* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Thursday, March 26, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 - II

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. ඔන්න යාලුවනේ අද ඔයාලට තව අලුත් ලිපියක් අරගෙන ආවා. "ජීවිතයේ සාර්ථකත්වයට පදනම් වන්නේ ඤානාන්විතව කටයුතු කිරීමෙනි නැතහොත් පිටින් පේන දෙය දිහා පමනක් බලා කටයුතු කිරීමෙන් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකිය." මොන්ටේස්කියු නැමැති මහා දාර්ශනිකයාගේ මේ වදනත් සමඟ අපි අද අපේ සාකච්ඡාවට මුල පුරමු. කලින් ලිපියට >>>>>>>>>>>
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස II

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (2),(3) වන අනු ව්‍යවස්ථාවේ සිට.
27. 
2) මතු දැක්වෙන අරමුණ ද  ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය :-  
(අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා ලීම ;  
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම;  (ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද,  ජීවන තත්ත්වෙයහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංසකෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම ;  
(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝගවන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ ලෙස මුළු රට සංවර්ධනය කිරීම ;  
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම ;  
(ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරපසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම ;  
(උ) ජනතාවගේ සදාචාරෙයහිත්, සංසකෘතියෙහිත්, තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වෙයහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම; සහ  
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවසථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
(3) ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා දේශ පූර්ණත්වය ද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය.  
මේකේ වැඩි දෙයක් පැහැදිලි කරන්න නෑ, 2 වන අනු ව්‍යවස්ථාවෙහි  තියන දේවල් ඇති කිරීමට රජය කැපවෙනව කියල මුලින්ම කියල තියනව. ඒ කියන්නේ මේ අනු ව්‍යවස්ථාවෙහි සෑම දෙයක්ම ඉටු කිරීමට රජය කටයුතු කරන්න ඔනේ.. ඔයාලට මෙයිට වඩා වැඩි දෙයක් පැහැදිලි කරල දෙන්න ඔනේ නෑ මොකද වගන්ති කියවනකොට ඔනම කෙනෙක්ට තේරෙනව.

හරි එහෙනම් අදට අවසන් අපේ මාතෘකාව. තවත් දවසක මුණගැසෙනකල්
ඔබට ජය!!
ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.

Friday, March 20, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 - I

Hi friend,** මුලින්ම මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතියි.**  
"ජීවිතය කියන්නේ ඉපදුන දා සිට මරණය දක්වාම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්තරයකි. ඒ වගේම ඔයාල මතක තියාගන්න පිළිතුරක් නැමැති ගැටලුවක් නොමැත. සෑම ගැටලුවක්ම හටගන්නේ පිළිතුරක්ද පිට බැඳගෙනය. එය සොයාගැනීමට කටයුතු කරන්න. ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස "මහ කරුමයක්", "මේක මගේ කරුමෙ", "මගේ වෙලාව හොද නෑ", යන වචන කටින් පිට නොකොට ඔලුවේ අතගහගෙන ඉන්නේ නැතිව ඒ ප්‍රශ්නෙට පිළිතුරක් සොයන්න". මේ කරුක ඔයාලගේ ජීවිතේට වැදගත් වෙයි. හරි එහෙනම් අපි අද අපේ මාතෘකාව පැත්තට යමු. කලින් ලිපිය සදහා >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 23 වන කොටස I

VI වන පරිච්ඡේදය 27 වන ව්‍යවස්ථාව.

අද අපි තවත් අලුත් පරිච්ඡේදයකට ආවා මේ පරිච්ඡේදය මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්"යනුවෙනි. මේක අනු ව්‍යවස්ථා සාකච්ඡා කරනකොට ඔයාලට පැහැදිලිවෙයි. මේ පරිච්ඡේදය අනු ව්‍යවස්ථා 3 කින් සමන්විත වෙනවා ඒ 27,28,29 යන ව්‍යවස්ථා වේ. ඒ වගේම ඒ අනු ව්‍යවස්තාවලත් තවත් අනු කොටස් තියනව ඒක නිසා අපිට මේ පරිච්ඡේදයේ එක අනු ව්‍යවස්ථාවක් පමනක් ලිපි දෙකක් ඔස්සේ දෙපාරකට සාකච්ඡා කරන්න වෙනව. 27 වන අනු ව්‍යවස්ථාව මූලික වෙලා තියෙන්නේ "රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම." ලෙසටය අපි එහෙනම් ඒක බලමු. ඒකේ අනු ව්‍යවස්ථා 1ක් අපි අද සාකච්ඡා කරනව. මොකද 2වෙනි අනු ව්‍යවස්ථාවේ අනු කොටස් 8ක් තියනව ඒක එක ලිපියකින් සාකච්ඡා කරමු.
27. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම
(1) මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහයවීමේ මූලධර්ම, ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී ලංකාවේහි රාජනුශාසනෙයහි දී ද, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ ය.
මේ විදිහට තමා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඔයාලට මේක කියවපුවාම තේරෙනව අතිනේ. මේකේ කියන්නේ පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අමාත්‍ය මන්ඩලය ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදී සහ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ, රාජානුශාසනයේදී ගරුකොට සැලකිය යුතුය කියලා මේ ව්‍යවස්තාවෙන් කියල තියනවා.

හරි අදට එහෙනම් අපේ සාකච්ඡාව අවසන්. ඊලග කොටස ලඟදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය වේවා!!! 

Monday, March 16, 2015

පුංචි කොලුවා

Hello buddy, "සතුට ඔබට ඉබේ ලැබෙන්නේ නෑ ඔබ එය ලබා ගන්න ඔනේ, ඒ සඳහා ආදරය, මුදල් (මුදල් නොමැතිව අද ජිවිතය ගැටගසා ගන්න බෑ), හොද පෞරුෂයක් අවශ්‍ය වෙනව. ඔබ කෙනෙකුට උදවුවක් කරන්න ඔබට එය තුලින් අසීමිත සත්ටක් ලැබෙයි. සතුටින් සිටින්න!! එවිට ඔබට ලස්සන වෙන්න කියල ගාන අනම් මනම් එක එක කෘත්‍රිම දේවල් ඕනේ වෙන්නේ නෑ ඔබ දවසින් දවස ලස්සන වෙනව." මේ වැකියත් සමඟ අපි ඔන්න ඔයාට තවත් අලුත්ම අලුත් මාතෘකාවක් අරගෙන ආවා...
පුංචි කොලුවා
Heeeeeee ඔයාලගෙ මූණට පොඩී හිනාවක්  ආවද මන්ද, ඒත් මේක හිනාවෙන තරමටත් වඩා මහා කේදවාචකයක්. ඔයාල දන්නවනේ අමරිකාවෙන් ජපානයට න්‍යෂ්ටික බෝම්බ දැම්ම එක අන්න ඒක ගැන අපි මේ ඔයාලට පොඩ්ඩක් වටෙන් පිටෙන් කරුනු ගෙනත් දෙන්න යන්නේ....
දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලූ හේතුවෙන් අමරිකාව දෙවන ලෝක යුද්ධයට පැහැදිලි ලෙසම මැදිහත් විය. එහිදී ඇමරිකාවට වැදගත් වරායක් වන පර්ල් වරාය විනාශ වීමේ ප්‍රතිප්‍රහාරයක් ලෙසට සහ හිට්ලර් හට ඇමරිකාව දෙවන ලෝක සoග්‍රාමයට මැදිහත් වන බව පෙන්වීමටත් මෙය යොදාගත් බව පොත් පත් වල සඳහන් වී ඇත. ඒ වගේම ඔයාල දන්නවද දන්නේ නෑ දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය (නාසිවාදී කෲර ඒකාධිපති හිට්ලර්), ඉතාලිය ( කෲර ඒකාධිපති බෙනිටෝ මුසෝලනී), ජපානය යන රටවන් සතුරු කන්ඩායම නියෝජනය කලහ, ඒ වගේම  යන රටවන් මිත්‍ර පාර්ශවයන් වේ. මන් මේ  මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියෙ ඔයාලට වටාපිටාව පැහැදිලි කරල දෙන්න ඔනේ නිසා. ඇමරිකාවේ පර්ල් වරාය විනාශ වීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජපානයේ හිරෝශිමා සහ නාගසාකි වලට පරමානු බොම්බ හෙලුහ. හිරෝශිමා වලව LITTLE BOY (කුඩා ළමයා,පුංචි කොල්ලා) සහ නාගසාකි වලට FAT MAN යන  බොම්බ  හෙලූහ. හිරෝශිමා වලට දැම්ම LITTLE BOY නැමැති පරමානු බොම්බය ගැන තමා අද අපේ ලිපියෙන් ඔයාලට දෙන්න මූලික කරගට්තේ.

1945 අගෝස්තු 6 වන දින හිරු උදා වුනේ අහසේ කිසිදු වලාකුලක් නොමැතිව පැහැබර කාලගුණයක් සහිතවය. එදා ආරම්බ උන අලුත් දවසේ වැඩ කටයුටු පරන සුපුරුදු ආකාරයටම ආරම්භ කර හිරොශිමා වැසියන් එවැසි සිදුවීමකට හීනෙකින්වත් දකින්න නැතිව ඇති. අහසේ පියාසර කරන කුරුල්ලන්, වෙනත් සතුන්ද මේ බව නොදැන සිටියා වෙන්න ඇති. කිසීම කලබල කාරීත්වයක් නොමැතිම මේ උදේ වරුව ගෙවී ගියේ උදෑසන 8.15 වන තෙක් පමනි. ඒ සමයේ ඇමරිකාවේ ජනාධිපති ලෙස සිටි හැරී එස් ටෘමන් අන දෙන්නේ හිරෝශිමා වලට සහ නාගසාකි වලට බෝම්බ හෙලන ලෙසයි. පුංචි කොලුවා රැගත් කුඩා ගුවන් යානයේ නියමුවා වත් අරි ආකාරව මෙම බෝම්බය පරමානු බොම්බයක් යැයි නොදැන සිටිය හ.
කපිතාන් ලිබී, මරීයානා දූපතේ පිහිටා තිබූ කදවුරේ සිට ගුවන් නියමුවා වන පෝල් ටිබෙට් හට බෝම්බය හෙලන ලෙසට අන ලැබින (බී- 29 සුපර් ෆොට්‍රස් ගුවන් යානය), ගුවන් යානය නිසි ස්තානයට ස්ථානගත්වූ පසු බෝම්බය අඩි 6400ක් ඉහල අහසේ සිට පහලට දමන ලදී. පසුව තත්පර 43ක් වැනි කාලයක් තුලදී අඩි 1900ක් වූ ඉහළ අහසේදී බෝම්බය පුපුරා ගියේ ය. එක සැනකින් අති විශාල හඬික් සමගව පුපුරාගිය බෝම්බය සුලි සුලගක් ආකාරයෙන් මුලු නගරයම කම්පනයට ලක් කරමින් හිරොශිමා නගර වැසියන් 70.000ක් එක සනකින් අගුරු බවට පත්විය. මෙය එක විනාදියක් ඇතුලත අති විශාල මිනිසුන් ප්‍රමානයක් මියගිය එකම කේදවාචකය ලෙසට වෙනත් තර්ක නැත. ඒත සමගම ලෝකයේ පරමානු බෝම්බ සoස්කෘතියේ ආරම්භය ද සනිටුහන් කලහ.

මෙම බෝම්බය තුල පදාර්තමය වශයෙන් මිලිග්‍රෑම් 600-850ත් අතර තාපය විකිරන ශක්තිය බවට පරිවර්තනය කරන ලදී. එය ආසන්න වශයෙන් TNT කිලෝටොන් 15ක් පමන ශක්තියක පිපුරුමකි. මෙහි සුපෝශිත යුරේනියම් කිලෝග්‍රෑම් 64ක් අඩංගු විය. පුංචි කොලුවාගේ දිග අගල් 120ක් වන අතර විෂ්කම්භය අඟල් 28 විය දළ වශයෙන් කිලෝග්‍රෑම් 4400ක බරින් යුක්ත විය. පුංචි කොලුවා පුංචි උනාට අතී විශාල විනාශයක් කරමින් ලොක ඉතිහාස පොතට තවත් පිටුවක් එක් කරනලදී. 

ඔන්න එහෙනම් අපේ මාතෘකාවට අදාල ගොඩාක් දේවල් අද ඔයාලට ගෙනත් දුන්නා. එහෙනම් අදට අවසන්.
තවත් අලුත් මාතෘකාවකින් හමුවෙමු
ඔබට ජය වේවා!!

Sunday, March 15, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22

Hi friend, කොහොමද ඔයගේ ජීවිතේ?? මන් තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාලා මුණගැසෙන්න ආවා ඔන්න. කලින් කිපිය බලපු නැති අය මෙතනින් යන්න>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වන කොටස.

අද අපි වගන්තියක් ගැන කතා කරන්නේ නෑ. අද අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව ඔයාලට ලබා දෙනවා.
මේක එච්චර වැදගත් වෙන්නේ නෑ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ගැන කතා කරනකොට මේකත් දීල ඉන්න එපෑයැ. ඒත් මට මේ ලිපිය මුලින්ම දෙන්න තිබ්බේ මට ඒක එච්චර ගානක් වුනේ නෑ මට ඒකට සමාවෙන්න. දැන් කමක් නෑ අපි බලමු පූර්විකාවෙ මොනවද සඳහන් වෙලා තියෙන්නෙ කියල.
සවසති
ශ්‍රී බුද්ධ වර්ෂෙයන් දෙදහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සටවක් නම් තිථීය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය සැත්තෑ හතක් වූ ජූලි මස විසි එක් වන ගුරු දින ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් නිදහෙසේ ප්‍රකාශ කොට දෙන ලද වරෙමන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, සම්මත කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ හෙයින් ද නියෝජන ප්‍රජාතන්තවාදය පිළිබඳ ස්ථීරසාර ජනරජ මූලධර්ම තහවුරු කරන්නාවූත් ශ්‍රී ලංකාවාසී ජනතාවෙග් මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන් ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා, ඒ වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දෙයන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයන් කෙරහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද හෙයින් ද : 

නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරහි අපගේ ඇති බැඳීම් නිහතමානෙයන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරන ආකාරෙයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදි වන ආකාරෙයන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරෙයන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරපසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාර 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ
උත්තරීතර නීතිය
ලෙස මේ
ආණ්ඩුක්‍රම ව්‍යවසථාව
මෙයින් සම්මත කොට
පනවම්හ. 
එහෙනම් අදට අවසන් තවත් මාතෘකාවකින් මුණගැසෙමු
ඔබට ජයවේවා!!

Wednesday, March 11, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21

හරි එහෙනම් අද තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. කලින් ලිපියට >>>>>. පලමු ලිපිය සඳහා >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වන කොටස.

 කලින් ලිපියෙන් සාකච්ඡා කල 25 වන ව්‍යවස්ථාවත් සමගින් IV පරිච්ඡේදය අවසන් වෙනවා අද මන් ඔයාලට අරන් ආවේ ඊළඟ පරිච්ඡේදය. හරි එහෙනම් අපි බලමු ඒ පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා.

V පරිච්ඡේදයේ 26 ව්‍යවස්ථාව.
මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "පුරවැසිභාවය" යනුවෙනි මෙහි එක ව්‍යවස්ථාවයි තිබෙන්නේ ඒකෙන් මේ පරිච්ඡේදයේ අරමුණ එහි අනු ව්‍යවස්ථා තුලින් තවදුරටත් පෙන්වාදී ඇත. 26 වන ව්‍යවස්ථාව මුලික වෙලා තියෙන්නේ "ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය" යනුවෙනි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත පරිදි සඳහන් වී ඇත,

26. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය
(1) “ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය” යනුවෙන්  හඳුන්වනු ලබන එකම පුරවැසි තත්ත්වයක් විය යුත්තේ ය. 

(2) ශ්‍රී ලංකාවේ පුරවැසියකුට, පුරවැසිභාවය හිමි වූයේ පරම්පරාවෙන් වුව ද, පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුව ද, ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා “ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්” යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ ය. 

(3) පුරවැසි තත්ත්වය අත්කර ගනු ලැබූ ආකාරය, එනම්, පරම්පරාවෙන් ද, නැතෙහොත් ලියාපදිංචි වීමෙන් ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුත්තේ ය.

(4) ශ්‍රී  ලංකාවේ කිසිම පුරවැසියකුට පුරවැසියකු වශෙයන් ඔහුගේ තත්ත්වය පුරවැසි පනෙත් 19 වැනි, 20 වැනි, 21 වැනි සහ 22 වැනි වගන්තිවල විධිවිධාන යටතේ සහ ඒ වගන්තිවල  විධිවිධාන ප්‍රකාර මිස අහිමි නො කළ යුත්තේ ය: 

එසේ වුව ද, පුරවැසි පනෙත් 11 වැනි, 12 වැනි හෝ 13 වැනි වගන්තිවල විධිවිධාන යටෙත් ලියාපදිංචි කරනු ලැබීමෙන් ශී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට හිමිකම් ලැබූ තැනැත්තකුට ඒ පනතේ 23 වැනි සහ 24 වැනි වගන්තිවල විධිවිධාන ද අදාළ වන්නේ ය. 

(5) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් පරම්පරාවෙන් නැතෙහොත් පුරවැසිභාවය පිළිබඳ යම් නීතියකට අනුකූලව ලියාපදිංචි වීමෙන් හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටි සෑම තැනැත්තකුට ම, මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් ඇති විධිවිධානවලින් විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට සහ ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන්නේ ය. 

(6) පුරවැසිභාවය හා සම්බන්ධ සියලු පවත්නා ලිඛිත නීති සහ පුරවැසිභාවය ගැන සඳහන් කරන වෙනත් සියලු පවත්නා ලිඛිත නීති මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් වූ විධිවිධානවලට යටත්ව තේරුම් ගත යුත්තේ ය."


සමස්ථයක් ලෙස ගත්තාම මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ වෙන්නේ, ලoකාවේ පුරවැසිභාවය ලබාගැනීම පරම්පරාවෙන් සිදු වුවත් ලියාපදිoචියෙන් ද ලංකාවේ පුරවැසිභාවය ලබාගත හැකිය. ඒ වගේම ඒ හා සම්බන්ද තවත් කරුණු වගන්තිය කියවපුවාම තේරෙනවා, ඒ වගේම ලංකාවේ පුරවැසියකුගේ තත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය වන බවත් ලියාපදිoචියෙන් හෝ  පරම්පරාවෙන් ලංකාවේ පුරවැසිභාවය හිමිවුන ද ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම් හැමෝටම සමව හිමිවෙනවා කියලා මේ ව්‍යවස්ථාවෙන් කියල තියනවා.

හරි එහෙනම් අදට තවත් මාතෘකාවක් අවසන්. තවත් දවසක තවත් මාතෘකාවක් අරගෙන ඔයාල මුණගැසෙන්න එන්නම්.
එතෙක් ඔබට ජය වේවා!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20

මේ දවස් වල මගේ time table එක පිරිලා, ඒක නිසා ලිපියක් ලියන්න කාලේ වෙන් කරගන්නේ බොහොම අමාරුවෙන්. මට සමාවෙන්න ඔනේ ලිපියක් ඔබ සතු කරන්න ප්‍රමාද වෙනවට. හරි එහෙනම් අද තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>. පලමු ලිපිය සඳහා >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වන කොටස.

IV පරිච්ඡේදයේ 25 ව්‍යවස්ථාව.
මේ ව්‍යවස්ථාව මුලික වෙලා තියෙන්නේ "මේ  පරිච්ඡේදයේ විධිවිධාන සලස්වා ඇති පරිදි භාෂා භාවිතය සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලැස්විය යුතු බව." යනුවෙනි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත පරිදි සඳහන් වී ඇත,

"25. මේ පරිච්ඡේදයෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි භාෂා භාවිතය සඳහා රජය ප්‍රමාණවත් පහසුකම් සැලැස්විය යුත්තේ ය."

ඒ කියන්නේ මේ පරිච්ඡේදයේ සඳහන් වන පරිදි භාෂා භාවිතය සම්බන්ධයෙන් රජය විසින් පූර්ණ පහසුකම් සලසන්න ඔනේ කියල මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනව. ඒමෙන් ම මේ ව්‍යවස්ථාවේ තව අනු ව්‍යවාථාවක් තියනව එය මූලික වෙලා තියෙන්නේ "මේ පරිච්ඡේදයට අනනුකූල වන යම් නීතියක ඇති විධිවිධාන ඉවත් කරන ලද සේ  සැලකිය යුතු බව" යනුවෙනි ඒ අනුව.

"25 (අ.) යම් නීතියක විධිවිධාන සහ මේ පරිච්ඡේදයේ විධිවිධාන අතර යම් අනනුකූලතාවක් ඇති වුවෙහොත්, මේ පරිච්ඡේදයේ විධිවිධාන බලපැවැත්විය යුතු ය."

මේකෙන් කියන්නේ යම් නීතියක් සමඟ මේ පරිච්චේදය අතර අසමානතාවයක් ඇති වුවහොත් මේ පරිච්ඡේදය වලoගු වෙනවා කියලා. මේ ව්‍යවස්ථාවත් සමගම මේ පරිච්ඡේදය අවසන් වෙනවා. මේ ලිපියෙන්ම ඒකත් කතා කලොත් පැටලෙනවනේ අපි අලුත් ලිපියකින්ම අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු.

එහෙනම් අදට ඉවරයි අපේ මාතෘකාව තවත් දවසක හමුවෙමු. ඉක්මනින්ම තවත් ලිපියක් අරන් එනවා
ඔබට ජය වේවා!!!

Sunday, March 8, 2015

අයිෆල් කුළුණ (Eiffel Tower)

Hi friends, "ඔබට සිහින දැකිය හැකිය, නමුත් එම සිහිනය ක්‍රියාත්මක කරනකල් එය සිහිනයක් ලෙසම පවතී. ඔබට සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නම් දකින සිහින දකිමින් පමනක් නොසිටින්න, ඒවා එක අකුරකින් හෝ ක්‍රියාත්මක කරන්න දැන් පටන් අරඹන්න. එහෙත් එය ඒක අකුරකට පමනක් සීමා නොකරන්න ක්‍රියාවෙන් ද අරඹන්න." (A.D) ඔන්න අද අලුත් මාතෘකාවක් අරන් ඔයාලා මුණගැසෙන්න ආවා.

අයිෆල්  කුළුණ (Eiffel Tower)

පළමු ආකෘතිය
ප්‍රoශ විප්ලවයේ දී ජීවිත පූජා කල වීරෝධාර ජනතාව සිහි ගැන්වීම සඳහා 1889 දී ප්‍රoශ විප්ලවයේ අවුරුදු 100
පිරීම නිමිත්තෙන් ගැස්ටො අයිෆල් විසින් අයිෆල් කුළුණ නිර්මානය කොට ඇත. මෙම කුළුණේ උස අඩි 1,063ක් (324 මීටර්) වේ. මහල් 3න කින් ද විදුලි සොපාන් 9ක් ඇත. මෙය නිර්මානයේ වැඩ 1887 ජනවාරි 28 දින ආරම්භ කර ඇත. 1889 මාර්තු 15 දින මෙහි වැඩ අවසන් කොට 1889 මාර්තු 31 වන දින විවෘත කොට ඇත. මෙම කුළුන මුල් වකවානුවේදී කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ විවේචන වලට ලක් විය. එහෙත් ප්‍රoශයේ ගෝලීය සoස්කෘතික ප්‍රතිමා අතරින් ලෝකයේ හදුනාගත් වඩා වැදගත්ම එකක් බවට පත් ව ඇත. ඒ වගේම ලොකයේ වැඩිම සoචාරක පිරිසක් මෙය නැරබීමට පැමින ඇත. 2010 වර්ශයේදී මිලියන 250ක නරඹන්නන් පැමින ඇත. අද වන විට මෙම කුළුන ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව ඇත.. රාත්‍රියට මෙහි විදුලි ආලෝකය සහිත වන විට ඉතාමත් ලස්සන ස්වරූපයක් දිස්වේ.
ඉදිකිරීම් අතරතුර දී

එහෙනම් අපේ මාතෘකාව අවසන්, තවත් දවසක මුණගැසෙමු.
ඔබට ජය!!!

Saturday, March 7, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19

Hi යලුවනේ ඔයාලට කොහොමද?. "ජිවිතේ හරියට වලාකුලු වගේ සැහැල්ලු වෙන්නත් ඔනේ හැබැයි කලු වලාකුලු අහසට ආපුවාම සුදු වලාකුලු නැතිවෙනව වගේ වෙන්නත් බෑ. ඒක නිසා කලු වලාකුලු අතරින් සුදු වලාකුලක් වෙන්න උත්සාහා කරන්න." ඔන්න එහෙනම් නව සිතුවිලි පෙරදැරිව අලුත් මාසේ අලුත් ලිපියක් අරන් ඔයාලව මුණගැසෙන්න ආවා.. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන කොටස

IV පරිච්චේදය 24 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වී ඇත්තේ "අධිකරණෙය්  භාෂාව." යනුවෙනි. මෙහි අනු ව්‍යවස්ථා මගින් මෙම ව්‍යවස්ථාව තවදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ආකාරය පහත පරිදි දැක්විය හැකිය.

24. අධිකරණෙය්  භාෂාව
(1) ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණවල භාෂා සිංහල සහ දෙමළ භාෂා විය යුතු අතර, දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශෙයන් භාවිත කළ යුත්තේය. නඩු වාර්තාව සහ නඩු කටයුතු අධිකරණයේ භාෂාවෙන් විය යුතු ය. යම් අධිකරණයකින් අභියාචනයක් ඉදිරිපත් කරන අවස්ථාවක, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාව, අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ යම් අධිකරණයකින් ද, ඒ අධිකරණයේ භාෂාව නොවන වෙනත් භාෂාවක් වන විට, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා පිළියෙළ කළ යුතු ය: 

එසේ වුව ද, යම් අධිකරණයක නඩු වාර්තාව තබා ගැනීම ද, නඩු කටයුතු පවත්වා ගෙන යාම ද අධිකරණයේ භාෂාව නොවන භාෂාවකින් ද විය යුතු යැයි, අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇති ව විධාන කළ හැක්කේ ය.

(2) යම්කිසි පාර්ශවයක් හෝ අයදුම්කරුවකු විසින් නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තකු විසින්, නඩු කටයුතු ආරම්භ කිරීම ද, උත්තරවාද සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම ද, අධිකරණ කටයුතුවලට සහභාගි වීම ද, සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ කරනු ලැබිය  හැක්කේ ය. 

(3)  අධිකරණයක භාවිත වන භාෂාව නොදන්නා යම් කිසි විනිශච්යකාරවරයකුට, ජූරි සභිකයකුට, යම්කිසි පාර්ශවයකට  හෝ අයදුම්කරුවකුට නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය  ලබා ඇති  යම්කිසි තැනැත්තකුට එම අධිකරණයේ සිදුවන කටයුතු වටහා ගැනීමටත් ඒ කටයුතුවලට සහභාගි වීමටත් හැකිවන සේ  රජය විසින් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සපයනු ලබන භාෂණ පරිවර්තන සහ පරිවර්තන ලබා ගැනීමටත්, නඩු වාර්තාවකින් නීතිය අනුව ලබා ගැනීමට හිමිකම් ඇති කවර වූ හෝ කොටසක්  නැතෙහොත් එහි පරිවර්තනයක් එම භාෂාවෙන් ලබා ගැනීමටත් හිමිකම ඇත්තේ ය.

(4) අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව සියලු කාර්ය සඳහා නැතෙහොත් ඔහු විසින් නිශ්චය කොට දක්වන යම් යම් කාර්ය සඳහා නඩු වාර්තාවක හෝ නඩු කටයුත්තක දී නැතෙහොත් නඩු වාර්තාවක් හෝ නඩු  කටයුත්තක් සම්බන්ධෙයන් ඉංගීසි භාෂාව යම් අධිකරණයක භාවිත කිරීමට අවසර දෙමින් විධාන නිකුත් කරනු ලැබිය හැක්කේ ය. එවැනි විධාන කියාත්මක කිරීමට සෑම විනිශ්චයකාරවරයෙක් ම බැඳී සිටින්නේ ය. 

(5) මෙම ව්‍යවස්ථාවෙහි -  “අධිකරණය" යන්නෙන් කාර්මික සහ වෙනත් ආරාවුල් විනිශ්චය කිරීම හා නිරවුල් කිරීම ඇතුළුව යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ අධිකරණයක් හෝ විනිශචය අධිකාරයක් හෝ අධිකරණ කටයුතු නැතෙහොත් අර්ධ අධිකරණ කටයුතු ඉටු කරන වෙනත් කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් හෝ ආරවුල්  සමථයකට පත් කොට නිරවුල් කිරීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් අදහස් වේ. “විනිශ්චයකාරවරයා” යන්නට කවර වූ හෝ අධිකරණයක සභාපතිවරයා ද, මූලාසනාරූඪ නිලධරයා ද, සාමාජිකෙයක් ද ඇතුළත් වෙති.  “වාර්තාව” යන්නට උත්තරවාද, නඩු තීන්දු, ආඥා  සහ වෙනත් අධිකරණ හා විධායක කාර්යය ඇතුළත් වේ.

මේ විදිහට තමා ව්‍යවස්ථවේ තියෙන්නෙ. අපි ඕක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු එහෙනම්, මේ වගන්ති සමස්තයක් ලෙස අරගෙන පැහැදිලි කලොත් මේකේ කියන්නේ ලංකාවේ අධිකරණයේ භාෂාව උතුරු නැගෙනහිර දී දෙමළ භාෂාවෙන් ද (දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන ප්‍රදේශ) සෙසු ප්‍රදේශ වලදී සිoහලි භාවිතා කරනවලු නඩු කටයුතු පැවෙත්වීමේ ඉදලා සෑම කාර්යයක් ම ඒම භාෂා 2න් සිදු වෙනව. ඒ වගේම යම් අවස්ථාවක අධිකරණයේ භාෂාව සිoහල දෙමළ හැර වෙනත් භාෂාවකින් ක්‍රියාත්මක කිරීමට  අධිකරණයේ විෂයය භාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව පූර්ණ අයිතිය ඇත. යම් අධිකරණයක අභියාචනා ඉදිරිපත් කරන විට එම අධිකරනයේ භාෂා හැර වෙනත් භාෂාවක් යොදාගත් විට එම අභියාචනය විභාග කරන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා ඉදිරිපත් කල යුතුය... දැන පැහැදිලි ඇතිනේ. මේ ව්‍යවස්තා දහසය වන ව්‍යවස්තා සoශෝදනයෙන් බොහෝමයක් කරුන වෙනස් කරන තියනව මන් ඒවා එකින් එක පහලින් දක්වන්නම්,

1වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(1) වැනි වගන්තිය හරහා කලින් තිබූ 1 වන අනු ව්‍යස්ථාව වෙනුවට මෙය ආදේශ කොට ඇත.
2වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂා දෙකින් කවර භාෂාවකින් වුවද" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ" යන්න  ආදේශ කොට ඇත.
3වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (අ) වැනි වගන්තිය හරහා " උචිත ජාතික භාෂාවෙන්" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන්" යන්න  ආදේශ කොට ඇත. එමෙන්ම දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (ආ) වගන්තිය හරහා " ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුවද" යන්න වෙනුවට "එම භාෂාවෙන් " යන්න ආදේශ වී ඇත.
4වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂාවෙන් නොවන වෙනත් භාෂාවක් " වෙනුවට "ඉංගීසි භාෂාව" යන්න  ආදේශ කොට ඇත..

හරිනේ එහෙමන් අදට ඇති. තවත් දවසකින් හමුවෙමු.
******************************ඔබට ජයම ජය වේවා!!!******************************