* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, March 11, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21

හරි එහෙනම් අද තව අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. කලින් ලිපියට >>>>>. පලමු ලිපිය සඳහා >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වන කොටස.

 කලින් ලිපියෙන් සාකච්ඡා කල 25 වන ව්‍යවස්ථාවත් සමගින් IV පරිච්ඡේදය අවසන් වෙනවා අද මන් ඔයාලට අරන් ආවේ ඊළඟ පරිච්ඡේදය. හරි එහෙනම් අපි බලමු ඒ පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා.

V පරිච්ඡේදයේ 26 ව්‍යවස්ථාව.
මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "පුරවැසිභාවය" යනුවෙනි මෙහි එක ව්‍යවස්ථාවයි තිබෙන්නේ ඒකෙන් මේ පරිච්ඡේදයේ අරමුණ එහි අනු ව්‍යවස්ථා තුලින් තවදුරටත් පෙන්වාදී ඇත. 26 වන ව්‍යවස්ථාව මුලික වෙලා තියෙන්නේ "ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය" යනුවෙනි.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත පරිදි සඳහන් වී ඇත,

26. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය
(1) “ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය” යනුවෙන්  හඳුන්වනු ලබන එකම පුරවැසි තත්ත්වයක් විය යුත්තේ ය. 

(2) ශ්‍රී ලංකාවේ පුරවැසියකුට, පුරවැසිභාවය හිමි වූයේ පරම්පරාවෙන් වුව ද, පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුව ද, ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා “ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්” යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ ය. 

(3) පුරවැසි තත්ත්වය අත්කර ගනු ලැබූ ආකාරය, එනම්, පරම්පරාවෙන් ද, නැතෙහොත් ලියාපදිංචි වීමෙන් ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුත්තේ ය.

(4) ශ්‍රී  ලංකාවේ කිසිම පුරවැසියකුට පුරවැසියකු වශෙයන් ඔහුගේ තත්ත්වය පුරවැසි පනෙත් 19 වැනි, 20 වැනි, 21 වැනි සහ 22 වැනි වගන්තිවල විධිවිධාන යටතේ සහ ඒ වගන්තිවල  විධිවිධාන ප්‍රකාර මිස අහිමි නො කළ යුත්තේ ය: 

එසේ වුව ද, පුරවැසි පනෙත් 11 වැනි, 12 වැනි හෝ 13 වැනි වගන්තිවල විධිවිධාන යටෙත් ලියාපදිංචි කරනු ලැබීමෙන් ශී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට හිමිකම් ලැබූ තැනැත්තකුට ඒ පනතේ 23 වැනි සහ 24 වැනි වගන්තිවල විධිවිධාන ද අදාළ වන්නේ ය. 

(5) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් පරම්පරාවෙන් නැතෙහොත් පුරවැසිභාවය පිළිබඳ යම් නීතියකට අනුකූලව ලියාපදිංචි වීමෙන් හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටි සෑම තැනැත්තකුට ම, මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් ඇති විධිවිධානවලින් විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වයට සහ ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන්නේ ය. 

(6) පුරවැසිභාවය හා සම්බන්ධ සියලු පවත්නා ලිඛිත නීති සහ පුරවැසිභාවය ගැන සඳහන් කරන වෙනත් සියලු පවත්නා ලිඛිත නීති මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් වූ විධිවිධානවලට යටත්ව තේරුම් ගත යුත්තේ ය."


සමස්ථයක් ලෙස ගත්තාම මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ වෙන්නේ, ලoකාවේ පුරවැසිභාවය ලබාගැනීම පරම්පරාවෙන් සිදු වුවත් ලියාපදිoචියෙන් ද ලංකාවේ පුරවැසිභාවය ලබාගත හැකිය. ඒ වගේම ඒ හා සම්බන්ද තවත් කරුණු වගන්තිය කියවපුවාම තේරෙනවා, ඒ වගේම ලංකාවේ පුරවැසියකුගේ තත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය වන බවත් ලියාපදිoචියෙන් හෝ  පරම්පරාවෙන් ලංකාවේ පුරවැසිභාවය හිමිවුන ද ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම් හැමෝටම සමව හිමිවෙනවා කියලා මේ ව්‍යවස්ථාවෙන් කියල තියනවා.

හරි එහෙනම් අදට තවත් මාතෘකාවක් අවසන්. තවත් දවසක තවත් මාතෘකාවක් අරගෙන ඔයාල මුණගැසෙන්න එන්නම්.
එතෙක් ඔබට ජය වේවා!!!

0 comments:

Post a Comment