* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, March 7, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19

Hi යලුවනේ ඔයාලට කොහොමද?. "ජිවිතේ හරියට වලාකුලු වගේ සැහැල්ලු වෙන්නත් ඔනේ හැබැයි කලු වලාකුලු අහසට ආපුවාම සුදු වලාකුලු නැතිවෙනව වගේ වෙන්නත් බෑ. ඒක නිසා කලු වලාකුලු අතරින් සුදු වලාකුලක් වෙන්න උත්සාහා කරන්න." ඔන්න එහෙනම් නව සිතුවිලි පෙරදැරිව අලුත් මාසේ අලුත් ලිපියක් අරන් ඔයාලව මුණගැසෙන්න ආවා.. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන කොටස

IV පරිච්චේදය 24 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වී ඇත්තේ "අධිකරණෙය්  භාෂාව." යනුවෙනි. මෙහි අනු ව්‍යවස්ථා මගින් මෙම ව්‍යවස්ථාව තවදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ආකාරය පහත පරිදි දැක්විය හැකිය.

24. අධිකරණෙය්  භාෂාව
(1) ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණවල භාෂා සිංහල සහ දෙමළ භාෂා විය යුතු අතර, දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශෙයන් භාවිත කළ යුත්තේය. නඩු වාර්තාව සහ නඩු කටයුතු අධිකරණයේ භාෂාවෙන් විය යුතු ය. යම් අධිකරණයකින් අභියාචනයක් ඉදිරිපත් කරන අවස්ථාවක, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාව, අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ යම් අධිකරණයකින් ද, ඒ අධිකරණයේ භාෂාව නොවන වෙනත් භාෂාවක් වන විට, අභියාචනය විභාග කරනු ලබන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා පිළියෙළ කළ යුතු ය: 

එසේ වුව ද, යම් අධිකරණයක නඩු වාර්තාව තබා ගැනීම ද, නඩු කටයුතු පවත්වා ගෙන යාම ද අධිකරණයේ භාෂාව නොවන භාෂාවකින් ද විය යුතු යැයි, අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇති ව විධාන කළ හැක්කේ ය.

(2) යම්කිසි පාර්ශවයක් හෝ අයදුම්කරුවකු විසින් නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තකු විසින්, නඩු කටයුතු ආරම්භ කිරීම ද, උත්තරවාද සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම ද, අධිකරණ කටයුතුවලට සහභාගි වීම ද, සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ කරනු ලැබිය  හැක්කේ ය. 

(3)  අධිකරණයක භාවිත වන භාෂාව නොදන්නා යම් කිසි විනිශච්යකාරවරයකුට, ජූරි සභිකයකුට, යම්කිසි පාර්ශවයකට  හෝ අයදුම්කරුවකුට නැතෙහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය  ලබා ඇති  යම්කිසි තැනැත්තකුට එම අධිකරණයේ සිදුවන කටයුතු වටහා ගැනීමටත් ඒ කටයුතුවලට සහභාගි වීමටත් හැකිවන සේ  රජය විසින් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සපයනු ලබන භාෂණ පරිවර්තන සහ පරිවර්තන ලබා ගැනීමටත්, නඩු වාර්තාවකින් නීතිය අනුව ලබා ගැනීමට හිමිකම් ඇති කවර වූ හෝ කොටසක්  නැතෙහොත් එහි පරිවර්තනයක් එම භාෂාවෙන් ලබා ගැනීමටත් හිමිකම ඇත්තේ ය.

(4) අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව සියලු කාර්ය සඳහා නැතෙහොත් ඔහු විසින් නිශ්චය කොට දක්වන යම් යම් කාර්ය සඳහා නඩු වාර්තාවක හෝ නඩු කටයුත්තක දී නැතෙහොත් නඩු වාර්තාවක් හෝ නඩු  කටයුත්තක් සම්බන්ධෙයන් ඉංගීසි භාෂාව යම් අධිකරණයක භාවිත කිරීමට අවසර දෙමින් විධාන නිකුත් කරනු ලැබිය හැක්කේ ය. එවැනි විධාන කියාත්මක කිරීමට සෑම විනිශ්චයකාරවරයෙක් ම බැඳී සිටින්නේ ය. 

(5) මෙම ව්‍යවස්ථාවෙහි -  “අධිකරණය" යන්නෙන් කාර්මික සහ වෙනත් ආරාවුල් විනිශ්චය කිරීම හා නිරවුල් කිරීම ඇතුළුව යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ අධිකරණයක් හෝ විනිශචය අධිකාරයක් හෝ අධිකරණ කටයුතු නැතෙහොත් අර්ධ අධිකරණ කටයුතු ඉටු කරන වෙනත් කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් හෝ ආරවුල්  සමථයකට පත් කොට නිරවුල් කිරීම සඳහා ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ විනිශ්චය අධිකාරයක් හෝ ආයතනයක් අදහස් වේ. “විනිශ්චයකාරවරයා” යන්නට කවර වූ හෝ අධිකරණයක සභාපතිවරයා ද, මූලාසනාරූඪ නිලධරයා ද, සාමාජිකෙයක් ද ඇතුළත් වෙති.  “වාර්තාව” යන්නට උත්තරවාද, නඩු තීන්දු, ආඥා  සහ වෙනත් අධිකරණ හා විධායක කාර්යය ඇතුළත් වේ.

මේ විදිහට තමා ව්‍යවස්ථවේ තියෙන්නෙ. අපි ඕක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු එහෙනම්, මේ වගන්ති සමස්තයක් ලෙස අරගෙන පැහැදිලි කලොත් මේකේ කියන්නේ ලංකාවේ අධිකරණයේ භාෂාව උතුරු නැගෙනහිර දී දෙමළ භාෂාවෙන් ද (දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන ප්‍රදේශ) සෙසු ප්‍රදේශ වලදී සිoහලි භාවිතා කරනවලු නඩු කටයුතු පැවෙත්වීමේ ඉදලා සෑම කාර්යයක් ම ඒම භාෂා 2න් සිදු වෙනව. ඒ වගේම යම් අවස්ථාවක අධිකරණයේ භාෂාව සිoහල දෙමළ හැර වෙනත් භාෂාවකින් ක්‍රියාත්මක කිරීමට  අධිකරණයේ විෂයය භාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව පූර්ණ අයිතිය ඇත. යම් අධිකරණයක අභියාචනා ඉදිරිපත් කරන විට එම අධිකරනයේ භාෂා හැර වෙනත් භාෂාවක් යොදාගත් විට එම අභියාචනය විභාග කරන අධිකරණයේ භාෂාවෙන් ද වාර්තා ඉදිරිපත් කල යුතුය... දැන පැහැදිලි ඇතිනේ. මේ ව්‍යවස්තා දහසය වන ව්‍යවස්තා සoශෝදනයෙන් බොහෝමයක් කරුන වෙනස් කරන තියනව මන් ඒවා එකින් එක පහලින් දක්වන්නම්,

1වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(1) වැනි වගන්තිය හරහා කලින් තිබූ 1 වන අනු ව්‍යස්ථාව වෙනුවට මෙය ආදේශ කොට ඇත.
2වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂා දෙකින් කවර භාෂාවකින් වුවද" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ" යන්න  ආදේශ කොට ඇත.
3වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (අ) වැනි වගන්තිය හරහා " උචිත ජාතික භාෂාවෙන්" වෙනුවට "සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන්" යන්න  ආදේශ කොට ඇත. එමෙන්ම දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(3) (ආ) වගන්තිය හරහා " ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුවද" යන්න වෙනුවට "එම භාෂාවෙන් " යන්න ආදේශ වී ඇත.
4වන ව්‍යවස්ථාව දහසය වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 4(2) වැනි වගන්තිය හරහා "ජාතික භාෂාවෙන් නොවන වෙනත් භාෂාවක් " වෙනුවට "ඉංගීසි භාෂාව" යන්න  ආදේශ කොට ඇත..

හරිනේ එහෙමන් අදට ඇති. තවත් දවසකින් හමුවෙමු.
******************************ඔබට ජයම ජය වේවා!!!******************************


0 comments:

Post a Comment