාලන කටයුතු සිදු කිරීම මෙහී ප්‍රධාන වශයෙන් පිලිබිඹු වන කාරනාව වේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභේද දෙකක් පවතී,
1) සෘජු ප්‍රජාතන්ත්‍රවාදය,
2) වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය.
අතීතයේ රටේ පුරවසියන් එකට එක් ස්ථානයකට එකතු වී එදිනෙදා පාලන කටයුතු මෙහෙයවා ඇත. මෙම ක්‍රමය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වේ. (පුරවැසියන් සෘජුවම පාලන ටයුතුවලට  සහභාගීවිම වීම), නමුත් ජනගහනයේ වැඩි වීම නිසා සියල්ලටම එකට එකතු වී පාලන කටයුතු කර ගැනීමට අපහසු වීමත් මෙන්ම ඔවුන්ගේ අනෙකුත් වැඩ රාජකාරි හේතුවෙන් එදිනෙදා පාලන කටයුතු සඳහා කාලය නොමැති වීමත් නිසා පුරවසියන් විසින් තමන් වෙනුවට නියොජිතයෙක් පත්කොට එදිනෙදා පාලන කටයුතු මෙහයවීම ආරම්භ කර ඇත. මෙම ක්‍රමය නියෝජන හෙවත් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැදින්විය හැක. එය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී. නමුත් සමහර රටවල් ප්‍රජාතන්ත්‍රවාදී මුහුනුවරක් ගත්තද පාලන තන්ත්‍රයේ එය නාම මාත්‍රික වේ.
ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක පාලකයා එම රටේ පුරවැසියන්ට වගකිව යුතුය. පරමධිප්‍රත්‍ය බලය රටේ සියලු  පුරවසියන් සතු  වේ.
උදාහරණයක් ලෙස සුවිස්ටර් ලන්තය පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටකි.

ප්‍රජාතන්ත්‍රවාදී පලන රාමුවක් තුල,
  • නිතියේ අධිප්‍රත්‍ය, 
  • අධිකරනයේ ස්වධිනත්වය,
  • මාධ්‍යයේ ස්වධිනත්වය, 
  • පූර්ණ මූලික අයිතිවසිකම් (ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ තුලත් සියල්ල) ,
  • ඡන්ද ලබා අයිතිය,
  • ස්වධින රජ්‍ය සේවයක්,
  • ආණ්ඩුවේ විනිවිඳ භාවය,
යන කරනා සම්පූර්නයෙන්ම පවතී.
දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක් ද කියල ඔයාලට සමාන්‍යයෙන් අවබොධයක් ලබාගත හැක.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල ආඥාදායක, කෲරතර පාලකයන් බිහිවීමට ඉඩක් නොමැත. මන්ද ඒ, පාලකයාගේ පාලනයේ විනිශ්චයකාරවරුන් වන්නේ රටේ පුරවසියන් බැවින් පාලකයා අනිසි
ආකරයට පාලනය ගෙනයාමට තැත් කරන විට ඔහුව බලයෙන් නෙරපීමට පුරවැසියන්ට පූර්න අයිතියක් ඇත. 





මෙහි කතෘත්වය උකුසු ඇසේ නිර්මාතෘ වන මට හිමිවේ.
(මෙහි කරුණු මගේ දැනුමෙන් 70%ක් ද තවත් 20%ක් පොත් වලින් ද ඉතිරි 10% අන්තර්ජාලයෙන් ද ලබාගෙන ඇත.)
මෙහි තිබෙන මොනයම්හෝ රචිත කොටස් උපුටාගනිමක් සිදු කරනවානම් කතෘගේ අයිතිය සුරකින මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

Thursday, January 8, 2015

ආචාර්‍ය කොල්වින් අර්. ද. සිල්වා

ආචාර්‍ය කොල්වින් අර්. ද. සිල්වා මහතා වැවිලි කර්මාන්ත සහ ව්‍යවස්ථා කටයුතු හිටපු කැබිනට් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි, ශ්‍රි ලංකාව තුළ, ට්‍රොස්කිවාදී නායක හා නීතිඥයෙක් ද විය. ශ්‍රි ලංකාවේ ප්‍රථම මාක්ස්වාදී පක්ෂයක් වන, ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකු විය.කොල්වින් ආර්. ද. සිල්වා මහතා බලපිටිය උපත ලැබීය. ඔහුගේ පියා ආචාර්ය ඔ.එ.ද. සිල්වා මහතා ද, සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවට අනුයුක්ත ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙකු විය. සිය වැඩිමහල් සොහොයුරා වැල්වින් ද. සිල්වා, සිවිල් සේවකයෙකු ද විය.
කොල්වින් අර්. ද. සිල්වා මහතා ශාන්ත ජෝන් විද්‍යාලය, පානදුර කීර්තිමත් රාජකීය විද්‍යාලයේ, අධ්යාපනය ලැබූ අතර. අනතුරුව ඔහු, විශ්ව විද්‍යාල අධ්යනය සඳහා ලංකා විශ්ව විද්‍යාලයට ගියහ. පසුව ලන්ඩන් සිට ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. දෙවන ලෝක යුධ සමයේදී ඔහු යුද විරෝධී කටයුතු සඳහා සිරගත කර සිටි බෝගම්බර බන්ධනාගාරයේ සිට පලාවිත් පසු, ඉන්දියාවට පලා ගියහ. ඉන්දියාවේ දී ඔහු ඉන්දියාවේ, ලංකාවේ සහ බුරුමයේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (BLPI) ප්‍රධාන න්‍යෂ්ටියේ කොටසක් බවට පත් විය. යුද්ධය අවසන් වූ පසු ලංකාවට ආපසු පැමිනීම හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂයේ ප්‍රධාන නායකයා බවට පත් විය. 1947 දී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු BSP අපේක්ෂකය සමඟ එකක් විය. ලංකා සමසමාජ පක්ෂය හා BSP වන යලි එක්සත් කිරීමෙන් අනතුරුව, ද සිල්වා ලංකා සමසමාජ පක්ශයේ වැදගත් නායකයා බවට පත් විය.
1952 දී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කිරීමට වැල්ලවත්ත-ගල්කිස්ස අසුන අහිමි නමුත්, 1956 දී බණ්ඩාරනායක ආණ්ඩුව තුලදී එය නැවත ඔහුට හිමි විය.
ඔහු 1967 දී අතුරු මැතිවරනය දී අගලවත්ත ආසනයක් පවා ජයග්‍රහණය සහ 1970 දී ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මණ්ඩලයේ වැවිලි කර්මාන්ත සහ ව්‍යවස්ථා කටයුතු ඇමති බවට පත්වුණා. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුගේ අසුන අහිමි වන තෙක් සේවය කළේය.
ආචාර්ය ඇන්. එම්.  පෙරේරා, ල.ස.ස.ප නායක කොල්වින් නායකයා බවට පත් කල අතර 1987 දී ඔහු ශ්‍රි ලංකාවේ දී මැයි දින රැළි මත පනවා තිබූ තහනමට එරෙහිව විරෝධතාවන්ට නායකත්වය සැපයුහ. පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍eරහාර එල්ල කිරීම හේතුවෙන්  ඔහුගේ එක්  පාදයක්, බරපතල පිළිස්සුම් තුවාල සිදුවුහ.
1988 ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රි වරයෙකු (පාර්ලිමේන්තු මන්ත්රී) ලෙස නම් කරන ලද අතර එක්සත් සමාජවාදී සන්ධානය (ඇමරිකා එක්සත් ජනපදය) පිහිටුවීමට සෙසු වාමාංශික පක්ෂ තුනක් සමග සන්ධානයක් ආවා. අවාසනාවකට මෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ යටතේ පාර්ලිමේන්තු
මන්ත්රී ලෙස තම දිවුරුම් කිරීමට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.අධිකරණය කාමරය දී ඔහු විශිෂ්ට සාපරාධී නීතිඥයෙකු ලෙස අසමසම කීර්තිය භුක්ති වින්දා. ඔහු තම දවසේ සෑම උසස් අපරාධ නඩු පෙනී සිටියහ. කුලරත්න ඝාතන නඩුව අභියාචනයේදී, එය චෝදනා වලින් ගැලවීම සඳහා  පරියේෂණාත්මක සාක්ෂි නීතිය ඔහුගේ සමීප දැනුම වූ අතර සතාසිවම් ඝාතන නඩුව දී ඔහුගේ අති විශිෂ්ට හරස් ප්‍රශ්න කුසලතා මතු විය. මූලික අයිතිවාසිකම් නඩු කටයුත්තක් දියුණුවත් සමගම ආචාර්ය හර්ෂ ද. සිල්වා මහතා ද වඩාත්ම කැපී පෙනුනේ විවියන් ගුණවර්ධන පහර නඩුවේ, ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියේ එවැනි බොහෝ අවස්ථාවල දී පෙනී සිටියේ ය. දේශපාලන කටයුතුවල දී මෙන්න අධිකරණය තුලදි මොහුගේ දක්ශතාවයන්ට සිමාවක් නොමැත. කෙටියෙන්ම පවසනවා නම් මොහු සුපිරි දක්ෂයෙකි. කානගාටුම කාරනව වන්නේ 1989 පෙබරවාරි 27 දා ආචාර්‍ය  ද. සිල්වා මහතා මුලු ලoකාවම කම්පා කරමින් මේ ලොවෙන් සමුගත්හ..

Tuesday, January 6, 2015

අපගේ අරමුණ

අද පවතින ලොකය පිලිබඳ, දේශපාලනය පිලිබඳ, නීතිය පිලිබඳ, ඉතිහසයේ සිදුවුන විශේෂ සිදුවීම්, සහ සාමන්‍යයෙන් දැනගතයුතු සෑම දෙයක්ම ස්වාධීනව,අපක්ෂපාතීව ඔබ සියලු දෙනාටම දැනගැනීම සඳහා අප විසන් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම අපගේ අරමුණ වේ, එ සඳහා ඔබගේ සහයොගය නිරතුරු බලපොරොත්තු වෙමි.. ඔබගේ සමන්‍ය දැනුම ද මෙයින් වර්ධනය කරගත හැකි වේ. මෙහි තිබෙන තොරතුරු  90%  සත්‍ය තොරතුරු වේ. මන්ද ඒ පොත්පත්,පුවත්පත්, අන්තර්ජාලය, සහ මගේ දැනුමෙන් එහි ලිපි සපයා ඇත,
*** ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා ඉරිම සදහා මෙම අඩවියෙන් පලවල ලිපි දේශපාලන වශයෙන් වුව ද එවා කිසි ලෙසකින්වත් පක්ෂපාතී නොවන බව කරුනාවෙන් ප්‍රකාශ කරමි*** එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීමට මම කැපවන බවට සහතික කරමි.
*******ඔබ සැමට සාමය සතුට පිරි සුබ අනාගතයක්*******

Monday, January 5, 2015

ජාතියේ පියා

1999 1994 වර්ෂයේ සිට දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ දේශපාලනඥයෙක් සහ දානපතියෙකි  ඔහු දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ප්‍රධාන විධායක වූ අතර, පූර්ණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේදී තේරී පත් වූ පළමු, දකුණු අප්‍රිකානු-විරෝධී ඇපාතයිඩ් විප්ලවවාදී විය. ඔහුගේ ආන්ඩුව ආයතනගත වර්ගවාදය, දුප්පත්කම හා අසමානතාවය රාශියක් තිබෙනවා, හා වාර්ගික සංහිඳියාව පෝෂණය හරහා ඇපාතයිඩ් උරුමය අහෝසි කිරිම  පිළිබඳ අවධානය යොමු කරන ලදී. දේශපාලන ප්‍රිකානු ජාතිකවාදී සහ ප්‍රජාතන්ත්රවාදී සමාජවාදී, ඔහු 1997 දක්වා 1991 සිට ප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) ජනාධිපති ලෙස කටයුතු කළ, මැන්ඩෙලා 1998 සිට 1999 දක්වා වූ නොබැඳි මහ ලේකම් විය.

හෝසා රෝහිලාලා පවුලක උපත, මැන්ඩෙලා, Fort Hare විශ්ව විද්‍යාලය සහ Witwatersrand විශ්ව  විද්‍යාලය ඔහු නීතිය ඉගෙනගත්හ. ජොහැන්නස්බර්ග් ජීවත් වු ඔහු ANC එක්වීමට සහ එහි තාරුණ්‍යයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් වෙමින්, යටත් විජිත විරෝධී දේශපාලනයට සම්බන්ධ විය. ජාතික පක්ෂයේ සුදු අප්‍රිකානු සුළුතර රජය 1948 දී ඇපාතයිඩ් ස්ථාපිත කිරීමෙන් පසුව ඔහු ANC 1952 ඩිෆියන්ස් ව්යාපාරයේ දී ප්‍රමුඛත්වයක් වර්ධනය වී තිබෙන, එම සංවිධානයේ  Transvaal පරිච්ඡේදයේ අධිකාරී ලෙස පත් කරන ලද අතර ජනතා කොංග්‍රසය ප්‍රධානත්වයෙන් සිදු විය. ඔහු නැවත නැවතත් ජාතිද්‍රොහී කටයුතු සඳහා අත්අඩංගුවට ගත්. 1956 සිට මාක්ස්වාද ආභාෂය 1961 දක්වා ද්රෝහිකමකි, ට්රයල් නීතිමය පියවරයන් විය, ඔහු රහසින් දකුනු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂයට (ANC) එක්විම  සහ කොමියුනිස්ට් පක්ෂය සමග එක්ව ඔහු ඇපාතයිඩ් ආන්ඩුවට එරෙහිව කඩාකප්පල්කාරී ව්‍යපාරය ප්‍රධාන පෙළේ සටන්කාමී 1961 දී   Umkhonto we Sizwe (එම්.කේ.) සම කතෘත්වය. 1962 දී, ඔහු අත්අඩංගුවට ගෙන රාජ්ය පෙරලා දැමීම සඳහා කුමන්ත්රණය වරදකරු සහ Rivonia Trial දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මැන්ඩෙලා මුලින් Robben දූපතේ, සිර කදවුරේ
වසර 27 ක් සිටි අතර පසුව Pollsmoor බන්ධනාගාර සහ වික්ටර් Verster බන්ධනාගාරයේ සිටියේ ය. ජාත්‍යන්තර උද්ඝෝෂනයක් උත්සන්න වීමත් සමග සිවිල් යුද්ධ මධ්යයේ 1990 දී ඔහු නිදහස් කරගැනිම, පාප්වරුන්ගේ අරමුණ විය. මැන්ඩෙලා ඔහුගේ  ජයග්‍රහණය සඳහා ANC නායකත්වය සමග දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බවට පත් විය. ඔහු  ඇපාතයිඩ් අහෝසි කිරීමට සහ 1994 දී multiracial මැතිවරණ ස්ථාපිත කිරීමට ජාතිකවාදී ජනාධිපති නෙල්සන් Klerk සමග සාකච්ඡාවට එක් විය. ඔහු කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වන ලෙස සෙසු දේශපාලන පක්ෂ වලට ආරාධනා හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ජාතික සමගි රජය තම ධුර කාලය තුල 1995 දී සිය ස්වයං චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීම සඳහා සත්‍යය හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව නිර්මාණය කළේය. ඔහුගේ පාලනය , ඉඩම් ප්‍රතිසංස්කරණ, දුප්පත්කම එරෙහිව සටන්, හා සෞඛ්ය පහසුකම් පුළුල් කිරීමට පියවර හඳුන්වා දෙන ලදී. ජාත්‍යන්තරව, ඔහු පෑන් ඈම් 103 ගුවන් යානය බෝම්බ ප්‍රහාරයේ  නඩු ලිබියාවේ සහ එක්සත් රාජධානිය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින්, සහ ලෙසොතෝව මිලිටරි මැදිහත් වීමක් ද වගබලා ගත්තේය. දෙවැනි වතාවට ඔහුගේ නියෝජ්ය, Thabo Mbeki රජකමට පත් විය. මැන්ඩෙලා නෙල්සන් මැන්ඩෙලා පදනම මගින් දරිද්‍රතාව හා එච්.අයි.වී. / ඒඩ්ස් සටන් කිරීමේ දී පුණ්‍ය  කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කලහ.

මැන්ඩෙලා ඔහුගේ ජීවිතයේ බොහෝ දේ
සඳහා මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. විවේචකයන් විසින් කොමියුනිස්ට් ත්‍රස්තවාදියෙකු ලෙස හෙලා දැකිය. ඔහු ඒ කෙසේ වුවත් 1993 නොබෙල් සාම ත්‍යාගය, නිදහස පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති පදක්කම, හා ලෙනින්ගේ සෝවියට් සාමය ඇතුළු 250 කට වඩා වැඩි ගෞරව සහිත තම ආධිප්‍රත්‍ය සඳහා ජාත්යන්තර ප්‍රසිද්ධිය ලබා . ඔහු බොහෝ විට ඔහුගේ සොසා වංශයේ Madiba විසින් සඳහන් කරනු ලබන, දකුණු අප්රිකාව තුළ ගැඹුරු ගෞරවයක් පැවති, ඔහු  "ජාතියේ පියා" ලෙස විස්තර කර ඇත.