"කළ නොහැකිය යන්න මෝඩයන්ගේ ශබ්ද කොෂයේ පමණක් ඇති වචනයකි" ගොඩාක් අය මොකක් හරි දෙයක් කරන්න හදපු ගමන් කටේම තියෙන්නෙ බෑ, අමාරුයි, පුලුවන් වෙයිද, යන වචන ඉතින් එයාලට "නැපෝලියන් බොනපාට්" නැමැත්තාගේ මේ වැකිය ප්‍රයෝජනවත් වෙයි.මේ වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. කලින් ලිපියට >>>>>>>>>>>
VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (13) වන අනු ව්‍යවස්ථාවේ සිට (15)වන අනු ව්‍යවස්ථාව දක්වා.
මේ අද අපි කතා කරන අනු ව්‍යවස්ථා 3නෙන් 27 වන ව්‍යවස්ථාව අවසන් වෙනවා. අපි බලමු මොකක්ද ඒකෙන් කියන්නෙ කියල
එහෙනම් අපි තවත් අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!!
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 24 වන කොටස IV
VI පරිච්චේදය ව්‍යවස්ථාව 27 (13) වන අනු ව්‍යවස්ථාවේ සිට (15)වන අනු ව්‍යවස්ථාව දක්වා.
මේ අද අපි කතා කරන අනු ව්‍යවස්ථා 3නෙන් 27 වන ව්‍යවස්ථාව අවසන් වෙනවා. අපි බලමු මොකක්ද ඒකෙන් කියන්නෙ කියල
27.මේකෙත් ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. මේකෙත් තියෙන්නේ රජය විසින් ඉටු කලයුතු යුතුකම් තමා.
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය.
(14) ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය.
(15) ජාතන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාතන්තර නීතිය සහ ගිවිස ගත් බැඳීම් කෙරහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද, ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.
එහෙනම් අපි තවත් අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!!












