* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Saturday, February 21, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17

"අපිලිවෙල වැදගත් නම් ඔබ එසේ කරන්න එහෙත් පිලිවෙලට බාදා නොකරන්න" මේ ජීවිතයට වැදගත් වදනත් සමඟ අපි තවත් අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න ආරම්භ කරමු. කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වන කොටස.
IV පරිච්චේදය 22 ව්‍යවස්ථාව.

"පරිපාලන භාෂා" යනුවෙන් මේ වගන්තිය මුලික වේ ඇත. මෙය දහසය වන සoශෝදනයේ 3න් වන වගන්තිය මගින් කලින් තිබූ 22වෙනි ව්‍යවස්ථාව ඉවත් කොට මෙම වගන්තිය ආදේශකොට ඇත. පරිපාලන භාෂාව කියන්නේ රජ්‍ය පාලනය කරන භාෂාව ගැනයි, එය එහි අනුව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පැහැදිලි කොට ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන් වී ඇත,

"22.(1) සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේ ය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා  සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු ය;
එසේ වුව ද, උප දිසාපති කොට්ඨාසයක් සංයුක්ත වන යම් ඒකකයක මුළු ජනගහනයට එම ප්‍රදේශයේ  සිංහල හෝ දෙමළ භාෂාමය සුළු ජන කොටස දරන අනුපාතය කෙරහි සැලකිල්ල ඇතිව, ජනාධිපතිවරයා විසින්, සිංහල සහ දෙමළ භාෂා දෙක ම හෝ ඒ ප්‍රදේශය පිහිටි පළාතේ පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කරනු ලැබූ භාෂාව නොවන වෙනත් භාෂාවක් හෝ  ඒ ප්‍රදේශය සඳහා පරිපාලන භාෂාව වශෙයන් භාවිතා කරනු ලැබීමට විධාන කරනු ලැබිය හැකිය. 
 

(2) තම නිල තත්ත්වයෙන් කියා කරන නිලධරයකු නොවන තැනැත්තකුට -   
( අ) දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර වූ හෝ භාෂාවකින් කවර  වූ හෝ නිලධරයකුගෙන් ඒ නිලධරයාගේ නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු භාර ගැනීමට, ඒ නිලධරයාට නිල තත්ත්වෙයන් ලිපි ගනුදෙනු යැවීමට සහ ඒ නිලධරයා සමග ඒ තත්ත්වෙයන් කටයුතු කිරීමට හිමිකම ඇත්තේ ය;  
( ආ) යම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට නැතෙහොත් එවැනි ලේඛනයකින්, වාර්තාවකින්, ප්‍රකාශනයකින්  හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට ඔහුට ඇති අයිතිවාසිකම නීතියෙන් පිළිගනු ලබන්නේ නම්, අවස්ථාවෝචිත පරිදි එම ලේඛනෙයන්, වාර්තාවෙන්, ප්‍රකාශනයෙන් හෝ වෙනත් ලියවිල්ලෙන් පිටපතක් හෝ උධෘතයක් ලබා ගැනීමට නැතෙහොත් එම  ලේඛනයේ, වාර්තාවේ, ප්‍රකාශනයේ හෝ වෙනත් ලියවිල්ලේ පරිවර්තනයක් දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ය;  
( ඇ) ඒ තැනැත්තාට නිකුත් කරනු ලැබීමේ කාර්යය සඳහා යම් නිලධරයකු විසින් යම් ලියවිල්ලක් ලියා අත්සන් කරනු ලබන අවසථාවක ඒ ලියවිල්ල හෝ ඒ ලියවිල්ලේ  පරිවර්තනයක් හෝ දෙමළ හෝ ඉංගීසි භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද ලබා ගැනීමට හිමිකම ඇත්තේ ය.
 

(3) පරිපාලන භාෂාව වශෙයන් දෙමළ භාෂාව භාවිතා කරනු ලබන යම් පප්‍රදේශයක, ස්වකීය නිල තත්ත්වයන් ක්‍රියා කරන නිලධරයකු නොවන යම් තැනැත්තකු මේ  ව්‍යවස්ථාවේ  (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් අයිතිවාසිකම්  සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් කියාත්මක කරවා ගැනීමට සහ ලබා ගැනීමට හිමිකම් ලැබිය යුත්තේ ය."

මේ ව්‍යවස්ථාව (වගන්තිය) ඉවර නෑ තව අනුව්‍යවස්ථා 3ක් තියනව, එවත් මේ ලිපියෙන්ම කියන්න ගියොත් කට්ටිය කැරකි කැරකි ඉදි ඒක නිසා එක ඊලඟ ලිපියෙන් දෙන්නම්. මේකේ තියන හැම එකක්ම පැහැදිලි කරන්න ගියොත් ඉතින් හෙන අමාරු වැඩක්, එත් ඉතින් අමාරුයි කියන තරමට ලේසීයි කියල හිතාගෙන අමාරු තැන් පැහැදිලි කරල දෙන්නම්,
පළවෙනි එක නම් අවුලක් නෑනේ.
**2වනි අනු ව්‍යවස්ථාවේ *(අ) කොටසේ කියන්නේ යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ඔහුගේ රජකාරී ලිපි ගනුදෙනු භාරගැනීමට සහ යැවීමට දෙමළ සහ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් කටයුතු කරගැනීමට ඇයිතිය තියනව කියල.
*(ආ) කොටසින් කියන්නේ, යම්කිසි පුද්ගලයකුට යම් නිළ ලේඛනයක හෝ වාර්තාවක පිටපතක් ලබාගැනීමට ඒ පුද්ගලයාට නීතියෙන් අයිතිවාසිකම් ලබාදී ඇති අවස්තාවක ඒ පුද්ගලයාට එහි පිටපතක් හෝ එහි සිoහල හෝ දෙමළ භාෂා පරිවර්තනක් ලබාගැනීමට අයිතිය තියනව.
(ඇ) කොටසින් කියන්නේ,  යම්කිසි තැනැත්තෙකුට කිරීමට ඇති කාර්යය සඳහා යම් නිලධාරියෙකු විසින් අත්සන්කොට ලබාදෙන ලිපියක දෙමළ හෝ ඉoග්‍රිසි යන භාෂා දෙකෙන් මොකක් හරි භාෂාවකින් උවද පරිවර්තනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය.
**3වන අනු ව්‍යවස්ථාවේ කියල තියෙන්නේ, යම්කිසි පරිපාලන දිස්ත්‍රික්කයක භාෂාව දෙමළ වෙනව නම් රාජකාරි කටයුතු නොකරන නිළධාරියෙකු නොවන පුද්ගලයෙකුට ද මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (අ),  (ආ) සහ (ඇ) ඡේදවල තියන අයිතිවාසිකම් සහ සේවාවන් සිංහල භාෂාවෙන් හෝ ඉංගීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට අයිතිය තියනවා කියල කියනවා.

අද ඉතා දිග වගන්තියක් හම්බ වුනේ මේ වගන්තියේ ඉතිරි කොටසත් සමගින් අයේ අපි මුණගැසෙමු.
ඔබට ජය !!!!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16

රටක උත්තරීත්තර ම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවයි. ඉතින් රටක ජීවත් වෙනකොට ඒක සාමාන්‍යයෙන් හෝ දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක නිසා මන් ඔයාලට අද තවත් ලිපියක් අරගෙන ආවා... කලින් ලිපිය කියවපු නැති අය මෙතනින් යන්න >>>>>.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16 වන කොටස.

IV පරිච්චේදය 20 ව්‍යවස්ථාව.

IV වන පරිච්ඡේදයේ සඳහන් වුනේ භාෂාව පිලිබඳවනේ බැලුවෙ නැති අය ගිහින් බලන්නකො ඉහත  link එකෙන්. ඉතින් IV වන පරිච්ඡේදයේ 20 ව්‍යවස්ථාව මුලික වී ඇත්තේ "පාර්ලිමේන්තුවෙහි, පළාත් සභාවල  සහ පළාත් පාලන ආයතනවල ජාතික භාෂා භාවිතය." යනුවෙනි, මෙම වගන්තිය දහසය වන සoශෝදනය හරහා ස්ථාපිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

"20. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකුට හෝ පළාත් පාලන ආයතනයක සභිකයකුට පිළිවෙළින් පාර්ලිමේන්තුවේ හෝ ඒ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකන් කවර භාෂාවකින් වුව ද තමාගේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට හිමිකම ඇත්තේය."

ලෙසින් දක්වා ඇත. මේ වගන්තියෙන කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ  පළාත් පාලන ආයතනයක සභිකයකුට හෝ තමන්ගේ කාර්‍යයන් පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනෙය් හෝ ජාතික භාෂා දෙකෙන් (සිoහල සහ දෙමළ) ඕනම භාෂාවකින් කටයුතු කල හැකි වෙනව කියල තමා මේ වගන්තියෙන් කියන්නේ. දහසය වන සoශෝදනයෙන් "පළාත් පාලන ආයතනයක සභිකයකුට" යන වචනය ආදේශ කර ඇත. අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු.

IV පරිච්චේදය 21 ව්‍යවස්ථාව.

මේ  ව්‍යවස්ථාව (වගන්තිය) මූලික වී ඇත්තේ, "ඉගැන් වීමේ මාධ්‍යය" ලෙසයි. රටේ පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමට හැකි භාෂාවන් ගැන මේ වගන්තියේ අනු ව්‍යවස්ථා මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

"21. (1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකන් කවර මාධයකින් වුව ද අධාපනය ලැබීමට හිමිකම ඇත්තේය: එසේ වුව ද, ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන් වීමේ භාෂා මාධ්‍යය වන උසස් අධාපන ආයතනයකට මෙම අනුවවස්ථාවේ  විධිවිධාන අදාළ නොවන්නේ ය.  
 (2) රජය විසින් කෙළින් ම හෝ අන්‍යාකාරයකින් හෝ මුදල් සපයනු ලබන යම් විශ්ව විද්‍යාලයක යම් පාඨමාලාවක් සඳහා නැතෙහොත් යම් අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය එක් ජාතික භාෂාවක් වන අවස්ථාවක එම විශ්වවිදාලයට ඇතුළත් වීමට කලින් අනෙක් ජාතික භාෂා මාධ්‍යයන් අධාපනය ලබා ඇති ශිෂයන් වෙනුවෙන් එකී අනෙක් ජාතික භාෂාව ද එකී පාඨමාලාව සඳහා නැතෙහොත් එකී අංශෙයහි හෝ පීඨයෙහි ඉගැන්වීමේ  මාධයක් කළ යුත්තේ ය:  

එසේ වුව ද, එකී විශ්ව විදාලෙය් වෙනත් යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන වෙනත් යම් විශ්වවිදාලයක යම් මණ්ඩපයක හෝ ශාඛාවක හෝ ඒ හා සමාන පාඨමාලාවක් සඳහා නැතහොත් ඒ හා සමාන අංශයක හෝ පීඨයක ඉගැන්වීමේ මාධය  ඉහත කී අනෙක් ජාතික භාෂාව වන්නේ නම් මෙම අනුවවස්ථාවේ මෙයට ඉහතින් වූ විධිවිධාන අනුව කියා කිරීමට බැඳීමක් නොවන්නේ ය. 
 (3) මෙම ව්‍යවස්ථාවෙහි “විශවවිද්‍යාලය” යන්නට කවර වූ හෝ උසස් අධාපන ආයතනයක් ඇතුළත් වේ."
 

2වෙනි අනුව්‍යවස්ථාව පොඩ්ඩක් විතර පැහැදිලි මදි ඇති. ඒකෙන් කියන්නේ, රජය විසින් කෙලින්ම හරි වෙනත් කුමන ආකාරයකින් හරි පවත්වාගෙන යන යම් විශ්වවිදාලයක හෝ පීඨයක යම් පාඨමාලාවක් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය එක් ජාතික භාෂාවකින් පමනක් වන්නේ නම් යම් කිසි ශිෂ්‍යයෙක් අනෙක් එම පාඨමාලාව සඳහා ඇතුලත් වීමට පෙර අනෙක් භාෂාව අධ්‍යයනය කොට ඇති නම් ඒම ශිෂ්‍යයාට ඒ භාෂාවෙන් එම පාඨමාලාවේ මාධ්‍යයක් කල යුතුය කියල. කියල තියනව අපි උදාහරණයක් බලමු,

උදා- ඔන්න කිලිනොච්චියෙ ඉදල දෙමළ කෙල්ලෙක් පේරාදෙනිය විශ්වවිදාලයට එනව මොකක් හරි පාඨමාලාවක් හදාරන්න, හැබැයි ඒ පාඨමාලාව උගන්වන්නේ සිoහල භාෂාවෙන් විතරයි, එයා කලින් ඉගෙනගෙන තියෙන්නෙ දෙමළ භාෂාව විතරයි. ඒක නිසා දෙමළ භාෂාවත් ඒ පාඨමාලාවේ මාධ්‍ය භාෂාවක් බවට පත් කරන්න අයිතිය තියනව.

ඔක තමා කියන්නේ 2වන අනුව්‍යවස්ථාවෙන්..
පළමු ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>>

එහෙනම් අදට අපේ සාකච්ඡාව අවසන්. තවත් දවසක අලුත් මාතෘකාවකින් මුණගැසෙමු.
ඔබට ජය!!!!

Thursday, February 19, 2015

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ වගේ පුද්ගලයන්න මගේ බ්ලොග් එකෙන් දැනුම නැමැති මහා සාගරයෙන් එක දිය බිඳක් වත් ලබාදීමට තමා මම මේ වෙහෙසෙන්නේ. ඉතින් ඒ නිසා මන් අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ආවා. හරි එහෙම්  අපි ඒක බලමු,

මහේස්ත්‍රාත් අධිකරණය (magistrate court)

අධිකරණය තේරාවලියේ 8 වෙනියට තියන අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයයි. (අධිකරණ තේරාවලිය සම්බන්ධ ලිපියට මෙතනින් යන්න >>) මෙම අධිකරණය 1978 අoක 2ක දරණ අධිකරණ සoවිධාන පනත යටතේ පිහිටවා ඇත. ලංකාවේ වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ මෙම අධිකරණයයි. මෙහි බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරයි. අපරාධ නඩු විධාන සoග්‍රහයේ 1979 අoක 15 දරණ පනතෙහි මෙම අධිකරණයේ නඩු විභාග කරන කාර්යය පටිපාටිය දක්වා ඇත. ඒ අනුව,

  1. සුළු අපරාධ නඩු විභාගය.
  2. සොදිසි වරෙන්තු නිකුත් කිරීම.
  3. ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම.
  4. කම්කරු විනිශ්චය සභාවල නියෝග ක්‍රියාත්මක කරවීම.
  5. හඳුනාගැනීමේ පෙරට්ටු පැවැත්වීම. (හඳුනාගැනීමේ පෙරට්ටුවකටසැකකරු සමඟ තවත් 7ත් දෙනෙකු යොදාගනී)
  6. ස්වේච්ඡාභවය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීම.
  7. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම.
  8. අවසර ඇති අවස්ථාවලදී ඇප නියම කිරීමේ බලය.
  9. හදිසි මරණ පරීක්ෂන පැවැත්වීම.
  10. කාති අධිකරණය නියෝග ක්‍රියාත්මක කරවීම.

මහේස්ත්‍රාත් අධිකරණය සතු වෙනත් බලතල,
  • නඩත්තු නඩු විභාග කිරීම - 1999 අoක 37 දරන නඩත්තු පනත ප්‍රකාරව නඩත්තු නඩු විභාග කල යුත්තේ මෙම අධිකරණයේ ය. කලින් මෙම බලය පැවතියේ දිසා අධිකරණයටය. නමුත් නඩත්තු වාරික නොගෙවීම සම්බන්ධයෙන් දඬුවම මාසයක් සිරගත කිරීමක් බව දක්වා මහේස්ත්‍රාත් අධිකරණය හරහා ක්‍රියාත්මක කරවයි.
  • අපරාධවලට අදාළ නඩු පවත්වාගෙන යාම - බොහෝමයක් සුලු අපරාධ නඩු විභාග කරන අතර ඒවා පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. නමුත් පෞද්ගලිකව ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කල හැක.

විශේෂ නීති මගින් පවරා ඇති බලතල,
  • සේවක අර්ථ සාධක අරමුදල් ( E.P.F)සහ සේවක භාරකාර අරමුදල් ( E.T.F) වල හිඟ අයකරගැනීමේ නඩු.
  • කාති අධිකරණය කියෝග නිකුත් කිරීම.
  • කම්කරු විනිශ්චය සභා නියෝග ක්‍රියාත්මක කිරීම.

ඉතින් ඔය විදිහට තමා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ වෙන්නේ. ඔය හැම නඩු වර්ගයක් ගැනම අපි ඉදිරියෙදි කතා කරනව.
එහෙනම් අදට සමුගන්නව.
ඔබට ජය!!!!!

Wednesday, February 18, 2015

දිසා අධිකරණය (district court)



අප රටේ බොහෝමයක් ප්‍රශ්න, අපරාධ ඇතිවෙන්නෙ නීතිය හරිහැටි නොදැන සිටීමෙනි. නීතිය ගැන දැනගෙන රටක ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙනව. ඉතින් ඒක නිසා අපේ බ්ලොග් අඩවිය තුලින් ඔයාලට ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට ආරම්භ කලානේ, ඉතින් ඔනම දෙයක් ගැන හරි හැටි අවබෝධයක් ලබාගන්න නම් ඒ සම්බන්ධව මූලික දැනුමක් තිබීම අනිවාර්යයි. ඉතින් අපේ නීතිය පිලිබද ලිපි මාලාව මූලික ස්ථානයේ සිට ආරම්භ කර ඇත. ඒ ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන මම ඔයාල මුණගැසෙන්න ආව. හරි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

දිසා අධිකරණය (district court)

දිසා අධිකරණය 1978  අoක 2 දරණ අධිකරණය සoවිධාන පනත යටතේ මෙම අධිකරණය පිහිටවනු ලැබීය. බොහෝමකක් සිවිල් නඩු මෙම අධ්කරණයේ විභාග කරයි. සිවිල් නඩු විභාග කරන කාර්යය පටිපාටිය සිවිල් නඩු විධාන සoග්‍රහයේ දක්වා ඇත. මෙම අධිකරණය සෑම දිස්ත්‍රික්කයකම ඇත.

දිසා අධිකරණයේ විභාග කරන නඩු වර්ග පහත ආකාරයට දැක්විය හැකිය
  1. ඉඩම් නඩු - ඉඩමක අයිතිය පිලිබඳ නඩු, වැට මායිම් නිරාකරණ පිලිබඳ නඩු, ඉඩමක නීතිවිරෝධීව රැඳී සිටින අය ඉවත් කර ගැනීමේ නඩු.
  2. වoචනික ඔප්පු අවලංගු කිරීම, තෑගි ඔප්පු අවලංගු කිරීමේ නඩු. 
  3. අලාභ අයකර ගැනීමේ නඩු.
  4. ණය ආපසු අය කරගෙනීමේ නඩු. 
  5. අපහාස කිරීමට අදාල වන්දි නඩු (සිවිල් අපහාස පමනයි)
  6.  තෙස්තමේන්තු නඩු. 
  7. භාර නඩු -  භාරකාරත්වය පිලිබඳ නඩු.
  8. වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු. 
  9. ද්වේශ සහගතව නඩු පැවරීම පිලිබඳ වන්දි අය කරගැනීමේ නඩු.
  10. ගිවිසුම් කඩකිරීම පිලිබඳ නඩු. 
  11. කුලී නිවසියන් පිලිබඳ නඩු.
  12. විවාහ ශූන්‍යතා නඩු. 
  13. නීත්‍යනුකූල වෙන්වීමට අදාල නඩු  
  14. දික්කසාද නඩු. 
  15. විවාහ පොරොන්දු කඩ කිරීමට අදාල වන්දි අයකර ගැනීමේ නඩු.
  16. දරුවන්ගේ භාරකාරත්වයට අදාල නඩු. 
  17. කුලවද්දා ගැනීමේ නඩු - දරුකමට හදා ගැනීම. 
  18. කන්‍යා දූෂණයන් සඳහා වන්දි අය කරගැනීමේ නඩු. 
  19. බාලයන්ගේ සහ සිහිවිකල තැනැත්තන්ගේ දේපල පිලිබඳ නඩු. 
  20. නඩත්තු ඉල්ලීමේ නඩු - රෝම ලන්දේසි නීතියට අනුව මෙය ක්‍රියාත්මක විය නමුත් ඉතාමත් කලාතුරකින් මෙවැනි නඩු විභාග කෙරේ.

මෙහි 12යේ සිට 20 දක්වා නඩු කලින් පැවති පවුල් අධිකරණය සතුව තිබූ බලතල වේ. ඒවා දැන් දිසා අධිකරණය සතුවේ.

දිසා අදිකරනයෙන් නිකුත් කරන තහනම් නියෝග කිහිපයක් පහත පරිදි වේ,
  •  වාරණ නියෝග.  
  • අතුරු ඉන්ජන්ෂන් තහනම්. 
  • ස්ථිර ඉන්ජන්ෂන් තහනම්.
ඔය තියන සෑම නඩු වර්ගයක් පිලිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.. අදට අපේ සාකච්ඡාව අවසන්.
තවත් ලිපියකින් හමුවෙමු.

මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තූතියි.
ඔබට ජය වේවා!!!!

Tuesday, February 17, 2015

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ඔන්න අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා..
අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC- international criminal court)

ලෝකයේ වැදගත්ම හා ප්‍රසිද්ධ ම අධිකරණය වන්නේ අන්තර්ජාතික අපරාධ අධිකරණයයි. 1998 රෝම ප්‍රඤප්තියට අනුව  රටවල් 61ක් ආරම්භක සාමාජිකයන් ලෙස අත්සන් තැබීමෙන් මෙම අධිකරණය බිහිවිය. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති මේ අධිකරණයෙහි විනිසුරුවන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. 2002 ජූලි මස 01 වනදා සූඩානයේ ඩාපූර් ප්‍රාන්තයේ එරට නායකයා වූ ඕමාර් භාශීර් නැමැත්තා විසින් සිදු කල වර්ග සoහාරය ගැන සෙවීමත් සමඟ මෙම අධිකරණය බාලාත්මකව ක්‍රියාත්මක විය. මෙම අධිකරණයේ විභාග වන  ප්‍රධාන ජාත්‍යන්තර අපරාධ 4ක් ඇත. ඒ,

  1. වර්ග සoහාරය හෙවත් වර්ග ඝාතනයට එරෙහි වැරදි.
  2. ආක්‍රමණකාරිත්වයට එරෙහි වැරදි  
  3. මනුෂ්‍යත්වයට එරෙහි වැරදි.
  4. යුධ අපරාධ.
යම් කිසි රටකට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය තුල නඩු පැවරීමට නම් එම රට රෝම ප්‍රඤප්තියට අත්සන් තබා සිටිය යුතුය. නැතහොත් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මන්ඩලයේ අනුමැතියක් ලැබිය යුතුය. අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහිවීමට පෙර යම් යම් රටවල් සිදුකල අපරාධවලට එරෙහිව නඩු විභාග කිරීමට යුධ අපරාධ විනිශ්චය සභා නැමැති විවුහය ඒ ඒ රටවල් තුල ස්තාපිත කිරීමට ආරක්ෂක මණ්ඩලය කටයුත් කර ඇත.

උදා-
  • කෙමරූජ් නායක පොල්පොට් විසින් සිදු කල අපරාධ ගැන සෙවීමට කාම්බෝජ යුධ අපරාධ විනිශ්චය සභාව.
  • රුවන්ඩාවේ ටුට්සි, හුටු ගෝත්‍ර 2ක අතර ගැටුම් පිලිබඳ සෙවීමට රුවන්ඩා යුධ අපරාධ විනිශ්චය සභාව.
    ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට නියුර්ම්බර්ග් යුධ අපරාධ විනිශ්චය සභාව.
  • ජපන් හමුදාව දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ යුධ අපරාධ ගැන සෙවීමට ටෝකියො යුධ අපරාධ විනිශ්චය සභාව.
  • යුගොස්ලොවියාවේ ස්ලොබොදාන් මිලොසොවිව් නැමැති ඒකාධිපතියාගේ කෲර ඝාතනය ගැන සෙවීමට යුගොස්ලොවියානු යුධ අපරාධ විනිශ්චය සභාව.
මෙම අධිකරනයේ අපරාධ සිදුකරන රාජ්‍ය නායකයන්ට හෝ  හමුදා ප්‍රධානීන් හට දඬුවම් දීමට විදුලි පුටුවක් ක්‍රියාත්මක ව ඇත.

හරි එහෙමන් තවත් මාතෘකාවක් අවසන්, තව අලුත් මාතෘකාවක් සමඟ තවත් ලිපයකින් හමුවෙමු.
මගේ ලිපි කියවන හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!

Monday, February 16, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15

Hi Friends, කොහොමද ජීවිතේ? ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15 වන කොටස

අද අපිට අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මන්ද ඒ III වන පරිච්චේදය 17ත් වන වගන්තියෙන් අවසන් වන බැවින් ය.

IV පරිච්චේදය 18 ව්‍යවස්ථාව.

මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "භාෂාව" යනුවෙනි. එහි 18 වන ව්‍යවස්ථාව මූලිකවී ඇත්තේ "රාජ්‍ය භාෂාව" ලෙසටය. එය එම වගන්තිය අනු ව්‍යවස්ථා මගින් තවදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"18. [(1)] ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය.
[(2)  දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.               
 (3)  ඉංගීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේ ය.               
 (4)  මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැලැස්විය යුතු ය.]"


ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන බවත්, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වන බවත් ඉංගීසි භාෂාව සමූහ භාෂාවක් වන බවත් එම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කලයුතු බවත් මේ වගන්තියේ සඳහන් වෙනවා.

මේ වගන්තිය ඉවරයි අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු,

IV පරිච්චේදය 19 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වන්නේ "ජාතික භාෂා" යනුවෙනි, ඒ කියන්නේ අපේ රටේ ඉන්න ජාතින් භාවිතා කරන භාෂාවන් ගැන වඩිඩුරටත් මේ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් දක්වා ඇත. මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකරයට දක්වයි,

"19. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය."

මේ වගන්තිය නම් ඉතින් තෙරුම්ගන්න පුලුවන්නේ. එහෙනම්, අපේ සාකච්ඡා අදට ඉවරයි..
අපි එහෙනම් 16 වන කොටසින් මුණගැසෙමු..
මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!

විධායක ජනාධිපති II

Hi friends, ජිවිතේ කොහොමද?
මුලින්ම මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක සැමට බොහෝම ස්තුතියි. අපේ ආරම්භකල සාකච්ඡාවේ 2වන කොටස අද මන් ඔයාලට අරගෙන ආවා. කලින් ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න >>>>>>

විධායක ජනාධිපති 2 වන කොටස

විධායක ජනාදිපතිගේ බලතල ගැන අද සාකච්ඡා කරනවා ජනාදිපතිගේ බලතල පිලිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  7වෙන පරිච්ඡේදයේ 33 වන ව්‍යවස්ථාවේ සදහන් වේ එය අපගේ ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.

01. විධායක ජනාධිපති හට හිමි පාර්ලිමේන්තු බලතල.
  1. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම.
  2. පාර්ලිමේන්තුව කැඳවීම.
  3. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම.( උපරිම මාස දෙකකට)
  4. පාර්ලිමේන්තුව ඇමතීම.
  5. පාර්ලිමේන්තුවට සoදේශ නිකුත් කිරීම.
  6. පාර්ලිමේන්තුවේ මoගල රැස්වීම් වලදී මුලසුන දැරීම.
  7. එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
02. ජානාධිපතිට අමාත්‍ය මණ්ඩල කෙරෙහි ඇති බලතල
  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අමාත්‍යවරුන් පත්කිරීම හා ඉවත්කිරීම.
  2. අමාත්‍යවරුන් ගනන තීරනය කිරීම.
  3. අමාත්‍යවරුන්ට පැවරෙන විශය (අදාල කාර්යයන්) පවරාදීම හා ඒවට සහය දැක්වීම.
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් උප ඇමතිවරුන් පත්කිරීම.
03. වරදකරුවන්ට සමාවදීමේ බලය.
  1. සම්පූර්ණ සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දීම.
  2. දඬුවම ක්‍රියාත්මක වීම දින නියමයක් ඇතිව හො නැතිව කල් දැමීම.
  3. රාජ සන්නත වන දේපල කොටසක් පවරාගැනීම හෝ කිසිවක් නොගැනීම.
  4. ජනරජයට අයවිය යුතු යම් දඬ මුදලක කොටසක් හෝ සම්පූර්ණයෙන් ම එයින් නිදහස් කිරීම.
  5. වරදකරුවන්ට නියම කරන දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීම.
  6. වරදකට සැක කරන තැනැත්තන් කීප දෙනෙකු සිටින විට ඔවුන් අතරින් යමෙකු වරදකරු කරන්නා වූ තොරතුරු සපයන්නෙකුට සමාව දීමේ බලය. 
04. යුක්තිය පසිඳලීමට හා නීතිඥ වෘත්තිය කෙරෙහි ජනාධිපති ක්‍රියාත්මක කරන බලතල.
  1. සියලු උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීම.
  2. මහාධිකරණ විනිසුරුවන් පත්කිරීම.
  3. නීතිපති පත්කිරීම.
  4. අධිකරණ සේවා කොමිෂන් සභාපති හැර සෙසු සාමජිකයන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් අතරින් පත්කරගැනීම.
  5. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම.
05. 89 වන ව්‍යවස්ථා සහ 91 වන ව්‍යවස්ථාවලට අනුව නුසුදුසුකම් ලබා ඇති තැනැත්තන්ට සමාව දීම. ජන්ද බලය අහිමි කරලීමකට හෝ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් වී ඇති අයෙකුට එම නුසුදුසුකම් කාල සීමාව අඩුකිරීමට හෝ එම නුසුදුසුකම් සම්පූර්නයෙන්ම ඉවත්කිරීම.

06. ජනාධිපතිට හිමි වෙනත් බලතල.
  1. අගමැතිවරයා පත්කිරීම.
  2. මැතිවරණ කොමසාරිස් පත්කිරීම.
  3. ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීම.
  4. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම.
  5. පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම.
  6. සියලුම ස්වාධීන කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කිරිම.
  7. පාර්ලිමේන්තු මහ ලේකම්, විඝනකාදිපති, ඔම්බූඩ්ස්මන්, පොලිස්පති යන අය පත්කිරීම පත්කිරීම 
  8. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම.
  9. ජනරජය සතු නිශ්චල දේපල ජනතාවට ප්‍රධානය කිරීම.
  10. ජනරජයේ රාජ්‍ය නිළ මුද්‍රාව ලඟ තබා ගැනීම.
  11. ජාත්‍යන්තර ගිවිසුම් වලට එලබීම.
  12. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
  13. තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, පූර්ණාධිකාරී රාජ්‍යධූතයන් පත් කිරීම සහ පිලිගැනීම.
ඔන්න එහෙනම් ජනාධිපතිවරයාගේ බලතල ඔක්කෝම ඉවරයි.. තව පොඩී මාතෘකාවක් තියනවා ඒක අපි ඉදිරියෙදී සාකච්ඡා කරමු.. විධායක ජනාධිපති පිලිබඳව ලිපි අවසන් උනාටපස්සේ විශ්ලේශනයක් කරමු
තවත්දවසක මුණගැසෙමු..
******************************ඔබට ජය!!!******************************

Sunday, February 15, 2015

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

ඔන්න අද අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ සදහා තවත් අලුත් මතෘකාවක් අරගෙන ඔයාල හමුවට පැමිනියා. එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

අන්තර්ජාතික යුක්ති අධිකරනය යනු එක්සත් ජාතික සංවිධානයේ  ප්‍රධානතම අධිකරණ වන්නේ මෙයයි. (එක්සත් ජාතික සංවිධානය පිලිබඳ ලිපියට) මෙය එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය යටතේ 1945 දී ස්ථාපනය කරන ලද ජාත්යන්තර අධිකරණයකි. මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත. මෙහි විනිසුරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතවේ. රාජ්‍යයෙන් රාජ්‍යයට නැතහොත් රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන ආරවුල් මෙම අධිකරණය තුල විභාග කරයි.

උදා - පාලස්තීනයේ හා ඊශ්‍රායලය අතර ඇති භූමි භාගයක් වන ගාසාතීරයේ ඊශ්‍රායලය විසින් තාප්පයක් ඉදි කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් සඳහා මෙම අධිකරණය මැදිහත්ව විසදා ඇත.

මෙහි උප සභාපති දුරය දැරූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්ටොපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී නැමති ශ්‍රී ලංකාභිමන්‍ය නැමැති ඉහලම රාජ්‍ය සම්මානය පුද ලද්දෙකි. එය අපට ඉතාමත් ලොකු ආඩම්බරයක්.

වැඩි දෙයක් මේ මාතෘකාවේ සාකච්ඡා කරන්න දෙයක් නෑ.. ඉදිරියෙදී අපි ඉතාමත් ප්‍රසිද්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණය ගැන කතා කරමු.
එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා, නැවත මුනගැසෙමු,
ඔබට ජය!!!!!!!


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 වන කොටස

III පරිච්ඡේදය 17 වන ව්‍යවස්ථාව

මේ වගන්තිය මූලික වී ඇත්තේ "විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ප්‍රතිකර්මය." ඒ කියන්නේ, විධායක කියන්නෙ ලංකාවේ ජනාධිපතිනේ ඉතින් ජනාධිපතිට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඇති හැකියාවන් ගැන මේ වගන්තියේ වැඩි දුරටත් පෙන්වාදී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"17. මේ පරිචඡේදය් විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අතාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශේෂඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය."

මේ වගන්තියෙන් කියන්නේ යම් පුද්ගලයකුට හිමිවන මූලික අයිතිවාසිකමක් විධායකය විසින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් උල්ලංඝනය වූ විට 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ පුද්ගලයාට පුලුවන් (විධායක ජනාධිපතිට නඩු පැවරිය නොහැකිය. ඔහු විනිර්මුක්තියක් දරයි)

අද අපේ සාකච්ඡා අදට ඉවරයි.. එහෙනම් අපි තවත් දවසක තවත් කොටසකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. *මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි*.
එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වන කොටස

III පරිච්ඡේදය 16 වන ව්‍යවස්ථාව

 මේ වගන්තිය මූලික වී ඇත්තේ "පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලපවත්වන බව" ඒ කියන්නේ, දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති)
නීති බලාත්මක වෙනවද කියල ඒ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් වැඩිදුරට පෙන්වාදී ඇත. අපි බලමු එම වගන්තිය ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය,

"16. (1) පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදෙයේ මෙයට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුව ද, එකී සියලු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ය. 
 

(2) කවර වූ හෝ පවත්නා ලිඛිත නීතියකින් දඬුවමක් ලෙස පිළිගනු  ලැබූ කවර වූ හෝ ආකාරයක දඬුවමකට කවර වූ හෝ තැනැත්තකු නිසි අධිකරණයක ආඥාව පිට යටත් කිරීම මේ පරිච්ඡේදෙයේ  විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය."

මේ ආකාරයට එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් ය. ඔයාලට මේක තේරෙන්නෙ නැතිව ඇති සමහරක් විට, කොහොම වුනත් අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු

*1වන අනු ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති) නීති වලින් මොකක් හරි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවු නීතියක් තුලින් මේ(3න් වන) පරිච්ඡේදයේ හෝ ඊට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුනත් ඒ සියලුම ලිඛිත සහ ලිඛිත නොවු නීති බලාත්මකව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියන එක 1වන වගන්තියෙන් කියල තියනව.
 *2වන අනු ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ, මොකක් හරි පවතින ලිඛිත නීතියකින් කිසියම් පුද්ගලයකුට ලබාදෙන කුමක් හෝ දඬුවමකට ඒ තැනැත්තා නිසි අධිකරණයක ආඥාවට අනුව යටත් කිරීම මේ පරිච්ඡේදයේ (3න් වන පරිච්ඡේදය) විධිවිධාන කඩකිරීමක් වෙන්නේ නෑ කියල මේ වගන්තියෙන් (2වන අනු ව්‍යවස්ථාව) සඳහන් කරල තියනව.

දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති, මේකයි නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඉතින් නීතියක් කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුණු පනතක්. පනතකට පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුනට පස්සේ තමා ඒක නීතියක් වෙන්නේ... පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනකල් එය පනතක්. දැන් ඔයාලගේ ගැටලුව සමතයකට පත්වෙලා ඇති කියල මන් හිතනව.

හරි එහෙනම් අද අපි කතා කරන්න ආරම්භ කල මාතෘකාව නම් ඉවරයි.. එහෙනම් අපි තවත් මාතෘකාවකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************