* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Wednesday, January 28, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 8


ඔන්න අද එහෙන්ම් අපි තවත් කොටසක සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න.

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 8 වන කොටස.

අපි මේ සාකච්ඡා කිරිමට සැලසෙන්නේ තෙවන පරිච්ඡේදය ගැන ය. තෙවන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ "මූලික අයිතිවාසිකම්" යනුවෙනි. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන මේ පරිච්ඡේදය සඳහන් වනවා ය යන්නයි.

III පරිච්ඡේදය 10 වන ව්‍යවස්ථාව:-

මෙහි මූලිකා සඳහන් වී ඇත්තේ "සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස" යනුවෙනි
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත ආකාරයට මෙසේ ය  ,

"10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශවාසයක් දැරීමේ  හෝ පිළිගැනීමේ  නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය."  

මේ ව්‍යවස්ථාවේ පවසන ආකාරයට සෑම පුද්ගලයකුටම තමන් කැමති ආගමක් ඇදහීම, වැළඳ ගැනීම, තමන් කැමති විශවාසයක් දැරීම, නිදහසේ සිතීමට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට අයිති වන බව මේ ව්‍යවස්ථවෙන් සඳහන් වේ.

III පරිච්ඡේදය 11 වන ව්‍යවස්ථාව:-

මෙම ව්‍යවස්ථාව මූලික වී ඇත්තේ " වධ හිංසාවලින් නිදහස" යනුවෙනි. එක ඔයාලට පැහදිලි වෙයි ව්‍යවස්ථාව විග්‍රහ කලාම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත ආකාරය මෙසේ ය,

"11. කිසිම  තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැත හොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය."

මේකෙන් කියන එක පැහැදිලි නේ ඉතින්, වැඩි දුරටත් කියනවනම් කිසිම පුද්ගලයෙකුට අමානුෂික වධ හිංසාවලට හෝ අවමන් කිරීමට, දඬුවම් කිරීමට නොගැකිය යනුවෙනි.

පොඩි පොඩි කරුනු තියනකොට අපි එක ලිපියකින් ව්‍යවස්ථා 2ක බැගින් වගේ සාකච්ඡා කරමු. තේරුම් ගැනීමට අපහසු ව්‍යවස්ථා පුලුල්ව ඉතා පැහදිලිව කතා කරමු

අදට එහෙනම් ඇති.
අපි ඊලඟ ලිපියෙන් මුණගැසෙමු
******************************ඔබට ජය!!!!!!******************************


0 comments:

Post a Comment