* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, April 4, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවන ඔබ ඇතුලු හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මුලින්ම.  "තමාගේ ශ්‍රමය වෙහෙසවා උපයා ගන්නා ආහාරය තරම් උතුම් ආහාරයක් තවත් නැත." දැන් ගොඩාක් අය නිකන් ඉදල හම්බකරන්න නේ හදන්නේ. ඒක නිසා "මහම්මත් තුමාගේ" මේ වදන ඔයාලට දෙන්න හිතුවා. මේ වදනත් සමඟ අපි අලුත් මාසේ අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස III

VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (4) වන අනු ව්‍යවස්ථාවේ සිට (12)වන අනු ව්‍යවස්ථාව දක්වා.
මේවගේ අපිට මුලින් හදුන්වන්න දෙයක් නෑ. අපි 24-I වන ලිපියෙන්  27 වන වගන්තිය ගැන මුලික හැදින්වීම කරලනේ තියෙනේ. ඒක බලපු නැති අය මෙතනින් >>> යන්න. මේ වගන්ති පහදාදීම මේ ලිපිය අවසානයේ බලන්න.
27.
(4) පරිපාලනය විමධගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවසථාවක ම ජනතාව සහභාගි කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේ ය.
(5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහෙයෝගය සහ අනොන විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය. 
(6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(7) ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපෙයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය. 
(8) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට රජය වගබලා ගත යුත්තේ ය. 
(9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේ ය. 
(10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට රජය සහාය විය යුත්තේ ය. 
(11) ආගමක් අදහන කවරකු හට වුව ද, සව්කීය ආගමික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අවශ ආර්ථික හා සමාජ පරිසරය රජය විසින් ඇති කළ යුත්තේ ය. 
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශෙයන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
හරි, මේකේ කියල තියන ඒවා ඕනම කෙනෙකුට කියවපුවාම තේරුම් ගන්න පුලුවන්. ඒක නිසා මන් ආයෙත් පැහැදිලි කිරිමක් කරන්න හැදුවත් ඔය ටික ම ආයේ type කරන්න තමා වෙන්නේ. මේකේ තියන ඒවා ඔක්කෝම රජය විසින් ඉටුකළ යුතු යුතුකම්. ඔයාලට මේ පරිච්ඡේදය අවසන් වෙනකොට තෙරෙයි මොකක්ද මේ කරල තියෙන්නෙ කියල.

එහෙනම් අපි ආයෙ අලුත් මාතෘකාවකින් මුනගැසෙමු.
එටතෙක් ඔබට ජය වේවා.



0 comments:

Post a Comment