* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Sunday, February 15, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. *මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි*.
එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වන කොටස

III පරිච්ඡේදය 16 වන ව්‍යවස්ථාව

 මේ වගන්තිය මූලික වී ඇත්තේ "පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලපවත්වන බව" ඒ කියන්නේ, දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති)
නීති බලාත්මක වෙනවද කියල ඒ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් වැඩිදුරට පෙන්වාදී ඇත. අපි බලමු එම වගන්තිය ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය,

"16. (1) පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදෙයේ මෙයට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුව ද, එකී සියලු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ය. 
 

(2) කවර වූ හෝ පවත්නා ලිඛිත නීතියකින් දඬුවමක් ලෙස පිළිගනු  ලැබූ කවර වූ හෝ ආකාරයක දඬුවමකට කවර වූ හෝ තැනැත්තකු නිසි අධිකරණයක ආඥාව පිට යටත් කිරීම මේ පරිච්ඡේදෙයේ  විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය."

මේ ආකාරයට එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් ය. ඔයාලට මේක තේරෙන්නෙ නැතිව ඇති සමහරක් විට, කොහොම වුනත් අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු

*1වන අනු ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති) නීති වලින් මොකක් හරි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවු නීතියක් තුලින් මේ(3න් වන) පරිච්ඡේදයේ හෝ ඊට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුනත් ඒ සියලුම ලිඛිත සහ ලිඛිත නොවු නීති බලාත්මකව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියන එක 1වන වගන්තියෙන් කියල තියනව.
 *2වන අනු ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ, මොකක් හරි පවතින ලිඛිත නීතියකින් කිසියම් පුද්ගලයකුට ලබාදෙන කුමක් හෝ දඬුවමකට ඒ තැනැත්තා නිසි අධිකරණයක ආඥාවට අනුව යටත් කිරීම මේ පරිච්ඡේදයේ (3න් වන පරිච්ඡේදය) විධිවිධාන කඩකිරීමක් වෙන්නේ නෑ කියල මේ වගන්තියෙන් (2වන අනු ව්‍යවස්ථාව) සඳහන් කරල තියනව.

දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති, මේකයි නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඉතින් නීතියක් කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුණු පනතක්. පනතකට පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුනට පස්සේ තමා ඒක නීතියක් වෙන්නේ... පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනකල් එය පනතක්. දැන් ඔයාලගේ ගැටලුව සමතයකට පත්වෙලා ඇති කියල මන් හිතනව.

හරි එහෙනම් අද අපි කතා කරන්න ආරම්භ කල මාතෘකාව නම් ඉවරයි.. එහෙනම් අපි තවත් මාතෘකාවකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************

0 comments:

Post a Comment