* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, February 11, 2015

විධායක ජනාධිපති I

තවත් අලුත් ලිපියකින් මම ඔයාල හමුවෙන්න ආවා... මගේ ලිපි කියවන පාඨක හැමෝටම බොහෝම ස්තුතියි..

විධායක ජනාධිපති 1 වන කොටස

මම මේ මාතෘකාව සාකච්ඡා කරන්න කල්පනා කලේ අද ගොඩාක් අය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔනේ කිය කියා අරගල කරනව, එත් ඒ අයගෙන් වැඩිහරියක් විධායක ජනාධිපතිවරයාගේ බලතලවත් හරියට දන්නේ නෑ. ඉතින් ඒ ගැන දන්නේ නැති අයට පොඩි හෝ අවබෝධයක් ලබා ගැනීමට මන් මේ ලිපිය රචනා කරන්න ප්‍රධාන හෙතුවයි. මුලින් අපි විධායක දුරය ගැන වටාපිටාව ගැන පොඩ්ඩක් දැනගෙන ඉම්මු.

1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සoශෝදනයට අනුව විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දී ඇත. පසුව 1978 අගෝස්තු මස 31ක් වන දින සම්මතකරගත් දෙවන සoශෝදනය හරහා විධායක ජනාධිපති දූරයට අදාල බලතල අසීමිත ලෙස වැඩිකරගත් හ. එම ආණ්ඩුක්‍රමය 1978 සැප්තැම්බර් මස 7 වන දින සිට ක්‍රියාත්මක විය.. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවවන්හී සේනාධිනායකයා, අමාත්‍ය මන්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති හදුන්වයි. මෙය ජනාධිපති ප්‍රධානත්වය දරන ප්‍රධාන ආයතන වේ. ජනාධිපති තෝරාගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරනයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත්කරගනී. ජනාධිපති ලෙස පත්වීමට පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතුය.
  1.  ශ්‍රීලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  2. වයස අවුරුදු 30 සම්පූර්ණ කල අයෙකු විය යුතුය.
  3. දෝෂාභියෝගයකින් ඉවත් නොකල අයෙක් නොවිය යුතුය. 
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම හෝ සිටි අයෙකු විය යුතුය. 
යන සුදුසුකම් සපුරා ඇති අයෙකුට ජනාධිපතිවරනයට ඉදිරිපත් විය හැකිය. නාම යෝජන ඉදිරිපත් කිරීමේදී පිළිගත් දේශපාලන පක්ශයකින් හෝ ස්වාධීනව ඉදිරිපත් විය හැකිය, යම් පුද්ගලයකු ස්වාධීනව ඉදිරිපත් වන්නේ නම් ඔහු ඉහත සඳහන් 4වන සුදුසුම අනිවාර්යයෙන් සපුරාලිය යුතුය. පසුව මැතිවරන කොමසාරිස්ගේ අභිමත දිනයකදී ජනාධිපතිවරණය පවත්වයි. එහිදී 50%ට වඩා ඡන්දය ලැබූ පුද්ගලයා ජනාධිපති වේ. නමුත් කිසිවෙකුටත් 50%ට වඩා ඡන්ද ගැනීමට නොහැකි වුවහොත් වැඩියෙන්ම ඡන්දය ලබාගත් දෙදෙනා හැර ජනාධිපතිවරණයට ඉදිරිපත්වු අනෙක් පුද්ගලයන් ඉවත්කොට ඔවුගේ ඡන්දයවල දෙවන මනාපය ගනන්කොට පළමු දෙදෙනාට ලබාදී ඇතිනම්  එය ඔවුන්ට ලබාදුන් ඡන්දයක් සේ සලකයි. එවිටත් කිසිවෙකුටත් 50% වඩ ඡන්දය ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවන මනාපය ගනන් නොකළ අයගේ තෙවන මනාපය ගනන්කරයි. එහෙත් 50%ට වඩා ඡන්දය ලබාගැනීමට කිසිවෙකුත් සමත් නොවුවහොත් මැතිවරන කොමසාරිස් විසින් කුසපත් ඇදීමක් මගින් ජනාධිපති තොරා පත් කරගනී. තෝරා ගත් ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරියේ හෝ පිලිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ දිවුරුම් දී ධූරය බාරගනී.

එලෙස තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කි. නමුත්  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ 3න් වන සoශෝදනය අනුව වසර 4ක් ගෙවී අවසන් වූ විර නැවත ජනාධිපතිවරනයක් කැදවිය හැකිය. කලින් ජනාධිපතිවරයාගේ නිළකාලය දෙවතාවකට සීමා විය නමුත් පැවති ආණ්ඩුව (මහින්ද රාජපක්ෂ ආණ්ඩුව) ගෙන ආ 18වන සoශෝදනය හරහා එම වගන්තිය ඉවත් කෙරිනි. එම හේතුවෙන් ජනාධිපතිවරයාට ඔනෑම වාරගනනක් ජනාධිපති ධූරය දැරිය හැකිය. ජනාධිපතිවරයාගේ වැටුප, දීමනා සහ විශාම වැටුප, පාර්ලිමේන්තුව විසින් සම්මතකොට ඒකාබද්ධ අරමුදල හරහා ගෙවනු ලබයි.

 ඔන්න අපේ මතෘකාවේ වටාපිටාව ගැන ගොඩාක් දේවල් කතා කරල ඉවයි, අපි ඊලඟ ලිපියෙන් ජනාධිපති වරයාගේ බලතල ඔක්කෝම කතා කරමු..

අන්තර්ජාලය හරහා දැනුම හොයන හැමෝටම මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න කියල ආරාධනා කරනවා.
නිකන්ම යන්න එපා like එකක් දාල ඔයගෙ ත යාලුවන්ටත්  share කරන්න..
*************** එහෙනම් ඔබට ජය වේවා!!! ***************

0 comments:

Post a Comment