* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, February 4, 2015

අභියාචනාධිකරණය ( Court of appeal)

Hi යාලුවනේ ඔන්න මන් අද නීතිය පිලිබඳ ලිපි මාලාවේ තෙවෙනි කොටස අරගෙන ආව..
කලින් ලිපිය බලනවනම් මෙතනින් යන්න.

හරි අද අපිට කතා කරන්න තියෙන්නෙ  ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේ දෙවැනියට තිබෙන ගරු අභියාචනාධිකරණය ගැනය.

ගරු අභියාචනාධිකරණය ( Court of appeal)

අපේ අධිකරණ තේරාවලියේ දෙවැනියට  ඉහළම අධිකරණය වන්නෙ අභියාචනාධිකරණයයි. මෙහි ප්‍රධානත්වය දරන විනිසුරු අභියාචනාධිකරණය සභාපති විනිසුරු ලෙස හදුන්වයි. මෙහි විනිසුරුවරුන් ප්‍රමානය අවම වශයෙන් විනිසුරන් 7 දෙනෙක් ද උපරිම විනිසුරුන් 12ක් ද මෙහි රාජකාරී කටයුතු කරයි.
අභියාචනාධිකරණය කොළඹදී  පමනක් ක්‍රියාත්මක වේ. එහෙත් අගවිනිසුරුගේ විධානය මත වෙනත් අධිකරණ කලාපයක හෝ දිස්ත්‍රික්කයක රැස්විය හැක.

මෙහි කාර්යන් මොනවද කියල බලමු,
  1. තනි විනිසුරු හෝ තනි විනිසුරු සමග ජූරිය සහිත මහාධිකරණ තීන්දු වලට එරෙහි අභියාචනා මෙහි විභාග කෙරේ.(අභියාචනය)
  2. මහාධිකරණයේ තීන්දු වලට එරෙහි ප්‍රතිශේධන මෙහි විභාග කෙරේ. (ප්‍රතිශෝධන ඉල්ලුම්පත්)
  3. වoචාවකින් හෝ වෙනත් නීතිවිරෝධී අන්දමකින් ලබා ගත් අධිකරණ තීන්දුවක් ඉවත් කර දමා නඩුවක පාර්ශවයක් යථා තත්වයට පත් කිරීමට ඇති බලය රෙසිටිටියුෂියෝ- ඉන් ඉන්ටෙග්‍රම් (යථා තත්වයට පත් කරලීමේ නඩුකර) ලෙස හදුන්වයි.
  4. රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරන ප්‍රධානතම අධිකරණය අභියාචනාධිකරණයයි. එහි රිට් බලය මුලු දිවයින පුරාම විහිදී යන්නකි. සීමිත අවස්ථා කිහිපයකදී පමනක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ද රිට් අධිකරණ බලයක් ඇත. *රිට් අධිකරන බලය යනු රාජ්‍ය පරිපාලන තීන්දු වලට එරෙහිව ලබා ගන්නා අධිකරණ නියෝගයන් රිට් අධිකරන බලය ලෙස හැඳින්විය හැක.මේවා පරිපාලන නීති ප්‍රති කර්ම ලෙසද පරිමාධිකාරී පහින ලෙසද හදුන්වයි.* 
රිට් අඤා කොටස් 5කට අපට පෙන්වාදිය හැකය.
  1. රජයේ නිලධරයෙකු විසින් ලබාගත් තීරණයක් නිශ්ප්‍රභා කරන ලෙසට නියම කරන්නවු රිට් අඤාව "සර්ටියොරරි" අඤාව ලෙස හදුන්වයි.
  2. රජයේ නිලධරයෙකු විසින් ලබාගත් තහනම් කරන ලෙසට නියම කරන්නා වූ රිට් අඤාව "ප්‍රොහිබිෂන්" අඤාව ලෙස හදුන්වයි.
  3. රජයේ නිලධරයෙකුට ඔහුගේ ධූරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න ගත කරන්නා වු සහ ඔහුව ධුරයෙන් ඉවත් කරන්නා වූ රිට් අඤාව "ඉවෝ වොරොන්ටෝ" අඤාව ලෙස හදුන්වයි.
  4. හබයාස් කෝපුස්/ හේබියාස් කොපුස් රිට් අඤා තිලින්, 
        • නීතිය අනුව ක්‍රීයාත්මක කිරීම සඳහා යම් පුද්ගලයෙකු ඒ අධිකරණය ඉදිරියට ගෙන එක ලෙසට නියම කරයි, 
        • රජයේ හෝ පෞද්ගලික අත් අඩoගුවේ නීති විරෝධීව හෝ අනිසි ලෙස රඳවාගනු ලැබු යම් පුද්ගලයකු ඇත්නම් ඔහුව අධිකරණයක් වෙතට ගෙන එන ලෙස නියෝග කිරීම.
        •  යන ඒවා එම රිට් අඤා ගනයට අයත් වේ, තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 141 වන වගන්තියේ සඳහන් වේ.
  5. දිසාධිකරනයේ ඉන්ජන්ෂන් තහනමක් ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වේ. අප්‍රතිකරී හානියක් වලකාලීමට (නැවත යථා තත්වයට පත්කල නොහැකි හානියක්) ක්ෂණිකව ඉන්ජන්ෂන් තහනම් ලබා ගැනීමට ගරු අභියාචනාධිකරණයට ඉල්ලීමක් කළ හැකි වීම.
  6. පහල අධිකරණ වල නඩු වාර්තා කැදවා යුක්තිය උදෙසා ඒ අධිකරණ්යේ නීන්දු ප්‍රතිශෝධනය කරමින් අලුත් නියෝග කිරීමට සුවිශේෂී බලයක් මෙම අධිකරණය සතුවේ.
  7. පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් සහ පළාත් සභා මැතිවරණ පෙත්සම් විභාග කිරීම. 
  8. අභියාචනාධිකරණය සහ ඊට පහලින් ඇති සියලුම අධිකරණ වෙතට අපහාස කලහොත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ පොදු අධිකරණ බලය ගරු අභියාචනාධිකරණය දරයි.
  9. අධිකරනයකින් අධිකරණයකට නඩුවක් මාරු කරලීමට නියෝග කරලීමේ බලය ගරු අභියාචනාධිකරණය සතුය.
  10. පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් කල අයෙකුට ඇප ලබාදීමේ බලය අභියාචනාධිකරණය සතුය. එමෙන්ම වෙනත් නීතියක් කවර දෙයක් සඳහන් වුවද කවර වරදක් සම්බන්ධයෙන් වුවත් ඇප ලබාදීමට බලය ගරු අභියාචනාධිකරණයට ඇත. එය ලබා දී තිබෙන්නේ අපරාධ නඩු විධාන සoග්‍රහයේ 404 වගන්තිය යටතේ ය.
  11. පලාත් සභා මන්ත්‍රීවරයෙකු දේශපාලන පක්ෂයකින් නෙරපා දැමූ විටක එය සම්බන්ධයෙන් එම තීරණය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කල හැක. 

ඔන්න ඔයාලට ගරු අභියාචනාධිකරණය පිලිබඳව කුමනහෝ අවබෝධයක් ලැබෙන්න ඇති.
අමතර දැනුම වශයෙන්,
  • අධිකරනයේ විවෘතභාවය නිසා ඕනෑම කෙනෙකුට අධිකරනය තුලට ඇතුලත් විය හැකිය. 
  • අගවිනිසුරු ධුර භාගත යුත්තේ ජනාධිපති ඉදිරියේ ය.
  • ජූරිය සභාවක සාමාජිකයන් 7ක් සිටී. ජූරිය සභාවක් සහිතව නඩු මහධිකරනයේ විභාග කරයි.
  • හදුනාගැනීමේ පෙරෙට්ටුවකට සැක කරු සමඟ 7ත් දෙනෙකු සහභාගීවේ. හදුනාගැනීමේ පෙරෙට්ටුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබයි. 
 
හරි එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් අපි හමුවෙමු.
ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න, අපේ page එකට like එකක් දාන්න. අපේ  blog එකට like එකක් දාන්න අමතක කරන්න එපා.
සුබ අනාගතයක්, ඔබට ජය!!!!!





0 comments:

Post a Comment