* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *

Monday, February 16, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15

Hi Friends, කොහොමද ජීවිතේ? ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න >>>>>>

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 15 වන කොටස

අද අපිට අලුත් පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මන්ද ඒ III වන පරිච්චේදය 17ත් වන වගන්තියෙන් අවසන් වන බැවින් ය.

IV පරිච්චේදය 18 ව්‍යවස්ථාව.

මේ පරිච්ඡේදය මූලික වී ඇත්තේ "භාෂාව" යනුවෙනි. එහි 18 වන ව්‍යවස්ථාව මූලිකවී ඇත්තේ "රාජ්‍ය භාෂාව" ලෙසටය. එය එම වගන්තිය අනු ව්‍යවස්ථා මගින් තවදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"18. [(1)] ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය.
[(2)  දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.               
 (3)  ඉංගීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේ ය.               
 (4)  මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් විධිවිධාන සැලැස්විය යුතු ය.]"


ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන බවත්, දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වන බවත් ඉංගීසි භාෂාව සමූහ භාෂාවක් වන බවත් එම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කලයුතු බවත් මේ වගන්තියේ සඳහන් වෙනවා.

මේ වගන්තිය ඉවරයි අපි තව වගන්තියක් මේ ලිපියෙන්ම සාකච්ඡා කරමු,

IV පරිච්චේදය 19 ව්‍යවස්ථාව.

මේ ව්‍යවස්ථාව මූලික වන්නේ "ජාතික භාෂා" යනුවෙනි, ඒ කියන්නේ අපේ රටේ ඉන්න ජාතින් භාවිතා කරන භාෂාවන් ගැන වඩිඩුරටත් මේ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් දක්වා ඇත. මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකරයට දක්වයි,

"19. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය."

මේ වගන්තිය නම් ඉතින් තෙරුම්ගන්න පුලුවන්නේ. එහෙනම්, අපේ සාකච්ඡා අදට ඉවරයි..
අපි එහෙනම් 16 වන කොටසින් මුණගැසෙමු..
මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි.
ඔබට ජය!!!

විධායක ජනාධිපති II

Hi friends, ජිවිතේ කොහොමද?
මුලින්ම මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක සැමට බොහෝම ස්තුතියි. අපේ ආරම්භකල සාකච්ඡාවේ 2වන කොටස අද මන් ඔයාලට අරගෙන ආවා. කලින් ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න >>>>>>

විධායක ජනාධිපති 2 වන කොටස

විධායක ජනාදිපතිගේ බලතල ගැන අද සාකච්ඡා කරනවා ජනාදිපතිගේ බලතල පිලිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  7වෙන පරිච්ඡේදයේ 33 වන ව්‍යවස්ථාවේ සදහන් වේ එය අපගේ ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.

01. විධායක ජනාධිපති හට හිමි පාර්ලිමේන්තු බලතල.
  1. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම.
  2. පාර්ලිමේන්තුව කැඳවීම.
  3. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම.( උපරිම මාස දෙකකට)
  4. පාර්ලිමේන්තුව ඇමතීම.
  5. පාර්ලිමේන්තුවට සoදේශ නිකුත් කිරීම.
  6. පාර්ලිමේන්තුවේ මoගල රැස්වීම් වලදී මුලසුන දැරීම.
  7. එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
02. ජානාධිපතිට අමාත්‍ය මණ්ඩල කෙරෙහි ඇති බලතල
  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අමාත්‍යවරුන් පත්කිරීම හා ඉවත්කිරීම.
  2. අමාත්‍යවරුන් ගනන තීරනය කිරීම.
  3. අමාත්‍යවරුන්ට පැවරෙන විශය (අදාල කාර්යයන්) පවරාදීම හා ඒවට සහය දැක්වීම.
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් උප ඇමතිවරුන් පත්කිරීම.
03. වරදකරුවන්ට සමාවදීමේ බලය.
  1. සම්පූර්ණ සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දීම.
  2. දඬුවම ක්‍රියාත්මක වීම දින නියමයක් ඇතිව හො නැතිව කල් දැමීම.
  3. රාජ සන්නත වන දේපල කොටසක් පවරාගැනීම හෝ කිසිවක් නොගැනීම.
  4. ජනරජයට අයවිය යුතු යම් දඬ මුදලක කොටසක් හෝ සම්පූර්ණයෙන් ම එයින් නිදහස් කිරීම.
  5. වරදකරුවන්ට නියම කරන දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීම.
  6. වරදකට සැක කරන තැනැත්තන් කීප දෙනෙකු සිටින විට ඔවුන් අතරින් යමෙකු වරදකරු කරන්නා වූ තොරතුරු සපයන්නෙකුට සමාව දීමේ බලය. 
04. යුක්තිය පසිඳලීමට හා නීතිඥ වෘත්තිය කෙරෙහි ජනාධිපති ක්‍රියාත්මක කරන බලතල.
  1. සියලු උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීම.
  2. මහාධිකරණ විනිසුරුවන් පත්කිරීම.
  3. නීතිපති පත්කිරීම.
  4. අධිකරණ සේවා කොමිෂන් සභාපති හැර සෙසු සාමජිකයන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් අතරින් පත්කරගැනීම.
  5. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම.
05. 89 වන ව්‍යවස්ථා සහ 91 වන ව්‍යවස්ථාවලට අනුව නුසුදුසුකම් ලබා ඇති තැනැත්තන්ට සමාව දීම. ජන්ද බලය අහිමි කරලීමකට හෝ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් වී ඇති අයෙකුට එම නුසුදුසුකම් කාල සීමාව අඩුකිරීමට හෝ එම නුසුදුසුකම් සම්පූර්නයෙන්ම ඉවත්කිරීම.

06. ජනාධිපතිට හිමි වෙනත් බලතල.
  1. අගමැතිවරයා පත්කිරීම.
  2. මැතිවරණ කොමසාරිස් පත්කිරීම.
  3. ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීම.
  4. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම.
  5. පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම.
  6. සියලුම ස්වාධීන කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කිරිම.
  7. පාර්ලිමේන්තු මහ ලේකම්, විඝනකාදිපති, ඔම්බූඩ්ස්මන්, පොලිස්පති යන අය පත්කිරීම පත්කිරීම 
  8. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම.
  9. ජනරජය සතු නිශ්චල දේපල ජනතාවට ප්‍රධානය කිරීම.
  10. ජනරජයේ රාජ්‍ය නිළ මුද්‍රාව ලඟ තබා ගැනීම.
  11. ජාත්‍යන්තර ගිවිසුම් වලට එලබීම.
  12. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
  13. තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, පූර්ණාධිකාරී රාජ්‍යධූතයන් පත් කිරීම සහ පිලිගැනීම.
ඔන්න එහෙනම් ජනාධිපතිවරයාගේ බලතල ඔක්කෝම ඉවරයි.. තව පොඩී මාතෘකාවක් තියනවා ඒක අපි ඉදිරියෙදී සාකච්ඡා කරමු.. විධායක ජනාධිපති පිලිබඳව ලිපි අවසන් උනාටපස්සේ විශ්ලේශනයක් කරමු
තවත්දවසක මුණගැසෙමු..
******************************ඔබට ජය!!!******************************

Sunday, February 15, 2015

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

ඔන්න අද අන්තර්ජාලය හරහා දැනුම සොයන ඔබ සදහා තවත් අලුත් මතෘකාවක් අරගෙන ඔයාල හමුවට පැමිනියා. එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.

අන්තර්ජාතික යුක්ති අධිකරනය (ICJ- international court of justice)

අන්තර්ජාතික යුක්ති අධිකරනය යනු එක්සත් ජාතික සංවිධානයේ  ප්‍රධානතම අධිකරණ වන්නේ මෙයයි. (එක්සත් ජාතික සංවිධානය පිලිබඳ ලිපියට) මෙය එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය යටතේ 1945 දී ස්ථාපනය කරන ලද ජාත්යන්තර අධිකරණයකි. මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත. මෙහි විනිසුරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතවේ. රාජ්‍යයෙන් රාජ්‍යයට නැතහොත් රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන ආරවුල් මෙම අධිකරණය තුල විභාග කරයි.

උදා - පාලස්තීනයේ හා ඊශ්‍රායලය අතර ඇති භූමි භාගයක් වන ගාසාතීරයේ ඊශ්‍රායලය විසින් තාප්පයක් ඉදි කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් සඳහා මෙම අධිකරණය මැදිහත්ව විසදා ඇත.

මෙහි උප සභාපති දුරය දැරූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්ටොපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී නැමති ශ්‍රී ලංකාභිමන්‍ය නැමැති ඉහලම රාජ්‍ය සම්මානය පුද ලද්දෙකි. එය අපට ඉතාමත් ලොකු ආඩම්බරයක්.

වැඩි දෙයක් මේ මාතෘකාවේ සාකච්ඡා කරන්න දෙයක් නෑ.. ඉදිරියෙදී අපි ඉතාමත් ප්‍රසිද්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණය ගැන කතා කරමු.
එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා, නැවත මුනගැසෙමු,
ඔබට ජය!!!!!!!


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 වන කොටස

III පරිච්ඡේදය 17 වන ව්‍යවස්ථාව

මේ වගන්තිය මූලික වී ඇත්තේ "විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ප්‍රතිකර්මය." ඒ කියන්නේ, විධායක කියන්නෙ ලංකාවේ ජනාධිපතිනේ ඉතින් ජනාධිපතිට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඇති හැකියාවන් ගැන මේ වගන්තියේ වැඩි දුරටත් පෙන්වාදී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට සඳහන්ව ඇත,

"17. මේ පරිචඡේදය් විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අතාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශේෂඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය."

මේ වගන්තියෙන් කියන්නේ යම් පුද්ගලයකුට හිමිවන මූලික අයිතිවාසිකමක් විධායකය විසින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් උල්ලංඝනය වූ විට 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ පුද්ගලයාට පුලුවන් (විධායක ජනාධිපතිට නඩු පැවරිය නොහැකිය. ඔහු විනිර්මුක්තියක් දරයි)

අද අපේ සාකච්ඡා අදට ඉවරයි.. එහෙනම් අපි තවත් දවසක තවත් කොටසකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13

Hi Friends කොහොමද ජීවිතේ ඔන්න අපේ දීර්ඝ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අරන් මන් ඔයාලව මුණගැසෙන්න ආවා. *මගේ ලිපි කියවන ඔබ ඇතුලු පාඨක හැමෝටම බොහෝම ස්තුතියි*.
එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වන කොටස

III පරිච්ඡේදය 16 වන ව්‍යවස්ථාව

 මේ වගන්තිය මූලික වී ඇත්තේ "පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලපවත්වන බව" ඒ කියන්නේ, දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති)
නීති බලාත්මක වෙනවද කියල ඒ වගන්තියේ අනු ව්‍යවස්ථා තුලින් වැඩිදුරට පෙන්වාදී ඇත. අපි බලමු එම වගන්තිය ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය,

"16. (1) පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදෙයේ මෙයට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුව ද, එකී සියලු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ය. 
 

(2) කවර වූ හෝ පවත්නා ලිඛිත නීතියකින් දඬුවමක් ලෙස පිළිගනු  ලැබූ කවර වූ හෝ ආකාරයක දඬුවමකට කවර වූ හෝ තැනැත්තකු නිසි අධිකරණයක ආඥාව පිට යටත් කිරීම මේ පරිච්ඡේදෙයේ  විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය."

මේ ආකාරයට එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් ය. ඔයාලට මේක තේරෙන්නෙ නැතිව ඇති සමහරක් විට, කොහොම වුනත් අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගම්මු

*1වන අනු ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට දැනට පවතින ලිඛිත(ලියල තියන) නීති සහ ලිඛිත නොවු (ලියල නැති) නීති වලින් මොකක් හරි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවු නීතියක් තුලින් මේ(3න් වන) පරිච්ඡේදයේ හෝ ඊට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුනත් ඒ සියලුම ලිඛිත සහ ලිඛිත නොවු නීති බලාත්මකව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියන එක 1වන වගන්තියෙන් කියල තියනව.
 *2වන අනු ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ, මොකක් හරි පවතින ලිඛිත නීතියකින් කිසියම් පුද්ගලයකුට ලබාදෙන කුමක් හෝ දඬුවමකට ඒ තැනැත්තා නිසි අධිකරණයක ආඥාවට අනුව යටත් කිරීම මේ පරිච්ඡේදයේ (3න් වන පරිච්ඡේදය) විධිවිධාන කඩකිරීමක් වෙන්නේ නෑ කියල මේ වගන්තියෙන් (2වන අනු ව්‍යවස්ථාව) සඳහන් කරල තියනව.

දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති, මේකයි නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඉතින් නීතියක් කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුණු පනතක්. පනතකට පාර්ලිමේන්තුවේ බහුතරයක අනුමැතිය ලැබුනට පස්සේ තමා ඒක නීතියක් වෙන්නේ... පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනකල් එය පනතක්. දැන් ඔයාලගේ ගැටලුව සමතයකට පත්වෙලා ඇති කියල මන් හිතනව.

හරි එහෙනම් අද අපි කතා කරන්න ආරම්භ කල මාතෘකාව නම් ඉවරයි.. එහෙනම් අපි තවත් මාතෘකාවකින් මුණගැසෙමු.
******************************ඔබට ජය!!!******************************

Wednesday, February 11, 2015

විධායක ජනාධිපති I

තවත් අලුත් ලිපියකින් මම ඔයාල හමුවෙන්න ආවා... මගේ ලිපි කියවන පාඨක හැමෝටම බොහෝම ස්තුතියි..

විධායක ජනාධිපති 1 වන කොටස

මම මේ මාතෘකාව සාකච්ඡා කරන්න කල්පනා කලේ අද ගොඩාක් අය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔනේ කිය කියා අරගල කරනව, එත් ඒ අයගෙන් වැඩිහරියක් විධායක ජනාධිපතිවරයාගේ බලතලවත් හරියට දන්නේ නෑ. ඉතින් ඒ ගැන දන්නේ නැති අයට පොඩි හෝ අවබෝධයක් ලබා ගැනීමට මන් මේ ලිපිය රචනා කරන්න ප්‍රධාන හෙතුවයි. මුලින් අපි විධායක දුරය ගැන වටාපිටාව ගැන පොඩ්ඩක් දැනගෙන ඉම්මු.

1978 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සoශෝදනයට අනුව විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දී ඇත. පසුව 1978 අගෝස්තු මස 31ක් වන දින සම්මතකරගත් දෙවන සoශෝදනය හරහා විධායක ජනාධිපති දූරයට අදාල බලතල අසීමිත ලෙස වැඩිකරගත් හ. එම ආණ්ඩුක්‍රමය 1978 සැප්තැම්බර් මස 7 වන දින සිට ක්‍රියාත්මක විය.. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවවන්හී සේනාධිනායකයා, අමාත්‍ය මන්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති හදුන්වයි. මෙය ජනාධිපති ප්‍රධානත්වය දරන ප්‍රධාන ආයතන වේ. ජනාධිපති තෝරාගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරනයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත්කරගනී. ජනාධිපති ලෙස පත්වීමට පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතුය.
  1.  ශ්‍රීලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  2. වයස අවුරුදු 30 සම්පූර්ණ කල අයෙකු විය යුතුය.
  3. දෝෂාභියෝගයකින් ඉවත් නොකල අයෙක් නොවිය යුතුය. 
  4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම හෝ සිටි අයෙකු විය යුතුය. 
යන සුදුසුකම් සපුරා ඇති අයෙකුට ජනාධිපතිවරනයට ඉදිරිපත් විය හැකිය. නාම යෝජන ඉදිරිපත් කිරීමේදී පිළිගත් දේශපාලන පක්ශයකින් හෝ ස්වාධීනව ඉදිරිපත් විය හැකිය, යම් පුද්ගලයකු ස්වාධීනව ඉදිරිපත් වන්නේ නම් ඔහු ඉහත සඳහන් 4වන සුදුසුම අනිවාර්යයෙන් සපුරාලිය යුතුය. පසුව මැතිවරන කොමසාරිස්ගේ අභිමත දිනයකදී ජනාධිපතිවරණය පවත්වයි. එහිදී 50%ට වඩා ඡන්දය ලැබූ පුද්ගලයා ජනාධිපති වේ. නමුත් කිසිවෙකුටත් 50%ට වඩා ඡන්ද ගැනීමට නොහැකි වුවහොත් වැඩියෙන්ම ඡන්දය ලබාගත් දෙදෙනා හැර ජනාධිපතිවරණයට ඉදිරිපත්වු අනෙක් පුද්ගලයන් ඉවත්කොට ඔවුගේ ඡන්දයවල දෙවන මනාපය ගනන්කොට පළමු දෙදෙනාට ලබාදී ඇතිනම්  එය ඔවුන්ට ලබාදුන් ඡන්දයක් සේ සලකයි. එවිටත් කිසිවෙකුටත් 50% වඩ ඡන්දය ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවන මනාපය ගනන් නොකළ අයගේ තෙවන මනාපය ගනන්කරයි. එහෙත් 50%ට වඩා ඡන්දය ලබාගැනීමට කිසිවෙකුත් සමත් නොවුවහොත් මැතිවරන කොමසාරිස් විසින් කුසපත් ඇදීමක් මගින් ජනාධිපති තොරා පත් කරගනී. තෝරා ගත් ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරියේ හෝ පිලිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ දිවුරුම් දී ධූරය බාරගනී.

එලෙස තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කි. නමුත්  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ 3න් වන සoශෝදනය අනුව වසර 4ක් ගෙවී අවසන් වූ විර නැවත ජනාධිපතිවරනයක් කැදවිය හැකිය. කලින් ජනාධිපතිවරයාගේ නිළකාලය දෙවතාවකට සීමා විය නමුත් පැවති ආණ්ඩුව (මහින්ද රාජපක්ෂ ආණ්ඩුව) ගෙන ආ 18වන සoශෝදනය හරහා එම වගන්තිය ඉවත් කෙරිනි. එම හේතුවෙන් ජනාධිපතිවරයාට ඔනෑම වාරගනනක් ජනාධිපති ධූරය දැරිය හැකිය. ජනාධිපතිවරයාගේ වැටුප, දීමනා සහ විශාම වැටුප, පාර්ලිමේන්තුව විසින් සම්මතකොට ඒකාබද්ධ අරමුදල හරහා ගෙවනු ලබයි.

 ඔන්න අපේ මතෘකාවේ වටාපිටාව ගැන ගොඩාක් දේවල් කතා කරල ඉවයි, අපි ඊලඟ ලිපියෙන් ජනාධිපති වරයාගේ බලතල ඔක්කෝම කතා කරමු..

අන්තර්ජාලය හරහා දැනුම හොයන හැමෝටම මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න කියල ආරාධනා කරනවා.
නිකන්ම යන්න එපා like එකක් දාල ඔයගෙ ත යාලුවන්ටත්  share කරන්න..
*************** එහෙනම් ඔබට ජය වේවා!!! ***************

Tuesday, February 10, 2015

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)

ඔන්න මන් අද තවත් අලුත් ලිපියක් සමඟ ඔයාලව මුණගැහෙන්න ආව... මුල්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම ස්තුතිවන්ත වෙනව.

එක්සත් ජාතීන්ගේ සoවිධානය (UNO- United Nations Organization)
දෙවන ලෝක සoග්‍රාමය ආරම්භය හේතුවෙන් ( දෙවන ලෝක සoග්‍රාමය ආරම්භයට ආසන්නතම හේතුව වන්නේ හිට්ලර් විසින් පොලන්තය ආක්‍රමණය කිරීමයි) මේ විනාශය අවසාන වීමත් සමඟ ලෝකයා කල්පනා කලේ එවනි ලොක විනාශයක් නැවතත් ඇතිවීම වැලක්වීමයි. එහිදී එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් සෙන් ෆ්රැන්සිස්කෝ නුවරට රැස්වෙන ලෙසට මුලු ලෝකයාටටම ආරධනා කලා. ඒත් සමඟ ම 1945 ඔක්තෝම්බර් මස 24 වන දින රටවල් 51ක (අද වන විට රටවල් 193කින් සමන්විත වේ) නායකයන්ගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තියට අත්සන් තැබීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සoවිධානය ආරම්භ කිරීම හේතුවෙන් ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් එක්සත් ජාතීන්ගේ සoවිධානය පියා ලෙස ගෞරවාදරයට පත්විය.
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, සමාජ හා ආර්ථික සංවර්ධනය පෝෂනය, පරිසරය ආරක්ෂාව, සාගත අවස්ථා වලදී මානුෂීය ආධාර, ස්වාභාවික විපත් හා සන්නද්ධ ගැටුම් නිරාකරනය යන කරුණු එක්සත් ජාතීන්ගේ සoවිධානය අරමුණු ලෙස පෙන්වාදිය හැකිය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ නිල භාෂා වන්නේ  ඉංග්‍රීසි, චීන, අරාබි, ප්‍රරංශ, රුසියානු සහ ස්පාඤ්ඤ යන භාෂා වේ. UNO හී  ප්‍රරධාන කාර්යාල ජිනීවා වල පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධාන ආයතන 5කින් සමන්විත වේ.
  1. මහා මන්ඩලය- සෑම රටක්මපාහේ සාමාජිකත්වය දරන අතර දැනට රටවල් 193ක් සාමාජිකත්වය දරයි.
  2. ආරක්ෂක මන්ඩලය - එක්සත් ජාතීන්ගේ සoවිධානය ප්‍රබලතම වියුහය ලෙස මෙය හැදින්විය හැකිය. දැනට රටවල් 15කින් යුක්තවේ.
  3. ආර්ථික හා සමාජීය කටයුතු පිලිබඳ මන්ඩලය- මෙහි රටවල් 54ක් සාමාජිකත්වය දරයි. මෙහි දූරකාලය අවුරුදු 3කි.
  4. මහ ලේකම් කාර්යාලය-  මෙහි මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටා ඇති අතර, ශාකා ඔස්ට්‍රේලියාවේ වියානා නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, කෙන්‍යාවේ නයිරෝබි. යන ස්ථාන වල පිහිටා ඇත
  5. අන්තර්ජාතික යුක්ති අධිකරණය - මෙය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර එක්සත් ජාතීන්ගේ සoවිධානයේ ප්‍රධානතම අධිකරණය වේ. මෙහි විනිසුරුවන් 15ස් දෙනෙක් සිටී.
  6. භාරකාරත්ව  මන්ඩලය - දැනට අක්‍රියව ඇත.
බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ සoවිධානය වර්ථමාන මහලේකම් ය. එක්සත් ජාතීන්ගේ සoවිධානයේ මානවහිමිකම් කෞන්සිලයේ මහ කොමසාරිස් ලෙස කලින් සිටියේ නවනීතන් පිල්ලේ ය. වර්තමානයේ මානවහිමිකම් කෞන්සිලයේ  මානවහිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු පත්ව ඇත...

එක්සත් ජාතීන්ගේ සoවිධානයේ එතෙක් මෙතෙක් සිටි මහ ලේකම්වරුන්.
  1. 1946 සිට 1952 දක්වා නොර්වේජියනු ජාතික ට්‍රිග්වේ ලී
  2. 1953 සිට 1961 දක්වා ස්වීඩ්න් ජාතික ඩෑග් හැමර්ෂල්ඩ් 
  3. 1961 සිට 1971 දක්වා බුරුම ජාතික ඌ තාන්ට්  
  4. 1972 සිට 1981 දක්වා ඔස්ට්‍රේලියානු ජාතික කර්ට් වෝල්ඩහයිම්
  5. 1982 සිට 1996 දක්වා පීරු ජාතික ජාවියර් පෙරෙස් ඩී ක්වෙල්‍යා
  6. 1992 සිට 1996 දක්වා ඊජිප්තු ජාතික බූත්‍රොස් බූත්‍රොස් ගාලි
  7. 2008 සිට කොරියානු ජාතික බෑන් කී මූන්

තවත් අලුත් තොරතුරු සමඟ අලුත් මාතෘකාවක් අරගෙන තවත් දවසක මුණගැසෙමු.
********************ඔබට ජය!!!!!!********************

Monday, February 9, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12

ඔන්න අපි අද ජයග්‍රාහී 12වන කොටස ඔයාල වෙත ගෙන ආවා. මුලින් මගේ ලිපි කියවන පාඨක හැමෝටම ස්තුතිවන්ත වන්ත වෙනව
කලින් ලිපිය බලපු නැති අය මෙතනින් බලන්න. අපේ මුල් ලිපිය බලන්න මෙතනින් යන්න

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 වන කොටස.
III පරිච්ඡේදය 15 වන ව්‍යවස්ථාව
මේ  ව්‍යවස්ථාව (වගන්තිය) මුලික වී ඇත්තේ "මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා." ඒ කියන්නේ අපිට දීල තියන මූලික අයිතිවාසිකම් වලට තිබෙන සීමා මායිම් මොනවාද කියල මේ වගන්තියේ අනු ව්‍යවස්ථා වලින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
එම වගන්තිය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරය පහත ආකාරයට දැක්විය හැකිය,

"15. මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා
(1) 13 වැනි ව්‍යවස්ථාවේ  (5) වැනි සහ (6) වැනි අනුවවස්ථාවලින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය.  මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලෙයේ අදාළ වන නීතිය යටෙත් සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය.  
 

(2) 14 වැනි ව්‍යවස්ථාවේ  (1) වැනි අනුව්‍යවස්ථාවේ  (අ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද,  ක්‍රි යාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය.
 

(3) 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ආ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය.  
 

(4) 14 වැනි  ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඇ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(5)14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (උ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා හෝ -  ( අ)  යම් වෘත්තියක යෙදී සිටීමට හෝ යම් රැකියාවක්, කර්මාන්තයක්, වෙළඳ ව්‍යාපාරයක් හෝ ව්‍යවසායක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෘත්තීය, කාර්මික, අධාපනික, මුල්‍ය සහ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් සහ එම මූලික අයිතිවාසිකමට හිමිකම් ලබන තැනැත්තන්ට බලපත දීම සහ ඒ තැනැත්තන් විෂයයෙහි විනය පාලනය සම්බන්ධයෙන්;  සහ 
 ( ආ) රජය විසින් හෝ රාජ්‍ය නියෝජිත ආයතනයක් විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ යම් කර්මාන්තයක්, වෙළඳ වාපාරයක්, කාර්මික වාපාරයක්, සේවාවක් හෝ ව්‍යවසායක් පුරවැසි සහභාගිත්වය නොමැතිව හෝ පුරවැසි කොටසක සහභාගීත්වය ඇතිව හෝ අන්‍යාකාරයකින් හෝ පවත්වාගෙන යාම සම්බන්ධෙයන්,  නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(6) 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඌ) ඡේදෙයන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරිම සඳහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය. 
 

(7) 12 වැනි ව්‍යවස්ථාවෙන්, 13 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි හා (2) වැනි අනුව්‍යවස්ථාවලින් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, කියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද, තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ  අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත්,
ප්‍රජාතන්තවාදී සමාජයක පොදු  සුභසාධනය සඳහා යුක්තිසහගතව අවශ්‍යදෑ සපුරාලීම පිණිසත්, නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට  යටත්ව ය. මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත්කාලෙය් අදාළ වන නීතිය යටෙත් සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය. 
 

(8) 12 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවෙන්, 13 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම්, සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට, පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ රටේ යථාපැවැත්ම භාරව සිටින වෙනත් හමුදාවල සාමාජිකයන්ට අදාළ වීමේ දී එම අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ  ද, කියාත්මක  විය හැක්කේ  ද, ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි ඉටු කරවා ගැනීම සහ ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය."

මේක ඔයාලට කියවපුවාම තෙරෙයි, මේක එකින් එක සාකච්ඡා කරන්න ගියොත් ලොකූ කාර්යභාරයක් වෙනව. මේකේ සාරoශයක් වශයෙන් පවසන්නේ යම් යම් වගන්ති තුලින් මූලික අයිතිවාසිකම් සීමා වන ආකාරයන් පිලිබදව පෙන්වාදී තිබෙනවා,.

එහෙනම් අදට ඇති. තවත් ලිපියකින් හමුවෙමු,
ඔබට ජය!!!

මහාධිකරණය (High court)

Hi යාලුවනේ ඉතින් කොහොමද ජීවිතේ, මුලින්ම මගේ ලිපි කියවන පාඨක හැමෝටම බොහෝම ස්තුතිවන්ත වෙනවා.
අපි අදත් අලුත් මාතෘකාවකින් ඔයාල මුනගැහෙන්න ආවා.. අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු,
අධිකරණ තේරාවලියේ අපිට වැදගත්ම වන මහාධිකරණය ගැන අද අපි සාකච්ඡා කරමු මුල්ම ලිපිය බලපු නැති අය මෙතනින් යන්න. කලින් ලිපියට මෙතනින්

මහාධිකරණය (High court)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන සoශෝදනයේ ප්‍රකාරව පිහිටවු මහාධිකරණයේ බොහෝමයක් බරපතල අපරාද නඩු විභාග කරයි. මෙහි ගොනු කරන චෝදනා අධිචෝදනා ලෙස හදුන්වයි.
නීතිපති විසින් විමසා අධිකරන සේවා කොමිෂන් සභාව නිර්දේශ නිරීමත් සමඟ ජනාධිපතිවරයාගේ පත් කිරීමෙන් මහාධිකරණය විනිසුරුවන් පත් කරයි. මහාධිකරණයයේ මිනීමැරුම් වැනි වැරදි සඳහා
මරණ දඩුවම දිය හැකිය. මහාධිකරණයේ නඩු අසන ක්‍රමවේද 3ක් ඇත,

  1. තනි මහාධිකරණ විනිසුරු 
  2. තනි මහාධිකරණ විනිසුරු සමඟ ජූරි සභාව
  3. ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar ලෙස්යි.
13න් වන සoශෝදනය යටතේදී පලාත්බද මහාධිකරණ බලතල ලැබුණු අතර කොළඔ පමනක් එක් පලාත්බද මහාධිකරණයක්, වාණිජ මහාධිකරණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම මහාධිකරණ වලදී බලතල අපරාධ නඩු වලට අමතරව ඒ ප්‍රදේශය මහේස්ත්‍රාත් අධිකරණ, ප්‍රාතමික අධිකරණ, කම්කරු විනිශ්චය සභාව වැනි නැන් වලින් පැමිනෙණ අභියාචන නඩු පවා විභාග කරයි. තවද උදර්පන නඩු අද්මිරාල්ති වනි විශේෂ නඩු වර්ගද විභාග කෙරේ.

අද්මිකර්ති නඩු ගත කොළඹ මහා අධිකරණ පමණක් විභාග වන නාවික ගමන ගමනයට අදාල නඩු වර්ගයකි. මහ අධිකරනයේ බොහෝ විට නඩු විභග වන්නේ තනි විනිසුරු වරයාගෙනි, තවද හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවකින් නඩු විභාග වන්නේ විත්තිකරු ජූරි සභාවක් සඳහා කැමැත්ත පල කල විටය.
මහාධිකරණය තුල මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම,ස්ත්‍රී දුෂණය,කොල්ල කෑම, අල්ලස් වැරදි, වැනි බොහොමයක් අපරාධ නඩු විභහග කරයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග හෙවත්  Trial at bar යනු මහාධිකරණයේ විනිසුරුවන් 3න් දෙනෙකුගෙන් නඩු විභාග කිරීමය. වඩාත් බරපතල අපරාද නඩු වලදි මෙය අගවිනිසුරුගේ තීරනය මත ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස Trial at bar නඩු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය,
  • උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුව 
  • හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව
  • සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව
  • සරත් ෆොසේකා මහතාට අදාල සුදු කොඩි නඩුව 
ලෙස දැක්විය හැකිය.


අදට අපේ සාකච්ඡාව අවසන්, ඊළඟ ලිපියෙන් මුණගැසෙමු. පවුල් නීතිය පිලිබදව ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.........
ඔබට ජය!!!!!!!!!!






Sunday, February 8, 2015

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11

Hi යාලුවනේ කොහොමද ඉතින්, ඔන්න මන් අද තවත් ලිපියක් ගෙනාව. මුලින්ම මගේ ලිපි බලන පාඨක හැමෝටම බොහෝම ස්තුතිවන්ත වන්ත වෙනව,
කලින් ලිපිය බලපු නැති අය මෙතනින් යන්න, පලමු ලිපිය බලන්න මෙතනින් යන්න. අපි එහෙනම් ආරම්භ කරමු,

ශ්‍රි ලoකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11 වන කොටස.
III පරිච්ඡේදය 14 වන ව්‍යවස්ථාව

මේ වගන්තිය මුල් වෙලා තියෙන්නේ "භාෂණයේ , රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස." යනුවෙනි සාරාoශයක් විදිහට මේකෙන් කියන්නේ
කතා කිරීමට ඇති නිදහස, නරැස්වීමට ඇති නිදහස, තමන් කැමති රැකියාවක් කිරීමට හා සමාගමකට සම්බන්ධ වීමට ඇති නිදහස පිලිබඳව මේ වගන්තියේ අනු ව්‍යවස්ථා හෙවත් වගන්ති වලින් වැඩිදුරටත් පෙන්වාදී ඇත. එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරය පහත ආකාරයට පෙන්විය හැකිය.

"14. භාෂණයේ , රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස.
(1) සෑම පුරවැසියකුට ම - 
     ( අ)  භාෂණෙය් නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; 
    ( ආ)  සාමකාමීව රැසවීමේ නිදහසට; 
    ( ඇ)  සමාගමයේ නිදහසට; 
    ( ඈ)  වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; 
    ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ  විශ්වාසය  

           ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; 
    ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංසකෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස 

            කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; 
    ( උ)  එකලාව හෝ අන් අය හා සමග යම් නීතනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක,වෙළඳ

             ව්‍යපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට; 
    (ඌ)  ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ 
    ( ඒ)  ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය.    

 (2) වෙනත් යම් කිසි රටක පුරවැසියකු ව නොසිටිය දී ආණ්ඩුකම ව්‍යවස්ථාව කියාත්මක වීම ආරම්භ වන තෙක් ශ්‍රී ලංකාවේහි ස්ථිරව සහ නීත්‍යානුකූලව පදිංචිව සිටියා වූ සහ එසේ දිගට ම පදිංචිව සිටින්නා වූ තැනැත්තකුට ද, ආණ්ඩුකම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භවීමේ සිට අවුරුදු දහයක කාලයක් තුළ මේ ව්‍යවථාවේ  (1) වැනි අනු ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට  පිළිගනු ලැබ ඇති අයිතිවාසිකම්වලට හිමිකම ඇත්තේ  ය."

මේ වගන්තියේ අමුතුවෙන් හදුන්වල දෙන්න මුකුත් නෑනේ. මේකේ තියෙන්නේ අපිට ලංකාව තුල ඔනෑම  තැනකට එහා මෙහා යෑමට ඇති අයිතිය, තමන්ට කැමති තැනක පදිංචි වීමට ඇති අයිතිය, සාමකාමීව රැස්වීම් පැවත්වීම හා ඒවාට සහභාගී වීමට ඇති අයිතිය, තමන් කැමති රැකියාවක් කිරීමට ඇති අයිතිය, කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, වෙනත් රටක සිට ලංකාවට නැවත පැමිණීමට ඇති අයිතිය යන අයිතින් සියල්ලම ගැන තමා මේ වගන්තියෙන් පෙන්වා දී තිබෙන්නේ. හරිනේ දැන් පැහැදිලිනේ..

හරි අදට අපේ සාකච්ඡා මෙතනින් නවත්වනව. අපි ඊලඟ ලිපියෙන් හමුවෙමු.
ඉදිරියේදී පුලුල් ලෙස තව තවත් මාතෘකා සාකච්ඡා කිරීමට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනව. මන් හිතනවා තව තවත් පාඨක සoඛ්‍යාව වැඩි වෙයි කියල.
මන් බොහොම කරුනාවෙන් ඉල්ලනවා මගේ ලිපි කියවල ඔයාලගේ යාලුවන්ටත් බලන්න කියල ආරාධනා කරන්න කියල, ඒ විතරක් නෙවේ like එකකුත් දාල යන්න. 
ඔයාල ඔක්කෝටම බොහෝම ස්තුතියි,
එහෙනම් ජය වේවා!!!!!